Thursday, 17 December 2015

සලාම් කියා ගෙන ගෙට එන..

සලාම් කියා ගෙන ගෙට එන
ළසෝ ගිනි මැදින් සුජනන
ස්නේහයෙන් හදට වදින තාරකාවියේ
ෆර්දාවට සැඟව සිටින තාරකාවියේ

වලාකුළු වලින් සළු ඇඳ - සදා තනි රකී අඩ සඳ
ස්වර්ණ ද්වාරයේ පැතුමිණ තාරකාවියේ
සිනා වෙන්න මතක නැති ද තාරකාවියේ

කුරානයේ අක්ෂර පද - ඔබේ නෙතට හමු නොවී ද
දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
පහන් තරුව සොයා යමු ද තාරකාවියේ


ගායනය - සමන් ජයනාත්
සංගීතය: රෝහණ වීරසිංහ
පද: නිලාර් එන් කාසිම්


එකෙත් විශේෂයක් තියනව... ගී පද නිලාර් එන් කාසිම් ගෙ වීම....

වෙනත් ආගමක.. ජාතියක.. ගෑනු ලමයෙක් ගැන තමයි මේ කියන්න යන්නෙ. හැබැයි මේ සිංදුවෙන් ලොකු කථාවක් අපට කියල දෙනව.. ‍ඉතින් මේ ලෑනු ළමයට වෙනත් ජාතියකට අයිති තරුණයෙක් ආදරය කරනව.. ඉතින් එයාගෙ හිතට එන හැගිම් තමයි මේ කියන්නෙ..

ආයුබෝවන් කියාගෙන ගෙට ආවත් .. ඔයා ඉපදෙන්නෙම හදවතේ ගොඩක් දුක් දරාගෙන.. ඔයා මගෙ හදවතට ඇවිත්.. . මං ඔයාට ආදරෙයි... ඇදුම් වලින් ගත වසාගෙන සිටියත් ඔයා හරිම ලස්සනයි..

සලාම් කියා ගෙන ගෙට එන
ළසෝ ගිනි මැදින් සුජනන
ස්නේහයෙන් හදට වදින තාරකාවියේ
ෆර්දාවට සැඟව සිටින තාරකාවියේ

තාරකාවියක් ඔයාගෙ ඔය ඇදුම් මට නම් වලාකුළු වගේ.. ඔයාව වසාගෙන ඉන්න.. ඔයාව ආරක්ෂා කරන ගෙදර අය.. හැමදාම තනි රකින අඩ සද වගේ.. ඔයාට ආදරය ... ඔයාගෙ සිතුම් පැතුම අහිමි කරල මේ හැමෝම. අඩුම තරමෙ ඔයාට හිනා වෙන්නවත් බැරිද....

වලාකුළු වලින් සළු ඇඳ - සදා තනි රකී අඩ සඳ
ස්වර්ණ ද්වාරයේ පැතුමිණ තාරකාවියේ
සිනා වෙන්න මතක නැති ද තාරකාවියේ

ඔයාට ඔයාගෙ ආගමවත් අදහන්න දෙන්නෙ නෑ.. ඔයා ගොඩක් දුකෙන් ඉන්නෙ.. එක මට දැනෙනව. අපි මේ හැමදේම අතෑරල යමු.. ඔයාට අයිත් පහන් තරුව ඔයා එනකන් බලන් ඉන්නව.. ගොඩක් අසාවෙන්..

කුරානයේ අක්ෂර පද - ඔබේ නෙතට හමු නොවී ද
දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
පහන් තරුව සොයා යමු ද තාරකාවියේ

ජාතියකට හෝ ආගමකට පුංචි හරි වරදක් උනානම් සමාවන්න.. වෙනත් ආගමක් නිසා අදහස් වැරදි වෙන්න පුලුවන්.. නිවැරදි කිරීමේ අයිතිය තියනව..

~~රසික ඉඳුනිල්~~


Sunday, 13 December 2015

සක්මන් කරන මළුව පාලුයි දේවී



සක්මන් කරන මළුව පාලුයි දේවී
මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවී

ප්‍රමිලා:
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි

දස්කොන්:
සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ

ප්‍රමිලා:
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

දස්කොන්:
වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ

ප්‍රමිලා:
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනිකරන්නෙපා මතු සංසාරේ "

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ, සමිතා මුදුන්කොටුව
සංගීතය - ගුණදාස කපුගේ
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ


දස්කොන් ප්‍රමිලා ආදර කතාව සාහිතය නිර්මාන බොහෝ ප්‍රමානයකට ජීවය දුන් සම්මතයෙන් එහා ගිය ඉතිහාසගත තවත් අසම්මත පෙම් කතාවකි.මා ඒ ඉතිහාසගත අසම්මත පෙමෙහි වරදක් දැකීමට අකමැතිය.වරදක් උවත් එය වරදක් ලෙස පිලිගැනීමට මගේ සිත සූදානම් නැත.මා එසේ සිතන්නේ ඒ අසම්මතය නොවන්නට මෙවැනි නිර්මාන අපිට රසවිදින්නට කිසිදින නොහැකි වීමට ඉඩ තිබූ නිසාය..මා ඒ අසම්මතයට පෙම් කරන්නේ ඒ නිසාය.

දස්කොන් අදිකාරම් කෙනෙකි.ප්‍රමිලා රාජ බිසවකි.රාජ බිසවකට පෙම් කර හසුවූ විට පලිගැනීම උපරිමව ලැබෙනු ඇත.රටක පලමු පුරවැසියාගේ බිරිද වී වෙනත් කෙනෙක් හා රහසින් පෙම් බදින්නේ නම් ඔහු නිසැකවම ඇගේ සිත් ගැනීමට තරම් විශේෂිත කෙනෙකු විය යුතු නොවේද.රජතුමාට ඔහු කෙරෙහි ලිංගික ඉරිසියවක් ඇතිවීම සාදරන නොවේද.දස්කොන් හට රාජ නීතිය වන්නට ඇත්තේද එලෙසය.


ගීතයේ කියන ලෙස ප්‍රේමය අනාවරනය වූ අලුත ලියැවී ඇති බවක් පෙනේ.නැතිනම් ඔවුන දෙදෙන පෙම්බස් තෙපලූ මලුවේ ඔහුට තනිවම හෝ සකමන් කරන්නට ඉඩක් ඇත්තේ කෙසෙද.ඔහුගේ සිත කලබලය.ඇවිද යන්නේද ඒ සිතෙහි ඇති ආවේගයන් සමගය.දෙදෙනා හමූවූ මලුව තනිව සිටින විට ඇය නැවත නොඑන බව දැන සිටින විට ඔහු එසේ නොව්නානම් එයද පුදුමයකි. දස්කොන් මිතුරු සද මා ඔබේ කුමරිය මිසක කිසිවිටෙක රජුගේ බිසව නොවන බව කියයි.ඇයට ඔහු වෙත ඒමට නොහැක..නමුත් ප්‍රේමය සිරකර තැබියද නොහැක.

විහගුන් පෙම් ගී ගයා ඇත්තේ ඔවුන් නිසාය.ඒ පෙම නැතිවුන දා විහගුන් ඒ දුකින් සෙංකඩගල වට ඇති පව්රක් මෙන් බැදි කදු පංති වල හැපී මිය යමින් සිටී.තරු පායන විට ලෝකය නින්දට වැටෙයි.ඔහු හා ඇය එක් වන්නට ඇත්තේ එවැනි තරු පිරි අත්‍තන මල් පිපෙන සොදුරු රාත්‍රීන් වල ලොවට හොරෙන්‍ ය.එයේත් ඒ වැනි දේ නැත. දස්කොන් ඔබ තනිවී නැත.මා අත්තන මලක් වී හො ඔබ ලග රැදෙමි.

ආදරය සිතට ආ තැන ඔහුට ඇය කුමරියක බව අමතක වී ඇත නැතිනම් උවමනාවෙන්ම අමතක කොට ඇත.නමුත් ඔහුට අමතක වූ බව අපට කියා ඇත.මේ මොහොතේ අප ඔහුව සැක නොකර සිටිමු.වාසල මිනි බැදි දොර හරින වෙලාවේ දෑසින කදුලු වැටෙන කදුලු සිහිනොවීම එයයි.තහනම් ගහේ ගෙඩි කොහොමත් රසය.තහනම් උවත් කන ඇත්තො නොකා නොසිටින්නේ ඒ නිසා විය යුතුය.එය මේ පෙම්වතුන්ටද එලෙසම පොදු විය.

මේ බවයේ අපට නැවත හමුවීමක් නැත.නමුත් ඊලග සසරේදි තමන්ව තනි නොකරන ලෙස ඇය ඔහුගෙන් අවසාන ලෙසඉල්ලා සිටී...


~~නිපුන සම්පත්~~





ඔබ හීනයක් වගේ ...


පුංචි කතාවක් තියනව මේ සිංදුව ඇතුලෙ... ගෑනු ලමෙක් කසාද බැදල යන්නෙ මහත්තයත් එක්ක සතුටින් ඉන්නනෙ... ඒත
ඉතින් ප්‍ර‍ස්න එනව... මේත් ඒ වගේ කතාවක්...

ගෑනු ලමයෙක් බැදල එයාගෙ මහත්තයත් එක්ක එකට ජීවත් වෙනව. . මුල් කලෙ නම් ආදරෙන් ඉන්න ඇති .. කිස් එහෙම අඩුවක් නැතුව ලැබෙන්න ඇති. .එත් කාලයක් යනකොට මේ ආදරේ වෙනස් වෙනව... මේයාගෙ මහත්තය මෙයා ලගට එන්නෙ නෑ. එකම යහනෙ ඈතට වෙලා නිදා ගන්නව.. මේ ගෑනු ලමයට අවශ්‍ය ආදරය ලැබෙන්නෙ නැති දුකින් කියනව.. මම ස්වාමියෙක් ඉන්න කාන්තවක්.. ඉතින් ඔහොම ඉන්න එපා කියල....


ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි...//

වෙනද වගේ ආදරෙන් ලගට ඇවිත් හැමදේම එයාට දෙනකන් එයා බලාගෙන හිටිය.. ඇසේ කදුලු පිරුන වෙලාවල් අනන්තයි.. අසරණ වුන එයාගෙ ජීවිතයට ආයෙත් එයා එනකන් බලන් හිටිය.. වෙන කෙනෙක්ගෙන් ඒ පහස ලබන්න බැරුව නෙවෙයි... ආදරය නිසාම.. එයා ආරක්ෂා කරපු සීලය බිදල වෙන කෙනෙක් එක්ක සතුටු වෙන්න බැරි නිසාම...

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා...
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා...

ඒත් එයා එන්නෙම නෑ.. හදට දුක විතරයි.. මේ ගෑනු ලමයට දැනුන එයාගෙ මහත්තයගෙන් ඒ සතුට නම් ආයෙ ලැබෙන්නෙ නෑ කියල.. ඒ නිසා මෙයා වෙන කෙනෙකුට ආදරය කරන්න පටන් ගන්නව.. වෙන කෙනෙකු එක්ක එයා සතටුටු වෙනව. තමන්ට තමන්ගෙම මහත්තයගෙන් නොලැබුනු ආදරය වෙන කෙනෙකුගෙන් ලබා ගන්නව.. ඉත්න් දැන් එයා සතුටින්...

මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා...

කොච්චර දුරට සාදාරණද කියලනම් දන්නෙ නෑ. .ඒත් තමන් බැදපු කෙල්ලට ආදරෙන් හැමදාම ලග නොහිටියොත් මේ දේ තමයි වෙන්නෙ.. මොකද මිනිස්සු හැගීම් වලට යට වෙනව. එතකොට වැරදි කරනව...

ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල




~~රසික ඉඳුනිල්~~

Wednesday, 9 December 2015

සඳ සාවී මා...

 Image result for වසන්තා මධුරාංගනී
බඹර ගී පිළිබඳව සිහිකරන විට නෙතට කඳුලු නංවමින් නිතැතින්ම සිහි වන ගීයකි...
සඳ සාවී මා.

විසල් ගල්කුළුවල බඳෙහි බැඳි
බඹර වද කපන්නට යන බඹර කපන්නා
සවිමත් කඹයක එල්ලී පහත බසින්නේ
සිය ජීවිතය කඹය අල්ලාගෙන සිටින්නාගේ
දෝතට භාර දෙමිනි.


බඹර කපන්නට
ගල්කුළු බඳෙහි පහත බසින විට
බඹර කපන්නා කඹය දෙන්නේ
බිරිඳගේ සොහොයුරා අතට බව
අප අසා ඇත.

හේතු දෙකක් අපට සිතා ගත හැක.

එකක් නම්
සිය නැගණිය අනාථ කරන්නට අකමැති
මස්සිනා ලණුව අත නොහරින බව සහතික නිසාය.

ඔහුගේ වරදින් හෝ අත්වරදින්
බඹර කපන්නා මියගියහොත්
ඔහුගේ බිරිඳ හා දරුවන් රැකීම
මස්සිනා විසින් කරනු ඇතැයි යන
නියත බලාපොරොත්තුවෙන් බව
අනෙක් හේතුව බව
වඩාත් විශ්වාස කළ හැකිය.

බඹර ගලින් රූටාලා...
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.
බඹර කපන්නට ගොස්
ගලපල්ලේ වැටී නැහුණු සැමියා පිළිබඳ
මලයාගෙන් විමසන අසරණියකගේ ශෝකාලාපයයි මේ.

සඳ සාවී මා...
සඳ මඩලේ පාළුවේ මෙදා...
බඹර ගලින් රූටාලා..
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....

දෙමස්සිනාලා....
මල් පැණි බීවා දෝ....
බඹර කපන්ටා..බඹර කපන්ටා..
බමන මතින් කරණම් ගැසුවාදෝ..
තනිවූයේ මාවයි මගෙ මලයා...
තනිවූයේ මාවයි මගෙ මලයා...

සිත පෑරීලා...
බඹරුන් ඇන්නා දෝ...
අම්මා පල්ලා...අම්මා පල්ලා...
තනිවූයේ මාවයි මගෙ මලයා...
තනිවූයේ මාවයි මගෙ මලයා...


මෙහි විලාපයක ස්වභාවයෙන්
හිත කීරි ගැහෙන අඳෝනාවෙන්
ඇය සිය සොහොයුරාට
ඉඳුරාම නොපවසන
දෝෂාරෝපණයක් අපට ඇසෙයි.

සිසිර දිසානායක ලියූ රන්වල ජන සංගීත කණ්ඩායම සමග
වසන්තා මධුරාංගනී ගැයූ
සඳ සාවී මා ගීතයට
ලයනල් රන්වලයන් තනුව මුසු කර ඇත්තේ
ජන සංගීතය ඇසුරු කරගෙන වෙස්සන්තර විරිතට අනුවයි.


~~අතුල සිරිවර්ධන~~



නාඩන්න ඉතින් කුමාරිහාමී...


කන්ද උඩරට රාජසිංහ රජතුමා සබරගමුවෙ කැරැල්ල මැඩ පවත්වන්න ඇහැලේපොල නිලමෙතුමාව යවනව. ඉතින්
බලාගෙන ඉන්න . රාජ අණ කඩන්න බෑනෙ අපිට..


අහැලේපොල නිළමෙට සිදු වෙනව තමන්ගෙ ගෙදර අයව දාල සබරගමුවට යන්න.. ඉතින් වලව්වට ගිහින් මේ විස්තරය කිවුවම නිළමෙ තුමාගෙ බිරිද හඩනව. ඉතින් නිළමේ තුමා බිරිදට කියනව අඩන්න එපා . දරු පැටවු

නාඩන්න ඉතින් කුමාරිහාමී
රජ අණ කඩන්න බෑ සීදේවී
දරු පැටවු බලන් ඉනන ප්‍ර‍යාවී
නාඩන්න ඉතින් කුමාරි හාමී....

ලොකු බංඩාර හිත එඩිතර නොවුනත් නුවනක්කාරයි. මද්දුම බංඩාර මගෙ පුංචි පුතා ගැන තමයි බය. නොදන්න කමට ඉක්මනින් කොප වෙනව. ඉක්මන් තීරන ගන්නව..

ලොකු බංඩි පුතා නුවනක්කාරයි
ඒ උනත් ඉතින් හිත නම් දුබලයි
මද්දුමය තාම බොලද කම් කරයි
නිතරම ඉක්මන් වෙන්නේ ඒ නිසයි

අපිට මොන කරදර එයිද දන්නෙ නෑ මැණිකෙ. එත් පොඩි උන්ට හොදට උගන්වන්න. අද කාලෙ අපිට කරදර ආවත්දවසක් ඒවි.. අපේ කෙනෙක්.. බුද්ධිමත් කෙනෙක් රජ වෙන.. ඒ දවස ඉක්මනින්ම ඒවි මගේ දේවිය.

මොන කරදර පොදි ආවත් නොසැලී
පොඩි උන්ට උගන්නන්න මැලිනොවී
අද කාලෙ නපුරු වූවත් දේවී
අකුරක් රජ වෙන දවසක් යලි ඒවී.....

මෙහෙම කිවුවට මෙයාලට හොද කාලයක්නම් අවෙ නෑ.. .

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

~~රසික ඉඳුනිල්~~




Monday, 7 December 2015

මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති...


මං නැතිදා.......

මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති
පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි

සංසාරේ.......
සංසාරේ මගෙන් තැවුල් නුඹට වෙන්නැති
ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැති
හිත රළු පරළු වෙන්නැති

මං නැතිදා........

මං හින්දා......
මං හින්දා ඔය දෑසට කදුළු එන්නැති
හෙලු කදුළු නුඹ අද මට දෙනව වෙන්නැති
කදුලැලි දෙනව වෙන්නැති

ගායනය: නෙලූ අදිකාරි


මට ඔබ අහිමිවී ගිහින්. කොහොමද කියා මා දන්නේ නෑ. ඔබ නැති ලොවක් ගැන සිතන්නත් බෑ යයි කියූ ඔබ අද කොතැනද? මගේ හිතේ තියන දුක නම් කාටවත් කියල වැඩක් වෙන එකක් නෑ. එතකොට ඒ අය කියන්නෙ 'උඹ මොකටද දුක් වෙන්නෙ. අරූ ඔය යස අගේට ඉන්නෙ. ඌ වගේම හිටපන්. උඹ නිකන් කඳුලු බොනවා. ඌට ගානක්වත්නෑ'

නෑ ඒ අය එහෙම කිව්වට මගේ අතින් මොකක් හරි වැරැද්දක් වෙන්න ඇති. නැත්නම් ඔයා ඔය තරම් වෙනස් වෙන්න විදියක් නෑ. මම වගේ පොඩි දෙයකටත් රණ්ඩු කරන කෙනෙක් නෙමෙයිනෙ ඔයා. ඒ වුනත් මට තේරෙන්නේ නෑ ඔයා කොහොමද දුකක් නැතිව ඉන්නෙ කියලා. මගේ තියන නපුරු කමට මමත් එහෙම ඉන්න හැදුවා. අනේ බෑ මට එහෙම ඉන්න බෑ. ඇයි මට එහෙම ඉන්න බැරි?

මටම පුදුමයි මොකද මමනෙ නපුරි. අනේ ඒත් ඔයාට නපුරුකම් කලේ ඔයාව නැතිකරගන්න නෙමේ. ඔයා හැමදාටම මගේම කර ගන්න. මම පස්සෙ ඒවා නපුරුකම් කියලා හිතුවට මගේ යාළුවොනම් කිව්වෙ 'ඕව නපුරුකම් නෙවේ මෝඩියේ උඹේ තියන මායම්. උඹ ඌට දාන මායම් උඹටම තෙරුම් ගන්න බෑ' කියලා. ඇත්තටම මම මෝඩියෙක් තමයි. මම ඔයාට දුකක් දුන්නා නෙමේ. මම හිතුවේ ඔයා මම කරන දේවල් නිසා තවත් මට ලන්වෙලා මගෙන් මිදිලා නොයාවි කියලා.

මම කරපු වැඩ නිසා ඔයාගේ නෙත් කඳුලින් තෙත් වුන බවක් මට තේරුම් ගියේ නැති හැටි. ඔයා මට මේ දෙන්නේ ඒ කඳුලුද? අනේ මේ මෝඩිට අනුකම්පා කරන්න. ආයෙත් මා ලඟට එන්න. ආයෙ කවමදාවත් මම ඔයාව නැති කරගන්නේ නෑ. සත්තමයි....

~~තේජන අබේදීර~~

Friday, 4 December 2015

බමුණා වුණත්...(සුභාෂිත හෙවත් හිතෝපදේශය)

බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ...
සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ...
හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ...
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ...

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ...
දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ...
වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ...
වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ...

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ...
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ...
කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ...
ජනයා අබිමුවේ උන් නිරුවත් කරනූ...

රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ...
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ...
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ...
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ...

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය -ගුණදාස කපුගේ


නන්දා මාල්නියගේ 'පවන' කැසට් පටයේ අඩංගුවූ ගීතයක් ඔබ වෙත ගෙන ඒමට සිතුවා. මෙහි පෙරවදන වනුයේ 'සුභාෂිත හෙවත් හිතෝපදේශය'. පවන් ගීත එකතුවේ වැදගත් ලක්ෂණයක් වන්නේ ගීත සෑම එකකටම වාගේ පෙරවදනක් තිබීමය.

සුභාෂිතය අලගියවන්න මුකවෙටි ශූරීන් විසින් රචනා කරන ලද්දක් වන අතර හිතෝපදේශය බයිබලයේ කොටසකි. ගීතයේ පෙරවදන සඳහා 'සුභාෂිත හෙවත් හිතෝපදේශය' යොදාගන්නේ ඇයිදැයි ගැටළුවක් මතුවේ. මේ දෙකම ආගම් දෙකකට අදාල ධර්ම ග්‍රන්ථවේ. එසේනම් මෙයින් කියන්නට තනන්නේ කුමක්ද? සියළු ආගම්වල ඉගැන්වීම එකමය යන්නද? නැතිනම් වෙනමම යමක්ද? සිතුමට යමක් ඉතිරි කරමින් ගීතය කරා පියමනිමු.

මේ ගීතය අද සමාජයට කෙතෙක් දුරට ගැලපේද යන්න සමාජය ගැන උනන්දුවෙන් පසුවන්නෙකුට පමනක්ම නොව සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද හොඳින් ගෝචර වනවා නොඅනුමානය. අද සමාජය දෙස බලන කල බොහෝ දේවල්වල සංතුලනයක් නැත. දුප්පතා සහ පොහොසතා අතර විශාල පරතරයක් තිබෙනවා සේම මිනිසා නොමිනිසා අතර ඇත්තේද මෙවැන්නකි. මේවාට වගකිවයුත්තෝ කවරහුද? අන් කිසිවෙකු නොව ඒ අපමය. අප බොහෝ දෙනෙක් සමාජ පරිහානි ක්‍රියාවලි වල නිරත නොවුනද දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒවාට අනුබල දී ඇත. මේ සඳහා සරලතම උදාහරණයක් වනුයේ පාලකයන් තෝරා පත්කර ගැනීමයි.

'හානා හීය පානා අඬහැරෙන් දැනේ' යැයි කීවද හානා හීය, පානා අඬහැරයෙන් ස්වායක්තය. සරලව කියනවානම් කියන්නේ එකකි නමුත් කරන්නේ තවකෙකි.

මෙම ගීතයේදී සමාජය විසින්ම සාදාගත් මිනිස් වර්ගීකරණයක් ගෙනහැර පෑමට සුනිල් ආරියරත්නයන් උත්සුක වී ඇත. 'බමුණා , සැ‍ඬොලා' එයට නිදසුන්ය.

කුල භේදය මුලින්ම අපට දක්නට ලැබෙන්නේ ඉන්දියාවෙනි. ආර්ය සහ අනාර්ය ලෙසට මුලින්ම පැවතෙන කුල භේදය ආර්යයන්ගේ බලවත්වීම හේතුවෙන් කුල සතරක් දක්වා වර්ධනය විය. එම කුල පිලිබඳව 'ඝෘග්වේදයේ ' මෙසේ සඳහන් කර ඇත. 'මහා බ‍්‍රහ්මයාගේ මුවින් බ‍්‍රාහ්මණයන්ද, අතින් ක්‍ෂති‍්‍රයයන්ද, කළවා වලින් වෛශ්‍යයන්ද, යටි පතුලෙන් ශුද්‍රයන්ද ඉපදී ඇත'.

බුදු දහමට අනුව නම් 'යමෙක් ඉපදීමෙන් වසලයෙක් හෝ බ‍්‍රාහ්මණයෙක් නොවේ. ඔහු වසලයෙක් හෝ බ‍්‍රාහ්මණයෙක් වන්නේ ඔහු කරන ක‍්‍රියාව අනුවය'

ශ්‍රී ලංකාවේ කුල භේදය ගැන සලකා බලන කල මහාවංශය ඇසුරු කිරීම වටී. එයට අනුව යක්‍ෂ, නාග, දේව වශයෙන් කුල ගෝත‍්‍ර තුනක් දක්නට ලැබුණු බව පැවසේ. මීට අමතරව අපට හුරුපුරුදු කුල වන්නේ 'ගොවි, කරාව, රොඩී..' යනාදියයි. මෙහිදී මා අපට පුරුදු යැයි පැවසූයේ මංගල යෝජනා තීරය බලන විට මෙය පැහැදිලිවම දැකගත හැකි නිසාය.

සාමාන්යයෙන් මා ගීතයක් පිලිබඳ අදහස් දක්වද්දී ගීතයෙන් පරිභාහිර දේවල් වලට යොමුවීම නිතැතින්ම සිදුවේ. එය ගීතය පිලිබඳ රසවින්දනයට බාදාවක් වේනම් සමාව භාජනය කරමි.


ඉතින් දැන්වත් ගීතයට යමු නේද....


'බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ...

සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ...'


මිනිසාගේ කුලය කුමක් වුවත්, ඔහුගේ ක්‍රියා කලාපය අනුව ඔහුට සැලකිය යුතු බව කවියා පසක් කරදේ. ක්‍රියාව අනුව යමෙකු 'දුදනෙකු හෝ සුදනෙකු' බවට ඇමතීම සාර්ථකය, සාධාරණය.


'හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ...

දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ...'


මෙහිදී 'හෙළයා' සමාජය විසින් උසස් යයි සලකන බව ව්‍යන්ගයෙන් අදහස්වේ. එලෙසම කිවියා පවසන්නේ ඔහු ජඩ වැඩෙහි නිරත්වී නම් ඔහුට පහරදෙන ලෙසටයි. 'දෙමළා' විරුවකු නම් ගරු කරනු යන්නෙහි ව්‍යන්ගය වන්නේ දෙමළ ත්‍රස්ථවාදය නිසා දෙමළුන් විරුවන් වන අවස්ථා විරලය යන්නය. නමුත් මෙහිදී අප සිහි තබාගතයුත්තේ සුනිල් ආරියරත්නයන්ට උලුප්පන්නට වුවමනාවී ඇත්තේ ව්‍යන්ගය නොව මතුපිටින් පෙනෙනා සැබෑ අරුත යන වගය.

එය නම් ක්‍රියාවෙන් මිනිසා නිගමනය කරන්න. ක්‍රියාව අනුව ගරුත්වය ලබාදෙන්න යන්නය.


'බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ...

දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ...'


සියලුම ආගම් වලට ගරු කල යුතුය. තමාගේ ආගම හෝ දර්ශනය අනුව යමින් සත් ක්‍රියාවල පමනක් නිරත විය යුතු බව මෙයින් පැවසේ.


'වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ...

වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ...'


ආගම් මුවාවෙන් නොයෙකුත් මති මතාන්තර එලිදැක්වීමට කටයුතු කරන හා දුස් ක්‍රියාවල යෙදෙන ආගම් ප්‍රධානීන් කොතෙකුත් දක්නට ලැබේ. ඔහුන්ගේ බසට නොරැවටෙන ලෙසට පවසන කවියා ඔවුන් පිටුදකින ලෙස පවසයි.


'සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ...

පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ...'


ජාත්‍යාලයෙන් ඔද වැටෙන කිවියා උද්වේගයෙන් යුතුව කතා කරයි. මේ කියන්නෙ පාලකයන් ගැනය. තම බලය රැක ගැනීම සඳහා අප රට පාවාදුන් පාලකයන් අතීතයේ සිටියෝය. අදත් සිටිති, හෙටත් ඉන්නට ඉඩකඩ ඇත. ඔවුන්ව බලයට ගෙන එන්නේද අපමය. ඒ හුදෙක් මුලාවීම හේතුවෙන් වෙන්නට පිලිවන. බලය ලබා ගැනීම සඳහා තමාත් සමගම සිටින සගයන් පාවාදුන් පාලකයන් ඔබට මතක ඇතුවාට සැක නැත. එවන් පාලකයන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුය. ඔවුන්ගේ නිරුවත රටටම පමනක් නොව ලෝකයාටම හෙලිකල යුතුය.

'කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ...

ජනයා අබිමුවේ උන් නිරුවත් කරනූ...'


අවසන් පද පේලි වලිනුත් කියාපාන්නේ රටකට නොවටිනා පාලකයන් සිදුකරන ජඩ වැඩ අභිමුවේ කරබාගෙන සිටිය යුතු නොවන බවයි.


මෙහිදී ගීතයෙ මා වඩාත්ම ප්‍රිය කරන පද පේලිය හමුවේ. 'මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ...'

මෙය ඉතාමත්ම වටිනා අදහසකි, කියුමැකි.


වර්ථමාන සමාජයේ වුවුද පාලකයන්ට විරුද්ධව හඬ නගනා බොහෝ පිරිස් ඇත. නමුත් සමහරක්ගේ හඬ එකවරම හීනවී යයි. ඔවුන් හඬක් නැගුවේද යන්න සොයාගැනීම පවා අපහසු තත්වයට පත්වේ. ඒ අන් කිසිවක් නිසා නොව පාලකයන් විසින් ඔහුන්ව නිහඬ කල නියාවෙනි. ඒ සඳහා දහසින් බැඳි පියලි ලාබාදීමට පාලකයෝ පසුබට නොවෙති. මේ නිසා එසේ ලබාදෙන අල්ලස් වලට හිස නොනැමිය යුතු බව මහාචාර්යවරයන් අවධාරණය කරයි.


වරදදුටු තැන එයට විරුද්ධව කතාකල යුතුය. පාලකයාට වැරදි අවබෝධ කරදීමේදී ඔහු එය තැකීමට ලක් නොකරන්නේ නම් ඔහුව නිසැක ලෙසම පළවා හැරිය යුතුය. නමුත් ඔහුගේ ආදේශකය ඔහුට වඩා අන්ත වීමට ඇති හැකියාව පිලිබඳ කල්තබා නිගමනය කර බලා සිහියෙන් කටයුතු කල යුතුවේ. එසේ නොවීනම් 'ඉඟුරු දී මිරිස් ගත්තාට' වඩා දෙයක් බලාපොරොත්තු වුය හැකිය.

එදා සමාජ තත්වය සලකා බලා රචනා කල ගීතයක් වූවාට අද සමාජය කෙරෙහිද මෙම ගීතය වඩාත් උචිතවේ යැයි මගේ හැඟීමය.


~~තේජන අබේදීර~~





Thursday, 3 December 2015

කුමරියක පා සළඹ සැලුනා..





කුමරියක පා සළඹ සැලුනා..

කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..

කුමරියක පා සළඹ සැලුනා..

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..

ධනය,බලය හා ලිංගිකත්වය යන ත්‍රිත්වයට මනුෂ්‍යයෝ බොහෝ සෙයින් ප්‍රිය කරන බැව් දාර්ශනයකු විසින් කියා ඇත.එය සත්‍යයක් බැව් හොඳින්ම පෙනේ.මන්ද මනුෂ්‍යයා නොනවතින තරඟයක යෙදී සිටින්නේ ඉහත කී අරමුණු සාක්ශාත් කරගැනීමට බැව් ඕනෑම පුද්ගලයෙකුට හොඳීන්ම වැටහෙන කරුණකි.

මෙම ගීතය මඟින් සම්භොග සුවය විඳගැනීමට මිනිසා තුළ ඇති ලෝලීත්වයත්,එකී පරමාර්ථය බිඳී ගිය කල්හි ඔහුතුළ ඇතිවන ශෝකී මනෝභාවයන්(හැඟීම්) නිරූපිතිය.එකී මනෝභායන් ගේය පද රචකයා අපූර්ව ලෙසින් තම පරිකල්පනයට හසු කොට ගෙන ඇත. ඉතා ඈත අතීතයේ පටන්ම මිනිසා අධික කාමාශාවෙන් පෙළේ. ක්‍රි.පූ 400-200 අතර කාලය තුළ වාත්ස්‍යායන් විසින් රචිත යැයි සැලකෙන කාම සූත්‍රය තුළින් ඔහු මිනිසුන්ගේ අරුම පුදුම ලිංගික චර්යාවන් විවරණය කරයි. මිනිසා සතු මෙකී කාමාශාව වර්ගයා බෝකරලීම සඳහා ස්භාවධර්මයා විසින් යොදනු ලැබූ උපක්‍රමයක් බැව් අපට සිතිය හැකිය.

කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..

තම සිත ලොබ බැඳගත් ස්ත්‍රියගේ සම්ප්‍රාපතිය ඇගේ පාෂළඹේ හඬින් ඔහුගේ දෙසවන් විවර වේ.හඳෙහි දොරටු විවිර වේ.ඉන්ද්‍රිෙයා් පිබිදෙති.රාගී හැඟිම් සිතපුරා දුවැදියි.එතෙක් ඔහු වසාගෙන සිටි දෙනුවන් විවර වේ.මෙතෙක් ඹහු රැක සිටි කුමර බඹසර ඇගේ දසුනින් බිඳී යයි.කුමර භඹසර රැකීම යනු යොවුන් වියේ සම්බෝග සුවයෙන් වැළකී සිටීමයි.එතෙක් ඔහු තුළ තිබූ දැහැන බිඳී යයි.එතැන් සිට ඔහු ලොබ බඳින්නේ ඇය හා සංභෝග සුවය විඳ ගැනීමටයි.එසේම ගීතය ආරම්භයේදීම පා සළඹේ හඬ අපූරුවට ගීතය හා මුසු කරලීමට අමරදේවයෝ සමත් වී ඇත.

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..

ඇයගේ උකුළ,මල්සරා හෙවත් අනංගයාගේ වේදිකාවේ රංගනයේ යෙදෙනෙ හංසයින් එනම් පයෝධර වසාගෙන සිටින තිරය නම් ඇය හැඳ සිටින දුහුල් සළුවයි.කවියාගේ පරිකලපනය හැකියාවනම් අපූරවමය.ඔහුගේ දෙනුවන් සිටිනුයේ උමතුවෙනි.ඒ ඇගේ නග්න සිරිර දැකගැනීමටය.මනස නම් වූ සල්ලාල තරුණයා තම උමතු දෑසින් ඇගේ සිරැර වසාගෙන සිටින්නා වූ දුසුල් සළුව ඉවත් කරයි.කථකයා සිතින් ඇගේ සළු පිළි ඉවත් කළ අයුරු කී ආකාරය කදිමය.චිත්ත රෑපයන් දනවන සුළුය,ශෘංගාරවත් හැඟීම් අවදිකරවයි.මෙහි අනංගයාද ශඞගාරය සංකේතවත් කරයි.ඇගේ නග්න දේහය දකිනා ඔහුට තමා ඉදිරියේ දෙව්ලොව මැවුනා සේ සිතේ.එමඟින් ඔහුගේ ඉන්ද්‍රියන් සංතර්පණය වූ අයුරුද ඔහුගේ ප්‍රීතිජනක හැඟ්‍රම් ද ධ්වනිත කරවයි.

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..

මෙම ගීතය දෙස මතුපිටින් බලන්නෙකුට මෙම ගීතය සම්භෝග සුවය වර්ණනා කරමින් ලියැරවුණු ගීතයක යැයිද,ඇතැම්විට සිත රාගයෙන් පුරවා දමන ගීතයක්,අසභ්‍ය ගීතයක් ලෙසෙන් පෙනෙන්ට පුළුවනි.ඇතමුත් එවැනි මතවන්ද දරනු මා අසා දැක ඇත.එනමුතු මෙම ගීතය පිළිබඳ මගේ කියවීම එයට ඉඳුරාම වෙනස් වේ.මෙම ගීතය අභ්‍යන්තරයට විනිවිද ගොස් බැලුවහොත් මෙම ගීතය තුළද දර්ශනයක් ගැබ්ව ඇති බැව් පෙනේ.එය බෞද්ධ දර්ශනය හා සාම්‍යයක් දකවතියි සිතේ.මිනිසාගේ සිත ආශාවන්ගෙන් බැඳුණු කල්හි ,සංසාර බැඳීම තර වෙයි,එය අහිමි වී ගිය කල්හි එමඟින් දැනෙන ශෝකය එය තමා සතුව තිබෙන කල්හි විඳි සංතර්ර්පණයට වඩා බොහෝසෙයින්ම වැඩිය.එසේම ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකකකි.එසේම මෙම ගීතය තුළින් විප්‍රලම්භ ශෘංගාරය වහනය වේ.
මෙතෙක් ඹහු ගෙවූ ශාන්තිදායක ජීවිතයේ නිසල බව බිඳ දමිමින් ජීවිතයට ආ කාමා රාගය ඔහු සුළු මොහොතකට සංතර්ඵණය කර ඔහු රවටා ඔහුගේ සිත කම්පිත කරමින් පළාගොස් ඇත.සැබවින්ම රාගය යනු මායාවක් නොවන්නේද?
කේ.ඩී.කේ.ධර්මවර්ධනයන්ගේ අගනා පරිකල්පනීය හැකියාවෙන් හැඬවුණු මෙම ගීතයට මනරම් සංගීතයක් සැපයීම වික්ටර් රත්නායකයන්ගෙන් වන අතර මෙම ගීතය ගායනා කරනුයේ හෙළයේ මහා ගාන්ධාරයානො පණ්ඩිත් අමරදේවයන්ය.

අසභ්‍ය ගීතයන් ලෙසින් ඇතමුන් අතින් කෙලසුණු මෙම ගීතයට මා විසින් වටිනා නමක්,නව අර්ථකථනයක් දීමට දැරූ පරිශ්‍රමය පිළිබඳ ඔබසැමගේ අවංක අදහස්,යෝජනා,චෝදනා සියල්ල දැන ගැනීමට ද කැමැත්තෙන් පසුවෙමි.


~~ලක්මාල් රංග කුමාර~~













ලෙවෙල් එකට පාස් වෙන්න..

අද මම කියන්න යන්නෙ තවත් එක් ළමයෙක් ගැන කතාවක්. අපේ කතා නායකයා හොඳ
පවුල් පසුබිමක් තිබෙන අතමිට යහමින් තිබෙන පවුලකට දාව උපන්නෙක්. ඔහුගේ සම වයසේ ළමුන් හා සසඳන කල ඔහු තරමක් කුඩා කෙට්ටු ශරීරයකින් හෙබි අයෙක්. ඉතින් මොහු ගිය පාසලේ පන්ති වර්ගීකරණය කරල තිබෙනව, දක්ෂ සහ දුර්වල ලෙසට. ඔහුගේ වාසනාවට හෝ අවාසනාවට ඔහුව යොමුවන්නේ දුර්වල ළමුන් සිටිනා පන්තියට.

අවසාන වාර විභාගයට මුහුන දෙන ඔහු ප්‍රතිපල පැමිනි පසුව පන්තියේ ප්‍රථමයා බවට පත්වෙනවා. මෙලෙස වසර කිහිපයකදීම ඔහුට හැකිවෙනවා ප්‍රථමයා බවට පත්වෙන්නට. නමුත් ඔහුට වැඩිකල් මෙය සිදුකරගෙන යාමට නොහැකි වන්නේ පාසලේ විදුහල්පතිතුමා විසින් ඔහුව අනෙක් පන්තියට මාරුකිරීමත් සමගම.

මේ අතර ඔහුගේ ඉගෙනීම ගැන සතුටුවු පියා ඔහුට ගිටාරයක් තෑගි ලෙසට ගෙන දෙනවා. සංගීතයට ලැදි මොහුගේ සතුට කියා නිමකර නොහැකි තරම්.
හැබැයි මේ සතුට වැඩි කලක් පවතින්නේ නෑ. වාර විභාගය අවසානයේදී ඔහු විසි වෙනියාගෙනුත් පහලට වැටිලා. පියා සිතන්නේ සංගීත කටයුතු නිසා ඉගෙනීම කඩාකප්පල් වෙනවා කියලා. කොහොම වුනත් තම පියාට ඇත්ත තත්වය පහදා දීමට ඔහු ක්‍රියා කරනවා. ඒත් පියා සෑහීමකට පත්වන ලකුනු පේන්න නෑ.

ටිකෙන් ටික සාමාන්‍ය පෙළ විභාහයත් ලඟ ලඟ පෙනෙන දුරින්. මොනවහරි කරලා විභාගය පාස් විය යුතුමයි. මොහුට අපූරු අදහසක් පහල වෙනවා. ඔහු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන අයෙක් ලඟට ගොස් විභාගය සමත් වීම සඳහා යන්තරයක් බන්දවාගන්නවා. මේ සඳහා තම පියාගෙන් මුද්ල් ඉල්ලීමට නොහැකි බැවින් ඔහු ණය මුදලක් ලෙස රුපියල් පන්සියයක් හිතවතෙකුගෙන් ඉල්ලා ගනියි. අනේ ඉතින් යන්තරේ බලෙන් විභාගය සමත් වීමට බලා සිටිනා ඔහුට මුහුන දීමට සිදුවන්නේ නොසිතූ විරූ දෙයකට. ප්‍රතිපල වලට අනුව ඔහු සියලුම විශයන් අසමත්. හීන් දාඩිය සමගම යන්තරකරු මුනගැසෙන ඔහු යන්තරකරුට විස්තරය පවසා සිටිනවා. යන්තරකරු පවසන්නේ ඔහු 'කිල්ලකට' අසුවී ඇති බවකි. එනිසා යන්තරයේ බලය නැතිවී ගොසිනි. ඉතින් මොකද අන්තිමට උනේ විභාගයෙනුත් අසමත් ඒ වගේම ණයට ගත්තු රුපියල් පන්සීයයත් කුඩු.

මේ කතාව ඔහු තම මිතුරන් අතරේ කියන්නේ ඉතා දුකින්. නමුත් මිතුරන් ඊට දක්වන ප්‍රතිචාරය හාත්පසින්ම වෙනස්. ඔවුන් මොහුව හාස්‍යයට ලක් කරනවා. එකෙක් පවසන්නේ 'මම නම් ගගේ පනිනවා වතුර බීලා මැරෙනවා' කියා. තවකෙක් 'ජීවිතේ එපා කියනවා රේල්ලට බෙල්ල තියනවා' යයි පවසමින් මොහුව සමච්චලයට ලක් කරයි. කොහොම වුනත් ගඟේ පනින එකා නම් 'හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා' රේල්ලට බෙල්ල තියන එකා 'කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා'

මොහු ගැන තවත් රස කතා නැතුවාම නොවේ.
වරක් ඔහු බයිසිකල් තරගයකට සහභාගී වීම සඳහා මාස ගනනක් තිස්සේ කඳු පල්ලම් වල සයිකලය පදිමින් අපමන වෙහෙසක් දැරීය. අවාසනාව ඔහු කරා පැමිනෙන්නේ නිරායාසයෙනි. තරගයේදී දැඩි වංගුවක් ගැනීමට ගොස් අඹ ලෙල්ලක පැටලී බයිසිකලයත් සමග බිම වැටුනි. ඒත් ඔහු පරාජය පිලිගැනීමට අකමැතිය. නැවත දනි පනි ගා නැගිට තරගයට එක්වූයේය. තරග අවසානයට පැමිනෙන විට සියල්ලන්ගේම හූ හඬ සමගම ඔහු තරගය නිම කලේ අන්තිමයා ලෙසිනි.

තවත් විටක මොහුට චිත්‍රපටයක රඟපාන්න දැඩි ආශාවක් ඇතිවෙනවා. එය මුදුන් පමුනුවා ගැනීමට චිත්‍රපට නිෂපාදකගේ සියලුම බැල මෙහෙවර කරදීමට ඔහුට සිදුවෙනවා. මීට අමතරව නිෂපාදකට, කැමරාකරුට වගේම අදාල පුද්ගලයන් සැම දෙනාටම අත්වැසිකම් කිරීමෙන් සුලු කොටසක රඟපෑමේ අවස්ථාවක් ඔහුට ලැබෙනවා. ඉතින් තියන සතුට අහස උසට. ඔහු මොකද කරන්නෙ, තමාගේ මිතුරන් සමග සිංහ ලීලාවෙන් චිත්‍රපටය බලන්නට යනවා. චිත්‍රපටය උනන්දුවෙන් බැලුවත් ඔහුට පෙනීයනව ඔහු රඟපාපු සුලු කොටසත් 'එඩිටර්' විසින් කපා දමා ඇතිබව. ඉතින් යාලුවන්ගෙ ප්‍රතිචාර අමුතුවෙන් කියන්න ඔනෙ නැහැනෙ.

සාමාන්‍ය පෙළ විභාගය දෙවන වර “කේ‍රඩිට්” තුනක් සමග යන්තම් සමත් වුනත් විද්‍යා හෝ ගණිත අංශයෙන් උසස්පෙළ හැදැරීමට ඒ ප්‍රතිඵල ප්‍රමාණවත් වුනේ නෑ. ඉතින් මොකද කරන්නේ, තාත්තාගේ අදහස් වලටත් අනුව සංගීතය සමග ඉදිරියට යන්න ඔහු තීරණය කරනවා. ඔහුගේ පියා ඔහුට සංගීතයෙන් ඉහළට යන්න විශාල සහයෝගයක් ලබාදුන්නා. ගෙදරට ගුරුවරු ගෙනැල්ලාත් සංගීතය ඉගැන්නුවා. ඒ වෙනකොට ඔහුගේ වයස අවුරුදු 18යි. ඔහුගේ පියා ‘ජිප්සීස්’ කියන නම යෝජනා කරනවා ඔහුගේ සංගීත කන්ඩායමට. එසේ තමයි 'ජිප්සීස්' බිහිවෙන්නේ. මේ හැම අත්දැකීමක්ම ඔහුගේ නොවුනාට මේ හා සමානව තමයි ඔහුගේ ජීවිත කතාව විකාශය වන්නේ.

දැන් ඉතින් සිංදුව බලමු.

ලෙවෙල් එකට පාස් වෙන්න ඔක්කොම සම්මාන ගන්න
රුපියල් පන්සීයක යන්තරයක් දැම්මේ
ඒකෙ ප්‍රතිපල ආවා මගෙ හදවත දුක ගාවා
වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්

යන්තරකරු ගියෙ බලන්න උනේ කුමක්දැයි අහන්න
මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුනා
මම කිල්ලට අහු වෙලාලු යන්තරෙ බල නැති වෙලාලු
නයට ගත්ත පන්සීයත් මෙමට නැති උනා

මම නම් ගගේ පනිනවා වතුර බීලා මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
ජීවිතේ එපා කියනවා රේල්ලට බෙල්ල තියනවා
කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා

කඳු නැගලා කඳු බැහැලා මාස ගනන් දුක් විඳලා
මහ සයිකල් රේස් එකට පුරුදු උනා මන්
මගෙ ෆුල් ඩම් එක දාලා ගත්තා වංගුව නමලා
අඹ ලෙල්ලක ලිස්සල මම ගියානෙ ගුවනින්

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්

හිටි අය මගෙ පිටිපස්සෙන් මා පසුකර යයි වේගෙන්
දනි පනිගා නැගිටල මම ආයෙත් පැද්දා
හති දාගෙන පැද්දත් මං අන්තිමේදි තද වෙහෙසින්
දිනුම් කනුව ලඟට ආවෙ හූ හඬ මැද්දෙන්

චිත්තරපටි ඩිරෙක්ටර්ගෙ බැල මෙහෙවර සෑම කරල
සිනමාවට එන්ටර් උනෙ අතින් ගෙවල මං
ප්‍රඩියුසර්ට වැඳලා පුදල කැමර්මන්ට සපෝට් කරල
ඇට් කරන්න ලැබුනෙ එකම සීන් එකයි බං

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්

මංගල දර්ශනෙ බලන්න මගෙ මිතුරන් වට කරගෙන
සිංහ රජෙක් ලෙසට හෝල් එකට ගියා මං
හිතපු එකම සීන් එකත් එඩිටර් මල්ලිගෙ කතුරෙන්
බෙල්ල කැපුව වගේ කැපිල වැඩක් නෑනෙ දැන්

ගායනය: ජිප්සීස්

~~තේජන අබේදීර~~


Tuesday, 1 December 2015

සිතුම් පොබ කල සමන් මල් යායේ..

සිතුම් පොබ කල සමන් මල් යායේ
දුහුල් සළු තිර මුවා කල යාමේ.....//
ඔහුට හඩු සිත තුරුලට අාදා
මා රිදවන්න එපා

සුදු මුදු සිහින යහනාවේ
සුසුම් වියකේ මිලින මායාවේ
පව් පිරවු පෙම අපේ සොඳුරු දා
ඉකිබිද හඩනු එපා
බොළද මගේ සිත
ඔබ හැර ගිය දවසේ
සළෙල සිතක් ලඟ
තනිවූයෙමි අඳූරේ....//

ඔබ සිහි වී මා හැඩූ තරම්
කුමරුන් නැහැ දන්නේ
සුසුදු සුදු මුදු සිහින යහනාවේ
සුසුම් වියකේ මිලින මායාවේ
පව් පිරවු පෙම අපේ සොඳුරු දා
ඉකිබිද හඩනු එපා
අහිමි ආදරේ කඳුළින්
මියෙන පැයේ
පෙරදා පැතුවා
මල් මුවරද පවනින්....//

නිඳි දැහැනින් මා
හැඩූ තරම් කුමරිය
නෑ දන්නේ
සිතුම් පොබ කල සමන් මල් යායේ
දුහුල් සළු තිර මුවා කල යාමේ.....//

ඔහුට හඩු සිත තුරුලට අාදා
මා රිදවන්න එපා
සුසුදු සුදු මුදු සිහින යහනාවේ
සුසුම් වියකේ මිලින මායාවේ
පව් පිරවු පෙම අපේ සොඳුරු දා
ඉකිබිද හඩනු එපා

ගායනය : චරිතා ප්‍රියදර්ශණී

සිතුම් පොබ කල සමන් මල් යායේ
දුහුල් සලු තිර මුවා කල යාමේ
ඔහුට හැඩූ සිත තුරුලට ආ දා මා රිද්වන්න එපා.

මේ වගේ සිංදු නැති තරම්.ඔනේ තරම් රූප රචනා ඇති.ඒත් සිංදු නම් නෑ.
මේක ඇත්තටම ටිකක් පටලැවිලි සහගත බවක් තියෙනවා.ඒ අපිට හුරු නැති හංදම තමයි එහෙම වෙලා තියෙන්නෙත්. කියන්නම් තේරුම

මේක යුග ගායනයක්.චරිතා ප්‍රියදර්ශනී නම් ඔයා දන්නවා ඇති.අනිත් කෙනා ප්‍රියනාත් රත්නායක කියලා.සිංදු බොහොම පොඩ්ඩයි තියෙන්නේ.
වටේ ගියා ඇති.කතාවට බහිමු
මුල් කොටස කියන්නේ පෙම්වතිය.ඒකෙන් කියන්නෙ රාගය පමනක් තිබුන ආදරයකට තමන්ට මුහුන දෙන්න උනා කියලයි.ඒත් මේ කියන වෙලාව වෙනකොට තමන් ඒ ආදරයෙන් මිදිලා තමන්ගෙ පැරනි පෙම්වතා ලගට ආයෙමත් ඇවිත්.ඒකයි කියන්නෙ ඔහුට හැඩූ සිත තුරුලට ආ දා මා රිදවන්න එපා කියලා.

දෙවෙනි කොටස කියන්නේ පිරිමියා එහෙමත් නැත්නම් පෙම්වතා .ඔහු මතක් කරනවා පෙම්වතිය ඔහු හැර ගියට පසු ඔහු හිටපු තත්වය.ආයෙමත් ඒ මතකය මතක් නොවෙනවම් කියලයි ඔහු කියන්නේ.පව් පිරවූ පෙම අපේ සොදුරු දා ඉකිබිද හඩනු එපා.
තමන් කලින් සමුගෙන ගියේ තමන්ගේ බොලද කම නිසා බවත් ඒ ගිය පසු තමන්ට හමු උනේ සල්ලාල සිතක් බවත් ඇය කියන්වා.ඒ අතරෙදි තමන් හැරදමා ආ පෙම්වතා මතක් වෙලා තමන් බොහො විට හැඩු බවත් ඇය පවසනවා.

පිරිමියා බොහෝ විට ලෝකයට පෙන්න අඩන්නේ නෑ.සමහර විට ඔහු තමන් හැරගිය පෙම්වතියට පේනන සතුටින් ඉන්න්වා කියලා පෙන්නනත් ඇති.එත් තමන් නිදි යහනේ ඇඩූ තරම් ඇය නොදන්නා බව පවසනවා.
තමන්ට හමුවූ සල්ලාල පෙම්වතා,කලින් පෙම ගැන මතකයත් නිසා ගොඩක් දුකෙන් හිටපු බවත් යලිත් ඒ මතක මතක් කරමින් තමන්ට නොරිදන ලෙසත් ඇය ඔහුගෙන් අයැද සිටිනවා. ඔහුට හැඩු සිත තුරුලට ආ දා මා රිදවන්න එපා..

ආයෙත් ඔවුන් දෙදෙනා එකතු වෙන එක සිද්ද වෙනවා.හුගක් වෙලාවට පෙම්වතුන්ට අත් දකින්න නොලැබෙන දෙයක්. කොහොම උනත් සතුටු දායක අවසානයක්.

බොහෝ විට ඇසෙන්නෙ නැති හොයාගෙන අහන්න වටින ගීතයක් කියන එකනම් කියන්නම ඔනේ අවසානයේදී

~~නිපුන සම්පත්~~