ගීත 6,600 ක තනු නිර්මාණය සුලුපටු නොවේ...

වීරසිංහ ආරච්චිලාගේ එඩ්වඩ් ස්ටැන්ලි පීරිස් උපත ලබන්නේ 1941 ජූනි මස 12 වනදා නුවරදීය. නුවර ශාන්ත අන්තෝනි විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන එතුමා පසුව ශ්‍රී ලංකා නාවික හමුදාවට සම්බන්ධවේ.
තමා ඉගෙනගත් පාසලේම ගුරුවරයෙක් ලෙස සේවය කරන ඔහු කණ්ඩායම් සංගීතය කරාද යොමුවේ.

ස්ටැන්ලි පීරිස් මහතාව අප කවුරුත් හඳුනාගෙන තිබෙන්නේ තනු නිර්මාපකයෙක් සහ සංගීතඥයෙක් ලෙසටයි. 'ෆෝචූන්ස්' සංගීත කණ්ඩායමේ නායකයා ලෙස මෙන්ම සැක්සෆෝන් වාදකයෙක් ලෙස ඔහු කටයුතු කර තිබෙනවා.
මූන්ස්ටෝන්, ධර්මරත්න බ්‍රදර්ස්, ලා බම්බාස් ආදී කණ්ඩායම් සංගීතය ජනප්‍රිය වීම ආරම්භ වන්නේ හැට හැත්තෑව දශකවල. මෙල්රෝයි ධර්මරත්න, රොනල්ඩ් ධර්මරත්න, ක්‍රිස්ටි ධර්මරත්න හා මැක්ස්වල් ධර්මරත්න යන සහෝදරයන් හතර දෙනාගේ එක් වීමෙන් 'ධර්මරත්න බ්‍රදර්ස්'ද, ප්‍රියා පීරිස්, බ්‍රයන් ප්‍රනාන්දු, රොලින්සන් ප්‍රදිනාන්දු, ලෙස්ලි ප්‍රනාන්දු හා එරින්ටන් පෙරේරා එකතුවෙන් 'ලා බම්බාස්' ද ක්ලැරන්ස් විජේවර්ධන සහ ඇනස්ලි මාලේවන එකතු වී 'මූන්ස්ටෝන්' ද නිර්මාණය වෙනවා.
මොවුන් තරම්ම මුල් කාලයේදී ජනප්‍රිය නොවුනත් ස්ටැන්ලි පීරිස් හට වෙනමම ගමනක් යන්නට උවමනා විය. ෆෝචූන්ස් කණ්ඩායම සමග සංගීත නිර්මාණ වලට දායක වීමට අවකාශ ලබාගන්නේ ඔවුන්ගේ දක්ෂතා මහින් 'විජය කොරයා' මහතා හඳුනාගන්නා නිසාවෙනි.

පසුව 'ගැලැක්සීස්' සංගීත කණ්ඩායම පිහිටුවන්නේ ඔහුගේ ගෝලයෙකු වන රූකාන්ත ගුණතිලක, මහින්ද බණ්ඩාර සහ කීර්ති පැස්කුවෙල් එකතු කර ගනිමින්.

ඔහුගේ ප්‍රථම ගී තනු නිර්මාණය වන්නේ කේ.ඩී.කේ. ධර්මවර්ධන විසින් රචිත මිල්ටන් මල්ලවාරච්චි ගායනා කළ 'අමා රන් හැඟුම් පිරී' ගීතයයි.

ස්ටැන්ලි පීරිස් මහතා විසින් තනු නිර්මාණය කිහිපයක් පහත සඳහන් කරමි.

නන්දා මාලනිය ගයන
කලා වැවෙන් ගත් දිය දෝතක් සේ - මහාචාර්ය සුනිල් ආරියරත්න
කුරුටු ගෑ ගී පොතේ - මහාචාර්ය සුනිල් ආරියරත්න
ජේසු ස්වාමිදරුවනේ - මහාචාර්ය සුනිල් ආරියරත්න
හෙවණැලිද ඉකිබිඳී ඝණ අඳුරේ - මහාචාර්ය සුනිල් ආරියරත්න
කාලයේ වැළි තලාව පහුරුගා - මහාචාර්ය සුනිල් ආරියරත්න

පණ්ඩිත් අමරදේවයන් ගයන,
තරු අරුන්දතී නෙතු පහන් නිවා - ආචාර්ය අජන්තා රණසිංහ

මිල්ටන් මල්ලවාරච්චි ගයන,
අමා රන් හැඟුම් පිරී - කේ.ඩී.කේ. ධර්මවර්ධන
හද පතුලේ - කේ.ඩී.කේ. ධර්මවර්ධන
කඳුළකදෝ සැඟවී උන්නේ - ඩොනල්ඩ් අයිවන්
සමනල් තටු විසිරී ඇත - තිලක් කොස්ලන්ද
රෑ වීලා ඇයි මේ උදේ - ආචාර්ය අජන්තා රණසිංහ
නාමල් තලාවේ නිමවු අතීතේ - උපාලි ධනවලවිතාන
වීදි කොනේ මාවත අද්දර - ආචාර්ය අජන්තා රණසිංහ
හඬන්නෙපා දැන් - කේ.ඩී.කේ. ධර්මවර්ධන

වික්ටර් රත්නායකයන් ගයන,
මල් පොකුරු පොකුරු ඇය එන මඟ - ආචාර්ය අජන්තා රණසිංහ
කඩුපුල් තලා - කුලරත්න ආරියවංශ
එක කුඩයක් යට ගෑවි නොගෑවී - දෙල්තොට චන්ද්‍රපාල

නිරංජලා සරෝජිනී ගයන,
කෙදිනද කූඩු හදන්නට එන්නේ - ප්‍රේමකීර්ති ද අල්විස්
ඔබ දැකගැනීමේ - ප්‍රේමකීර්ති ද අල්විස්

TM ජයරත්න ගයන,
සිතින් මා නොසැලී
චණ්ඩිකමට රණ්ඩුවක්
කුරහන් යායේ

සුජාතා අත්තනායක ගයන,
හතර වටින් කලු කරගෙන

රෝහන බෝගොඩ ගයන,
නෙතින් නෙත බලාලා - දයා ද අල්විස්

ග්‍රේෂන් ආනන්ද ගයන,
හවසට පායා
තරු යායේ

චන්ද්‍රිකා සිරිවර්ධන ගයන,
ඉගිල්ලිලා යන්න යන්

ප්‍රියා සූරියසේන ගයන,
ඇසුරින් මිදීලා
මගේ ලමැද
ජීවිතේ මගේ ඔයා කියාලා
හදවත ඉල්ලා
සඳ තාරකා හඬාවී

දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගයන,
සිත පෙළා දී දඬුවම් - මහාචාර්ය සුනිල් ආරියරත්න
නාඹර පැණි කිරිල්ලියන් - රවී සිරිවර්ධන

නිරෝෂා විරාජිනී ගයන,
සීගිරි ගීයක් ඔබේ හදවතේ - මහාචාර්ය සුනිල් ආරියරත්න
මෙහෙව් රටේ රංචාගොඩ ඉපදිලා - බන්දුල නානායක්කාරවසම්

මීට අමතරව සුනිල් එදිරිසිංහ, ඉන්ද්‍රානි පෙරේරා, රූකාන්ත ගුණතිලක, රාජු බණ්ඩාර, නෙලූ අධිකාරි, ලතා වල්පොල, ක්ලැරන්ස් විජේවර්ධන, සනත් නන්දසිරි, අබේවර්ධන බාලසූරිය, එච් ආර් ජෝතිපාල, සමන් ද සිල්වා ආදී බොහොමයකට තනු නිර්මාණ කර ඇත.

ස්ටැන්ලි පීරිස් යනු ඕනෑ වෙලාවක මිනිස්සුන්ට අතහිත දීමට නොපැකිලව ක්‍රියා කළ අයෙක්. සමහරවිට ඔබ නොදන්නවා ඇති කීර්ති පැස්කුවෙල් ගායනා කරන 'රන්තරු පායන' නමැති ගීතය මොහුගේ නිර්මාණයක් මෙන්ම මුල් ගායනයත් ඔහුගේ බව.
එවකට ෆොර්චූන් සංගීත කණ්ඩායමේ නායකයා වශයෙන් ක්‍රියා කරන්නේ ස්ටැන්ලි පීරිස්. පද්මසිරි පැස්‌කුවෙල් ෆොර්චූන් සංගීත කණ්‌ඩායමේ ගිටාර් වාදකයෙක් ලෙස කටයුතු කරනවා. ඔහුගේ සොහොයුරා තමයි කීරිති පැස්කුවෙල්. ඔහු ඒ කාලයේ පාසල් ශිෂ්‍යයෙක්. ස්ටැන්ලි පීරිස් මේ ගීතය තම සංගීත කණ්ඩායම සමග ගායනා කලත් එය පටිගත කිරීමක් කරන්නේ නැහැ.
කීරිති පැස්කුවෙල් මේ ගීයට ආශාවෙලා ස්ටැන්ලි පීරිස් මහතාගෙන් ඉල්ලා සිටිනවා එය පටිගත කොට ගයන්නට.
ස්ටැන්ලි පීරිස් කැමැත්තෙන්ම ගීතය ලබාදෙනවා. පසුව කීර්ති පැස්කුවෙල්, තමාගේ පළමු කැසට් පටයට 'රන්තරු පායන' ගීතය ගයනවා.

මෙතුමා ගීත 6,600 පමන ප්‍රමාණයක් නිර්මාණය කිරීමට දායක වී තිබෙන අතර ගීත ඇල්බම 700 පමන ප්‍රමාණයකට දායකත්වය ලබාදී තිබෙනවා. ජෝතිපාලයන්ගේ සිට අමරදේවයන් දක්වා විශාල පරාසයක ගායක ගායිකාවන්ට තනු නිර්මාණය කර දීම සුලුපටු කාර්යයක් නොවේ. එනිසාවෙන්ම ස්ටැන්ලි පීරිස් යනු සිංහල සංගීතයේ දැවැන්ත චරිතය්ක් බව නොකිවමනාය.

2000 වසරේ ඔක්තෝම්බර් මස 13 වනදා ඔහු සදහටම අපෙන් සමුගන්නේ සංගීත ක්ෂේත්‍රයේ මතකයක් බවට පත්වෙමින්.

~තේජන අබේදීර~


2 comments:

Anonymous said...

ඉතාම විශිෂ්ට කාලෝචිත බ්ලොග් ලිපියක්. අද ඇසෙන බොල් සංගීතයත් හරසුන් වචන වල මළ අදෝනාව පුම්බනු වෙනුවට සදාකාලයටම රස විදිය හැකි මේ නිර්මාණ ගැන කතා කිරීමෙන් යහපත් දේ කරන නවකයන්ටද මෙය කදිම ආදර්ශයක් වනු ඇත.
තේජන ඔබගේ උත්සාහයට බොහොම පිං බොහොම ස්තූතියි.
ජය වේවා ..!!

තේජන අබේදීර said...

බොහොම ස්තුතියි ඔබට