ගස්, වැල්, දොළ කඩිත්ත..ඒවා නලවාලා ඇදී යන සුළඟ...ඒ සුළඟට මුසුවෙන කුරුලු ගීත...මේ ඔක්කොම සොබාදහමේ ආශ්චර්යයයි..
මිනිසා ඔහුට මේතාක් සලකන සොබාදහමට වින කෙරුවද යලිත් හෙමිහිට සොබාදහම නැගිට සිටී...මේ හැම දෙයක්ම චක්‍රයක්..සමතුලිතතාවය කියන්නේ ඒකට...
බලන්න මේ ඔක්කොම දේවල් ප්‍රේම් මේ ගීතය තුල ගොඩනගන අපූරුව...
විශාරද ස්වර්ණලතා කවීශ්වර ගේ මනරම් ගැයුම ප්‍රේම්ගේ පද වලට උපරිම සාධාරණයක් ඉටු කරනවා...ඇය ගයන 'පිණිබිඳු මුතුමල් සැනකෙළියේ' ගීතය උදේ පාන්දර ගුවන් විදුලියෙන් ඇහෙනකොට අපට දැනෙන්නේ කෙසේද..ඒ හා සමානව මේ ගීතය විඳින්නට පුළුවන් ...
වහල සෙවිලිකල පොල් අතු ගසකිනි ගත්තේ
අහරට බත වී කරලක සැඟවී ඇත්තේ
පවසට දිය දෝත තිබේ වතුර කඩිත්තේ
ගිමනට සිහිලැල් සෙවනද ගස යට ඇත්තේ
පාළුව මැකුනේ නිරතුරු කුරුලු ගීයටයි
සාමය සම්පත රැඳුනේ කුරුලු කූඩුවෙයි
සුළං රැලින් හදට හුස්ම පොද පොද සැපයෙයි
එයින්ම ජීවත් වන්නෝ ඒ ගැන නොසිතයි
මැවූ කෙනෙකු මැවූ තැනක් කිසිවකු නොදනී
සැදූ ගසක් කපා දමා මිනිසෙකු හිනැහෙයි
මිනිස් පයට පෑගීලා තනපත් මිය යයි
හෙටත් අලුත් දළු ලියලයි සොබාදම එයයි..
ගායනය : ස්වර්ණලතා කවීශ්වර
පද රචනය :ප්‍රේමකීර්ති ද අල්විස්
~තේජන අබේදීර~
me vidihata type karanne kohomada
ReplyDeleteකියවූයෙමි. රස වින්දෙමි. ඔබේ මේ අරුත් උපුටාගෙන ඔබේ නමත් සමඟින් වැඩසටහනකට ඉදිරිපත් කළාට කමක් නැති දැයි අසමි.
ReplyDeleteඔබේ අරුත් සහ රසවින්දනය ඉතා ඉහළ යයි පවසන්නට කැමැත්තෙමි.
ReplyDelete