Pages

Pages

Sunday, 17 January 2016

Krishna Nee Bega Baro..

Krishna nee begane baro
Krishna nee begane baro

Darkness coming round
And everybody fighting with their brothers
Everybody wants control
Don't hesitate to kill one another
So come back as Jesus
Come back and save the world
Bless all the future
Of every boy and girl
Come back as Rama
Forgive us for what we've done
Come back as Allah
Come back as anyone

Krishna nee begane baro
krishna nee begane baro

Religion is the reason
The world is breaking up into pieces
Colour of the people
Keeps us locked in hate please release us
hmm..

So come down and help us
Save all the little ones
They need a teacher
And you are the only one
We can rely on
To build a better world
A world that's for children
A world that's for everyone

Krishna nee begane baro
Krishna nee begane baro

Time is the healer
Time moves on
Time don't wait for anyone
You tell you'll be back
But that will take some time

I'm waiting...
ahh......
I'm waiting...
Waiting...
I'm waiting...
I'm waiting
Yea.... Yea...

Come back as Jesus
Come back and save the world
We need a teacher
You are the only one
Come back as Rama
Forgive us for what we've done
Come back as Allah
Come back as anyone

Krishna nee begane baro
Krishna nee begane baro

Jesus!
Come back and save the world
Bless all the future
Of every boy and girl
Come back as Rama
Forgive us for what we've done
Come back as Allah
Come back for everyone

Govinda bolo hare Gopal bolo...

Colonial Cousins (Hariharan, Lesle Lewis)

අප වටා ගැවසී ගති අඳුරක්, සියලුදෙනාම එකිනෙකා හා සතුරන් බවට පත්වෙලා. සැම තැනම ගැටුම්. මිනිසාට සහෝදරකම අමතක වී ගොස් ඇති හැඩයි. සැම දෙනාටම අවශ්‍ය බලය. මේ බලය කොතරම් විදියට මිනිසුන්ව අන්ධ කර ඇතිද? එය ලබාගැනීමට තවකෙකුගේ ජීවිතය පවා නැති කිරීමට පැකිලෙන්නේ නෑ.

අපව මේ අන්ධකාරයෙන් මුදාගැනීමට කෙනෙක් අවශ්‍යයි. මේ නොපෙනෙන ඔබ, ජේසු ස්වාමි දරුවන් වී පැමිනෙන්න. පැමින ලෝකය ගලවා ගන්න. පිරිමි දරුවන් වේවා, ගැහැණු දරුවන් වේවා, අපි හැමෝගෙම අනාගතයට ආශීර්වාද කරන්න.
රාමා ලෙස පැමිනෙන්න. අප කල සියලු පාපයන්ට සමාව ලබා දෙන්න. අල්ලාහ් ලෙස පැමිනෙන්න. කවරෙකු ලෙස හෝ ඇවිත් අප ගලවා ගන්න.

අප එකම ආගමක නොවේ, ආගම් කිහිපයක. මේ ආගම් වලට මිනිසුන් බෙදී යාම නිසා ලෝකය කෑලි කෑලි වලට කැඩී යනවා. වර්ණවාදය අපව වෛරය නමැති බැම්මෙන් බැඳ තබනවා. අප එහි සිරවෙලා. කරුණාකර අපව මේ වෛරයෙන් මුදා හරින්න.
මෙලොවට වඩින්න, අපට උදව් කරන්න. විශේෂයෙන්ම ඔබගේ උදව් අවශ්‍ය වන්නේ අපේ ළමා පරපුරට. ඔවුන්ව මේ අන්ධකාරයෙන් බේරාගන්න. ඔවුනට ගුරුවරයෙකුගේ අවශ්‍යතාව තදින්ම තිබෙනවා. ඔබ තමයි මෙයට සුදුසුම කෙනා. අදට වඩා වටිනා සාරවත්වූ හෙට දිනක් සඳහා අපට ඔබ කෙරේ විශ්වාසය තැබිය හැකියි. ළමුන් සඳහා සුන්දර ලෝකයක් ගොඩනැගීම ඔබට බාරයි. ළමුන්ට පමනක්ම නොවෙයි, අප සියලු දෙනාටම.

කාලය යනු සුව කරන්නෙක් ඒත් කාලය කිසිම කෙනෙක් වෙනුවෙන් නැවතී සිටින්නේ නෑ. ඔබ ආපසු පැමිනෙනවා නේද? මම හිතන විදියට ඒකට කාලයක් ගත්වේවි. කමක් නෑ. මම ඒ වන තුරු බලා සිටින්නම්. ඔව් මම බලා සිටින්නම්...

'කොලෝනියල් කසින්ස්' කාලෙකට ඉස්සර අපේ රටේ ජනප්‍රිය වූ සංගීත කණ්ඩායමක්. ඉන්දියානු ජාතිකයන් වන හරිහරන් සහ ලෙස්ලි තමයි මෙහි සාමාජිකයන්. ඔවුන් අප අතරට පැමිනෙන්නේ 'ක්‍රිෂ්ණා නී බේගනේ' කියන ගීතය හරහා වර්ෂ 1996 දී. ඒ එක්කම ඔවුන් තව ගීත කිහිපයක් මුදාහරිනවා. 'සනිධප, ෆීල් ඕල් රයිට්' යන ගීතත් අප අතර ජනප්‍රිය වෙන්නේ නිතැතින්.

ඉතින් මේ 'ක්‍රිෂ්ණා' කියන ගීතය ලෝකයේ පවතින වර්ණභේදවාදය, ආගම්වාදය නිසා ඇතිවන විනාශය පෙන්වා දෙනවා. මේ සඳහා දෙවියන්ගේ උදව් අයැදිනවා.
ජේසු තුමන් ලෙස පැමිනියත්, රාමා ලෙස පැමිනියත්, අල්ලාහ් ලෙස පැමිනියත් කමක් නෑ. අපට ඕනෑ ගැලවුම්කරුවෙක්. එතැනදී හැම ආගමකින්ම මේ කුරිරු ඇණකොටා ගැනීම් අනුමත නොකරන බවක් තමයි අදහස් කරන්නේ.

හමේ වර්ණය නිසා කොතරම් ගැටුම් ඇතිවී තිබෙනවාද? ඉතින් මේ ගැටුම් අවසන් වෙන්නේ කවදාද? මිනිසුන්ට මේ සඳහා පිලිතුරු නැති නිසාවෙන් දෙවියන් නැවත කැඳවීම හැර වෙන විකල්පයක් නැත.

~~තේජන අබේදීර~~


No comments:

Post a Comment