Wednesday 30 March 2016

බොරු කකුල් කාරයෙක් එනවා ....

අමුතු ඇඳුම් ඇඳ හඬවන

රබානකි අතේ
පොළොවෙ ඉඳන් අඩි දහයක්
විතර උස ඇතේ...
ආකාසෙ ඔළුව වදියි
කියල බය හිතේ...
බොරු කකුල් කාරයෙක් එනවා
අන්න අර පුතේ...

උණ බම්බු දෙකක් උඩ
මිනිහා ඉන්නෙ කොහොමද
එයා අපි වාගේ මහ පොළොවේ
පයින් යනවද
මට තේරෙන්නෙ නෑ
තාත්තෙ කියල දෙනවද...
එයා උඩින් යන්නේ ඇයි
පහළින් යන්න බැරුවද...

බොරු අහංකාරකම්
කෙනෙකුගෙ නැතිවුණොත් හිතේ
එයා උඩින් නොවෙයි බිමින්
ගියත් වැරැද්දක් නැතේ
බොරුකකුල් මෙයා වාගෙ
බැඳල නැති නමුත් පුතේ...
ඔය වාගෙ උඩින් යන ඈයෝ
හුඟක් ලොව ඇතේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සනත් නන්දසිරි
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

ප්‍රේමකීර්ති ද අල්විස් යනු විකටර් රත්නායකයන්ට, ප්‍රියා සූරියසේන මහතාට විශාල ගී ප්‍රමාණයක් ලියාදුන් ගේය පද රචකයෙකි. මීට අමතරව ප්‍රේමකීර්ති විසින් ගීත රාශියක් ලියාදුන්, අපට අමතක වුන ගායකයෙක් ඇත. ඔහු ප්‍රධාන වශයෙන් සිනමා නලුවකු නිසා ඔහුගේ ගායන හැකියාවන් අපට අමතක වූවාදැයි සැකයක් පවතී. ඔහු නමින් ෆ්‍රෙඩී සිල්වාය. ඔහු අද අප අතර නොමැති වුවත් ඔහුගේ විකට ජවනිකාවලින් යුක්ත සිනමා පට නම් අප නරඹා ඇති බව නොරහසකි. ඒ වාගේම ඔහුගේ ගීතත් අසා ඇතිමුත් ඒවා නිතර වාදනය නොවන් නිසාවෙන් අපට මේ ගායකයා අමතක වී ඇති සෙයකි.

කෙසේ වුවත් ෆ්‍රෙඩී සිල්වා වැඩිමනත් ගායනා කොට ඇත්තේ 'උපහාස' ගී බව ඔහුගේ ගී අසා ඇත්තෝ දනිති. ඉතින් ඒ ගී අතුරින් වැඩි ප්‍රමාණයක් රචනාකොට ඇත්තේ ප්‍රේමකීර්තිය. උපහාසය මගින් සමාජයේ අඩුපාඩු සහිත තැන් වලට සියුම් ලෙස පහර ගැසීමට ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට තිබුනේ සහජ දක්ෂතාවයක්. 
මේ ගීතයත් වැටෙන්නේ 'උපහාස' ගී ගනයටමය.

පියෙකු සහ පුතෙකු අතර ඇතිවන සංවාදයක් විලසට ගීතය ආරම්බවී ඇත. පියා තම පුතුට පෙරහැරක ගමන් කරන බොරු කකුල් කාරයෙක් පෙන්වා ඔහු ගැන විස්ථර කියාදෙමින් සිටී. මෙහිදී ප්‍රෙමකීර්තියන් යොදාගන්නා වචන දෙස බලන්න. ඒවා කුඩා ළමයෙකුට ග්‍රහනය කරගත හැකි ඒවා වීමට ඔහු වගබලාගෙන ඇත. ඔබත් පෙරහැරක් නරඹා ඇත්නම්...මා මෙසේ කීවේ ඇත්තටම පෙරහැරක් නරඹා නොමැති පිරිස් ඕනෑ තරම් අද සමාජයේ සිටිනා බැවිනි. බොරු කකුල් කාරයා පෙරහැර නරඹන්නන්ට විනෝදය ගෙනදෙයි. බොරු කකුල් යොදාගෙන නැටුමක් ඉදිරිපත් කරන්නට ඔහු කිසිසේත් මැලි වන්නේ නැත. අනෙක් අතට ඔහුගේ ඇඳුම විකාර රූපී එකකි. සමහර විටක 'ජෝකර්' කෙනෙක් අප සිහියට නැගේ. මෙම ගීතයෙන් කියැවෙන පුද්ගලයා අත රබානක්ද ඇත. ඉතින් මේ නැටුම පෙරහැරක සිරි ඉහල නංවන්නට රුකුලකි.

පියා තම පුතාට බොරු කකුල් කාරයාගේ ස්වභාවය සහ බාහිර ස්වරූපය විස්ථර කරයි. මේ බොරු කකුල් වලට බොහෝවිට යොදාගන්නේ උණ ගස්ය. ඉතින් ඒවා තරමක උසකින් යුක්තය. ඒ උස පිලිබඳව මිම්මක් ලබාදීමට රචකයා පහත පද පේලි යොදාගනී.

'පොළොවෙ ඉඳන් අඩි දහයක්
විතර උස ඇතේ...
ආකාසෙ ඔළුව වදියි
කියල බය හිතේ...'

කුඩා ළමෝ කොහොමටත් කුතුහලයෙන් පිරුණු කොට්ටාසයකි. මේ පියා බොරු කකුල් කාරයාව හඳුන්වා දුන් විට ළමයා ඔහු පිලිබඳව තමාට ඇති ප්‍රශ්න යොමු කරයි. උණ බම්බු දෙකක් උඩ සමතුලිතතාවය පවත්වාගෙන යෑම ළමයාට ගැටලුවකි. මේ ප්‍රශ්නය අසන ළමයා අඩුම තරමේ ගසක අත්තකටවත් නැග ඇති අයෙකු වන්නට ඕනෑ බව මාගේ අදහසයි. ඔහු ලද අත්දැකීම් තුලින් ඔහු ප්‍රශ්න යොමු කරයි. සැබෑ ලොවේදී මේ බොරු කකුල් කාරයාව, ළමයාට දක්නට ලැබී නොමැත. මේ නිසා  'එයා අපි වාගේ මහ පොළොවේ
පයින් යනවද' යන්න ප්‍රශ්න කරයි.
මෙසේ උණ බම්බු දෙකක් උඩ නැග ගමන් කිරීම ළමයාට තේරුම් ගැනීමට නොහැකිය. ඔහු තව දුරටත් අසන්නේ..

'මට තේරෙන්නෙ නෑ
තාත්තෙ කියල දෙනවද...
එයා උඩින් යන්නේ ඇයි
පහළින් යන්න බැරුවද...'

මේ ළමයාගේ ප්‍රශ්න වලට පිලිතුරු සැපයීම මගින් රචකයා උපහාසය මතුකර තිබේ. බලන්න ඔහු එය අපවෙතලබාදෙන අපූරුව....
බොරු අහංකාරකම් කිසියම් අයෙකු තුලනොපවතීද, ඔහු උඩින් යෑම හෝ බිමින් යාම ප්‍රශ්නයක් නොවේ. එනම් අහංකාර දනා නිතැතින්ම උඩින් යන බව මෙහි අර්ථයයි. නැතිනම් සමාජයේ උසස් තැනක සිටිනා බව පෙන්වීමට වෙර දැරීමයි. ඔවුන් අනෙකාගෙන් ගෞරවය බලාපොරොත්තුවේ. 

'බොරුකකුල් මෙයා වාගෙ
බැඳල නැති නමුත් පුතේ...
ඔය වාගෙ උඩින් යන ඈයෝ
හුඟක් ලොව ඇතේ...'

බොරු කකුල් කාරයාගේ කකුල් උන බම්බු වලට තබා බැඳ ඇත. නමුත් මේ පියා පවසන්නේ එසේ නොමැතිවූ දනා විශාල පිරිසක් 'උඩින් යන බවය'
තමා බහුඍත ලෙස හඳුන්වාගෙන තමාට සමාජයේ ඉහල පිලිගැනීමක් ඇති බව පෙන්වන හිස් මිනිසුන් අපමන සිටී. එවන් මිනිසුන් මේ උපහාසයන් හමුවේ පසුබාන බව නම් පැහැදිලිය. 
මේ නිසා ප්‍රේම්ගේ අඩුව අපට අද හුඟක්ම දැනේවි...ඒ වගේම විකට ස්වරූපයකුත් ආරූඩ කරගෙන මෙවැනි අරුත්බර ගීත ගැයීමට ෆ්‍රෙඩී නොමැති අඩුවත් හොඳින්ම දැනේවි. 

~~තේජන අබේදීර~~



Friday 25 March 2016

No, woman, no cry

බොබ් මාලේ ගේ ගීතයකට වැරදි තේරුමක් දීලා තියෙනවා දැකල හිතුන අරුතට ගීතයක් දාන්න මේ හොඳ
වෙලාවක් කියල. ගීතය තමයි No Woman, No Cry. කවුරු හරි බුකියේ මේකට තේරුමක් දීලා තියෙනවා දැක්ක...’ගැහැණු නැත්නම්...අඬන්න වෙන්නේ නැහැ’ වගේ තේරුමක්.....නමුත් බොබ් මාලේ ගේ ගීතයෙන් කියවෙන්නේ මේ දේ නොවේ කියල හිතුන නිසා තව ටිකක් හොයලත් බැලුව....

ඒ ගැන මුලින්ම කියල ඉන්නම්...මුලින්ම මේ ගීතය තිබිල තියෙන්නේ "No, Woman, Nuh cry" කියල. ජැමයිකානු භාෂාවෙන් Nuh කියල කියන්නේ Don’t එහෙම නැතිනම් අපේ ‘එපා’ කියන අර්ථයට...ඒ කියන්නේ ගීතයෙන් ඇත්තටම කියන්නේ ‘නැහැ කාන්තාවනි අඬන්න එපා...ඔබට අඬන්න වෙන්නේ නැහැ’ වගේ තේරුමක්. අපි හරියටම ඒක එහෙමද කියල ගීතයේ අරුත් විමසීමේදී බලමු. ඉතින් බලන්නකෝ මේකත් අපේ අය හරවාගෙන තියෙන විදිය.

ගීතයේ පසුබිම පැත්තට ටිකක් හැරුණොත්....මේ ගීතය තියෙන්නේ Bob Marley & the Wailers නමින් මුලින්ම 1975 දී සජීවී ව (Live) ලන්ඩනයේ ලයිසියම් ශාලාවේදී තිබුන ප්‍රසංගයේ පටිගත කිරීම ඇතුලත් වුනු ‘Live’ කියන ඇල්බමයටයි. මේ ගීතය තමයි ඒ ඇල්බමයේ වඩාත්ම ජනප්‍රිය වෙච්ච ගීතය. මතකයි නේ කලින් කිව්වා වේයිලර්ස් කණ්ඩායමෙන් 1974 දී කීප දෙනෙක් තනියම ගායනා කරන්න අයින් වුනා කියල. සමහරු කියනවා ඒ අයින් වුන යට දරන්න බැරිවුනා ලු මාලේ ට විතරක් ලැබුණ පිළිගනිම. කොහොමහරි. ඊට පස්සේ තමයි මාලේ ගේත් තනියම ගායනා අපිට අහගන්න ලැබෙන්නේ. ඒ වගේම 1980 වෙනකන්ම මාලේ, Bob Marley & the Wailers කියන නම භාවිතා කළා. ඉතින් මේ ගීතය තිබුණ ප්‍රසංගයට කලින් ප්‍රසංගය අසාර්ථක වෙලා තිබුනේ. මාලේ සහ කණ්ඩායම ජැමෙයිකාවේ සාර්ථක වුනාට පිට ලෝකයේ මාලේගේ රෙගී සංගීතයට ඒ තරම් තැනක් ආවේ නැහැ. ඒකනිසාම මාලේ වැඩිපුර බරක් දාල මේ ප්‍රසංගය පැවැත්වුවා කියල කියනවා. ඒක ඇත්තටම සාර්ථක ප්‍රසංගයක් වුනා. ඒ නිසාම ඒකෙ ගීත තැටිගත වෙලා ඇල්බමයක් පළවුණා.

දැන් අපි ගීතයට යොමුවුණොත්.....

No, woman, no cry;
No, woman, no cry;
No, woman, no cry;
No, woman, no cry.

අඬන්න එපා ගැහැණිය...අඬන්න එපා....

'Cause - 'cause - 'cause I remember when a we used to sit
In a government yard in Trenchtown,
Oba - obaserving the 'ypocrites - yeah! -
Mingle with the good people we meet, yeah!
Good friends we have, oh, good friends we have lost
Along the way, yeah!
In this great future, you can't forget your past;
So dry your tears, I seh. Yeah!

No, woman, no cry;
No, woman, no cry. Eh, yeah!
A little darlin', don't shed no tears:
No, woman, no cry. Eh!

ඒ මොකද කියනවනම් ............මට මතකයි අපි ට්‍රේන්ච්ටවුන් වල රජයේ භූමියක
අපිට හමුවුණු හොඳ මිනිස්සුන්ව ආශ්‍රය කරමින්
නිරීක්ෂණය කරමින් සිටියා කටමැත දොඩන්නන් ගේ හැසිරීම
අපිට ඉන්නවා හොඳ යාළුවො...අපිට නැතිවෙලා තියෙනවා හොඳ යාළුවො...
ඉස්සරහට එන ලස්සන අනාගතයේදී ...අපිට කොයිම විදියකින්වත් අතීතය අමතක කරන්න බැහැ
ඉතින් ඔයාගේ කඳුළු නවතාගන්න ....
අඬන්න එපා....

Said - said - said I remember when we used to sit
In the government yard in Trenchtown, yeah!
And then Georgie would make the fire lights,
I seh, logwood burnin' through the nights, yeah!
Then we would cook cornmeal porridge, say,
Of which I'll share with you, yeah!
My feet is my only carriage
And so I've got to push on through.
Oh, while I'm gone,
Everything's gonna be all right!
Everything's gonna be all right!
Everything's gonna be all right, yeah!
Everything's gonna be all right!
Everything's gonna be all right-a!
Everything's gonna be all right!
Everything's gonna be all right, yeah!
Everything's gonna be all right!

මට මතකයි අපි ට්‍රේන්ච්ටවුන් වල රජයේ භූමියක සිටින විට
ජෝර්ජි අපිට ගිනි ගොඩක් ගහනවා
ලී කොට මුළු රෑම පත්තු වෙනහැටි මට මතකයි....
අපි ඊට පස්සේ බඩඉරිඟු පිටි වලින් කැඳ හදනවා ...
මම ඔයත් එක්ක ඒක බෙදා ගන්නවා....
ඉතින් මම යායුතුයි....
මම නැති අතරතුර....
හැම දෙයක්ම හොඳින් සිදු වෙනවාමයි
ඉතින් සොඳුරිය අඬන්න එපා.....

So no, woman, no cry;
No, woman, no cry.
I seh, O little - O little darlin', don't shed no tears;
No, woman, no cry, eh.

No, woman - no, woman - no, woman, no cry;
No, woman, no cry.
One more time I got to say:
O little - little darlin', please don't shed no tears;
No, woman, no cry.

මේ ගීතය දිහා බලපුවහම, සාරාංශය ලෙස තේරෙනවා...සැමියා / පෙම්වතා කොහේ හෝ යන්න හදන්නේ... කාන්තාව අඬනවා ඔහු කියනවා මම යායුතුමයි...මට හිතෙනවා ව්‍යංගයෙන් කියනවද කියල ... ගියේ නැතිනම් අපිට මේ වලෙන් ගොඩ ඒමක් නැහැ කියල...ඉදිරි අනාගතය සුභ වෙනවමයි...අපි අනාගතයේදීත් අපේ මුල අමතක නොකර ඉමු....ඔහු මතක් කරනවා ඔවුන් මුලින් හිටිය විදිය.... මම නැති කාලයේදීත් හැම දෙයක්ම හොඳින් සිදු වෙයි....ඔබේ වැළපීම නතර කරන්න... ඔහු නොකියා කියනවා ගැහැණියට ශක්තිමත් වෙන්න. අඬන්න කාලය නැහැ අපිට. අපේ අනාගතය සුභ කරගැනීම සඳහා අතීතයෙන් පාඩම් අරගෙන වර්තමානය ගොඩ නගා ගත යුතු බව. ඒ සඳහා ශක්තිමත් වෙන්න කියල මාලේ කාන්තාවගෙන් ඉල්ලා සිටිනවා...

ට්‍රේන්ච්ටවුන් කියන්නේ 1950 ගණන් වල මාලේ ජිවත් වෙච්ච ජමයිකාවේ ඉතා දුප්පත් ජනතාව ජිවත් වෙච්ච, රජයේ ඉඩම් වල, පුංචි පුංචි නිවාස වගේ අපි ඔය මුඩුක්කු නිවාස කියල කියන ජාතියේ නිවාස තමයි මොවුන්ට තිබුණේ. ඒ කාලේදී ඔවුන්ට තිබුනේ නැහැලු වෙනම ගෙදරට කෑම හදා ගන්න තරම් වත්කමක්. ඉතිං සමුහයටම කැඳ වගේ ආහාරයක් හදනවලු....ඔවුන් ජිවිතේ ගතකරලා තියෙන්නේ එහෙම. ඒ අතීතය තමයි මාලේ මේ මතක් කරන්නේ. එක කාන්තාවකට දෙන අවවාදයක් විදියට එයා මේ කතා කරන්නේ සියලුම දුප්පත් කාන්තාවන්ට කියලයි මට හිතෙන්නේ.

මං මේ ගීතය අරුතේ දාන්න ඕනෑමයි කියල හිතුන තව දෙයක් තිබුණ...ඒ මාලේ කරලා තිබුන යම්කිසි දෙයක්. මේ ගීතය ලියල තියෙන්නේ මාලේ විසින්මයි. නමුත් ඔහු මේ ගීතයේ රචකයා හැටියට නම් කරලා තියෙන්නේ වින්සන්ට් ෆෝර්ඩ් එහෙම නැතිනම් ටාටාර් කියල හඳුන්වන කෙනෙක්ට. ඒකට හේතුව දැන ගත්තනම් ඔබ පුදුමවෙයි. මාලේ එහෙම කරලා තියෙන්නේ ගීතය සඳහා ඔහුට කතෘභාග හම්බ නොවී ඒ ලැබෙන මුදල මේ ටාටාර් කියන ඔහුගේ මිතුරාට යාමටයි. එහෙම කරලා තියෙන්නේ මේ ගීතය නිකුත් වෙච්ච කාලයේදීත් මේ මිතුරා අර කිව්වා වගේ සමුහයටම කෑම උයල සපයන ‘Community Kitchen’ කියන එකක් පවත්වාගෙන ගියාලු කිංස්ටන් නගරයේ. ඔහුට ඒ සඳහා මුදල් ලැබෙන්න තමයි මාලේ ඒ ගීතයේ රචකයා විදියට ඔහුගේ නම දාල තියෙන්නේ. ඔහුගේ නම ඇත්තටම මාලේ ගීත දෙකකට දාල තියෙනවා. පුදුමයි නේ......තමන්ට ලැබෙන තඹ සතේටත් මිනි මරාගන්න යුගයක මේ වගේ දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. එකෙන්ම තේරෙනවනේ මාලේ ගේ පරමාර්ථය වුනේ ඔහුගේ ජනතාවට හොඳ වර්තමානයක් ලබා දීමයි.

~~නිල්~~


"Borderline"

අපි මේ පිටුව තුලින් පොප් කිංග් ගැන කතා කෙරුවෙමු. ඉතින් දැන් අපි පොප් රැජින ගැන කතා කරමු. ඇය කවුද කියා

පිපි මල් මතින් පියමං කළෝ දිනුවේද කවදා...ජීවිතෙන් ... ඇයද මේ දුර පැමිණියේ එවැනි වූ දුෂ්කර ගමනකිනි. ඇයගේ කටුක අතීතය ඇය ලද සාර්ථකත්වයේ අඩිතාලමයි. ඇගේ ගීත බොහොමයක් අපේ සවන් තුල රැව්පිළිරැව් දෙනවා. Holiday, Like Virgin, la Isla Bonita, Material Girl, Vogue, Like a prayer, Papa don’t preach, Secret, don’t cry for me Argentina and Border Line. ඇගේ ජනප්‍රිය ගීත වේ.දැන්නම් මම නම කියන්න අවශ්‍යමද?

අවුරුදු පහක් වැනි පුංචිම කාලයේදී තම මව අහිමි වීම ඇය ලද ලොකුම පරාජයයි. තම කුඩම්මා ගෙන් විදින්න වූ තාඩන පීඩන නිසා ඇය නිදහස සොයා පියාබන ලදී.... ඇය ඉපදුනු මිචිගන් නගරයෙන් මුලික හා නැටුම් පිළිබද ද්විතීක අද්‍යාපනය ලැබුවාය. ඇය වෙනෙකෙකු නොව, 1958 අගෝස්තු 16 උපන් මැඩෝනා නමින් අපි හදුනන මැඩෝන වෙරෝනිකාය.

පිරිමි මුලිකව ගලා ගිය පොප් සංගීතයට 1983 වන විට.... ජනප්‍රිය කාන්තා චරිතයක දායකත්වයක් දෙන්න ඇයට හැකිවිය.... තම පළමු ගීතය වූ “ Every Body” තුලින් ලද ජනප්‍රියත්වයෙන් පසුව ....ඇගේ පළමු ඇල්බමය 1983 දී නිකුත් විය. ගායනය ප්‍රසංග වේදිකා නිරුපනය නිසා තමන්ට අනන්‍ය වූ ආරකින් ඇය රසිකයන් අතරට පැමිණියාය. ඇය පැළදී නෙට් ස්ටෝකින්ස්.... කුරිසය සහිත මාලය.... ඇගේ කොණ්ඩය...උස අඩි ඇති සපත්තු තරුණියන් අතර ඉතා ජනප්‍රිය විය. 1991 වන විට මැඩෝනාගේ ගීත විසි එකක් ඇමරිකාව තුල ටොප් ටෙන් අතරට පැමිණුන බවත් ඇගේ ගීත ඇල්බම් මිලියන හැත්තාවක් ලොව පුරා විකිණී තිබුණු බව සදහන් වේ. 2008 දී ෆොර්බ්ස් සගරාවෙන් ඇය ලොව ධනවත්ම ගායිකාව බව ලොවට හෙළි කාලය..

නොකිවමනාය. ඔබත් මාත් ඇයව නම කියූ පමණින්ම දනී


ගායිකාවක්.... නර්තන ශිල්පිනියක් ..... නිලියක් (Evita)ලෙස ලොවදිලු මේ ගැහැණියගේ මා ප්‍රිය කරනම ඇගේ පළමු ඇල්බමයේ ගීතය ගැන ලියන්නටයි මේ සුදානම. ඇයගේ physical attraction ගීතය ලියන ලද රෙජි ලුකස් විසින් මේ ගීතයත් ලියන ලදී. බොහෝ දෙනා මෙය ලිංගිකත්වය පමණක් ගැන කියන ගීතයක් ලෙස හැදුන්වුවත් ඉන් එහා ගිය ප්‍රේමයක සිරගත වීමක් නැතහොත් ඒක පාර්ශවීය උමතු ප්‍රේමයක් මා මේ ගීතය තුලින් දකිනවා.


ඇය ඔහුට උමතු ලෙස ප්‍රේම කරමින්, ඔහුගෙන් තොර ලෝකයක් නොදකින්න ඇති.ඇය ඔහු හා එක්ව ජීවිතය දකින්න ඇති. ඔහුට ආදරයේ නාමයෙන් සියළු පුද දෙන්න ඇති. එත් ඔහුට ඇය තවත් එක් ගැහැනියක් වන්නට ඇති. සමහර විට හුදු ශාරීරික සම්බදයක් පමණක් ඇයත් සමග තිබෙන්නට ඇත. ඔහු ඇය සමග ජිවත් වන්නට සිතන සැබෑ ආදර වන්තයෙකු නොවේ... ඇය එය දනී ... එහෙත් ඇය ඔහු එනතුරු බලන් ඉන්නවා... ඔහුට ඇති ආදරය නිසා ඇතුලින් පියවි සිහියද නැතිවන තරම්. එවන් වූ උපරිමයකට ඔහු ඇයව ඇද දමල........ ඉන් මිදෙන්නට උත්සහ කෙරුවත් ඇය ඔහුගේ ආදරය තුලම සිරගත වෙලා. ඉන් මිදීමට නොහැකි තැන යළි ඇය ඔහුව සොයනවා... (මෙවැනි උමතු ප්‍රේමයෙන් පෙළුණු, එය බිදී ගිය පසු දරාගත නොහැකි මානසික කම්පනයන්ට පත් වුවන් තවමත් මානසික රෝහල් වල ඉන්නවා). මම මෙය අසම්මත් ප්‍රේමයක් යයි නොකියමි....එහෙත් අන්ධ වූ අවිධිමත් ප්ර්මයක් ගැන කියන උමතු හඬ ගෑමක් ලෙස දකිමි.


මැඩෝන අවුරුදු විසි හයක් වන විට ගායනා කරන ලද “ Boder Line” ගීතය ගැනයි මේ... සටහන...

ඔබට තියන මගේ ආදරය මට මාවම අහිමි කරලා... මම ඔබේ ආදරයේ සිරකාරිය වෙලා.... මාව ඉන් මුදන්න. ඔබ මගේ හදවත සමග සෙල්ලම් කරනවා.. අපි පටන් ගත් ආදරයේ අවසනක් දකිමු .....ඔබට මාව සැබැ ලෙසම අවශ්‍යනම් ...ඔබේ සැබෑ ආදරය මට දෙන්න . ඔබ මගේ ආදරය විහිලුවක් ලෙස ගන්න එපා. තේරුම් ගන්න මා ඔබ වෙනුවෙන් සියල්ල පිදුවෙමි. මා සතු වටිනා සියල්ල ඔබ මගෙන් ලබා ගත්තා.

.මට ඔබ දැක ගත නොහැකි තැන ... මා කුමක් කරන්නද.... ඔබේ ආදරයේ උපරිම සීමාවට මාව ඔබ තල්ලු කරලා නැතහොත්

ඔබට පිදු ආදරයේ උපරිම සීමාවට මා පැමිණ ඇත. මට මගේ පියවි සිහිය අහිමි වන තරම්. ඔබ මාව උමතු කරන බව ඔබ දන්නේ නැද්ද... මාව ආදරේ උපරිම සීමාවට තල්ලු කරන්න එපා. මට පිස්සු හැදෙයි... ඔබේ ඇස දෙකට මම ආදරෙයි.... ඒ ඇස් මාව රවට්ටනවා.... ඔබ මා ගාව ඉන්න කොට මට ලොවම අමතක වෙනවා. එත් මොහොතින් ඔබ මා හැර යනවා. මා සමග ඉන්න මා හැර යන්න එපා.. බලන්න ඔබේ ආදරය මට කර ඇති විනාශය. මා ඉන් මුදන්න. මෙතරම් වේදනාවක් දෙන්න එපා.... මාව ඒ උපරිමයට තල්ලු කරන්න එපා. මා උමතු වෙයි


"Borderline"


Something in the way you love me won't let me be

I don't want to be your prisoner so baby won't you set me free

Stop playing with my heart

Finish what you start

When you make my love come down

If you want me let me know

Baby let it show

Honey don't you fool around


Just try to understand, I've given all I can,

'Cause you got the best of me


Borderline feels like I'm going to lose my mind

You just keep on pushing my love over the borderline


Keep on pushing me baby

Don't you know you drive me crazy

You just keep on pushing my love over the borderline


Something in your eyes is makin' such a fool of me

When you hold me in your arms you love me till I just can't see

But then you let me down, when I look around, baby you just can't be found

Stop driving me away, I just wanna stay,

There's something I just got to say


Just try to understand, I've given all I can,

'Cause you got the best of me


Keep on pushing me baby

Don't you know you drive me crazy

You just keep on pushing my love over the borderline


Look what your love has done to me

Come on baby set me free

You just keep on pushing my love over the borderline

You cause me so much pain, I think I'm going insane

What does it take to make you see?

You just keep on pushing my love over the borderline


හිමා

19. 03. 2016


ආ මඟ වැරදී යන මං නොපෙනෙයි

ජීවන ගමනේ විවාහයේදී මෙනතරම් හැල හැප්පිලි ආවත් දෙමව්පියෝ.. තම ආදරණීයයන් එක්ක ඉද්දි
කවදාවත් තනිකමක් දැනෙන්නෙ නෑ...
ඒත් මම ආව පාර වැරදිලා.. යන්න ඕන කොහාටද? කරන්න ඕනෙ මොනවද මොකුත්ම හිතාගන්න වත් බෑ..
අම්ම, අප්පච්චි දෙන්නගේ රැකවරණය වත් තිබුණ නම්...
දැන් කාගෙන් මට පිහිටක් ද....
මේ අසරණකම තනිකම කාට කියන්න ද...
අඩු තරමේ නුඹ වත් මගේ අහලකින් උන්න නම්, මට පුංචි දුකක් වත් දැනෙන එකක් නෑ.
සඳගල තැන්න පාමුල දොළපාරෙ හීතල වතුරේ මොනතරම් අපේ කෙළිකවටකම් හැංගිලා ඇත් ද... මට තාමත් මේ ගම පුරාම නුඹේ සුවඳ දැනෙනවා. දං පඳුරේ මංකඩ ගාව, දොළපාරේ දියරැළි අත‍රෙ තාමත් නුඹ ඉන්නවා මට පේනවා.. දැනෙනවා.. ඒත්.. අපි දෙන්නා පුංචිම පුංචි කාලෙ පටන්ම දියබුං ගහපු දොළපාර දැන් හරිම නිහඬයි... ඉස්සර ගොම්මං අඳුරේත් අපි ගම මැද්දෑවෙ දුව පැන ඇවිද්දා...
අනේ... දැන් මට හීනයක් වගේ...
ඇවැස්ස මස්සිනා උනත්, එකටම හැදුන වැඩුනත් නුඹ මගේ හදවත වටහාගත්තෙ නෑ... නුඹට ඕන වුණේ මාව අපූරු මනාලියක් කරලා ගමේ සල්ලිකාරයට විවාහ කරල දෙන්න.
අනේ.. මම කොච්චර අඬල දොඩල කිවුවද?... අප්පච්චි නැතිවුණ දවසෙ ඉඳලා මට අප්පච්චි වුණ නුඹවත් අම්මවත් මම කියන දේ ඇහුවෙ නෑ.
මගේ හදවතේ තිබුණු පැතුම් ගොන්න මගේම කඳුලට දියවෙලා දෝරෙ ගැලුවා...
කාටවත් ඒක තේරුම් ගන්න බැරි වුණා.. නුඹට වත් බැරි වුණා..
සොඳුරු අහිංසක මගේ ජීවිතේ, ඔහු.. කඳුළු, වේදනාව, අහිමි වීම් පිරුණු ජීවිතයක් කළා...
මන්දාරම් අහස වහගෙන තිබුනු මීදුම් සළුව මගේ සොඳුරු ජීවන මඟට හිරිකඩ හෙලලා මඩකරලා දැම්මා..
ආයෙ මට පතන්න අනාගතයක්... පැතුමක් ඉතිරිවෙලා නෑ...
මට තවත් ජීවිතයක් නෑ...

~~දිලානි~~

ආ මඟ වැරදී යන මං නොපෙනෙයි
තනිවී දෙවිඳුන් නැති දෙවොලේ
කවුරු යදින්න ද කවුරු පතන්න ද
හිරු සඳු වත් නැති මිහිමඬලේ...

සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැලි පාවෙයි
නිල් දිය රැළි අතරේ
දං පඳුරේ මංකඩ ළඟ ගොම්මන් අඳුරේ
දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ...

හඬා දොඩා කීවත් කවුරුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුළැලි ගැලුවේ
මන්දාරම් අහස වැසූ මිහිදුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මඟ හිරිකඩ හෙලුවේ...

සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැලි පාවෙයි
නිල් දිය රැළි අතරේ
දං පඳුරේ මංකඩ ළඟ ගොම්මන් අඳුරේ
දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ...

ගායනය - අමරසිරි පීරිස් සමග සශිකා නිසංසලා.
සඳගල තැන්න ‍ටෙලි නාට්‍යයේ තේමා ගීතය.


මළත් කමක් නෑ මලක් අරන් මම.. නාගදීපේ ආවා


මළත් කමක් නෑ මලක් අරන් මම..නාගදීපේ ආවා.....

යුද්ධ කාලයේ මායිම් ගම්මාන වල මිනිසුන් විඳපු දුක් ගැන සමුහයේ අයට නම් වැඩි අත්දැකීමක් නැතිව ඇති. නමුත් මම මේ ගීතය සමුහයේ ගෙනහැර පෑමට උනන්දු කරවුයේ මම ද මායිම් ගම්පලාතක ඉපිද මේ අත්දැකීම් වලට මුහුණ දුන් අයෙක් නිසාවෙනි..... නමුත් එහි අමිහිරි අත්දැකීම් අරුත්ගන්වට ගියොත් එම අත්දැකීම් විඳපු මිනිස්සුන්ට මා කරන්නේ අසාධාරණයකි.. මන්ද එය අරුත් ගන්වන්නට තරම් මා වචන නොදන්න නිසාවෙනි. ...

ගිනිපෙල්ලෙන් බැට කා එකා කණාමැදිරි එළියටත් බයය... මම මේ කතාව කිව්වේ 1990 ගනන් වල සිදු අත්දැකීමක් මතක් වු නිසාවෙනි. එදා හරියටම මුස්ලිම් අයගේ අව්රුදු දවස..රෑ දොලහට විතර වෙඩි ශබ්දයක් ඇසෙන්නට උනා...."කොටි ඇවිල්ලා" ...ගමේම ප්‍රචාරය උනා...අප්පච්චි ද හේනට ගොසිනි... අම්මා අපිව අරන් වෙලට දිව්වා... රෑ පහන් වන තුරු අම්මා නිදිවරා අපිව රැක්කා... අපි නම් හොදට නිදා ගත්තා .. මොකද බය කියන දේ අපේ පුංචි හිතට මහ ලොකුවට දැනුනෙ නැහැ... පසුදා උදේ අසන්නට ලැබුණේ මුස්ලිම් අව්රුදු නිසා ටවුන් එකේ රතිඤ්ඤා පත්තු කරපු බව... ඒ ශබ්දයට තමයි අපිව අරන් අම්මා වෙලට දුවලා තියෙන්නෙ මිනිසුන් කපනවා කොටනවා කියනකොට කාටද මර බය නොදැනෙන්නේ ..අපිටත් ඒ බය පසු වෙන්න වෙන්න දැනුනා ... ඉතින් මේ එක අත්දැකීමක් විතරයි ... එකින් එකට ඉදිරිපත් කලොත් ඔයාලටත් එපා වෙයි...

කොහොම නමුත් දැන් යුද්ධය නිමයි... ඒ වෙනුවෙන් කැපවීම කල සෙනාධි නායකයාට මෙන්ම රණවිරුවන්ට ද අපි ණයගැතිය... කව්රු කොහොම කිව්වත් අපේ අම්මලාගේන් ඒ මතකයන් ඈත් කරන්නට නම් බැරිය....

දමිත් අසංකගේ ගීත කීපයක් ම සොයුරු Thejana Abeydeera අයියා අරුතට ගෙනාවා... ගොඩ දෙනෙක් ඔහුගේ ගීත වල මෙන්ම ඔහු ගැනත් ගුන දොස් විචාරයන් කර තිබුනා. මේ ගීතය පිට වන්නේ තිස් වසරක යුද්ධය නිමාවීමෙන් පසුවයි ....


දැවී තැවූ සිත් නිවී පහන් වන...

දිනක් උදා වූවා...

කලක් සිතේ තිවූ සියුම් දොලක් ගැන

මතක අලුත් වුවා...

සඳක් නැගී තල් වැට ඉහලින් වෙඩි

හඩක් ඇසෙන්නැතුවා....

මළත් කමක් නෑ මලක් අරන් මම..

නාගදීපේ ආවා.....


නාගදීපයටඉහල අහස් කුස..

රන් වන් පැහැය ගනී...

එදා දෙසූ දම් මෙදා වගේමයි ...

තාමත් සුවඳ දැනේ...


දැවී තැවූ සිත් නිවී පහන් වන...

දිනක් උදා වූවා...

කලක් සිතේ තිවූ සියුම් දොලක් ගැන

මතක අලුත් වුවා...

සඳක් නැගී තල් වැට ඉහලින් ...

වෙඩි හඩක් ඇසෙන්නැතුවා....

මළත් කමක් නෑ මලක් අරන් මම..

නාගදීපේ ආවා.....


පරෙවි තටුවකින් සිසිල් පැන් දොවා..

සුදු මල් ගෙන ආවා...

අනේ හිමියනේ සාඳු නාද මිස..

වෙඩි හඬ නොඇසේවා......


දැවී තැවූ සිත් නිවී පහන් වන...

දිනක් උදා වූවා...

කලක් සිතේ තිවූ සියුම් දොලක් ගැන

මතක අලුත් වුවා...

සඳක් නැගී තල් වැට ඉහලින් ...

වෙඩි හඩක් ඇසෙන්නැතුවා....

මළත් කමක් නෑ මලක් අරන් මම..

නාගදීපේ ආවා.....


මා මුලින් කීවාක් මෙන් තිස් වසරක තිබූ කුරිරු යුද්ධය නිසා කී දාහක දෙමාපියන් දු දරුවන්ගෙ සිත් ගිනිගෙන දැවුනාද.. අම්මාවරුන්ට තම පුතුන් නැති උනා ද.. කී දාහක ලමයිට තම දෙමාපියන් නැති උනාද... කී දාහක් බිරින්දෑවරු වැන්ඳඹු උනාද.. කී දාහක් මේ වන විට එක්තැන් වෙලා ඉන්නවා ද.....නාගදීපය ගැන ඔබට අලුතෙන් හදුන්වාදිය යුතු නොවේ. මේ ගීතයේ මෙන් අපටත් පුංචි පුංචි අාසාවල් තියෙනවා. එය එකිනෙකාගේ ආගම් අනුව වෙනස් වෙනවා. ඉතින් මොහුගේ හිතේ එදා ඉදන් තිබුනු පුංචි ආසාව තමයි කවදා හරි නාගදීපය විහාරය වැඳ පුදා ගැනීම. කවදා හරි දඹදිව වැදපුඳාගෙන ඉන් පස්සේ නම් මැරුණත් කමක් නැහැ කියලා හිතන අය කොතරම් නම් සිටී ද. ඔව් අද නාගදීපය වැඳ පුදා ගන්නට ඔබට මට අප සැමෝටම අවස්ථාව උදා වෙලා...අද වෙඩි හඩ නැත ... ඒ වෙනුවට අද ඇසෙන්නේ සාදු නාද පමනයි ..


එදා අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙරටට පැමිණ දෙසා වදහල බුදුබණ අදත් ඇසෙන්නාක් මෙන් ඔහුට දැනෙයි..එ බණ අදට කොතරම් කාලෝචිතද යන්න අප අපේ හඳවත් තුලින්ම විමසා බැලිය යුතුය. යුද්ධය මොනයම් ආගමකවත් අනුමත කරන්නේ නැත.


මේ ගීතය තවෙකෙක්ට දැනෙන විදිහ වෙනස් වීමට පුලුවන් ... කොහොම නමුත් මේ භූමිය තුල සාඳු නාද මිස යලි කිසි දිනෙක වෙඩි හඬ නම් නොඇසේවා යන්න මාද හඳවතින්ම පාර්ථනා කරන්නෙමි.......ජය !


~~~~බණ්ඩාර ~~~ස





Saturday 19 March 2016

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට...


වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්.....

ගේය පද: මහගම සේකර
ගායනය: පණ්ඩිත් අමරදේව


'වක්කඩ' කියන වචනයත් එක්කම අපට ගැමි පරිසරයක් මවා ගැනීමට අපහසු වෙන්නේ නෑ. මේ වක්කඩ කියනදේ කුඹුරකට අත්යාවශ්ය දෙයක්. කුඹුරකට ජලය හැම විටම ලැබෙන්නේ නෑ. මේ නිසා ඇලකින්, දොලකින්, ඔයකින්, ගඟකින් හෝ වෙනයම් ප්‍රභවයකින් මේ ලැබෙන ජලය මනා ලෙස කලමණාකරණය කරගත යුතුයි. ඒ සඳහා ඉහල දායකත්වයක් සපයන තැනක් ලෙසට 'වක්කඩ' හඳුන්වාදෙන්නට පුලුවන්. වතුර හොඳින් බැස යාමට, ලියැදිවල් පිරුණු වැඩි වතුර පිටාර යැවීමට වක්කඩ උපකාරීවේ. කුඹුරක වක්කඩවල් කිහිපයක් හමුවේ. 'දිය වක්කඩ, ඉස්නං වක්කඩ සහ පා වක්කඩ' ඉන් කිහිපයකි.

ඉතින් මේ වක්කඩක් ලඟ ගමේ කුඩා ළමුන් එකතුවෙන්නේ එහි කුඩා මසුන් ගැවසෙන නිසාවෙන්මයි. බොහෝවිට 'තිත්ත පැටව්' මේ වක්කඩෙහි රැඟුම් දක්වනා අයුරු දැකගැනීමට පුලුවන්.

වැස්ස සමහර වෙලාවට අපට කරදර ගෙන දුන්නද ගැමි පරිසරයකට වැස්ස කියන්නේ ආශීර්වාදයක්. ඇත්තටම නම් මේක වැඩි වශයෙන් සත්යය වන්නේ වියලි කලාපයට සහ ශුෂ්ක කලාපයන්ට. ඉතින් මේ වැස්ස කියනදේ ඔබ හොඳහැටි නිරීක්ෂණය කර තිබෙනවානම් ඔබ විඳලා ඇති වැස්සට කලියෙන් අහසේ විදුලි කොටනවා. මේක හරිම චමත්කාරජනක දර්ශනයක්. මොකද මුලු පරිසරයම අඳුරුයි. වැහි වළාවන්ගෙන් වෙලිලා. ඒ අඳුරත් එක්කම ක්ෂණයෙන් පරිසරයට ආලෝකයක් නුකුත් වෙනවා. ඊට පසුව පොඩි ගෙරවිල්ලකුත් නො එනවා නොවෙයි.

මහගමසේකරයන් මේ ගීතයේ මුල් පද පේලි තුරාවට ගැමි පරිසරයක සුන්දරත්වය අප මනසේ ජනිත කරවනවා. නමුත් ඊලඟ පද වලදී කාන්තාවක් චිත්ත රූපයට ඔබ්බවන්නට ඔහු සමත් වෙනවා.

'කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා'

මෙතැනදී කටරොළු මල් වැට වට කරමින් පිපී තිබීම අඟවන්නේ සුන්දර දෙයක්. ඒ එක්කම 'තුන් දවසක් අමනාපෙන් සිටි' යන යෙදුම සමග අප නොයෙක් ආකාරයට සිතන්නට පොලඹවනවා. මතුපිටින් බැලූවිට නම් පෙනී යන්නේ මේ යුවතිය ඔහු සමග අමනාප වී හිඳ තිබෙනවා කිසියම් දෙයකට. නමුත් මේ 'නෝක්කාඩු බැල්ම' නිසාවෙන් අපට සිතන්නට වෙනවා ඇය ටිකක් ගනන් උස්සන තැනැත්තියක් විලසට. හැබැයි ඇය ඔහුට ආදරෙයි, ඒ බව මෙයින් ඔප්පු වෙනවා. ඊලඟ පද පේලි වලින් ඔහු ඇයගේ ආදරය සහ අවධානය ලබා ගැනීමට ආයාචනා කරන අයුරක් දිස්වෙනවා.

'හිනාවෙයන් කලු හිනාවෙයන්'

නමුත් මෙහි ඊට වඩා ඇතුලාන්තයක් දකින්නට පිලිවන්. මහගමසේකරයන් ආවාට ගියාට වචන යොදාගන්නෙක් නොවන් බව ඔහුගේ නිර්මාණ කියැවූ ඕනෑම අයෙකුට තේරුම් යාවි. මේ නිසාවෙන්ම මේ ගීතයේ 'තුන් දවසක් අමනාපෙන් සිටි කලු' කියන යෙදුම ගැන සලකා බැලීම වටිනවා. කාන්තාව සහ තුන් දවස යන පද අතර යම් ගැලපීමක් තිබෙනවා.

'කිලි' කියනාදේ ඔබ අසා තිබෙන්නට පුලුවන්. අපි මළගෙදරක ගිහිල්ලා ආ විගසම නාලා පිරිසිදුවෙන්නේ මේ 'කිලි' නිසා. අපේ ජන වහරේ තිබෙනවා 'කිල්ලට අහුවෙලා' කියන යෙදුම්. ඉතින් මේ කිලි කියන්නේ අපිරිසිදු බව. නමුත් එය අප දන්න අපිරිසිදු බවෙන් වෙනස්. කාන්තාව සම්බන්දයෙනුත් මේ 'කිලි' කියනා වචනය භාවිතා වෙනවා. ගැහැණු ළමයෙක් මල්වර වීමෙන් පසු ආර්ථවීයව හට ගන්නා ඔසප්වීම නිසා 'කිල්ලක්' ඇතිවෙනවා කියා පිලිගැනෙනවා. මෙම කිල්ල දවස් තුනක් පවතින අතර අවසානයේදී ස්නානය කිරීම මගින් නැතිවී යන බවත් පිලිගැනෙනවා.

ඉතින් මේ ගීතයේ එන'දවස් තුනක් අමනාපයෙන් සිටීම' මේ හා අපූරුවට බැඳෙනවා. ඊට පසු නෝක්කාඩුවෙන් බලන්නේ ඇයි? සමහර විට ලැජ්ජාවට වෙන්නට පිලිවන්. නෝක්කාඩුව යන වචනයේ ආදරය කියනා දේ ගැබ්වෙලා තිබෙනවා. මෙය හුදෙක් ගැහැණුන් සමග යාවන්නක්. 

මා සොයුරු වසන්ත යකල්ලෙආරච්චි තවත් අදහසක් එක්කලා. කටරොළු මල යොදාගෙන තියෙන්නෙත් ඔය කියන, මුළු ගීතය පුරාම දිවෙන යටි අදහසටම සංකේතයක් ලෙසට බව ඔහුගේ අදහස. මමත් ඒ අදහසට එකඟ වෙනවා. කටරොලු මල සාමාන්‍ය වයවහාරයේදී නොයෙක් නම් වලින් හැඳින්වෙනවා, Asian pigeonwings,bluebellvine, blue pea, butterfly pea, cordofan pea සහ Darwin pea ලෙස. එහි විද්යාත්මක නාමය වන්නේ Clitoria ternatea. කටරොලු මලට මේ නාමය යොදාගන්නේ එය ස්ත්‍රී බාහිර ලිංගික අවයවයේ ස්වරූපය ගන්නා බැවිනි. "clitoris" යන වචනයෙන් බිඳී ආවකි. 
ඉතින් සේකරයන් කටරොලු මලම මේ සඳහා යොදාගැනීම අහඹුවක් විය නොහැකිබව මාගේ මතයයි.

'ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න'

මේ පද පේලි ගැයෙන්නේ මෙතෙක් ගීතයේ ආ තාලය වෙනස් කරමින්. අපි අපේ භාෂාවෙන් කියනවානම් මෙතැනදී පොඩි ගැම්මක් දීල තියෙනවා. සංගීතයත් ඊට අනුරූපීව වෙනස් වෙනවා පමනක් නොව ජීවයක්ද ඇති කරනවා. මෙතැනදී අපට සිතන්නට පිලිවන් මේ දෙදෙනා යම්කිසි ලිංගිල තෘප්තියක් ලබන්නට සැරසෙනවාදැයි කියා. ඒ කොහොම වුනත් මේ සිදුවීම් සොබාදහම සමග ගලපන්නට සේකරයන්ට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.

'ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත හිනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්.....'

මේ අවසාන පද පේලි වලිනුත් අපට පෙනී යනවා මේ තරුණිය තරමක මාන්නයෙන් යුත් එකියක් බව. නැත්නම් ඉතින් හිනාවෙයන් හිනාවෙයන් කියලා කියන්න ඕනේ නැහැනේ. මෙතැනදී මම මාන්නය කියන වචනය භාවිතා කලාට බොහෝ දෙනෙක් එය වරදවා වටහාගනී කියලා හිතනවා. මෙය ගැහැණියක් සතු සුන්දර ක්‍රියාවන් අතරෙන් එකක්. ආදරයක් ඔහේ ගලාගෙන යනවාට වඩා මේ ආකාරයෙන් ගනන් ඉස්සීම් අනෙක් පැත්තෙන් ආයාචනා කිරීම වාගේ තිබෙනා විට එහි තිබෙන සුන්දරත්වය ඉහල යන බව තමයි මගේ අදහස.

මේ ගීතය පිලිබඳ අදහසක් ලියන්න කියලා මට පැවසූ Chemly Davapriya Senerath Kurugamage සොයුරාට ඇත්තෙන්ම ස්තුතිවන්ත විය යුතුයි.

සමහරෙක් මේ ගීතය සඳහා වැස්සක අර්තකතනයක් ලබාදෙන්නේ මා මේ කියනා අරුතට දරුනු ලෙස පහර එල්ල කරමිනි. සොබාව සෞන්දර්යය ගැන කියවෙන්නක් මිස මා මේ කියනා "තුන් දවසේ" සිද්දියක් නොවනාබව ඔවුන්ගේ මතයයි. නමුත් එතැනදී තුන්දවස යන්නට ඔවුන් හරිහැටි පැහැදිලි කිරීමක් ලබානොදේ. ඔවුන් පවසන්නේ වැස්ස නැතිව තුන් දවසක් සිටි බවයි. එසේනම් තුන් දවස යන්නම සේකරයන් යොදාගත්තේ මන්ද යන්න ගැටලුවකි. එලිසමයට හෝ තාලයට යතියට හානියක් නොවන පරිද්දෙන් තුන් දවස යන්න වෙනුවට වෙන පදයක් යොදාගැනීමේ හැකියාව සේකරයන්ට තිබුන බව ඔබ නොපිලිගන්නේද?.

තුන් දවස අවසනදී සේකරයන් නෝක්කාඩු බැල්මක් ගැන පැවසීමද ඔවුන් හරිහැටි පැහැදිලි කරන්නේ නැත. එම නෝක්කාඩු බැල්ම වැස්සක් සමග යාවෙන අන්දම පැහැදිලි කිරීම කණා කොකාගේ සුද කීවාක්මෙනි.
නමුත් මේ අර්තකතනයේදී එය ඉතාම පැහැදිලිව විස්තර කල හැකිය. තුන් දවස ඇතුලත කිසිම එකතුවීමකට දෙදෙනාට ඉඩකඩ නොමැත. එය අවසානයේදී කාන්තාව නෝක්කාඩු බැල්ම හෙලන්නේ ආදරයක් සමගින් තම සහකරුවාගේ ඇරයුමට දෙන පිලිතුරක් ලෙසට බව සිතීම වරදක් ලෙස නොදකිමි. 

සිරි යහනේ , ගහක මල් පිපිලා, සඳකඩ පහනක වැනි ගීතවලට සමහරු ඔබ්බවූ ලිංගික අරුත් සඳහා මමද කිසිසේත්ම එකඟ නොවෙමි. මේ ගීතයෙන් සේකරයන් මෙවැනි අරුතක් ගෙන ආවායයි සිතන්නට බොහෝ දෙනා මැලිවෙති. එය ගීතයට කරනා අගෞරවයක් ලෙසට දකිති. සේකරයන් අද අප අතර සිටියානම් ඔහු මෙය ලියන්නට පාදකවු හේතුව සහ සැබෑ අරුත දැනගන්නට අපට ඉඩ තිබින.
නමුත් කුමරියක පා සළඹ සැලුනා, මිනිසා මරණ තුනක් ඇති, සුමුදු සයනේ වැනි ගිත වල තිබෙනා සුන්දරවූ ඉදිරිපත් කිරීම පිලිගන්නා අතර සේකරයන්ගේ මේ ගීතය සඳා මේ අරුත සෑහෙන දුරකට ගැලපෙනබව පිලිගන්නට මැලිවෙන බොහෝමයක් සිටිති.

සමහරුන් ව්‍යන්ගාර්තය නොදැක මතුපිටින් පෙනෙනා වැස්ස සහ සොබාව සෞන්දර්වයේ ඇගයුමක් ලෙස මෙය පිලිගන්නේ මා කියනා අරුත නිසා සේකරයන්ට නිග්‍රහයක් වේ යැයි සිතනා නිසාත් වෙන්නට ඇත. නමුත් මෙය මා කිසිසේත් එසේ නොදකිමි. මෙය සේකරයන් කිසිවකු නොසිතනා පැතිකඩක් ව්‍යන්ගාර්තයෙන් නිර්මාණයක් ලෙස ඉදිරිපත්කල සුවිසේශී අවස්තාවක් ලෙස දකිමි. ගැරහුම් බැණුම් කොතෙකුත් මේ සඳහා ලැබී ඇත. මෙය කියවන ඔබගෙන් මා ඉල්ලා සිටින්නේ විවුර්ත මනසකින් මේ දෙස බලා සියලු කරුණු කාරනා හොඳින් වටහාගෙන ඔබගේ ස්වාධීන මතය..අදහස පවසන ලෙසටය.
ඔබේ වටිනා අදහස් ගෞරවයෙන් යුතුව පිලිගනිමි.

~~තේජන අබේදීර~~



         


Clitoria ternatea, commonly known as Asian pigeonwings,[1] bluebellvine, blue pea, butterfly pea, cordofan pea and Darwin pea,[2]is a plant species belonging to the Fabaceae family. The flowers of this vine have the shape of human female genitals, hence the Latin name of the genus "Clitoria", from "clitoris". (Synonyms: Clitoris principissae.).[3](විකිපීඩියාවෙන් උපුටා ගත්තකි)












සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයි

සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයි

එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුලු බිඳක් වැටෙයි
බැරි උනම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නොවෙයි

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී...
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී...

මම දෙයකට හා කිව්වම නුඹ මට බැහැ කියයි
විරසකයෙන් මුහුන නොරුක් කරන් කාලේ ගෙවයි
යලි මදසක් හෙලා
යලි මදසක් හෙලා කියනා දේ නම් මට හැඟෙයි
ලෙංගතුකම වැඩි උනාම මමත් ඔහොම තමයි

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී...
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී...

මට අතපසු උනොත් යමක් බොහොම දුකින් හිඳියි
ඒත් හිතේ යටින් ඇත්තේ ආඩම්බරකමයි
නුඹ යළිත් ලංවෙලා
නුඹ යළිත් ලංවෙලා කවනා බත්කට මට රසයි
අහිංසකයි රණ්ඩු කලත් කිරිල්ලී මට අගෙයි

ආදරය කරද්දී රණ්ඩු නොකරන්නේ කවුද... හැම පෙම් යුවළක් අතරම ‍රණ්ඩු ඇති වෙන එක සාමාන්‍යය දෙයක්. මේ රණ්ඩු දුරදිග යන අවස්ථා නැතුවම නොවෙයි. ඒත් මේ පුංචි පුංචි රණ්ඩු වලදි ගැහැණු අපි අපේ කඳුළු වලින් ජය ගන්නට උත්සහ කරනවා. උත්සහ කරනවා විතරක් නෙමෙයි බොහෝ විට සිදුවන්නෙත් එයම තමයි. දෙදෙනාගෙන් කවුරු වැරැද්ද කළත් තමන්ගේ පෙම්වතිය සනසන්නට ඔහු සමාව ගන්නවා.

ඉතාම කුඩා සිදුවීමකදි පවා මූණ නරක් කරගෙන, අහක බලාගෙන ඉන්න පෙම්වතියව සනසන පෙම්වතා අවශ්‍ය තැනදි ඇයට ටිකක් තදින් කතා කරන්න උනත් පෙළඹෙනවා. ඇයත් දන්නවා ඔහු එහෙම කරන්නේ ඇයට ආදරය කරන නිසා බව. නමුත් ආඩම්බරකමට ඉන්න ඇය අමතක කරන්නේ නෑ. ගැහැණිය ස්වභාවයෙන්ම ආඩම්බරකාරයි.ඇය කැමති නෑ ඇගේ හැඟීම් පිටතට පෙන්වන්න. ඇය නිතරම උත්සහ කරන්නේ ඔහු ලවා හැමදේම කියවගන්න.

ඉතින් මේ ගීතයේ කතා නායකයාත් ඒ විදියටම අසරණ වුන පෙම්වතෙක්. ඔහු තම පෙම්වතියට බොහෝ ප්‍රේම කරන්නෙක්. එහෙත් ඇය මුරණ්ඩු වන අවස්ථාවල ඇයට ටිකක් තරවටු කරනවා. එහෙම තරවටු කරාම පෙම්වතිය ඔහු සමඟ උරණ වෙනවා. මේ සිද්ධීන් දාමය ඔහු අපට කියන්නේ මේ ලෙසයි.

මම චුට්ටක් බැන්නයි කියලා ඇයි ඔහොම අහක බලන් ඉන්නේ. මම හැම තිස්සෙම බනින්නේ නෑනේ... ඔහොම අහක බලාගෙන අඬන්න එපා. ඔයා අඬන හැම කඳුළකම දුක දැනෙන්නේ මට. ඔයාට බැන්නට පස්සේ මම කොච්චර දුක් වෙනවද කියලා ඔයා දන්නේ නෑ. ආදරය කරද්දී මුරණ්ඩු වෙන්න හොඳ නෑ. පොඩි දේටත් රණ්ඩු කරන මගේ කිරිල්ලී ඔහොම මුරණ්ඩු වෙන්න එපා. ඒක අපේ ආදරයට හොඳ දෙයක් නෙමෙයි.

සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයි
එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුළු බිඳක් වැටෙයි
බැරි උනම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩුකම් හොඳ ලකුණක් නෙමෙයි
රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලි
රණඩු නොකර කිරිල්ලි නොයා ඉඳින් ඉගිල්ලී

ඔහොම තරහ වෙලා ඉන්නකොට ඉතින් මම මොන දේ කිව්වත් බෑ කියනවා නේද. මම දන්නවා ඔයාගේ මේ තරහව වැඩි වෙලා තියෙන්නේ නෑ කියලා. මූණ නම් පොඩ්ඩක් ඇද වෙලා. ඒත් පුංචි සිනහවක් මුහුණේ නැතිවමත් නොවෙයි. ඒ තුළින් මට පේනවා, දැනෙනවා ඔයාගේ හිතේ ආදරය. මම කැමතිම, මගේ කිරිල්ලිගේ සිනහවෙන් කියන දේ මම තරම් තේරුම් ගත්ත කෙනෙක් මේ ලෝකේ නැති තරම්. ආදරේ වැඩි උනාම මමත් ඔහොම තමයි. මම මේ ඉඟි බිඟි ඔක්කොම අඳුරනවා. මගේ මුරණ්ඩු කිරිල්ලී කොහේවත් යන්නේ නැතිවා මා ලඟට වෙලා ඉඳපන්.

මම දේකට හා කිව්වම නුඹ මට බෑ කියයි
විරසකයෙන් මුහුණ නොරොක් කරන් කාලේ ගෙවයි
යළි මදහසක් හෙලා.... යළි මදහසක් හෙලා කියනා දේ නම් මට හැඟෙයි
ලෙංගතුකම වැඩි උනාම මමත් එහෙම තමයි
රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලි
රණඩු නොකර කිරිල්ලි නොයා ඉඳින් ඉගිල්ලී

මගේ අතින් වෙන පුංචි පුංචි වැරදි පවා මතක තියාගෙන ඉන්නේ ආඩම්බරකමට කියලා මම දන්නවා. මට කොච්චර ආඩම්බරකම් පෙන්නුවත් නුඹේ ආදරයේ ප්‍රමාණයද මම දනිමි. නුඹ මාගෙ රණ්ඩු කරන කිරිල්ලියයි. නුඹ මට ලංවී සිටිනා සෑම තප්පරයකම මා අවට තිබෙන සෑම දෙයක්ම සුන්දරයි. මට නුඹව මගේ ජීවිතේටත් වඩා වටින බව නුඹ දන්නවාද ??. මගේ පුංචි කිරිල්ලී ගොඩක් අහිංසකයි. අවශ්‍යම තැනදී බැන්නට මමත් නුඹට මෙතරම් ප්‍රේම කරන්නේද ඒ නිසාමයි.

මට අතපසු උනොත් යමක් බොහොම දුකින් ඉඳියි
ඒත් හිතේ යටින් ඇත්තේ ආඩම්බරකමයි
නුඹ යළිත් ලංවෙලා..... නුඹ යළිත් ලංවෙලා
කවනා බත්කට මට රසයි
අහිංසකයි රණ්ඩු කරත්
කිරිල්ලි මට අගෙයි

අපේ වැඩිහිටියන් කතාවට කියන්නේ "හැඳි නොගා හදන හොද්දත් නොගහ හදන දරුවත් වැඩක් නෑ" කියාය. එසේම මා විශ්වාස කරන ආකාරයට නම් පුංචි පුංචි රණ්ඩු වලින් තොර ප්‍රේමයත් සුන්දර නැත. එහෙත් ඒ රණ්ඩු කොතරම් දුරට ගෙන යන්නේද යන්න ප්‍රේම කරන්නෝම තීරණය කළ යුතුය.

~ අකූ ~


Saturday 12 March 2016

Top of the world - Carpenters


වර්ශ 1965 දී Richard Carpenter විසින් The Carpenters සංගීත කණ්ඩායම පිහිටුවනු ලබනවා.

කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් වන්නේ ඔහුගේ සොහොයුරිය Karen සහ Wes Jacobs. Richard පියානෝ වාදනය කරන අතර Karen ඩ්‍රම්ස් වාදනයෙන්ද Wes ටුබා සහ බේස් ගිටාර් වාදනයෙන්ද දායක වී තිබෙනවා.
ඉතින් මේ Carpenters කියන සංගීත කණ්ඩායම මතක් කලොත් නිතැතිම මතකයට එන ගීතයක් තමයි Top of the world කියන ගීතය. ඔබ බොහෝ දෙනෙක් මේ ගීතය අසා ඇතුවාට සැක නෑ. මොකද මේ ගීතය නිර්මාණය වන්නේ 1972 දී. ගීතය රචනා කර තිබෙන්නේ Richard Carpenter සහ John Bettis. මේ ගීතයේ ප්‍රධාන ගායිකාව වන්නේ Karen. මෙම ගීතය Billboard Hot 100 චාර්ට්ස් වල මුල් ස්ථාන අතරට පැමින තිබෙනවා. පසුව ගායිකා Lynn Anderson විසින් මෙම ගිතය තනි ගීතයක් ලෙස ගායනා කොට එය U.S. Billboard Hot Country චාර්ට් එකේ දෙවන් තැන දක්වා රැගෙන ඒමට දායක වී තිබෙනවා. මීට අමතරව මේ ගීතය ලෝකයේ නානාවිධ රටවල ගායික ගායිකාවන් නොයෙකුත් ආකාරයට ගායනා කර තිබෙනවා. එයින්ම පෙනී යනවා මේ ගීතයේ ඇති අලංකාරය.


ඉතා පුදුම සහගත හැඟීමක් මා වටා දැවටෙනවා. මා දකිනා සෑම දෙයකම පාහේ මහා පුදුමාකාර බවක් පෙනෙන්නට තිබෙනවා. අහසේ තිබෙනා වළාකුලක් නොව සූර්යයා තමයි මාගේ නෙත ගැටෙන්නේ. මම පුදුම වෙන්නේ නෑ මේ දකින්නේ හීනයක් කියලා.

මේ ලෝකයේ මා පතනා හැම දෙයක්ම වාගේ හරිම විශේෂත්වයකින් මා ලඟට පැමිනෙනවා. එහි තේරුම හරිම පැහැදිලියි. මොකද ඔබ මා ලඟ සිටිනා නිසාවෙන් තමයි මේ හැම දෙයක්ම මට ඒ ආකාරයෙන් දැනෙන්නේ. ඔබ තමා ස්වර්ගය හැරුනුකොට ඒ ආසන්නයේම ඇති වටිනාම දෙය.

මා දැන් සිටින්නේ ලොව ඉහලම ස්ථානයේ. පහලින් ඇති නිර්මාණයන් දෙස බලමින් ඒවා රස විඳිමින්. මේ සඳහා මට සොයා දිය හැකි එකම පැහැදිලි කිරීම නම් ඔබගේ ආදරයම පමනයි. මා සොයාගත් ඔබේ ආදරයයි. ඔබ මා අසල ඉන්නා තුරාවට මට දැනෙනෙන මම ලෝකයේ ඉහලම තැන සිටිනවා කියලයි. ඔබේ ආදරය මාව නිතැතින්ම ලෝකයේ ඉහලම තැන වෙත ගෙන යනවා.

සුලඟේ ඇති මොකද්දෝ දෙයක් මගේ නම දැනගෙන. එය මට කියා දෙනවා හැම දෙයක්ම එක වගේ නොවන බව. මේ අවට තිබෙන ගස්වල කොල සහ ඒ පිස හමනා සුලඟ මට සුවදායක පරිසරයක් තනා දෙනවා.

මගේ මනසේ එකම එක පැතුමක් තිබෙනවා. මා බලාපොරොත්තු වූ දවස දැන් පැමිනී තිබෙන්නේ. මම සිතනවා මම එය සොයාගනීවී කියා. හෙට දවස අප දෙදෙනාටම එකකම වේවි. ඔබ හෙට දිනයේත් මෙහි සිටියොත් ඔබ මගේම වෙන්න කියා තමයි මගේ පැතුම. ඇත්තටම නම් සදහටම......


~~තේජන අබේදීර~~


Such a feelin's comin' over me

There is wonder in most everything I see

Not a cloud in the sky

Got the sun in my eyes

And I won't be surprised if it's a dream



Everything I want the world to be

Is now coming true especially for me

And the reason is clear

It's because you are here

You're the nearest thing to heaven that I've seen



I'm on the top of the world lookin' down on creation

And the only explanation I can find

Is the love that I've found ever since you've been around

Your love's put me at the top of the world



Something in the wind has learned my name

And it's tellin' me that things are not the same

In the leaves on the trees and the touch of the breeze

There's a pleasin' sense of happiness for me



There is only one wish on my mind

When this day is through I hope that I will find

That tomorrow will be just the same for you and me

All I need will be mine if you are here



I'm on the top of the world lookin' down on creation

And the only explanation I can find

Is the love that I've found ever since you've been around

Your love's put me at the top of the world















වසන් කරන්නට බෑ මගෙ හිත අද

ආදරය කියනාදේ මිනිස් සිත් තුල ජනිත වන අතිශය සුන්දර හැඟීමක් බව රහසක් නොවේ. මම මේ ලිපියෙන්
පවසන්නේ පෙම්වතුන් අතර පවතින ආදරය පමනක්ම බව සිතේ තබා ගනු මැනවි. ආදරයක් ඇතිකර ගැනීමට පස් මහ බැලුම් බලන්නෝ නම් බොහෝ නොවෙති. ඒ තරමටම ආදරය කියනා දේ අප හදවතට එන්නේ නිරායාසයෙන්. බොහෝ දෙනා ලස්සනට ආදරය කරනවා යයි සිතා සිටියත් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් වෙන්නට පුලුවන්. නමුත් ආදරය කිරීමට පෙර නම් අපි බොහෝ දෙනෙක් ලස්සන බලාපොරොත්තු වෙනවා. හිතට එකඟව කතාකලොත් ඒක තමයි ඇත්ත. නමුත් මේ බාහිර ස්වරූපය මෙන්ම ආදරය කෙරේ බලපාන තවත් සාධක රාශියක් තිබෙනවා. සමහර වෙලාවට කතා විලාශය, නෙතඟ පැටලෙන ආකාරය, ගතිගුණ ඇතුලු තව බොහෝ දේ නිසා කෙනෙක් තුල තවත් කෙනෙක් වෙත ආදරයක් ඇතිවන්නට පිලිවන්. 

ඉතින් මට කියන්නට ඕනෑ වුනේ එසේ ඇතිවන ආදරය අනෙකාට ප්‍රකාශ කරනවාද නැතිනම් තමන් සමගම තබා ගන්නවාද යන්න බොහෝ දෙනා මුහුණපාන ගැටලුවක්. මෙයට හේතුව ආදරය අහිමිවේයැයි සිතේ පවත්නා බිය මිස වෙන කවරක්ද?
ඇයි මේ බියක්...තමාට හිමි යයි තවම නොදන්නා දෙයක් නැතිවීම පිලිබඳ බියක් ඇතිකර ගැනීම සාධාරණ නොවේ යයි කෙනෙකුට තර්ක කරන්නට පිලිවන්. නමුත් කිසිවෙක් මේ බිය සාධාරණීකරනය නොකරනවා කියානම් සිතන්නට අමාරුයි. ඔබ මෙවැනි අද්දැකීමකට මුහුන පා ඇතිනම් මතක් කර බලන්න. ඔබේ හදවත ගැහුනු රාවය පවා ඔබට මතක් තියේවි. මේ කාලයට කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ නේද? කල්පනා ලොව මල් වනයේ සැරි සරන්නටම නොවේද හිත. 

මේ හැඟීම ගැහැණු පිරිමි කාටත් පොදු වූවත් පිරිමියාට සාපේක්ෂව ගැහැණිය මේ හැඟීම එලියට දානවා අඩුයි. ඔවුන් මේවා හිත තුල සඟවා තබා ගන්නට උපන් හපන්නු. නමුත් මොවුන්ගේ මායම් වලින් මේ පිලිබඳව ඉඟි ලබාදීම නම් අඩුවක් වන්නේ නෑ. ඉතින් මේ ඉඟි වලට හසුවන පිරිමියා ගැහැණියට තම ආදරය ප්‍රකාශ කරනවා. තරමක ගන්න උස්සන ඇය බොහොම අපහසු තීරණයක් ගත්තා යැයි පෙන්වා කැමැත්ත ලබා දෙන්නේ දින කිහිපයකට පසුව. පිරිමියා බැඳ ත්බා ගැනීමේ හැකියාව මත් ඇයගේ මේ කාල පරාසය තීරණය වෙනවා. ඉතින් මේක තමයි බොහෝ කතාවල ඉරණම. 

මා ඔබට ගෙන එන ගීතයේ මා දකින විශේෂත්වය නම් මේ ගැහැණියට තම හිතේ තිබෙන ආදර සිතුවිලි තව දුරටත් වසන් කර තබාගන්නට නොහැකිව ඒ සමග දඟදාන අයුරුයි. 

'වසන් කරන්නට බෑ මගෙ හිත අද
පෙම් මල් පූදිනවා'

ඇයගේ සිතේ ආදරයෙන් මුසපත් වී අවසන්. සිතිවිලි තෙරපී හදවත තුල මවනා කලබලකාරී බව අතුරින් ප්‍රෙමය කල එලි බසී. මලක් පීදීම යනු සුන්දර දෙයක් වගේම ජනනයක් නව ඇතිවීමක්. ඉතින් මේ ප්‍රෙමය නමැති මල ඇගේ හදවතේ පූදින්නේ තව දුරටත් වසන් කරන්නට හැකියාවක් නොමැතිකම සමගමයි. 

'සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
පෙම් මල් පූදිනවා'

මේ ප්‍රෙම මල් නිකම්ම නිකම් මල් නොවේ, සෙනෙහසින් පිරුණු සුවද දසත විහිදනා මලක්. 

මේ ප්‍රෙමය කෙතරම් සුන්දර වුනාට මිහිරි වුනාට පෙම් ලොවේදි නැතිදෝ බාදා. ඇය දකින  මේ ප්‍රෙමය මතුපිටින් හරිම සිසිල දැනෙව්වාට ඇතුලතින් එය ගින්දරක්ම පමනක් බව ඈ දනී. ප්‍රෙමයේ ජය ගැනීම ජයගැනීමක්ම නොවන බව සිත එද්දී දැනෙන හැඟීම් ....ඔබට දැනී තිබෙනවාද....
ඉතින් මේ දෝමනස්සයන් පෙනි පෙනී තමයින් මැයගේ සිතේ පෙම් මල් පූදින්නේ. හරියට ඈ දෙලොවක් අතර සිරවී සිටිනා හැඩයි. ආදරය ඇයට අවශ්යයි, නමුත් හිමිකර ගන්නට තනනා මේ ආදරය කඳුලු ලෝකයක්. ඒ ලොව කඳුලු වල සීතලට ගුලිවෙන්නට ඇයට සිදුවේද...කඳුලුවල සීතල ඇගේ හදවත ගල් කරාවිද...

ඇගේ දෙතොලග මතුවන සිනාව, නව ජීවිත කතාවක ඇරඹුම සහ මිහිරි දිවියක පැවැත්ම දනවනවා නොවේද... 
ඒත්...ඒ ක්ෂනයෙන් ඇයට සිහිවෙන්නේ ප්‍රෙමයේ කඳුලු කතාව. ඇය මේ කඳුලට පෙම් කරාවිද? නැතිනම් පීදුනු මේ පෙම් කුසුම විකසිත වෙන්නට ඉඩ නොලබාම පරවීයාද...
එය අප නොදන්නෙමු..

නමුත අප දන්නා එක් දෙයක් ඇත. ඒ අපේ කතාවයි...හැඬුමට ගැයුමට අපට අපේම කියා ඇති අපේම කතාව 

අපට අප ගැන මීටත් වඩා සිතන්නට හැකි ලෝකයක් බිහිවේවි. එවිට අපට අප හිඳීවි නිරන්තටයෙන්ම. අහිමි කරගන්නට වෙන එකක් නෑ නුඹව. නිරන්තරයෙන්ම ඔබේ පහසේ වෙලී ඉන්නට හැකිවේවි. එවන් ලොවක මුදුන් මල්කඩක් වන්නට පෙරුම් පුරමු මේ ජීවිතය පුරාවට......

සැඟවී හඬන්නට තනිවී සිනාසෙන්නට ඇති අපේම කතාවේ පීදුනු පෙම් මල් කිසිදිනක පරවී නොයේවා යනු මගේ ඒකායන පැතුමයි!!!!!

වසන් කරන්නට බෑ මගෙ හිත අද
පෙම් මල් පූදිනවා
සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
පෙම් මල් පූදිනවා //

සිහිලට දැනෙනා ගින්දර දැක දැක
සිත දොඩමළු වෙන්නේ
වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
පෙම් මල් පූදින්නේ

දෙතොලග පීදෙන රිදී ඉරක මතු
මිහිරද පවසන්නේ
වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
පෙම් මල් පූදින්නේ

ගායනය - මාලනී බුලත්සිංහල
පද රචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන
සංගීතය - එච් එම් ජයවර්දන

රත්මලේ බන්දුල ගුණවර්ධනයන් අසූව දශකයේ කලා ලෝකයට පිවිසියෙක්. ඔහු රචනා කල ගීත අතර මේ ගීතය හැරෙන්නට 'මිටින් මුදා හැර බැලුවෙමි,සිනාමල් ගොඩක් පාර දෙපැත්තේ, කොළොම්තොටින් නැව් නැග්ගා, යන ගීත අපට හමුවෙනවා. ඔහුට විරෝධාකල්ප ගී රචකයෙක් යන ලේබලය වදින්නට කොළොම්තොටින් නැව් නැග්ගා යන ගීතය බලපානවා. නමුත් ඔහු කියනා ආකාරයට ඔහුව ජන්ප්‍රිය වූයේ 'වසන් කරන්නට බෑ මගෙ හිත' ගීතය හරහා. 
එච් එම් ජයවර්ධනයන් තනු නිර්මාණයට පිවිසෙන්නේ 'ඔබ හා මෙමා' ගීතය සමග. නමුත් මෙතුමා පවසන අන්දමට මේ ගීතය ඔහු නිර්මාණය කරලා තිබෙන්නේ සුනිල් එදිරිසිංහයන්ට. මේ ගීතයේදී ඔහුගේ සංගීත නිර්මාණය ඉතා ඉහල මට්ටමකින් කැපී පෙනෙනවා. 

මට මේ ගීතය ගැන අදහසක් පල කරන්නැයි ඉල්ලූ දීපානී කුමාරසිරි සහෝදරිය වෙනුවෙන් මේ ගීතය සමූහය හමුවේ තබමි...

~~තේජන අබේදීර~~


Thursday 10 March 2016

ඇසට අසුවන මායිමේ .....

දහතුන්වැනි සියවසේ මුල්භාගයේ ජීවත්වූ ගුරුළුගෝමින් සිංහල සාහිත්යයට මහඟු මෙහෙයක් කල උතුමෙකි.
ඔබ අප කවුරුත් දන්නා 'අමාවතුර' රචනා කොට ඇත්තේ මෙතුමා විසිනි. ධර්මය දැක්මට එළිය දෙන පහන යන අර්ථයෙන් එලි දැක්වූ 'ධර්මප්‍රදීපිකාව' සිංහල ගද්ය සාහිත්යයේ පරිකථා ගණයෙට වැටෙන පළමුවැනි නිර්මාණය ලෙස හඳුන්වනවා. පරිකථා යනු සවිස්තර පැහැදිලි කිරීම් වලට යටත් වූ පවත් ලෙස හැඳින්විය හැකියි. මෙහි එන ‘සුළු කළිඟුදාවත’ අග්‍ර ගනයේ ගද්ය රචනාවක් ලෙස සැලකේ. එහි ඇත්තේ සුළු කළිඟු කුමරු හා සාගල නුවර මදු රජුගේ දියණිය අලලා කෙරුනු ශෘංගාරාත්මක නිර්මාණයකි. මෙහි ආදරය සහ විරහව පිලිබඳව ඉතා මැනැවින් සවිස්ථරාත්මකව පැහැදිලි කර තිබෙනවා. මෙහි ශෘංගාරාරය මැනැවින් විදහා පෑමට මේ පැදි සමත්වී ඇති බව නොරහසක්. 

මහින්ද දිසානායකයන් අනුරාධපුර මධ්ය මහ විද්යාලයේ සිංහල විශය භාර ගුරුවරයා ලෙස සේවය කල අයෙක්. ඒ වගේම පසු කාලීනව ඔහු සහකාර අධ්යාපන අධ්යක්ෂකවරයෙක් ලෙස සේවයට යොමුවෙනවා. මීට අමතරව අප ඔහුව හඳුනන්නේ දක්ෂ ගී පද රචකයෙක් ලෙසට. ඉතින් මහින්ද දිසානායකයන් මේ ‘සුළු කළිඟුදාවත’ පිලිබඳව තරමක් විමසිලිමත් වෙනවා. එහි ඇති ශෘංගාරාරය මෙන්ම විරහව ඔහුගේ ගීත රචනාවකට පෙරලෙන්නේ අපගේ වාසනාවකට. රජරටින් බිහිවූ මේ අග්‍රගන්ය පද රචකයා තමන් විසින් රචිත මේ ගීතය ගායනය සඳහා ආරාධනා කරන්නේත් තවත් රජරටින් බිහිවූ කලා ලොවේ මිණි කැටයකට. ඔහු කරුණාරත්න දිවුල්ගනේ. මේ ගීතය සංගීත්වත් කරන්නේ ඊටත් නොදැවෙනි සංගීතඥ්ඥයෙක් වන ගුණදාස කපුගේ ශූරීන්. මෙහිදී ඔහු හින්දුස්ථානී රාගධාරී සංගීතය සමග දේශීය සංගීතය මුසුකොට මෙහි සංගීත නිර්මාණය කල අයුරක් පෙන්නුම් කෙරෙනවා. මේ කපුගේ දිවුල්ගනේ සුසංයෝගය සැම විටම ඉතා වටිනා නිර්මාණ අපට දායාද කර තිබෙනවා. 

ආදරය, සෙනෙහස, කැපවීම, පරිත්යාගය යන මේ සියල්ලම එක්ව ගත්කල එතැන ප්‍රෙමයක් ඇතැයි මම දකිමි. මේ සඳහා විවිධ පෙම්වතුන් විවිධදේ එකතු කරති. ඒවා විටෙක ප්‍රෙමය වැඩීමටද විටෙක ප්‍රෙමය නැසීමටද හේතුවේ. බොහෝ පෙම් පුවත් වල ශෘංගාරය හමුවන්නේ නිතැතින්. ඒ තරමටම ප්‍රෙමය්ත් සමගම එකට ගමන් කරන දෙයක් තමයි මේ ශෘංගාරය. විරහවෙන් මුසපත් වී සිටින මොහොතක වුනත් අතීතාවර්ජනයක  යෙදෙමින් ප්‍රෙමයේ වු රස තැන්, දුක දනවූ තැන් මෙන්ම ශෘංගාරය දනවන තැන් ජීවමාන ලෙස විඳීමට ඇති හැකියාව මේ ගීතයෙන් මනාව පැහැදිලි කරනවා. 

තරු එලියකින් එකලු කරන්නට නොහැකිවූ සිත් අහස එකලු කල සඳවතියගේ නික්මයාම. විරහවක් කියන්නට සිත් දුන්නේ නැති වුනත් විරහවකට අරුතක් ජනිත කල ඔබේ නික්මයාම මා සිත අහසේ ලසෝ ලැව් ගිණි අවුලන්නට සමත් වූ බව ඔබ දන්නේද? හුදකලාව රජයන ලොවක අතරමංවූ මා දෙනෙත් අභියස ඹබර කැල පවත්වති සැනකෙලි කලතා මල්විල. දකින දසුනට ලොබ බඳින්නට නොහැකිය මට මන්ද ඔබේ මගේ අතීතාවර්ජනය  මහද කලඹයි. එදවස් නැවත මතකයට එන්නේ මහදේ ඇතිවූ ගිණි පුලිඟු ලැව් ගින්නකට මග පෙහෙලි කරමිනි. 

සියපතින් පිරි විලක් අභියස අපේ විරහව විඳින්නෙමි මම. මා දෙනෙතට දිස්වන එක් සියපතකට වැටේ පිණි බිඳු එකිනෙක. හමා හැමුවේ සැඩ සුලං ඒ වැටුනු පිණි බිඳු සී සී කඩ කරමින්. අප අතර ඇනුම් බැනුම් නොතිබුනාම නොවේනේ. මේ සැඩ සුළං හරියට ඒ ගැටුම් වගේමයි. ඒ ගැටුම් අවසන ඔබ හඬනායුරු හරියටම මේ සියපතට වැටෙන පිණි බිඳු සැඩ සුළඟට විසිරී යනවා වගේමයි. සර සර හඬ නඟමින් වැටෙනා පිණි බිඳු සිහි කරන්නේ එදවසක ඔබ දෙනෙතින් ගලා හැලුනු කඳුළු බිඳුම නොවේද. සියපතේ පෙති තුලින් රත් පැහැ ගැන්වුනු ඔබේ දෙකොපුල් සිහිවෙන්නේ මසිත තවත් අප්‍රාණික කරමින්. මා විසින් ඔබට දුන් රිදුම් වලින් නැඟුනු කඳුලු කැට රූටා වැටෙද්දී , පිසදමන්නට තිබූ නොපිසිදුනු කඳුලු විරහවට මං තැනුවාද නොදනිමි. 

සතර අත පෙති විහිදාගෙන සිටින මේ සියපත මා දෙනෙතට නැවත හසුවේ. මෙවර මලේ මධු වැගිරෙන ආකාරය මා සිත් කලඹයි. ඔබේ දෙතොල් පෙති වල පහසින් මත්වූ කලෙක මෙන් මා මත්වී ඇත. ඔබේ දෙතොල් පෙති සිපගත් ඒ සොඳුරු මතකයන් මා සලිත කරවයි. පෙර දිනෙක නොව දිනයන්හි මා මත් කිරීමට මීවිත අවශ්යය නොවූයේ ඔබේ ලවන් මගින් මා මත්කල බැවිනි. නා දල්ලක පැහැ සුමුදු තොල්පෙති කෙසේ මා මත්කරාදැයි නොදනිමි. විරහවේ වේදනාව මොහොතකට මට අමතක වූ සේයාවකි. ඔබේ ස්මරණයන් මා ගත හැඟුම් පුබුදුවන්නට සමත් වූ අපූරුව....

ඉතින් කෙටියෙන් පවසනවානම් සිය පෙම්වතියගෙන් වෙන්වයාමෙන් හුදකලා දිවියක් ගතකරන තරුණයෙකුගේ අතීතාවර්ජන නිසා ඔහු තුල මතුවන ශෘංගාරාත්මක සිතුවිලි අවට පරිසරයත් සමග බද්ධ කිරීමට රචකයා ගෙන ඇති සොඳුරු වෑයමකි මේ. මෙහි පද යොදාගෙන ඇති ආකාරය ගැන තෘප්තිමත් විය හැකිය. බමර සැණකෙළි, හෙත, මල් මී මමනයුරු.. ආදී යෙදුම් නිසා මෙහි සාහිත්යමය රසය තීව්‍ර වී ඇත. 

ඉතින් මේ ගීතය කරුණාරත්න දිවුල්ගනේ සංගීතවේදියාගේ ගීත අතර සුවිශේෂී ස්ථානයක් ලැබෙන ගීතයක්. මේ ගීතය ගැන ලියන්නට මා දිරිමත් කල Akushla Fernando නංගිට මා මගේ ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමි. 

~~තේජන අබේදීර~~ 


ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙළි මල් විලේ
ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත
ඔබ මගෙන් වෙන් වූ දිනේ

සියපතක් මත විසුල පිණි කැට
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට

සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමණයුරු දැක
ඔබේ ලවනත සැදුන මීවිත
මත් කලා මතකයි මගේ සිත

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
ගේය පද: මහින්ද දිසානායක
සංගීතය: ගුණදාස කපුගේ


Wednesday 9 March 2016

වසන්තේ නිදා වුන් යොවුන් කෝකිලාවුන්..

කාලගුණික සහ දේශගුණික වෙනස්වීම මත වර්ශයක් ඍතු හතරකට බෙදා තිබෙනවා. මේ වෙනස් වීම් වලට
හේතුව පෘතුවි අක්ෂයේ අංශක 23 හමාරක ආනතිය සහ පෘතුවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමන් මගක් ඇතිකරගෙන තිබීම. ඉතින් මේ ඍතු බේදය අපටත් තරමක බලපෑමක් කරනවා. අප සමකය ආසන්නයේ පිහිටා තිබීම නිසාවෙන් අපට තදින්ම ඍතු බේදය බලපාන්නේ නෑ.

වසන්තය ගිම්හානය සරත් සහ හේමන්තය ලෙස මේ ඍතු නම් කරන්නට පුලුවන්.

වසන්ත කාලයේදී පරිසර උෂ්ණත්වය ඉහල යෑම ආරම්භවේ. මේ හේතුව නිසාවෙන් හිම දියවී පරිසරය තරමක සුන්දර තත්වයකට පත්වීමේ අඩිතාලම වැටෙනවා. ගස් වැල් පිබිදී මල් හටගැනීම ආරම්භ වෙන්නේ මේ කාලයේදී.

වසන්ත කාලය සමග අපට මතකෙට නැගෙන ගීත කිහිපයක් තිබෙනවා. 'වසන්ත කාලෙට සුරන්ගනාවන්, වසන්තයේ මල් කැකුලයි, වසත් කාලය මනරම්, වසන්තයේ අග හමුවෙමු සොඳුරිය, වස්සානයට අත වනන..'

මෙයට පසුව පැමිනෙන්නේ ගිම්හාන කාලයයි. මෙය තරමක වැඩි උෂ්ණත්වයකින් යුක්තයි. ඊට පසුව සරත් ඍතුව ආරම්බ වෙනවා. පරිසර උෂ්ණත්වය පහල වැටීමට පටන් ගන්නවා. ගස්වල කොල හැලෙන්නට බලනවා. මෙහිදී කොල හැලෙන්නට මත්තෙන් පාට මාරි වීමක්ද සිදුවෙනවා. හරිම අලංකාර දර්ශනයක්. අවසානයට පැමිනෙන්නේ හේමන්තය, සීත කාලය.

ඉතින් මා මේ ඍතු ගැන කතා කරන්නේ ඇයිදැයි ඔබලා බලාවි. 
මගේ මේ වෑයම නන්දා මාලනියගේ 'වසන්තේ නිදා වුන්' ගීතය ගැන අදහසක්  පලකරන්නට. මේ සඳහා මා දිරිමත කලේ මා මිතුරු රාජිකා. 
මේ ගීතයේ නිතරම වගේ යෙදෙන පද දෙකක් තමයි වසන්තය සහ හේමන්තය. මෙයිනුත් හේමන්තය වැඩියෙන් යෙදෙනවා. ඉතින් මේ නිසාවෙන් හරිහැටි ඍතු ගැන දැනසිටියානම් පහසු බව මට වැටහී ගියා. 

අපි ගීතය දෙස බැලූවිට පෙනීයන කරුණක් තමයි මෙහි කියැවෙන්නේ එක්තරා යුවතියක් ගැන. ඇය ජීවිතය ගෙනියන්නේ කිසිම අර්ථයක් ඇතුව නොවේ. කිසිම අරමුණක් අනාගත සැලැස්මක් ඇයට නැහැ. නමුත් එක්තරා හේමන්තයකදී ඇයට මුනගැසෙනවා තරුණයෙක්. මේ තරුණයා ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සමත්. ඉතින් මේ ගැන තමා මේ ගීතයෙන් කියැවෙන්නේ. 

සාමාන්යයෙන් මා කලින් සඳහන් කල ඍතු දෙස බැලීමේදී සුන්දරම කාලයක් ලෙස සැලකෙන්නේ වසන්තය. නමුත් මේ ගීතයේ කියැවෙන ආකාරයට යොවුන් කෝකිලාවුන් වසන්තයේදී නිද්‍රාවෙන් පසු වන්නේ. ඔවුන් ගීත ගැයීම අරඹන්නේ හේමන්තයේදී. කිමද මෙහෙම වෙනසක්?
වසන්තයේ තමයි මල් පිපීම ආරම්භ වන්නේ. නමුත් මේ කියනා මල් වසන්තයේදී පිපෙන්නේ නෑ. නමුත් හේමන්තයේදී කුසුම් කැන් පිපී එයින් නොනැවතී නැටුම්ද ඉදිරිපත් කරයි. එනම් කුසුම් කැන් සතුටින් ඉපිලී ගොස් ඇත. මේ වෙනසට හේතුව කිමද?
ඒවෙනසට හේතුව ඔබමැයි. ඔව් අන් කිසිවකු නොවේ. ඒ ඔබමයි. 

'වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ 
ඔබෙන් නෙත් ලැබුවේ හේමන්ත කාලේ'

ඔබ හමුවීමට කලින් මාගේ ජීවිතය ඔහේ අයාලේ ගිය එකක්. කිසිම අරමුණකින් තොරව තමයි ගෙවීගියේ. ඔබයි එයට ජීවය එක්කලේ. ජීවිතය හරිහැටි දකින්නට නෙත් ලබාදුන්නේ ඔබමැයි. 

මගේ ජීවිතේ ගෙවුනේ සුසුම් අතර. සුසුම් හෙලනවා හැරෙන්නට මට කල හැකි කිසිවක් තිබුනේ නෑ. මොකද හුදකලාව ඒ තරමටම මා මිත්‍ර කරගෙන. මම සියල්ලන්ගෙන්ම මිදී හුදකලාව සොයා පැමිනියේ ජීවිතයේ තිබූ එපාවීම නිසාමයි. හුදකලාව කිසිවිටක මට තනිවන්නට ඉඩ දුන්නේ නෑ, මා ලඟින්ම හිඳ මට ඉතිරි කලේ සුසුම පමනයි. 

'තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදුයේ හේමන්තකාලේ'

රාත්‍රී කාලයෙ තුෂාරෙන් වෙලුනු සඳක් බවට මා පත්කලේ ඔබයි. ජීවිතය හරිහැටි දකින්නට නෙත් ලබාදුන්නේ ඔබමැයි. 

අයාලේ ගිය මගේ ජීවිතයට සඳක සිසිලස ලබාදුන් ඔබගේ ආගමනය සිදුවූ හේමන්තයය මම කෙසේ නම් අමතක කරම්ද? මට වසන්තයට වඩා හේමන්තය අගනේය. හේමන්තය කවමදාවත් මගේ සිතින් මැකී නොයාවි. මා ආදරය කරන්නේ ඒ හේමන්තයට පමනක්මැයි.  


වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ
වසන්තේ ලපල්ලෙන් වැසි උන් කුසුම් කැන්
නටන්නේ පිපි දැන් හේමන්තයේ

විලාපෙන් විඩා වී රැදී මං තලාවේ
වැසි අන්ධකාරෙන් වැටි මං මුලාවේ
වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබුවේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදුයේ හේමන්තකාලේ....

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - නන්දා මාලිනී

~~තේජන අබේදීර~~


Sunday 6 March 2016

පායන සඳේ...

දමිත් අසංක අපේ සංගීත ලෝකයට පිවිසෙන්නේ සේනානායක වේරලියද්ද සහ චාමර වීරසිංහ යන ශිල්පීන්
ජනප්‍රිය වුනු යුගයක. චාමර කරලියට එනවිට ඔහුගේ හඬ වේරලියද්දට සමාන බවට රාවයක් පැමිනියා ඔබට මතක ඇති. ඒ වගේම දමිත් පැමිනෙන විටත් ඔහුගේ හඬ චාමරට සමාන බව පිලිනොගැනුනාම නොවේ. මට මතක විදියට 'සිත මගෙ රිදුනා' ගීතය ඔහුගේ මුල්ම ගී වලින් එකක්. අප දමිත් අසංකව බොහෝ වෙලාවට දකින්නේ සංගීත සන්දර්ශන වලදී. ඔබ සංගීත සන්දර්ශන නරඹන අයෙක් නම් දන්නවා ඇති සන්දර්ශන වේදිකාව තුල ඔහු ලබා ඇති ජනප්‍රියතාව සහ පිලිගැනීම. ඇත්තටම ඔහු ඒවාට නැතුවම බැරි කෙනෙක් බවට පත්වෙලා.

දමිත්ගේ ගීත අතර වැඩිම ජනප්‍රියතාවයක් ලබගත් ගීත වශයෙන් 'මේ අනන්ත රාත්‍රියේ, අනන්ත ප්‍රෙම ලෝකේ, වැහි වැටිලා, සිත මගේ රිදුනා...' හඳුන්වන්න පුලුවන්.
බොහෝ දෙනා දමිත් සංගීත සන්දර්ශන වලට කොටුවෙලා කියලා කියනවා. නමුත් ඇත්ත තත්වය  නම් මා පෙර කියූ ආකාරයට ඔහුව ඒ සඳහා නැතිවම බැරි වෙලා. තවත් සමහරු චෝදනා කරනවා දමිත් ගීත එලි දක්වන්නේ සන්දර්ශන වලට ගැලපෙන්න පමනයි කියලා. ඒකේ සත්යතාවය ගැන කල්පනා කල හැකියි 'මේ අනන්ත රාත්‍රියේ සහ අනන්ත ප්‍රෙම ලෝකේ' ගීත දිහා බලනකොට.
මේ කොහොම වුනත් දමිත් මෑත කාලීනව නම් තම අනන්යතාවය ගොඩනගාගෙන තිබෙන බව තමයි මගේ අදහස.

අද මම ඔබ වෙත ගෙන එන්නට තීරනය කලේ දමිත් අසංකගේ වේග රිද්ම ගීතයක්. මෙහි ඇති වේග රිද්ම බව සහ සංගීතයේ ඇති යම් යම් උස් පහත් වීම්, යොදාගෙන ඇති සංගීත භාණ්ඩ ආදිය නිසා සමහර පිරිස් මේ ගීතය ප්‍රිය කරන්නේ නෑ. අපි කෙලින් කතා කලොත් සමහරු මේ සංගීතය ඝෝෂාකාරී මෙන්ම කනට අමිහිරි, කොත්තු රොටී මියුසික් ලෙසත් හඳුන්වනවා. මෙය හුදෙක් රසිකත්වය හා බැඳී පවතින්නක්. මොකද මේ තවත් සංගීත ශෛලියක් පමනක්ම වන නිසා. සමහරුන්ට හින්දුස්ථානී රාගධාරී සංගීතය දිරවන්නේ නෑ වගේම සමහර ප්‍රබුද්ධ යයි කියාගන්නා කණ්ඩායම් වලට මේ සංගීතය දිරවන්නේ නෑ. සමහරුන්ට මේ දෙකම ගෝචර වන්නේ නෑ. ඔවුන් කැමති සරල 6/8 බීට් ඒකකට යන ගීත වලට වෙන්නට පුලුවන්. ඉතින් මේක තමයි රසිකත්වය. විවිධත්වයක් නොමැතිනම් එතැන පැවැත්මක් නෑ. මේ නිසා අනෙකාගේ රසිකත්වයට ගැරහීමට වඩා කල යුත්තේ තමා කැමති දේ අසාගෙන හැකිනම් අනෙකාගේ රසිකත්වයට එබී බලා එය විඳින්නට උත්සාහ ගැනීමයි. සමහර වෙලාවට විඳින්නම බැරි වෙලාවන් තිබෙනවා. මොකද පෞද්ගලිකව මම සමහර ගායකයන්ගේ ගීත වලට මෙන්ම ඒ ගායනා නිසා ගායකයාටත් අකමැති අවස්ථා තිබෙනවා. මේක ඔබටත් පොදුයි කියලා සිතනවා. මෙ හේතුව නිසාවෙන්ම එම ගායකයා නව ගීතයක් එලිදක්වද්දී එම ගීතය අසන්නටවත් උනන්දුවක් නොදක්වන ගතියක් පෙන්නුම් කෙරෙනවා. මෙය ඇත්තෙන්ම වැරදි දෙයක්, ඒ කොහොම වුනත් ඒ අපේ හැටි. මිනිස්සුන්ගේ හැටි. 

මේ ගීතය ගෙතෙන්නේ ගම්බද තරුණයෙක් හා තරුණියක් පිලිබඳවයි. තරුණිය නැටුම් හදාරා ගමේ තිබෙන සන්දර්ශන ආදියේ නැටුම් ඉදිරිපත් කරන්නියක්. මැයගේ නැටුම් ඉතා ඉහල තලයක තිබෙන බව තරුණයා පවා පිලිගන්නවා. තරුණයාගේ සිත ඈ වෙත ඇදී යන්නේත් මේ නැටුම් නිසාවෙන්මයි.
පෝය දවස රාත්‍රිය කියන්නේ කොතරම් සුන්දර දසුන් මවන්නක්ද? මේ තරුණයා ඈව පෝය දවසකට සම කරනවා. ඒ තරමටම ඈ සුන්දරයි. ඒ විතරක්ද..ඇයහේ හඬට ඔහුගේ සිත සැලෙනවා. ඔහු ගම්බද පැලක සීපද කියාගෙන පැල් රැක්ක කෙනෙක් වෙන්නට ඕනේ. මීට අමතරව ඔහු ගීත ප්‍රිය කරන්නෙක්. මොකද ඔහු ඇයගේ නැටුමේ තාලය ආදී සමකරන්නේ ඔහුට ගෝචර වෙන සීපද සහ ගීතයන්ට. ඇයගේ උකුල සෙලෙවෙන ලාලිත්යයට අනුව ඔහුගේ හදවත ගැස්සෙනවා. කෙටියෙන්ම කිව්වොත් ඇයගේ නැටුම ඔහු සලිත කරවීමට සමත්. 

ඔහු සලිත වී ඇති බව පේනවා මේ පද පෙලින්ම 'හංස වෙසින් නුඹ රඟනා විලාසේ ඉවසිලි නෑ මගේ හිත මැණිකේ'. ඔහු ඇයගේ නැටුමට බොහොම ප්‍රියයි. නමුත් මොකද්දෝ හේතුවක් නිසා ඔහු කැමති නෑ ඇය නටනවාට. 'කන්ට අඳින්නට දෙන්නම් සදා මං නවතාපන් නුඹෙ නැටුම නගේ'. අපි බලමුකෝ හේතුව පසුවට. 

ඔහු තරමක ආත්මාර්ථාකාමී කමින් යුත් අයෙක් ගානයි. 'ලස්සන නුඹෙ ඔය රූප සොබාවේ මට විතරක් නම් මගෙ මැණිකේ'. මේක ඉතින් ලෝක සත්යයක්නේ. බොහෝ දෙනා කැමති තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය තමාටම පමණක් ඇයිති කර ගන්නටනේ. ඒක මිනිස් ස්වභාවය. මේ තරුණයාට පමනක් අදාල දෙයක් පමනක් නොවේ.  අපේ සමහරු නම් මේක පිලිගන්න කැමතිනෑ. ඔවුන් කියන්නේ 'එහෙම අවුලක් නෑ බන්' කියලා. නමුත් හිත යට තිබෙන්නේ වෙනම දෙයක්. එහෙම හැඟීම් දැනෙන එක සාධාරණයි. නමුත් තමා විවුර්ත මනසක් ඇති බව පෙන්වීම උදෙසා ලෝකයට එසේ පෙන්වනවා. ඔහොම තමා කාගේ කාගේත් හැටි. අපි වුනත් සමහර වෙලාවට ඔච්චර ත්මයි. ඔබෙන්ම අහල බලන්නකෝ....

මේ කියනා තරුණයාත් යම්තාක් දුරකට හිතේ තියෙන සැබෑම දේ ඇයට පෙන්නන්නට කමැතියි. 'රංග සභාවට යන්න එපා නුඹ මට විතරයි ඔය නැටුම අගේ'. ඇයගේ නැටුම වඩාත්ම අවශ්යය වන්නේ තමාට පමනක් බව ඔහු කියනවා. ඔහු කියන්නේ ආයේ නටන්න යන්න ඕනේ නෑ කියලනේ. 

කොහොම වුනත් අද සමාජයේ නැටුම් ශිල්පිණියන්ට හරියටම කියනවානම් කැරොකේ සහ සංගීත සංදර්ශන වල නර්තනයේ යෙදෙන තරුණියන් ගැන තිබෙන පිලිගැනීම එතරම් හොඳ එකක් නම් නොවේයි. එයට හේතුව ඔවුන් අතර සිටිනසමහර තරුණියන් මේ නර්තනයට අමතරව නොමනා ක්‍රියාවන් සඳහා යොමුවීමයි. ඉතින් මේ කරුණ නිසා සමාජය ඔවුන් සියලුදෙනා දෙස බලන්නේ වපර ඇසින්. 'ඕකි නම් නියම බඩ්ඩ' 'ඕකි නම් සතා බං' ආකාරයේ වදන් ඇති තරම්. මේ ගීතයේ කියැවෙන තරුණයා මේ හේතූන් නිසාත් වෙන්නට පුලුවන් ඇය ප්‍රසිද්ධ නර්ථනයේ යෙදෙනවාට අකමැති වන්නේ. 
  
මොවුන් සැවොම දඟ දමන්නේ ජීවිතය ගැට ගසා ගන්නටයි. එසේ කියා නොමනා වැඩ වල නිරත වීම අනුමත කල නොහැකියි. නමුත් ඔබ ඔය තත්වයේ සිටියානම් කුමක් කරයිද කියා සිතන්නට පුලුවන්ද? ඔබ සමහර විට මීටත් වඩා අන්ත වෙන්නට ඉඩ තිබෙනවා. මේ නිසා හැමදෙනාම එක මිම්මෙන් මැනීම සුදුසු නැති බව සිතට ගැනීම වටී. 

පායන සඳේසීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
නාදෙට නුඹේ සැලුනා මගේ
හර්දේ නුඹටයි පූජා කලේ
රංගන රඟනා උකුලේ සැලෙනා
තාලෙට සෙලවෙයි මා හර්දේ
ගීපද සීපද තාලෙට නටනා
මා මන් බැන්දේ ඒ හින්දා

හංස වෙසින් නුඹ රඟනා විලාසේ ඉවසිලි නෑ මගේ හිත මැණිකේ
කන්ට අඳින්නට දෙන්නම් සදා මං නවතාපන් නුඹෙ නැටුම නගේ

ලස්සන නුඹෙ ඔය රූප සොබාවේ මට විතරක් නම් මගෙ මැණිකේ
රංග සභාවට යන්න එපා නුඹ මට විතරයි ඔය නැටුම අගේ

ගායනය: දමිත් අසංක

~~තේජන අබේදීර~~


අනන්ත ප්‍රේම ලෝකේ

දමිත් අසංක ගේ මා වැඩියෙන්ම ප්‍රියකරන ගීතය.....සංගීතය ... පද රචනය... කාග‍ේද කියා මට ස‍ොයා
ගන්නට න‍ොහැකි වුවා..ලස්සන නිසාම ඔබ සමග රසවිදින්න හිතුණා.....

ඔහු ඇයට ආදරය කරන්න ඇති
ඇය සමඟ එක්ව ල‍ෝකයක් මවන්නට සිහින දකින්නට ඇති... ඒත් ඉරණම ඔහුට ඇය අහිමි කරලා.. මට හිතන්නේ ඇය මිය යන්න ඇති .... ඉතින් ඔහුගේ බිඳුන සිත‍ේ රාවයයි ම‍ේ


අසීමිත වු අප ආදරයට කිසිදින මෙවැනි දුකක් නම් ලඟා න‍ොව‍ේවා. උපදින හැම බවයකම ඔබ මග‍ේම වන්න... මග‍ේ ලඟම රැඳි ඉන්න.ඔහු අයාචනය කරනවා...

මග‍ේ හුදකලාවු අඳුරු ජිවිතය‍ එකළු කල සඳ ඔබ... ඔබ න‍ොමැතිව දැන් තුන් තිස් පැය‍ේ දුක්විඳින්න‍ේ මමයි... ඇය ටික කලකට ඔහුට එළිය දී නැවත න‍ොපනි ගිහින්.... සදා කාලික අඳුරට වඩා එය බිහිසුණුයි කියලා මට හිතෙනවා ...

ම‍ේ විය‍ෝගය තවම හීනයක් ඔහුට ... එය දරා ගත න‍ොහැකි තරම් ප්‍රබලයි .. නපුරුයි... හැමද‍ේම ඉක්මනින් සිදුව ඇත... ඒකයි ඔහු කියන්නේ හ‍ොරු අරන් ගියා් වග‍ේ කියලා... ම‍ොහ‍‍ොතින් හැමද‍ේම ඔහුට අහිමියි...
එවන් වු ඛේදවාචකයක් හිමි ජිවිතයක් අවසන ඔහුට උරුමව ඇත

When your dreams are been stolen by fate in the summer of your life ....no wonder you wish like this and that wish will keep you alive......

අනන්ත ප්‍රේම ලෝකේ වියෝවක් නොවේවා....
උප නුපන් ජාති ජාති ඔබ සසර මග රැදේවා...

හුදෙකලා අඳුරු අහසේ ඔබ සඳක් සේ උපන්නේ...
මේ දිව රැ මුළුල්ලේ ඔබ නොවෙයි මා විදෙව්වේ...

මගේ හීන පිරුණු දෑසේ දුක නිවා ගන්න බැහැනේ...
හොරු අරන් ගියා වාගේ දරදඬුයි තවම හීනේ....

හිමා
06. 03. 2016


සුබ ප්රාර්ථනා කියමන්

කපුගේ මහත්මයාගේ මේ ගීතය ඔබ අසා ඇති බවනම් සහතිකයි...... ගුණදාස කපුගේ ගීත ගොන්නෙන් මම
වැඩියෙන්ම අසා මේ ගීතයට කියා කියනවා නොවේ.... එත් මේ ගීතය මටබොහෝ ප්‍රියයි... ලුෂන් බුලත් සිංහලයන් ගැනද නොකියා කොහොමද..... ඔහු මැවූ ගීතයන් අපමණයි.... මේ ඒ අතරින් එකකි....

තමන්ගේ මංගල දිනේදී කාටද සුබ පැතුම් ගලා නොඑන්නේ..... දහසකුත් නැදෑ හිතවතුන්ගේ සුබ පැතුම් .... සිනහවෙන් සතුටින් හිත් පිරිලා.... එත්.... මා දයාබරිය ඔබෙන් නොලද සුබ පැතුම්...එන්න මා ළගට සුබ පතන්න මට.... මට මුවින් නැගෙන ඒ වචන ටිකත් වටිනවා.... ... එත් ඔබ සුබ පැතුවේ නැහැ..... මට අහිමි වූ නුඹ සහ නුඹේ සුබ පැතුමන්....


මගේ දයාබරිය මා ඉදිරියේ නමුත් මා වෙනත් යුවතියක් හා විවාහ වෙනවා...
මා ඇගේ කර මාලය බදිද්දී, මට බැලුනේ ඔබේ දෙස.... මම ආදරය කෙරූ ඔබේ දෙනෙත් දිලිසෙනවා..... කඳුළු කැට වලින්....... ජයමංගල ආසිරි හඩවල් මැද අපේ පෝරුව ද, අපේ විවහයද මේ දෙදරන්නේ..... මට ඔබව අමතක කල හැකිවෙයිද

අපේ හිත තුල ආදරය කියන සුන්දරම හැගීම උපදින්නේ තුන් කල් බලා එහෙම නොවෙයි.... කිසි විටකත් නොසිතු මොහොතක මුණ ගැසුණු කෙනෙකට අපි ජීවිතය පුරාවටම ආදරය කරන්න පුළුවන්....අපි එසේ ආදරය කරන කෙනා පිලිබඳ අපි බොහෝ දේ නොදැන ඉන්නත් පුළුවන්..... අපි එකිනෙක හදුනා ගන්නකොට.... අපේ නොගැලපීම් දකිනවා.... අපි නොගැලපෙන්නේ සමාජ සමතයට ගැලපෙන්න ඕනේ නිසා .... ඒ නිසාම අපි වෙන් වෙනවා.... අපි ආදරය තනි කරනවා... ඔබෙත් මගෙත් ආදරය අසම්මත පෙමක් වුනේ එලෙසයි..... ඔබ විවාහකයි .... මාත් දැන් විවාහකයි.... අපි නැවත කිසි දින මුණ ගැසෙන්නේ නැත..... ඔබ අන්සතු ලදක් කියා මට නොකීවනම්....... මේ කිසිදෙයක් නොවෙන්න තිබුන...... අවසානයේදි මා ඔබට සමු දුන්නා......

සුබ ප්රාර්ථනා කියමන්
සුබ ප්රාර්ථනා කියමන්
මා වටකර සතර දෙසින්
ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන්
මට නැත අගනේ
සුබ ප්රාර්ථනා කියමන්
සුබ ප්රාර්ථනා කියමන්
සුබ ප්රාර්ථනා

මා ඈ කර මාල බඳින්නේ
ඔබේ නෙත් තරු සැලී දිලින්නේ
මා ඈ ගත සළු පළඳන්නේ
ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
ගිගුම් හඬින් මගුල් සිලෝ
පෝරුව දෙදරයි

සුබ ප්රාර්ථනා කියමන්
සුබ ප්රාර්ථනා කියමන්
සුබ ප්රාර්ථනා

මධුසමයට මගට බහින්නේ
ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
රහසින් බැඳි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ළඳක් කියා
ඇයි මට කීවේ

සුබ ප්රාර්ථනා කියමන්
සුබ ප්රාර්ථනා කියමන්
සුබ ප්රාර්ථනා

ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
පද රචනය : ලූෂන් බුලත්සිංහල

හිමා


නිවන් දුටු හිමි රුවන් පිළිරුව

බුදු දහම හෝ වේවා කතෝලික දහම හෝ වේවා ඕනෑම ආගමක ශාස්තෲවරයාණන් වහන්සේගේ හඬින්ම
උන්වහන්සේ දේශනා කරන දේ ඇසීමට හැකි නම් අප කොපමණ භාග්‍යවන්තද. මේ සංසාරයේ අපි තව කොපමණ දුරක් ගමන් කරාවිදැයි කිව හැක්කේ කා හටද. මේ අනන්ත වූ සසර ගමන කෙටි කරගන්න අපට පුංචි හරි අවස්ථාවක් ලැබෙනවානම් කොච්චර දෙයක්ද. ප්‍රේමකීර්ති ශූරිනුත් බුදු රජාණන්වහන්සේගෙන් ඉල්ලන්නේ ඒ දේම නේද.

ස්වාමීනී, භාග්‍යවතුන්වහන්ස ඔබ වහන්සේ සියැසින් දැක ගන්නට මා හට වාසනාව නැහැ. ඔබ වහන්සේගේ රුවට සමාන වූ පිළිම පමණයි දකින්නට ලැබෙන්නේ. ඔබ වහන්සේගේ මුවින් මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න මා පිං කර නැහැ. මහා කාරුණික වූ බුදු පියාණෙනි, ඔබ වහන්සේ අනේපිඬු සිටුතුමාණන් හට බණ දේශනා කළාසේම මා හටත් ශ්‍රවණය කරන්නට බණ දේශනා කළ මැනවි. ධර්මය කෙරෙහි මා තුළඇති කැමැත්ත කොතෙක් වේද මා හට වෙනත් කිසීවෙකුගෙන් ධර්මය ශ්‍රවණය කළාට සෑහීමකට පත් විය නොහැකිය. ඔබේ කරුණා ගුණ බලයෙන් මා හට සමා වී ඔබේ මුවින් දේශන කරන ධර්මය ශ්‍රවණය කිරීමට සලස්වනු මැනවි.


ශාන්තිනායක වූ බුදු පියාණෙනි ඔබේ පිළිම නිම කරන්නට කලාකරුවන් ගසන කුළුගෙඩි පහර ඔබ වහන්සේ ඉවසා සිටින්නේ කෙසේද එසේම මා හටත් ශාන්තිය ප්‍රගුණ කරන්නට ලැබේවා. අපි කොපමණ බුදුන්වහන්සේට ගරු කරනවාද. ඒ නිසාම අපට නිරන්තරයෙන්ම බුදු පිළිමයක් දකින සෑම අවස්ථාවකදීම එය ජීවමාන බවයි හැඟෙන්නේ. ඉතින් රචකයා පවසන පරිදි කුළුගෙඩි පහරක් දරා ගන්නට කොපමණ ඉවසීමක් තිබිය යුතුද. ඒ ඉවසීම පෘතග්ජන අප හට තිබේද.

මනුෂ්‍යත්වය ලැබ සිටින මා හට මලක් ඔබේ දෙපා පාමුල පූජා වී විඳින ඒ නිරාමිස සුවයවත් විඳින්නට වාසනාවක් නැහැ. ඒ අතින් මා කොපමණ අවාසනාවන්තද. මා හට දැන් මලක් වන්නට හැකි නම්, ඔබ පාමුල පිදෙන්නට. එසේනම් මා ඔබේ දෙපා පාමුලටම වී හිඳ පරවී යනවා. අනේ හිමියනි ඔබේ කාරුණික ගුණ බලයෙන් මා මලක් වනවා නම් එසේනම් මගේ හුස්ම පොද ඔබ පාමුලම වියැකී පර වී ගියාවේ.

නිවන් දුටු හිමි රුවන් පිළිරුව
පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු
ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේපිඬු සිටු පුතුට මෙන්
අනේ හිමියනි මටද දැන්
දෙසා වදා හළ මැනවි බුදු බණ
මහා කරුණාවෙන්.... මහා කරුණාවෙන්

ගලක් වී නම් මමත් ඉවසමි
යකුළු පහරද කැපී වෙන්වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට
කලාකරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ
ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්.... මහා කරුණාවෙන්

මලක් වන්නට නොහැක හිමියනි
මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල
විඳින සිහිලස නොමැත මා හට
මලක් වූදා මගේ ජීවය
ඔබේ පාමුල පර වුනාවේ

ගීතය පුරාවටම බුදු දහමෙන් ඔද වැඩුනු භක්තිකයෙකුගේ අහිංසක ආයාචනවන් ඉතාම අගනා ලෙස ප්‍රකාශ කර තිබෙනු දැකගත හැකියි. යම් අවස්ථාවන්හීදී අපි සියල්ලන්ටම මේ ගීතයේ කියවෙන සියල්ල හිතෙනවා නේද. අනේ ඔබ වහන්සේ ජීවමාන වූවානම්.... ඔබ වහන්සේ ඉදිරියේ මගේ දුක කීමට හැකි වූවානම්.... මෙවන් වූ ප්‍රාර්ථනාවන් අපි කාගෙත් සිත් සතන් තුළ තිබෙනවා. එවිට තමයි දැනෙන්නේ අප කොපමණ අවාසනාවන්තද කියලා.

~ අකූ ~


පලංචියේ ලී ඉරුවේ අපි එකට

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද..
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද..
හොදහිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද..

පලංචියේ...//

දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ
නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ..
හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ...
පලංචියේ...//

ගායනය: එඩ්වඩ් ජයකොඩි සමඟින් සුනිල් එදිරිසිංහ
පද රචනය: වසන්ත කුමාර කොබවක
සංගීතය: රෝහණ වීරසිංහ

මිත්‍රත්වය සහ ආදරය

පලංචියක ලී ඉරීම යනු දෙදෙනාම සමබරව අවබොධයෙන් කල යුතු වෘර්තියක් රචකයා මිතුරුකම පෙන්වීමට උපමා කරගත් රැකියාව අපූරුවට ගැළපෙනවා. දිවා කාලයේ ලී ඉරන මිතුරන් දෙදෙනා හවසට මල් පැන් වඩියක පහස ලබන්නෙ ගත සිත මහන්සිය නිවාගන්නට. මේ රැකියාවට වෙන අය සම්බන්ධ නැහැ හැම වෙලාවෙම මුහු වෙන්නෙ මේ දෙපළමයි දුකට සැපට ඉන්නෙ මේ දෙපළමයි මේ දෙදෙනා අතරට යුවතියක් එනවා.... දෙදෙනාම ආදරය කරන්නෙ එකම මලකට. මේ ගැටළුවේදී එක්කෙනෙක් පරාජය වෙන්නම වෙනවා. නැත්තන් දෙදෙනාටම ඇය අමතක කරන්න වෙනවා.
දෙලොවක් අතර අතර මං වෙන යහළුන්ගෙ වචන ගැන බලන්න
"විරසක වී රුපුන් ලෙස යුධ වදින්නද
කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද"
ආදරයක් නිසා අපි ඇණ කොටා ගන්නවද....ඒත් මේ හිතේ ඇතිඋන මුල්ම ආදරයයි....

ඔබ වගේ යහළුවෙක් තවත් කොයින් ලබන්නද......

මේ ගැටළුව නිසාම වෙනදා මල් පැන් බී දොඩමළු වෙන දෙදෙනා දෙපැත්තක දෙන්නා සුසුම් ලනවා දෙදෙනාටම ඇහෙනවා.....
ගීතය අවසන් කරන්නෙ ප්‍රශ්ණයක් ඉතුරු කරමින්මයි. ඇත්තටම මම රස විදි සුන්දරම ගීයක්. මේ ගීතය මෑතකදි මම ඇහුවා ඉදුනිල් අන්දරමාන සහ චාමර වීරසිංහ දෙදෙනා ගායනා කරනවා. ගීත අලංකාරය සඳහා කියමින් රියලිටි වැඩසටහන් වල ගී විකෘති කරන නවකයන් සිටින වර්ථමානයේ මොවුන් මෙහි මුල් ගායනයට හොද සාධාරණයක් කරනවා. අවසාන වශයෙන් මට සිතෙන්නෙ ආදරය වෙනුවෙන් හොදම යහළුවන් ගහ මරා ගන්නා වර්ථමානයේ වාඩියක ලී ඉරන මිතුරන් දෙදෙනෙක් උපමා කර ගනිමින් ලියවුන මේ ගීතය අපට සැබෑ මනුශ්‍යත්වය මතක් කර දෙනවා.

~~චරිත අලුත්ගේ~~


පැහැසර අරුණක ඉර මල පිපුණාවේ


පැහැසර අරුණක ඉර මල පිපුණාවේයුගඳුරු යුද දුම සැණෙකින් නිවුණාවේ
හිමිදිරියේ . . . සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ

සිත සිර කොට බැඳි දඬු වැට බිඳුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ..//

ලියවැල් ඇහැරී යළි මල් පිපුණාවේ
දෑලම යා කළ ඉඳු සැව් ඇදුණාවේ//

පැහැසර අරුණක...

ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
පද රචනය - නිලාර් එන්. කාසිම්
සංගීතය - සමන්ත පෙරේරා

තුන් කල් ගී දැහැන පිටුවෙ අද පල වෙලා තිබුණ ගීයක් හදිසියම නෙත ගැටුනා..කාලෙකට කලින් ඔබත් මමත් විඳවපු අඳුරු යුගයක ගැයුණු තවත් අරුත්බර ගීතයක් විදිහට මන් මේ ගීතය දකිනවා...(නමුත් සමහරුන් නම් අද ඉන්නෙ එහෙම යුගයක් ගැන අහලවත් නැති විදිහට වීමයි කණගාටුව..)කොහොම හරි ගීතයේ කොටස් අද කාලෙටත් හොඳින් ගලපගන්න හැකි වෙන නිසා මේ ගීතයේ අරුත සොයා යන්න හිතුන..
ගීතය ගායකයාගේ වර්තමානය ගැන අපේ පැහැදීමක් නොතිබුණත් ඔහු විසින් අපේ ගී පොතට දායාද කරපු තවත් හොඳ ගීතයක් විදිහට මේ ගීය දකින්න පලුවනි කියලයි මම හිතන්නෙ..
අප රට තිස් වසරක් පුරා පැවති වූ කුරිරු යුද්ධයකින් බැට කාපු රටක්..අද එය නිමා වී තිබුණත් තවමත් ඒ අඳුරු සෙවනැලි අප වටා තිබෙණ බව ඔබටත් මටත් නොරහසක්...ඉතින් අප හැර උතුම් වූ සාමයේ සංහිඳියාවේ අගය වටිනාකම දන්නෝ වෙන කවුරුන්ද...
අඳුරු යුධ සමයේ අප සියලු දෙනාගේම සිත් සතන් තුල වු ඒ සාමයේ පැතුම නිලාර් කාසිම් පද පේලි කිහිපයකට ගොනු කිරීම විශිෂ්ඨ ලෙසම සිදු කර තිබෙනවා..
ගීය අසන පළමු මොහොතේ දීම දැනෙනු යේ එහි ඇති ඉතා ම සජීවී හා ශක්තිමත් වූ සමන්ත පෙරේරාගේ සංගීතය යි.ගීතය පටන් ගැනෙණුයේ ද ජන සමුහයක් නගන හඬක් ලෙසිනි. එතැන් පටන් ගීය අවසන් වන තුරුම ඉතාම සවිමත් ව ගායකයා හා කරට කර සිටිමින් සංගීතය වැයෙනව..

පැහැසර අරුණක ඉර මල පිපුණාවේ
යුගඳුරු යුද දුම සැණෙකින් නිවුණාවේ
හිමිදිරියේ . . . සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ

අලංකාර උදයෙක මලක් මෙන් පිපිණු හිරු පායද්දී යුග ගණනක් අඳුර ඇති කළ යුද්ධයේ දුම් වළලූ තුනී වී, පරෙවි පියාපතක සරය ඇසීමට සියළු ජනයා සිහින දකිති. සීතල උදයෙක ගුලි වී නිදන සුළු කාලයේ දී දකින සිහිනයක පවා එම තත්ත්වය කවදා උදා වන්නේ දැයි රචකයා සිතයි.
මෙම ගීත රචනාව දෙස බලන විට එහි යෙදෙන්නා වූ වචනයන් හි සංකේතාත්මක අරුත් ගැන සොයා බැලීම ද වටී...
"හිමිදිරියේ...සීතල හීනෙක තැවරීවත්.." ලෙස කියැවෙන කොටස දුර්ලභත්වය ගැන කියා පායි. අප රට ජනයා උදෑසනට ගුලිවී නිදා ගනුයේ ඉතා කලාතුරකිනි..(මේ කතාව ඉතින් අද කාලෙ ඉන්න සමහරු දිහා බැලුවම විහිලුවක් විදිහට පෙනෙයි..ඒත් ගීතයේ අරුත පැත්තෙන් එහෙම හිතමු හොඳේ..) එවන් විටෙක වුව ද හීනයක් පෙනීම ඊටත් කලාතුරෙකින් සිදු වන්නකි. එවන් සිහිනයක් තුළ හෝ යුද දුම පහව යුගඳුර දුරු වී, පරෙවි පියාපත් දැකීම එනම් සාමයේ පහස අත් විඳීම ජනතාවගේ පැතුම බව දක්වයි..

සිත සිර කොට බැඳි දඬු වැට බිඳුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ..

ලියවැල් ඇහැරී යළි මල් පිපුණාවේ
දෑලම යා කළ ඉඳු සැව් ඇදුණාවේ..

"සිත සිර කර ඇති දඬු වැට" නම් ජාතිවාදය යි. එය බිඳ සෙනෙහසින් සිත් යා වීම දෑලම යා කර ඉඳු සැව්(දේදුණු) පෑයීම මගින් අර්ථවත් කෙරේ. සමාන අරුත් දෙන පද යුගල බැගින් යෙදීම මගින් ගැටලුවෙහි දෙපැත්තක් අති බව රචකයා පෙන්වයි (සිිත-සිත, ලිය වැල්)
සිත් අතර ජාතිවාදය බිඳී සිත් යා කරන සෙනෙහස ගලන දිනයේ දී, මල් වැල් යළිත් අවදි වී මල් පුබුදන බවත්, දෑලම (උතුර-දකුණ) යා කර දේදුණු පායන බවත් රචකයා කියා සිටී.
ජනප්‍රිය රැල්ලේ කරවටක් ගිලී සිර වීමට පෙර අසංක ප්‍රියමන්තයන් විසින් ගයන ලද මෙම ගීතය ඔහුගේ සැබෑ ගායන කුසලතාවයන් විදහා පාන්නක් ලෙස දක්වන්න පුලුවන්. ජනප්‍රිය රැල්ලෙන් මිදී නැවත මෙවැනි යුග යුග පවතින නිර්මාණ කිරීමට ඔහුට හිතක්වත් පහල වෙන්න කියල අපි හැමෝම පතමු නේද..
අවසානයේ කියන්න ඕනෙ යුද බිය දුරු උනත් අද අප රට තුල ඇවිලීගෙන යන ජාතිවාදය නම් සීතල යුද්ධයත් ඉක්මනින්ම නිමාව දකිනවනම් අපේ අනාගතය මීටත් වඩා සුභදායිවනු ඇතැයි මා විශ්වාස කරනව..ජය වේවා.. !!!






~~දුල්ෂාන් චමින්~~