'තරංගා' ලේබලයෙන් නිකුත්වූ මිල්ටන් මල්ලවආරච්චිගේ 'Milton Anytime Anywhere

මිල්ටන් මල්ලවආරච්චි නම් අද්විතීය කලාකරුවා පිළිබඳ මතකය ආවර්ජනයේදී එක්දහස් නමසිය හැත්තෑ ගනන් වලට මා සිත දිවගියා. සිත දිව ගියා කිව්වට ඉතින් ඒක පොඩි අතිශයෝක්තියක්. මා එවකට මෙලොව එලිය දැකලා තිබුනේ නෑ. මේ විස්ථර සියල්ලම මා අසා දැනගත් ඒවා. මෙය ලංකා ගීත ඉතිහාසයේ ප්‍රභල සන්දිස්ථානයක් වන නිසාවෙන්ම ඔබ සමග බෙදාගන්නට සිත්වුනා.

වර්ශ 1977 දී තමයි මිල්ටන් මල්ලවආරච්චිගේ ගායන දිවියේ මෙන්ම අනෙකුත් බොහෝ ගායක ගායිකාවන්ගේ සංගීත දිවියේ වෙනසක් ඇතිකරන්නට සමත්වෙන මේ සිද්දිය ඇතිවන්නේ. විජය රාමනායක මහතා තමයි 'තරංගා' හි අධිපති වශයෙන් ක්‍රියා කලේ. පද රචකයෙකු හා ගායකයෙකු වූ 'වර්නන් පෙරේරා' සමග විජය රාමනායක මහතා මිල්ටන් මල්ලවආරච්චි හමුවට ගොස් කැසට් පටයක් කිරීමට ආරාධනා කරනවා. මුලදී මිල්ටන් එයට අකමැති බවක් පෙන්වූවද පසුව එයට එකඟ වී 'Milton Anytime Anywhere' නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කැසට් පටය එලිදක්වනවා.


විජය රාමනායක මහතා මේ සඳහා මුලින් තෝරාගෙන තිබෙන්නේ වික්ටර් රත්නායකයන්ව. නමුත් ඔහුව සොයා යන ගමනේදී වික්ටර් රත්නායකයන් හමුවෙලා නෑ. පසුව තමයි මිල්ටන් මල්ලව ආරච්චිට මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ. මෙය එකල තරමක අමුතු අත්දැකීමක් වුනාට කල් යද්දී බොහෝ ගායක ගායිකාවන් කැසට් පට සඳහා ගීත ගායනය අරඹා තිබෙනවා. වර්ථමානයේ නම් කැසට් පට බස් සහ බොහෝම සුලු නිවෙස් සංඛාවක ඇරෙන්නට දක්නට ලැබෙන්නේත් නැති තරම්.

මේ මුල්ම කැසට් පටයට ගීත දොළහක් ඇතුලත් වෙනවා. ඉන් හයක තනු නිර්මාණය කරන්නේ සරත් දසනායකයන්. ඉතිරි ගීත හයේ සංගීත නිර්මාණය ක්ලැරන්ස් විජේවධන අතින් සිදුවෙනවා.
පද රචනයෙන් උපාලි ධනවලවිතානයන්, චිත්‍රානන්ද අබේසේකරන්, බණ්ඩාර කේ. විජේතුංගයන්, කුලරත්න ආරියවංශයන්, තරංගා අධිපති විජය රාමනායකයන්, ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් සහ ක්ලැරන්ස් විජේවර්ධනයන් දායක වී තිබෙනවා.

සරත් දසනායකයන් සංගීතවත් කළ ගීත කැසට් පටයේ A කොටසට ඇතුලත් කර තිබින. ඒ ගීතයන් මෙසේය.
පෙර එක දවසක - උපාලි ධනවලවිතාන
ඔබ දැන් කීවත් - චිත්‍රානන්ද අබේසේකර
ඔබ වෙනුවෙන් මා - බණ්ඩාර කේ. විජේතුංග
සැන්දෑ යාමේ - කුලරත්න ආරියවංශ
දෙනෝ දහක් ගැවසෙන - විජය රාමනායක
සිනහ රැල්ල - චිත්‍රානන්ද අබේසේකර

ක්ලැරන්ස් විජේවර්ධනයන් සංගීතවත් කළ ගීත කැසට් පටයේ B කොටසට ඇතුලත් කර තිබින. ඒ ගීතයන් මෙසේය.
සඳෙන් එහා - කුලරත්න ආරියවංශ
දුවේ හර්ෂණී - ප්‍රේමකීර්ති ද අල්විස්
මා තනිවෙලා -ක්ලැරන්ස් විජේවර්ධන
සඳළුතලේ - ක්ලැරන්ස් විජේවර්ධන
රන් හිරු කැරැල්ලේ - කුලරත්න ආරියවංශ
මා නොසිතූ දේ - කුලරත්න ආරියවංශ

~තේජන අබේදීර~


No comments: