වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
සිරි යහනේ , ගහක මල් පිපිලා, සඳකඩ පහනක වැනි ගීතවලට සමහරු ඔබ්බවූ ලිංගික අරුත් සඳහා මමද කිසිසේත්ම එකඟ නොවෙමි. මේ ගීතයෙන් සේකරයන් මෙවැනි අරුතක් ගෙන ආවායයි සිතන්නට බොහෝ දෙනා මැලිවෙති. එය ගීතයට කරනා අගෞරවයක් ලෙසට දකිති. සේකරයන් අද අප අතර සිටියානම් ඔහු මෙය ලියන්නට පාදකවු හේතුව සහ සැබෑ අරුත දැනගන්නට අපට ඉඩ තිබින.
නමුත් කුමරියක පා සළඹ සැලුනා, මිනිසා මරණ තුනක් ඇති, සුමුදු සයනේ වැනි ගිත වල තිබෙනා සුන්දරවූ ඉදිරිපත් කිරීම පිලිගන්නා අතර සේකරයන්ගේ මේ ගීතය සඳා මේ අරුත සෑහෙන දුරකට ගැලපෙනබව පිලිගන්නට මැලිවෙන බොහෝමයක් සිටිති.
සමහරුන් ව්‍යන්ගාර්තය නොදැක මතුපිටින් පෙනෙනා වැස්ස සහ සොබාව සෞන්දර්වයේ ඇගයුමක් ලෙස මෙය පිලිගන්නේ මා කියනා අරුත නිසා සේකරයන්ට නිග්‍රහයක් වේ යැයි සිතනා නිසාත් වෙන්නට ඇත. නමුත් මෙය මා කිසිසේත් එසේ නොදකිමි. මෙය සේකරයන් කිසිවකු නොසිතනා පැතිකඩක් ව්‍යන්ගාර්තයෙන් නිර්මාණයක් ලෙස ඉදිරිපත්කල සුවිසේශී අවස්තාවක් ලෙස දකිමි. ගැරහුම් බැණුම් කොතෙකුත් මේ සඳහා ලැබී ඇත. මෙය කියවන ඔබගෙන් මා ඉල්ලා සිටින්නේ විවුර්ත මනසකින් මේ දෙස බලා සියලු කරුණු කාරනා හොඳින් වටහාගෙන ඔබගේ ස්වාධීන මතය..අදහස පවසන ලෙසටය.
ඔබේ වටිනා අදහස් ගෞරවයෙන් යුතුව පිලිගනිමි.
~~තේජන අබේදීර~~
Clitoria ternatea, commonly known as Asian pigeonwings,[1] bluebellvine, blue pea, butterfly pea, cordofan pea and Darwin pea,[2]is a plant species belonging to the Fabaceae family. The flowers of this vine have the shape of human female genitals, hence the Latin name of the genus "Clitoria", from "clitoris". (Synonyms: Clitoris principissae.).[3](විකිපීඩියාවෙන් උපුටා ගත්තකි)
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......
ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්.....
ගේය පද: මහගම සේකර
ගායනය: පණ්ඩිත් අමරදේව
'වක්කඩ' කියන වචනයත් එක්කම අපට ගැමි පරිසරයක් මවා ගැනීමට අපහසු වෙන්නේ නෑ. මේ වක්කඩ කියනදේ කුඹුරකට අත්යාවශ්ය දෙයක්. කුඹුරකට ජලය හැම විටම ලැබෙන්නේ නෑ. මේ නිසා ඇලකින්, දොලකින්, ඔයකින්, ගඟකින් හෝ වෙනයම් ප්‍රභවයකින් මේ ලැබෙන ජලය මනා ලෙස කලමණාකරණය කරගත යුතුයි. ඒ සඳහා ඉහල දායකත්වයක් සපයන තැනක් ලෙසට 'වක්කඩ' හඳුන්වාදෙන්නට පුලුවන්. වතුර හොඳින් බැස යාමට, ලියැදිවල් පිරුණු වැඩි වතුර පිටාර යැවීමට වක්කඩ උපකාරීවේ. කුඹුරක වක්කඩවල් කිහිපයක් හමුවේ. 'දිය වක්කඩ, ඉස්නං වක්කඩ සහ පා වක්කඩ' ඉන් කිහිපයකි.
ඉතින් මේ වක්කඩක් ලඟ ගමේ කුඩා ළමුන් එකතුවෙන්නේ එහි කුඩා මසුන් ගැවසෙන නිසාවෙන්මයි. බොහෝවිට 'තිත්ත පැටව්' මේ වක්කඩෙහි රැඟුම් දක්වනා අයුරු දැකගැනීමට පුලුවන්.
වැස්ස සමහර වෙලාවට අපට කරදර ගෙන දුන්නද ගැමි පරිසරයකට වැස්ස කියන්නේ ආශීර්වාදයක්. ඇත්තටම නම් මේක වැඩි වශයෙන් සත්යය වන්නේ වියලි කලාපයට සහ ශුෂ්ක කලාපයන්ට. ඉතින් මේ වැස්ස කියනදේ ඔබ හොඳහැටි නිරීක්ෂණය කර තිබෙනවානම් ඔබ විඳලා ඇති වැස්සට කලියෙන් අහසේ විදුලි කොටනවා. මේක හරිම චමත්කාරජනක දර්ශනයක්. මොකද මුලු පරිසරයම අඳුරුයි. වැහි වළාවන්ගෙන් වෙලිලා. ඒ අඳුරත් එක්කම ක්ෂණයෙන් පරිසරයට ආලෝකයක් නුකුත් වෙනවා. ඊට පසුව පොඩි ගෙරවිල්ලකුත් නො එනවා නොවෙයි.
මහගමසේකරයන් මේ ගීතයේ මුල් පද පේලි තුරාවට ගැමි පරිසරයක සුන්දරත්වය අප මනසේ ජනිත කරවනවා. නමුත් ඊලඟ පද වලදී කාන්තාවක් චිත්ත රූපයට ඔබ්බවන්නට ඔහු සමත් වෙනවා.
'කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා'
මෙතැනදී කටරොළු මල් වැට වට කරමින් පිපී තිබීම අඟවන්නේ සුන්දර දෙයක්. ඒ එක්කම 'තුන් දවසක් අමනාපෙන් සිටි' යන යෙදුම සමග අප නොයෙක් ආකාරයට සිතන්නට පොලඹවනවා. මතුපිටින් බැලූවිට නම් පෙනී යන්නේ මේ යුවතිය ඔහු සමග අමනාප වී හිඳ තිබෙනවා කිසියම් දෙයකට. නමුත් මේ 'නෝක්කාඩු බැල්ම' නිසාවෙන් අපට සිතන්නට වෙනවා ඇය ටිකක් ගනන් උස්සන තැනැත්තියක් විලසට. හැබැයි ඇය ඔහුට ආදරෙයි, ඒ බව මෙයින් ඔප්පු වෙනවා. ඊලඟ පද පේලි වලින් ඔහු ඇයගේ ආදරය සහ අවධානය ලබා ගැනීමට ආයාචනා කරන අයුරක් දිස්වෙනවා.
'හිනාවෙයන් කලු හිනාවෙයන්'
නමුත් මෙහි ඊට වඩා ඇතුලාන්තයක් දකින්නට පිලිවන්. මහගමසේකරයන් ආවාට ගියාට වචන යොදාගන්නෙක් නොවන් බව ඔහුගේ නිර්මාණ කියැවූ ඕනෑම අයෙකුට තේරුම් යාවි. මේ නිසාවෙන්ම මේ ගීතයේ 'තුන් දවසක් අමනාපෙන් සිටි කලු' කියන යෙදුම ගැන සලකා බැලීම වටිනවා. කාන්තාව සහ තුන් දවස යන පද අතර යම් ගැලපීමක් තිබෙනවා.
'කිලි' කියනාදේ ඔබ අසා තිබෙන්නට පුලුවන්. අපි මළගෙදරක ගිහිල්ලා ආ විගසම නාලා පිරිසිදුවෙන්නේ මේ 'කිලි' නිසා. අපේ ජන වහරේ තිබෙනවා 'කිල්ලට අහුවෙලා' කියන යෙදුම්. ඉතින් මේ කිලි කියන්නේ අපිරිසිදු බව. නමුත් එය අප දන්න අපිරිසිදු බවෙන් වෙනස්. කාන්තාව සම්බන්දයෙනුත් මේ 'කිලි' කියනා වචනය භාවිතා වෙනවා. ගැහැණු ළමයෙක් මල්වර වීමෙන් පසු ආර්ථවීයව හට ගන්නා ඔසප්වීම නිසා 'කිල්ලක්' ඇතිවෙනවා කියා පිලිගැනෙනවා. මෙම කිල්ල දවස් තුනක් පවතින අතර අවසානයේදී ස්නානය කිරීම මගින් නැතිවී යන බවත් පිලිගැනෙනවා.
ඉතින් මේ ගීතයේ එන'දවස් තුනක් අමනාපයෙන් සිටීම' මේ හා අපූරුවට බැඳෙනවා. ඊට පසු නෝක්කාඩුවෙන් බලන්නේ ඇයි? සමහර විට ලැජ්ජාවට වෙන්නට පිලිවන්. නෝක්කාඩුව යන වචනයේ ආදරය කියනා දේ ගැබ්වෙලා තිබෙනවා. මෙය හුදෙක් ගැහැණුන් සමග යාවන්නක්.

මා සොයුරු වසන්ත යකල්ලෙආරච්චි තවත් අදහසක් එක්කලා. කටරොළු මල යොදාගෙන තියෙන්නෙත් ඔය කියන, මුළු ගීතය පුරාම දිවෙන යටි අදහසටම සංකේතයක් ලෙසට බව ඔහුගේ අදහස. මමත් ඒ අදහසට එකඟ වෙනවා. කටරොලු මල සාමාන්‍ය වයවහාරයේදී නොයෙක් නම් වලින් හැඳින්වෙනවා, Asian pigeonwings,bluebellvine, blue pea, butterfly pea, cordofan pea සහ Darwin pea ලෙස. එහි විද්යාත්මක නාමය වන්නේ Clitoria ternatea. කටරොලු මලට මේ නාමය යොදාගන්නේ එය ස්ත්‍රී බාහිර ලිංගික අවයවයේ ස්වරූපය ගන්නා බැවිනි. "clitoris" යන වචනයෙන් බිඳී ආවකි.
ඉතින් සේකරයන් කටරොලු මලම මේ සඳහා යොදාගැනීම අහඹුවක් විය නොහැකිබව මාගේ මතයයි.
'ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න'
මේ පද පේලි ගැයෙන්නේ මෙතෙක් ගීතයේ ආ තාලය වෙනස් කරමින්. අපි අපේ භාෂාවෙන් කියනවානම් මෙතැනදී පොඩි ගැම්මක් දීල තියෙනවා. සංගීතයත් ඊට අනුරූපීව වෙනස් වෙනවා පමනක් නොව ජීවයක්ද ඇති කරනවා. මෙතැනදී අපට සිතන්නට පිලිවන් මේ දෙදෙනා යම්කිසි ලිංගිල තෘප්තියක් ලබන්නට සැරසෙනවාදැයි කියා. ඒ කොහොම වුනත් මේ සිදුවීම් සොබාදහම සමග ගලපන්නට සේකරයන්ට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.
'ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත හිනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්.....'
මේ අවසාන පද පේලි වලිනුත් අපට පෙනී යනවා මේ තරුණිය තරමක මාන්නයෙන් යුත් එකියක් බව. නැත්නම් ඉතින් හිනාවෙයන් හිනාවෙයන් කියලා කියන්න ඕනේ නැහැනේ. මෙතැනදී මම මාන්නය කියන වචනය භාවිතා කලාට බොහෝ දෙනෙක් එය වරදවා වටහාගනී කියලා හිතනවා. මෙය ගැහැණියක් සතු සුන්දර ක්‍රියාවන් අතරෙන් එකක්. ආදරයක් ඔහේ ගලාගෙන යනවාට වඩා මේ ආකාරයෙන් ගනන් ඉස්සීම් අනෙක් පැත්තෙන් ආයාචනා කිරීම වාගේ තිබෙනා විට එහි තිබෙන සුන්දරත්වය ඉහල යන බව තමයි මගේ අදහස.
මේ ගීතය පිලිබඳ අදහසක් ලියන්න කියලා මට පැවසූ Chemly Davapriya Senerath Kurugamage සොයුරාට ඇත්තෙන්ම ස්තුතිවන්ත විය යුතුයි.
සමහරෙක් මේ ගීතය සඳහා වැස්සක අර්තකතනයක් ලබාදෙන්නේ මා මේ කියනා අරුතට දරුනු ලෙස පහර එල්ල කරමිනි. සොබාව සෞන්දර්යය ගැන කියවෙන්නක් මිස මා මේ කියනා "තුන් දවසේ" සිද්දියක් නොවනාබව ඔවුන්ගේ මතයයි. නමුත් එතැනදී තුන්දවස යන්නට ඔවුන් හරිහැටි පැහැදිලි කිරීමක් ලබානොදේ. ඔවුන් පවසන්නේ වැස්ස නැතිව තුන් දවසක් සිටි බවයි. එසේනම් තුන් දවස යන්නම සේකරයන් යොදාගත්තේ මන්ද යන්න ගැටලුවකි. එලිසමයට හෝ තාලයට යතියට හානියක් නොවන පරිද්දෙන් තුන් දවස යන්න වෙනුවට වෙන පදයක් යොදාගැනීමේ හැකියාව සේකරයන්ට තිබුන බව ඔබ නොපිලිගන්නේද?.
තුන් දවස අවසනදී සේකරයන් නෝක්කාඩු බැල්මක් ගැන පැවසීමද ඔවුන් හරිහැටි පැහැදිලි කරන්නේ නැත. එම නෝක්කාඩු බැල්ම වැස්සක් සමග යාවෙන අන්දම පැහැදිලි කිරීම කණා කොකාගේ සුද කීවාක්මෙනි.
නමුත් මේ අර්තකතනයේදී එය ඉතාම පැහැදිලිව විස්තර කල හැකිය. තුන් දවස ඇතුලත කිසිම එකතුවීමකට දෙදෙනාට ඉඩකඩ නොමැත. එය අවසානයේදී කාන්තාව නෝක්කාඩු බැල්ම හෙලන්නේ ආදරයක් සමගින් තම සහකරුවාගේ ඇරයුමට දෙන පිලිතුරක් ලෙසට බව සිතීම වරදක් ලෙස නොදකිමි.
'ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න'
මේ පද පේලි ගැයෙන්නේ මෙතෙක් ගීතයේ ආ තාලය වෙනස් කරමින්. අපි අපේ භාෂාවෙන් කියනවානම් මෙතැනදී පොඩි ගැම්මක් දීල තියෙනවා. සංගීතයත් ඊට අනුරූපීව වෙනස් වෙනවා පමනක් නොව ජීවයක්ද ඇති කරනවා. මෙතැනදී අපට සිතන්නට පිලිවන් මේ දෙදෙනා යම්කිසි ලිංගිල තෘප්තියක් ලබන්නට සැරසෙනවාදැයි කියා. ඒ කොහොම වුනත් මේ සිදුවීම් සොබාදහම සමග ගලපන්නට සේකරයන්ට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.
'ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත හිනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්.....'
මේ අවසාන පද පේලි වලිනුත් අපට පෙනී යනවා මේ තරුණිය තරමක මාන්නයෙන් යුත් එකියක් බව. නැත්නම් ඉතින් හිනාවෙයන් හිනාවෙයන් කියලා කියන්න ඕනේ නැහැනේ. මෙතැනදී මම මාන්නය කියන වචනය භාවිතා කලාට බොහෝ දෙනෙක් එය වරදවා වටහාගනී කියලා හිතනවා. මෙය ගැහැණියක් සතු සුන්දර ක්‍රියාවන් අතරෙන් එකක්. ආදරයක් ඔහේ ගලාගෙන යනවාට වඩා මේ ආකාරයෙන් ගනන් ඉස්සීම් අනෙක් පැත්තෙන් ආයාචනා කිරීම වාගේ තිබෙනා විට එහි තිබෙන සුන්දරත්වය ඉහල යන බව තමයි මගේ අදහස.
මේ ගීතය පිලිබඳ අදහසක් ලියන්න කියලා මට පැවසූ Chemly Davapriya Senerath Kurugamage සොයුරාට ඇත්තෙන්ම ස්තුතිවන්ත විය යුතුයි.
සමහරෙක් මේ ගීතය සඳහා වැස්සක අර්තකතනයක් ලබාදෙන්නේ මා මේ කියනා අරුතට දරුනු ලෙස පහර එල්ල කරමිනි. සොබාව සෞන්දර්යය ගැන කියවෙන්නක් මිස මා මේ කියනා "තුන් දවසේ" සිද්දියක් නොවනාබව ඔවුන්ගේ මතයයි. නමුත් එතැනදී තුන්දවස යන්නට ඔවුන් හරිහැටි පැහැදිලි කිරීමක් ලබානොදේ. ඔවුන් පවසන්නේ වැස්ස නැතිව තුන් දවසක් සිටි බවයි. එසේනම් තුන් දවස යන්නම සේකරයන් යොදාගත්තේ මන්ද යන්න ගැටලුවකි. එලිසමයට හෝ තාලයට යතියට හානියක් නොවන පරිද්දෙන් තුන් දවස යන්න වෙනුවට වෙන පදයක් යොදාගැනීමේ හැකියාව සේකරයන්ට තිබුන බව ඔබ නොපිලිගන්නේද?.
තුන් දවස අවසනදී සේකරයන් නෝක්කාඩු බැල්මක් ගැන පැවසීමද ඔවුන් හරිහැටි පැහැදිලි කරන්නේ නැත. එම නෝක්කාඩු බැල්ම වැස්සක් සමග යාවෙන අන්දම පැහැදිලි කිරීම කණා කොකාගේ සුද කීවාක්මෙනි.
නමුත් මේ අර්තකතනයේදී එය ඉතාම පැහැදිලිව විස්තර කල හැකිය. තුන් දවස ඇතුලත කිසිම එකතුවීමකට දෙදෙනාට ඉඩකඩ නොමැත. එය අවසානයේදී කාන්තාව නෝක්කාඩු බැල්ම හෙලන්නේ ආදරයක් සමගින් තම සහකරුවාගේ ඇරයුමට දෙන පිලිතුරක් ලෙසට බව සිතීම වරදක් ලෙස නොදකිමි.
සිරි යහනේ , ගහක මල් පිපිලා, සඳකඩ පහනක වැනි ගීතවලට සමහරු ඔබ්බවූ ලිංගික අරුත් සඳහා මමද කිසිසේත්ම එකඟ නොවෙමි. මේ ගීතයෙන් සේකරයන් මෙවැනි අරුතක් ගෙන ආවායයි සිතන්නට බොහෝ දෙනා මැලිවෙති. එය ගීතයට කරනා අගෞරවයක් ලෙසට දකිති. සේකරයන් අද අප අතර සිටියානම් ඔහු මෙය ලියන්නට පාදකවු හේතුව සහ සැබෑ අරුත දැනගන්නට අපට ඉඩ තිබින.
නමුත් කුමරියක පා සළඹ සැලුනා, මිනිසා මරණ තුනක් ඇති, සුමුදු සයනේ වැනි ගිත වල තිබෙනා සුන්දරවූ ඉදිරිපත් කිරීම පිලිගන්නා අතර සේකරයන්ගේ මේ ගීතය සඳා මේ අරුත සෑහෙන දුරකට ගැලපෙනබව පිලිගන්නට මැලිවෙන බොහෝමයක් සිටිති.
සමහරුන් ව්‍යන්ගාර්තය නොදැක මතුපිටින් පෙනෙනා වැස්ස සහ සොබාව සෞන්දර්වයේ ඇගයුමක් ලෙස මෙය පිලිගන්නේ මා කියනා අරුත නිසා සේකරයන්ට නිග්‍රහයක් වේ යැයි සිතනා නිසාත් වෙන්නට ඇත. නමුත් මෙය මා කිසිසේත් එසේ නොදකිමි. මෙය සේකරයන් කිසිවකු නොසිතනා පැතිකඩක් ව්‍යන්ගාර්තයෙන් නිර්මාණයක් ලෙස ඉදිරිපත්කල සුවිසේශී අවස්තාවක් ලෙස දකිමි. ගැරහුම් බැණුම් කොතෙකුත් මේ සඳහා ලැබී ඇත. මෙය කියවන ඔබගෙන් මා ඉල්ලා සිටින්නේ විවුර්ත මනසකින් මේ දෙස බලා සියලු කරුණු කාරනා හොඳින් වටහාගෙන ඔබගේ ස්වාධීන මතය..අදහස පවසන ලෙසටය.
ඔබේ වටිනා අදහස් ගෞරවයෙන් යුතුව පිලිගනිමි.
~~තේජන අබේදීර~~
Clitoria ternatea, commonly known as Asian pigeonwings,[1] bluebellvine, blue pea, butterfly pea, cordofan pea and Darwin pea,[2]is a plant species belonging to the Fabaceae family. The flowers of this vine have the shape of human female genitals, hence the Latin name of the genus "Clitoria", from "clitoris". (Synonyms: Clitoris principissae.).[3](විකිපීඩියාවෙන් උපුටා ගත්තකි)
27 comments:
I had a doubt regarding this song since this some ppl gave this meaning and others said that this is nothing but Sekara is admiring nature.
However you have some valid points here.
Use of word such as Thun dawasak, Katarolu mal lead us to think out of the box.
I admire your courage to bring this up. Keep it up bro.
Interesting. One of the nice creations of Mahagamasekara.
Magamasekarayan godak translation karala thiyenawa. Patu adahas eyin ekak. ewa arunahama ohuge nirmana wala sebe sundarathwayak thiyenawa. a wagema kelin dewal kiyanawata wada ohu wyangen dewal labadenna dakshayek. wakkada langa kiyana sinduwata me deela thiyena arthakathanaya gena mama kalpana kala. matath godak dena kiyala thiyanawa me sinduwata weradi terumak deela thiyenawa osap weemak gena kiyala. eth mekedi thejana kiyala thiyena dewal ekka sinduwe teruma pehedili kerenawa. api gamuko me thun daswsa kiyana eka. eka gehenunge osap weema ekka bendenne me thun dawasa kiyana de nisama neweyi. nokkadcu belmen beluwa kiyana kotasa ekata sahaya denawa.
wessak gena kiyanawanam nokkadu belmak ekka kisi gelapeemak nehe.
mama kiyewwa me sinduwata Medananda hamuduruwo liyala thibuna wicharayak. eke kiyanne wessak gena. hamuduruwo kiyanawa kalu kiyala amathala thiyenne wehi wala kulatalu. ehenam thun dawasak wahinne nethuwa indala wehi walakulu nokkadu belmak helanne ae?
thejana kiyanawa wage meke mathupita arthaya nemeyi hithanata one wyangarthaya samaga gelapena arthaya. katarolu mala gena sinduwe kiyala thiyenawa. eka gaththa eketh gelapeemak thiyenawa.
thejanage pehedili kireema hari kiyala mama hithanawa.
තව කුණුහරුප අර්ත ටිකක් දාන්න බලන්න. අයියෝ.. පිස්සු නැත්නමි හොදයි.
//තව කුණුහරුප අර්ත ටිකක් දාන්න බලන්න. අයියෝ.. පිස්සු නැත්නමි හොදයි.//
ඔබ එකඟ නොවෙන තැන් වලට ඔබේ පැහැදිලි කිරීම ලබාදුන්නානම් වටිනවා..
ඒ වගේම ගූගල් අකවුන්ට් එකකින් අදහස් දුන්නානම් ඇනෝ කෙනෙක් නොවී තවත් වටිනවා..
hatiyatama hari theruma.man piligannawa.mrka thama theruma
Bohoma Sthuthiyi Manuka obage adahas walata
I read few times and still, I don't understand the meaning.
Why do they have to make it so hard to understand?
මේ ගීතයට වගේම තවත් බොහෝ සිංහල ගීතවලට මෙවැනි ලොවෙත් නැති අර්ථකථනයන් කොතෙකුත් මේ වෙබ් අවකාශයේ මම දැකල තියෙනව. මේ ගීය ගැන රූපවාහිනියේ පවා මේ මෑත අතීතයේ පැහැදිලිවම කීව තේරුම මොකක්ද කියල.
මේ ලිපියේ කියන විදිහටම ඕනෑම නම් තිත්ත පැටියා කියන එක පුරුෂයෙක් ගේ ශිෂ්ණය කියලත් ගන්න පුළුවන් මයේ හිතේ! ඒකටම දාල ඕන නම් ඔය විදුලිය කෙටුවා කියන එක ගන්න පුළුවන් ඕගැස්ම් එක විදිහටත්. තව තව කුණුහබ්බ ඕනෑම නම් දාගන්න පුළුවන්. ( "කුණුහබ්බ" යනු අදහසට මෙලෝ අලබෝලයක සම්බන්ධයක් නැති වචන.)
ඔය වගේ ගීතයක පද වලට එපිටින් එහි උපමා රූපක වලට හාත්පසින්ම එපිටින් ඇති මනෝමය අර්ථකථන දෙන එක සමහර අයට බොහොම ආශ්වාදජනක දෙයක් ( එය මේ ලිපිකරුම කියනවා මේ ලිපියේදී නම් )
ලිංගිකත්වය අමුතු කුණුහරුපයක් කළ ලාංකික විකෘති සංස්කෘතියේ ප්‍රතිඵල විදිහටයි මම මෙය දකින්නෙ.
බොහොම ස්තුතියි උපුල් මහතා ඔබේ අදහස් වලට..
ඔබටනම් ලිංගිකත්වය යනු මහා කුනුහරපයක් බව මේකෙන්ම පේනව. ශුංගාරයේ ඇති රසය මිසක මෙතන කිසිම කුනුහරපයක්නම් මම දකින්නෙ නෑ. රුපවහිනියෙ ගියා කියල ඒකම පිලිගන්න ඕනෙද. කැම්පස් ගිය කෙනෙක්නම් දන්නව ඇති මේ වගේ දේවල වලට මොන තරම් අර්තකතන දෙනවද කියල. ගැලපෙන අර්තකතනයක් නම් මම ඒක පිලිගන්නව.
බොහොම ස්තුතියි ඩිශාන් ඔබගේ අදහස් වලට..හැම ගීතයක්ම අපිට ඕන ලස්සන, සුගම සරල බසින්ම වගේම එවැනි තේරුමකින්ම ලියැවෙන්නේ නෑ..ගීත රචකයාගේ මනසේ තෙරපෙන, ගීත රචකයා කුල්මත් කරන අදහස් අනන්තවත් නිර්මාණ ලෙස එලිදකිනවා. ව්‍යංගාර්ථය මගින් ඇතැම් සිද්දීන් කියා පාන්නට නිර්මාණකරුවන් දක්වන හැකියාව බොහෝ නිර්මාණ වලදී අපට දක්නට ලැබෙනවා...
අප ගෝචර කරගන්නා දෙය තවකෙක් ගෝචර කර ගන්නා අයුරු වෙනස් වෙන්නට පුලුවන්..මෙම ගීතය එයට කදිම උදාහරණයක්...
මා දන්නා විදිහටනම් මෙය බිරිඳගේ මාසික ආර්ථවය සමයේ ලිංගිකව එක්වීමට නොහැකි වීම නිසා එක්තරා සමියෙකුගේ සිතට ආ මනෝභාවයක් ලෙසටයි .
මටත් ඔය අත්දැකීම සාමාන්‍ය දෙයක් ,තුන් දවසට පසුව පිරිමියා ගැහැණිය වටේ එක එක මුකුළු කරමින් ගැහැනියත් බොරුවට ගනන් උස්සමින් කාම සම්බෝගයට ලෑස්ති වෙනවා.මමත් තේජනගේ අදහසට එකගත්වය ප්‍රකාශ කරනවා ...ස්තුතියි
මමත් තේජනගේ අදහසට එකගත්වය ප්‍රකාශ කරනවා .
මේ ගීතයේ තේරුම ලියපු එකේ පොඩි අඩුපාඩු තැන් දෙක තුනක් දැක්කා. පහල ලින්ක් එක බලන්ඩ
http://www.youtube.com/watch?v=dv_y4UsIoe0&list=RDdv_y4UsIoe0
Meka godak hodai kiyala muladi penunata katawath hina wenna kiyana arayumawath mage hitha hinawakin purawala hina wenna kiyanna ekawath pahadili Karann bari wela tiyenawa.sex gana hithana kenkta meka teren na. Meka terenne sex walin ehata hithala adare karanna puluwan kenekta.
මෙය විකෘති අර්ත නිරූපණයකි. පෙලින් පෙල නොදක්වා කෙටියෙන් කිවහොත්, බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී ඇත්තේ මේ තුන්දවසයි.ස්ත්‍රියකගේ ඔසප් කාලය තුන්දවසද? එය කාන්තාවගෙන් කාන්තාවට වෙනස්වේ. දින2 සිටදින 5-6 දක්වා සිදුවන කාන්තාවන් සිටීම සාමාන්‍යයෙන් අප කවුරුත් දන්න දෙයක්.ඉතින් මහගමසේකර එය දින3 average කලා කියන්නෙ ,එතුමාට කරන විහිලුවක්. මෙහි කලු හෙවත්..මේඝ වලා,අදුරු වැහි වලා නිරූපණය වන්නක්. මේ වගේ මහ වැස්සක් එක පාර වහින්නෙ නෑ.මෝසම් වර්ෂාවකට කලින් අපේ පරිසරයේ වෙනස්වීම් අපේ ගැමියො දන්නව.වැස්සක් අපේක්ශා කරන පරිසරයත්,වර්ෂාව අපේක්ශා කරන හිතකුත් මෙහි සමාන්තරව ගලා යනව. ඉතින් එක පාරට වැස්සෙ නෑ.කලුවලා, මේඝවලා දින 3 තිස්සෙ අහසේ එකතුවෙලා, වැහි පෙරනිමිති හදලා, වහින නොවහින සේයා මතුකරලා අවසානයේ නෝක්කඩු බැලමක් හෙලනව.පොඩි හිනාවක් එක්ක. මේ හිතට ඒක මදි.ඔහුට ඕනි මහවැස්සක්.ඔහු ඉල්ලනව කලු තව හිනාවෙන්න කියලා.
කළු නම් ගැහැණිය සහ කළු වලාකුල..පරිසරය සහ ප්‍රේමය බද්ධවූ රචනයක්...දෙකම ගැන ලියනවා...තුන් දවසෙ කතාව එන්නෙ ගීතය මැදදී.එතකොට මුල ඉදන් එන පරිසර වර්ණනාව...එකවරම ඔසප් වීම ගැන කියල හිතන්්න අමාරුයි..සේකර ප්‍රබලව පරිසරය වනනවා මේ ගීතයේදී...ඒ සියල්ල ඔහු ගැහැනු හු....යට කලා කියන්න අමාරුයි....
දිමුත්
මේක පටලවගෙන.තියෙන්නෙ කටරොලු මලට කියන ඉංග්‍රීසි තේරුම දකිනවා .නමුත් මල් පොකුරේ වැට වට කලාම නිල් පැහැය අහසට සමාන කරන්නයි කටරොලු මල අරන් තියෙන්නෙ...10% වත් මිනිස්සු නොදන්න ඉංග්‍රීසි වචනයක් ව්‍යාංගර්තයක් ලෙස ගන්න සේකරට පිස්සු නැහැ...සේකර.කොහෙද.මොන නිර්මානයේද ලිංගිකත්වය මතු.කලේ...අද නිර්මාන කරන අයත් අහන.අයත් මනුස්සකම,පරිසරය...මේ වගේ අදහස් නැති නිසා බංකොලොත් වෙලා ඉන්නෙ...ඉතිං ඕනම දේකට ලිංගිකත්වය.තමයි ලාබෙට.ලියන්නෙ...දිමුත්
කටරොල් මලේ.පැහැය..sky blue
මේ අයට තවම නිල් කටරොලු මල් ගොමුවේ පැනි උරනා සමනලයෙක් ගීතය අහුවෙලා නැහැ.එහෙනම් කියයි..තමන්ගෙ.පුතා කාන්තාවකට අපචාරයක් කරල සිර ගෙදරින් නිදහස් වන විට පියෙකුට දැනෙන හැගීම කියා...සමහරවිට ගීත රචකයා.මැරෙන.කල් බලං ඉන්නවද දන්නෙ නැහැ..සේකරට කලා වගේ...අනේ...කරුණාකර.මැරෙන්න කලින් මෙම ගීතය ගැන රචකයා සිතූ.දේ ගීත රචකයාම කියන්න.නැත්නම් ඔබ දහස් වාරයක් මරා.දමයි මේ නව රැල්ලේ බංකොලොත්...
ගැමි ස්වාමිපුරුෂයෙක් සහ බිරිඳක් අතර පවත්නා ආදර සබඳතාවයේ ස්වභාවය සහ එය ඉතාම කෙටි කලකට වුවද පලුදු වීමෙන් දැනෙන වේදනාව දුක උසුලා සිටිය නොහැකි බව සහ එම සබඳතාවය නැවත තහවුරු වීමෙන් දැනෙන ප්‍රීතිය සංකල්ප රූප මනාව ගලපමින් ප්‍රතිනිර්මාණය කර ලියු මෙම ගීය මානසික රෝගීන් විසින් මෙලෙස අර්ථකථනය කිරීම අපරාධයකි.
💚
Post a Comment