Monday 2 November 2015

ප්‍රේමය පුදදී අවසානයි...

ප්‍රේමය පුදදී අවසානයි ඔහු සතුවී කාලය බොහොමයි...
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න..

පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි...
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න....

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්...//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න

ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න...
ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්...//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න
වත ගෙන යන්නම් දුරට
සිතනම් බැහැ ගෙන යන්න...

ගායනය : චාමර වීරසිංහ සමඟ රාජිකා ප්‍රසාදිනී
ගී පද : සී. එන්. ඕමන්තගේ
සංගීතය : ජයලත් වටවල

චාමර වීරසිංහ ගායනා කරන තවත් එක ප්‍රේමයක්. වරද කාගේ වුණත් ඇය ඔහුගෙ ආදරයට පිටුපාලා වෙනත් තරුණයෙකු විවාහ කරගන්නවා. තමන්ට පිටුපාලා ගිය ඇයව හොයාගෙන ඔහු ඇගේ වත්මන් කැදැල්ලට යනවා. අතිශය සුන්දරයි මේ හමුවීම. හේතුව, ලෝකය අසම්මතයි කියන සමහර හමුවීම් ඇතුළෙ අමුතුම සුන්දරකමක් තියෙන නිසා.
බැලූ බැල්මට මේ ගීතයේ කතානායකයා මේ කියන කතාව ඇතුළෙ ඔහු මේ කරන්නෙ 'තහනම් ගහේ ගෙඩි කෑමක්ද' කියන සාධාරණ සැකය අපිට මතුවෙනවා. සරලවම කිව්වොත් ඒ සැකය පවා අතිශය සොඳුරුයි.
කොහොම වුණත් කාලයකට පස්සෙ තමන්ගෙ පරණ පෙම්වතියව හමු වුණ මේ පෙම්වතාට මේ තහනම් සෙවණට සමු දෙන්න හිත දෙන්නෙ නෑ. ඔබත් පොඩ්ඩක් හිතලා බලන්න. කාලයක් ආදරෙන් හිටපු හිතක් අහම්බෙන් හෝ යළි හමු වුණාම අපි හැමෝම උත්සාහ කරන්නෙ තව තත්පරයක් හෝ ඒ හිත යට ඇලවිලා ඉන්න. එහෙම නේද?
'තහනම් සෙවනෙන් යන්න' කියලා මේ පරණ පෙම්වතිය කිව්වත් ඇය පවා එහෙම කියන්නෙ හිතකින් නොවන වග මට හිතෙනවා. අර කතාවක් තියෙනවානෙ 'අළුත් ආදරේට වඩා පරණ ආදරේ සුවඳයි' කියලා. ඇයටත් එහෙම දැනෙනවා ඇත
එහෙනම් අහලම බලන්න. දැහැන්ගත වෙලා.
සහෘදය, අසම්මතය හරි රහයි............

ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බොහොමයි...
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න..

කොතරම් ආදරය කරත් පෙම්වතා මේ මොහෙත වන විට පරාද වී අවසන් පෙම්වතිය දැන් වෙනත් අයෙක් හා විවාහ වී සිටි එහෙත් තාමත් පෙම්වතිය නැති දුක පාලුවට තදින්ම පෙම්වතාට දැනේ... වරදක් බව දැනුනත් මේ මොහොතේ එය වරදක් බව පෙම්වතාට නොහැගේ...

පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි...
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න....
තමාගැන ඇති මතකයන් අමතක කර දමන ලෙස බැගැපත් ආයාචනයක් පෙම්වතිය කරයි නොකියා පවසන්නේ තාමා දැන් වෙනත් අයෙකුට අයිතියි එම නිසා ඔබත් පරන මතකයන් අමතක කර දමා අලුත් ජීවිතයක් ගත කරන ලෙසයි... පෙම්වතිය එසේ කී පමනින් සියල්ල අමතක දැමිය හැකිද ඇගෙන් ඈතට යා හැකිද....

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්...//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න...
ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්...//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න
වත ගෙන යන්නම් දුරට
සිතනම් බැහැ ගෙන යන්න...
·································································


~~මනෝජ් අසංක~~



5 comments:

Malika said...

niyamayi mathakayan aathata diwa yanawa. mama me sinduwa ahuwe godak kalekata kalin. Chamara kiyana wenas akarayaka geethayak. sthuthi share kalata..

Nimesha Boralessa said...

Chamara mul kale kiyapu sindu bas sindu kiyala peththakata dapu ayama den Chamarage guna agayanawa. Ekata hethuwa une ma nowana ma ekedi Chamara gayapu Chandra mandale setepunu geethaya saha ehidee ohu katha karapu wilashayata.
Namuth mul kaledi me sinduwa athulu Chamarage lassana sindu ahanna boho dena neburu wuye ne. Rajika ekka kiyana me sinduwa lassanama ekak.
Terumakuth tiyenawa lassana.

Upul Gayanath said...

ගොඩක් ආස සිංදුවක්

Nadun Siriwardane said...

චාමර මුල් කාලයේ ගායනා කල ගීතයක් මේක. නුගේගොඩ හතේ කණුව පහුකරගෙන යනකොට චාමරගේ සහ රාජිකාගේ ෆොටෝ එකක් එක්ක මේ සිංදුවේ පොස්ටර් එකක් තිබුනා. ඒකෙන් දැකලා තමයි මම මේ සිංදුව ඇහුවේ. සින්දුව ගැන කියනවනම් ලස්සන ගායනයක් දකින්න පුලුවන් දෙන්නගෙන්ම.

චතුරංග බුද්ධික said...

විවාහ වෙච්ච කෙනෙක් හෝ සම්බන්ධයක් තියෙන කෙනෙක් ඒක තියෙද්දීම පටන් ගත්ත වෙන සම්බන්ධයක් කියන අරුත වුණත් ගලපන්ට පුලුවන්...
මොකක් හෝ දෙයක් නිසා දෙවැනියට පටන් ගත්ත දේ නතර කරන්ට යනවා.
ඒත් ඒ දෙවැනියාට ඕනෑ කරන්නේ තහනම් විදිහට හරි අර ආදරය විඳින්ට...