Tuesday 21 February 2017

තුන් හෙලේ කැලෑ තුළ

"" තුන් හෙලේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටුකර යදැලින් ඇති සිංහ පැටව්
විලි වැද යති දැක හෙළයන්.....""

** තුන් හෙලය..ඔබ දන්නවා ඇති අපේ රට පෙර රුහුණු, මායා, පිහිටි, නමින් කොටස් තුනකට බෙදා වෙන් කර තිබූ බව .ඉතින් මේ කොටස් තුන එකතුවූ රටට තමා තුන් හෙලය කියා පවසන්නේ..මේ රටේ ජීවත් වන වැසියා සිංහල නමින් හැදින්වූවා..සිංහලයා යනු සිංහයෙක් වන් තේජාන්විත ගෞරවනීය කොට්ඨාශයක් ..ඉතින් මේ තුන් සිංහලේ කැලවල් වල සිටිනා සිංහ පැටව්...යනුවෙන් රචකයා අදහස් කර ඇත්තේ අපේ පැරණි මුතුන් මිත්තන්ගෙන් පැවත ආ නියම ශ්‍රී ලාංකිකයා නොහොත් හෙළයන් වයි.ඔවුන් තවමත් කැලෑ තුල නොහොත් මේ රටේ සමාජයේ ජීවත් වනවා.ඔවුන් මේ රට හැර දමා ගොස් නැහැ..ඇයි ඔවුන් එසේ නොගියේ.ඔව්..ඔවුන් සැබෑවටම අසීමිත ජාත්‍යාලයෙන් මේ මවුරට සමග බැදී සිටින නිසා..
.තවත් කොට්ඨාශයක් ගැන අපට මෙහි දක්වනවා...යදැලින් කොටු කර ඇති සිංහ පැටව්...යනුවෙන් . යදැලක් යනු යකඩින් තැනූ දැලක්,රාමුවක් යන අදහස...ඉතින් එවන් දැලක් තුල වටවුනු බිම් කඩක ජීවත් වන සිංහ පැටවුන් හා කැලෑතුල ජීවත් වන සිංහ පැටවුන් අතර ලොකු වෙනසක් තිබෙන බව ඔබට දැනෙනවා ඇති..කැලෑවේ ජීවත් වන සිංහයාට අමුතුවෙන් සිංහ තේජාව ඉගැන්විය යුතු නෑ..ඔවුන් තම ජන්මයෙන්ම හා පරිසරයෙන්ම සැබවින්ම සිංහයින් වී හමාරයි.ඔවුන්ගේ ලේ වල දුවන්නේ නියම සිංහ ලෙයයි...සිංහයා යනු ප්‍රෞඩත්වයෙන් පිරිපුන් උතුම් සත්වයෙක් බවට සත්ව ලෝකයේ පිලිගැනෙන්නෙ..නමුත් යදැලක් තුල සිරවී ඇති දැඩිවන සිංහයන්ට කැලෑවේ ජීවත් වන නියම සිංහ සෙය්‍යාව ලබාගන්නට බැහැ.ඔවුන් වැඩෙන්නේ සීමාසහිත රාමුවක් තුළ..නමුත් සැප සම්පතින් නොඅඩුව... හෙළයා නොහොත් සිංහලයාව දුටු තැන විළි වැද නොහොත් ලැජ්ජාවට පත්ව මගහැර යා නම්..ඒ නියම සිංහයා නොවෙන බව ඔබට දැනෙනව ඇති..එසේ නම්...නියම සිංහයා නොහොත් සිංහලයා ජීවත් වන්නේ තුන් හෙලයේ කැලෑතුල එනම් මේ සිංහල රටේ සමාජය තුළම මිසක් යදැල්ලකින් වටවූ ..,නොහොත් සැප සම්පතින් ආඪ්‍යය වූ භුමියක නොවේයි..

;සරු පොළොව මකා තණ කබල කකා සිංහයෝ සිගති එතෙරින්.. //සරු පොළොව..// පෙරදිග ධාන්‍යාගාරය නමින් විරුදාවලිය ලැබූ මේ ලක් පොලොවේ සරු සාර බව ගැන තවත් කුමකට සාක්ෂි දරන්නද.? බලන බලනා අත නිල්ල නිලට දිලෙනා කෙත් වතු, කෘෂිබෝග අප රට සශ්‍රීකත්වයෙන් ආඪ්‍ය කලා නොවේද..එවන් සරු පොලොවක් මකා දමා පිටරැටියන්ගේ ඉදුල් කන්නට,තණකොළ බුදින්නට තරම් නිවට නියාලු ජාතියක් බවට සිංහලයා නොහොත් මේ උක්ත සිංහයා පත්ව තිබේද..
පද රචකයා අපට පවසන්නේ මෙවන් සරු පොළොවක් මකා දමමින් එතෙරින් සිගමන් යදින්නට තරම් අසරණ වූ බව නොවේද..මෙය නොවේද අපේ වත්මන...බලන්න, මොහොතක් සිතා බලන්න.. මුලු ලොවටම බත සපයන්නට තරම් ධාන්‍යාහාරයක් බදුවූ මේ රට අද පිටරටින් සහල් ගෙන්වන තැනට පත්වී තිබෙනවා නේද.රචකයා සිතූ අයුරින්ම අද රට ඒ තැනට පත්ව තිබෙනවා..කෘෂිකර්මාන්තයෙන් සරුසාර වූ පොළොව අද වල් බිහිව පුරන් වී ගිහින් නේද...
නමුත් ...මේ නියම සිංහ ස්වභාවයද...සිතන්නට කරුණක් අපට පද රචකයා විසින් ඉතුරු කර ඇති බව පෙනෙනවාද..ඔහු පවසනවා අපට..
// සිහ රදුනට දාවූ සිංහ පැටවු තුටුවෙද අනුනගෙ ඉදුලින්.. //
මේ අපේ රටේ වීර මුතුන් මිත්තන්ගෙන් පැවත එන සිංහල ජාතියමදැයි පුංචි කුකුසක්....මොකද එවන් අභිමානී ජාතියක් මෙලෙස පිටරටින් සිගමන් යැද ඔවුන්ගේ ඉදුල් කන තත්වයට පත්වේවීද..නියම හෙළයන් නම් පිටරටින් ගෙනෙනා දෙයට ලොබ බැද තම මවු රටේ සම්පත් පිටරටට කොල්ලකන්නට දෙනවාද.. සිතන්න ඔබත් මොහොතක්...

// •• අප ධජයේ ඉන්නා සිංහ පැටවු
පැන යන්නට පෙර මෙරටින්..
පිට රටුන් දොරින් දොර සිගා නොකා
සිත අලස සුවය දුරරින්...••//

ඔබ දන්නවා අප ජාතික ධජයේ නිරූපිත සිංහ ලකුණින් පෙන්වන්නේ අභිමානවත් හෙළයින්ගේ බල පරාක්‍රමයයි..,නොපසුබට වීර්‍යයයි..,අසාධාරණයට අයුක්තියට නොනැමෙන, ඍජු අබිමානවත් ප්‍රොඩත්වයයි.. ඉතින් එවන් සිංහ රුව නිරූපණය කලේ එවන් සිංහයින් නොහොත් හෙළයින් මේ රටේ ජීවත් වූ නිසාවෙන්මයි.ඇත්තටම අද ලංකාව තුළ එවන් සිහළුන් සිටිනවාද..අපට නැගෙන පැනයක්.බොහෝවිට නැති උනත්,ඔවුන් නැතුවාම නොවේ..
මේ රට ගැන හැගීමක් කැක්කුමක් ඇති අව්‍යාජ සිංහ පුතුන් දූවරුන් තවමත් අප අතර, අප සමාජයේ..,අපේ රටේ ජීවත්වෙනවා.ඉතින් එවන් රටට වැඩදායී මිනිසුන් මේ රටින් ඈත් වන්නට, නැති වන්නට පෙර දැන්වත් මේ පිටරටින් සිගමන් යදින එක නතර කලයුතු නොවේද..?
මට පුද්ගලිකව දැනෙන කරුණක් මා සදහන් කරන්නම්..පද රචකයා අවධානය යොමු කරන කරුණක් මෙසේ...;// අප ධජයේ සිටිනා සිංහ පැටවු පැනයන්නට පෙර මෙරටින්..//; ධජයේ නිරූපිත සිංහ රුව නොහොත් සිංහල ජාතිය ටිකෙන් ටික තුරන් වෙන බව නොකියා කියා පෑමක්..සිංහල ජාතියේ අවසානයේදී ධජයට සිංහ රුවක් කුමකටද? එලෙස ජාතියේ වඳ වීමකට පෙර තුරන් වීමට පෙර ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් සියලු වීරිය යොදවා සිතේ ඇති අලස කම්මැලි දුරලා රට වෙනුවෙන් නැවත වැඩ කලයුතු නොවේද.?

නන්දා මාලිනිය....ජාත්‍යාලය වඩවමින් සිත් සතන් තුළ සැගව ඇති අපේකම, රට, ජාතිය ආගම ගැන දැනෙන හැගුමන් හොදින් පුබුදුවන්නට හැකි හොදම කටහඩක් මා නම් දකින්නේ නන්දා මාලනියමයි.මේ ගීය අසා බලන්න..ඇගේ ස්වරයෙන් ඈ අමතන්නේ අපේ සිත් වල ඇතුලාන්තයටම නොවේද.. එවන් කටහඩකට සුසැදි ලෙස පද රචනා කරන්නට තරම් වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්...රට ජාතිය ආගම වෙනුවෙන්, පෑනෙන් කලහැකි යුතුකම එතුමා මෙවන් වටිනා ගී රැසක් දැයට දායාද කරමින් සිදුකරනු ලැබුවා..සැබෑවටම සුනිල් ආරියරත්නයන් හා නන්දා මාලනියන් දේශයේ බොහෝ රැකගතයුතු ආරක්ෂා කලයුතු තැන්, අවස්ථා පිලිබද පවසමින් ඔවුන්ගේ සුසංයෝගයෙන් සමාජයට මහත් මෙහෙවරක් කරනු ලබන්නේ.

එමෙන්ම මෙවන් සුවිශේෂී ගීයක සංගීතය පිලිබදව නොපැවසුවහොත් එය මහත් අඩුවක්..අප රටේ දක්ෂතම සංගීතවේදියෙක් වන රෝහණ වීරසිංහයන් නන්දා මාලනියන්ගේ හඩට සහ පද පෙලට ගැලපෙන අපූර්වතම තනු නිර්මාණයක් මෙම නිර්මාණයට යොදාගෙන ඇත්තේ. මදින් මද ඉහල නැංවෙන ජාතිකාභිමානය , අපේකම තව දුරටත් තීව්‍ර කරන්නට ඔහුගේ සංගීත නිර්මාණය බෙහෙවින් ඉවහල් වී ඇති බව නොරහසක්.. අවසාන වශයෙන්.. රෝහණ, නන්දා, සුනිල් යන තුන් ඈදුනු මහා චරිත ත්‍රිත්වයේන් අපේ රටට අපේ ලෙයට තදින් කා වැදුනු නිර්මාණයක් එලි දකින්නට සමත් වී ඇත...

ඉතින්... අපි සැවොම එකම හැගීමකින් යුක්තව කටයුතු කරන්නේ නම් මෙය සිහිනයක් නොවනු ඇත.සැබෑවටම සිහළ ලෙයින් උපන් අපි අපේ මවුබිම පිටරැටියන්ට උවමනා ලෙස විනාස කරගන්නවාද නැතහොත් එකාවන්ව එකමුතුව මේ අපේ ලක්මව රැකගන්නවාද...කුමක්ද ඔබේ තීරණය.? එය ඔබේත් මගේත් අපෙන් පසු මතු පරපුරටත් තීරණාත්මක තීරණයක් වනු ඇත.. උපන් රටට ගෞරවයක්, අභිමානයක් එක් කල මිනිසෙකු ලෙස යම්දාක ඔබ ජීවිතයෙන් සමුගනු ඇත.එහෙත් ඔබ නිසා තවත් ඔබ වැනිම මුලු ආත්මයෙන්ම සිංහලයින් ,හෙළයින් වූ සිංහ පැටවුන්ට මේ පුන්‍ය භූමිය තුන් හෙළයක්වම පවතීවි...
ඔබ සැමට ජය..!! ස්තූතියි ....

**පසුවදන..:- මා මෙතෙක් අරුතට එක් කල මගේ ශෛලියෙන් වෙන් කර අලුත් විදියට සිතන්නට වෙනස් මාවතක් පෙන්වා දුන් ඒ පුද්ගලයාවද සිහිපත් නොකලොත් එය මා අතින් සිදුකරන වරදක් වනු ඇති. අරුතට මගේ නිර්මාණ මගේම ක්‍රමයකට එලිදක්වන්න මා දිරිමත් කල ඔහු, මෙවර මා හට විශේෂයෙන් මෙවන් සමාජ මෙහෙවරක් කරනා ගීයක් පිලිබද අරුතට නිර්මාණය කරන්නට මට දුන් උපදෙස් ඉතාම ගෞරවයෙන් පිලිගතිමි.මෙම ගීතය තෝරා දී මට නිර්මාණයක් සිදු කරන ලෙස කල ඉල්ලීම ඔබෙන් ලද උපදෙස් අනුව මෙලෙස ඉදිරිපත් කරමි.මෙම නිර්මාණය ඔබ නමින්ම වෙන් කරමි Thejana Abeydeera සොයුර...ඔබ අරුතට මෙන්ම අප සැමටත් වටිනා මිනිසෙක්, දයාබර සොයුරෙක්..ඔබට ජය..!!

තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විලි වැද යති දැක හෙළයන්..

සරු පොළොව මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දාවූ සිංහ පැටව්
තුටුවෙද අනුනගෙ ඉදුලින්....

අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්...

ගායනය :-විශාරද නන්දා මාලනී.
පද රචනය :-මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය :-රෝහණ වීරසිංහ.

**යස්..**


12 comments:

Krishani Perera said...

very well written...Thanks for writing such a good meaning to this song.

Uchitha Sulakkana said...

kotukara yadelin athi sinha petaw...
teruma denagaththe ada. thanks

Nimal Shantha said...

නන්දා මාලනීට විශාල වශයෙන් ගී ලියාදී තිබෙන්නේ සුනිල් ආරියරත්න විසින්. පවන ආදී කැසට් පට අප ඇසූවේ ඉතා ආශාවෙන්. ඒ හැම ගීතයකම වාගේ සමාජයට කිසියම් පනිවිඩයක් දෙන කුමක් හෝ දෙයක් තිබුනා. තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවු .. මේ ගීතය අහනකොට කොච්චර දැනීමක් තියෙනවද. ඇත්තටම අපේ ඇගේ මවිල් කෙලින් වෙනව.මම කාලයක් මේ ගීතය උදේ පාන්දර අහන්න පුරුදුවෙලා හිටියා. එතකොට පුදුම තෘප්තියකින් දවස පටන් ගන්න පුලුවන්. ගීතය ගැන ඔබ දක්වා තිබෙන අදහස් ගොඩක් වටිනවා. යස් කියා ඔබේ නම සඳහන් කොට තිබෙනවා. මා දන්නේ නෑ ඔබේ මුලු නම. කොහොම වුනත් ඔබ පෙන්වා දෙන කරුණු ගැන කල්පනා කරනකොට ජාත්ය ආලය ඉස්මතු කරන්නට ඔබ මහත් වැයමක් දරා තිබෙන බව පෙනී යනවා. එය පැසසිය යුත්තක් බව මාගේ මතය. මොකද අද කාලයේ තම රට ජාතිය ගැන හැඟීමක් තියෙන කෙනෙක් හොයාගන්න ටිකක් අමාරුයි. එහෙම තියෙන අය පවා ඒක පෙන්නන්න කැමති නෑ. මොකද ඒ අයට ජාතිවාදී කියා ලේබලය වදින නිසා. ඔබේ නිර්භය කරුණු පැහැදිලිකිරීම් වලට ස්තුතියි.

Wasantha Bandara said...

Mata meni wage mata piya wage mata adara mage lanka..agamata mage jathiyata mage mata hewanayi siri lanka.
ape rata tharama ratak wena koheda. Ape sinha petawu katawath baya nehe. eka oppu karala pennuwa LTTE trasthawadaya parajaya karala.
me thun hele inna sinha petawu rata hera gihilla ne
adambarayi mage rata gena.

Anonymous said...

This song was originally created to admire JVP people who did fight against the government.

Unknown said...

උපුටා ගතිමි

Unknown said...

👍👍👍

Sanjeewa Rajakaruna said...
This comment has been removed by the author.
Sanjeewa Rajakaruna said...

මෙම අර්ථය මුළුමනින්ම වැරදිය. මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන්‍ට අනුව මෙම ගීතයේ සැබෑ අරුත තුන්හෙළේ කැලෑ තුළ සිංහ පැටව් නැත, උන් රට අතැර ගොසින් ලෙසින් දැක්විය හැක. මෙම ගීය ලිවීමට හේතුව ලෙස ඔහු සඳහන් කර ඇත්තේ දෙහිවල සත්තුවත්තේ සිරකර ඇති සිංහයන් බැලීමට යාමේදී ඇතිවූ, තමන් සිංහයන් ලෙස කියාගන්නා සිංහල ජාතියේ නිවටකම ගැන ලැජ්ජා සහගත සිතුවිල්ලකි. මෙය නන්දාමාලිනියගේ පවන ප්‍රසංගය සඳහා ගැයුණු උපහාසාත්මක ගීයකි. කිසිලෙසකින් වත් මෙය දේශාභිමානී ගීයක් නොවනබව රචකයා සඳහන් කර ඇත.

Sanjeewa Rajakaruna said...

මෙම අර්ථය මුළුමනින්ම වැරදිය. මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන්‍ට අනුව මෙම ගීතයේ සැබෑ අරුත තුන්හෙළේ කැලෑ තුළ සිංහ පැටව් නැත, උන් රට අතැර ගොසින් ලෙසින් දැක්විය හැක. මෙම ගීය ලිවීමට හේතුව ලෙස ඔහු සඳහන් කර ඇත්තේ දෙහිවල සත්තුවත්තේ සිරකර ඇති සිංහයන් බැලීමට යාමේදී ඇතිවූ, තමන් සිංහයන් ලෙස කියාගන්නා සිංහල ජාතියේ නිවටකම ගැන ලැජ්ජා සහගත සිතුවිල්ලකි. මෙය නන්දාමාලිනියගේ පවන ප්‍රසංගය සඳහා ගැයුණු උපහාසාත්මක ගීයකි. කිසිලෙසකින් වත් මෙය දේශාභිමානී ගීයක් නොවනබව රචකයා සඳහන් කර ඇත.

Unknown said...

පට්ට බොරු අර්ථයක් තියෙන්නෙ.නිදහස් උත්සව වලත් වාදනය කරනවා මේක.

Unknown said...

සංජීව ගීතයක් ගීතවත් උනාට පස්සෙ ඒක රසිකයා විදින අයුරු වෙනස් ,ඉතින් ඒකේ අර්ථය දකින අයුරුත් වෙනස් ,ඉතින් මේ අර්ථය බොරු යැයි කියන්න බෑ ඒ ඔහු මේ ගීතය දකින අයුරු යි ,හරියට සිරියහනේ,ගහක මල් පිපිල ,වක්කඩ ළග ගීත වගේ..