Thursday 3 December 2015

කුමරියක පා සළඹ සැලුනා..





කුමරියක පා සළඹ සැලුනා..

කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..

කුමරියක පා සළඹ සැලුනා..

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..

ධනය,බලය හා ලිංගිකත්වය යන ත්‍රිත්වයට මනුෂ්‍යයෝ බොහෝ සෙයින් ප්‍රිය කරන බැව් දාර්ශනයකු විසින් කියා ඇත.එය සත්‍යයක් බැව් හොඳින්ම පෙනේ.මන්ද මනුෂ්‍යයා නොනවතින තරඟයක යෙදී සිටින්නේ ඉහත කී අරමුණු සාක්ශාත් කරගැනීමට බැව් ඕනෑම පුද්ගලයෙකුට හොඳීන්ම වැටහෙන කරුණකි.

මෙම ගීතය මඟින් සම්භොග සුවය විඳගැනීමට මිනිසා තුළ ඇති ලෝලීත්වයත්,එකී පරමාර්ථය බිඳී ගිය කල්හි ඔහුතුළ ඇතිවන ශෝකී මනෝභාවයන්(හැඟීම්) නිරූපිතිය.එකී මනෝභායන් ගේය පද රචකයා අපූර්ව ලෙසින් තම පරිකල්පනයට හසු කොට ගෙන ඇත. ඉතා ඈත අතීතයේ පටන්ම මිනිසා අධික කාමාශාවෙන් පෙළේ. ක්‍රි.පූ 400-200 අතර කාලය තුළ වාත්ස්‍යායන් විසින් රචිත යැයි සැලකෙන කාම සූත්‍රය තුළින් ඔහු මිනිසුන්ගේ අරුම පුදුම ලිංගික චර්යාවන් විවරණය කරයි. මිනිසා සතු මෙකී කාමාශාව වර්ගයා බෝකරලීම සඳහා ස්භාවධර්මයා විසින් යොදනු ලැබූ උපක්‍රමයක් බැව් අපට සිතිය හැකිය.

කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..

තම සිත ලොබ බැඳගත් ස්ත්‍රියගේ සම්ප්‍රාපතිය ඇගේ පාෂළඹේ හඬින් ඔහුගේ දෙසවන් විවර වේ.හඳෙහි දොරටු විවිර වේ.ඉන්ද්‍රිෙයා් පිබිදෙති.රාගී හැඟිම් සිතපුරා දුවැදියි.එතෙක් ඔහු වසාගෙන සිටි දෙනුවන් විවර වේ.මෙතෙක් ඹහු රැක සිටි කුමර බඹසර ඇගේ දසුනින් බිඳී යයි.කුමර භඹසර රැකීම යනු යොවුන් වියේ සම්බෝග සුවයෙන් වැළකී සිටීමයි.එතෙක් ඔහු තුළ තිබූ දැහැන බිඳී යයි.එතැන් සිට ඔහු ලොබ බඳින්නේ ඇය හා සංභෝග සුවය විඳ ගැනීමටයි.එසේම ගීතය ආරම්භයේදීම පා සළඹේ හඬ අපූරුවට ගීතය හා මුසු කරලීමට අමරදේවයෝ සමත් වී ඇත.

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..

ඇයගේ උකුළ,මල්සරා හෙවත් අනංගයාගේ වේදිකාවේ රංගනයේ යෙදෙනෙ හංසයින් එනම් පයෝධර වසාගෙන සිටින තිරය නම් ඇය හැඳ සිටින දුහුල් සළුවයි.කවියාගේ පරිකලපනය හැකියාවනම් අපූරවමය.ඔහුගේ දෙනුවන් සිටිනුයේ උමතුවෙනි.ඒ ඇගේ නග්න සිරිර දැකගැනීමටය.මනස නම් වූ සල්ලාල තරුණයා තම උමතු දෑසින් ඇගේ සිරැර වසාගෙන සිටින්නා වූ දුසුල් සළුව ඉවත් කරයි.කථකයා සිතින් ඇගේ සළු පිළි ඉවත් කළ අයුරු කී ආකාරය කදිමය.චිත්ත රෑපයන් දනවන සුළුය,ශෘංගාරවත් හැඟීම් අවදිකරවයි.මෙහි අනංගයාද ශඞගාරය සංකේතවත් කරයි.ඇගේ නග්න දේහය දකිනා ඔහුට තමා ඉදිරියේ දෙව්ලොව මැවුනා සේ සිතේ.එමඟින් ඔහුගේ ඉන්ද්‍රියන් සංතර්පණය වූ අයුරුද ඔහුගේ ප්‍රීතිජනක හැඟ්‍රම් ද ධ්වනිත කරවයි.

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..

මෙම ගීතය දෙස මතුපිටින් බලන්නෙකුට මෙම ගීතය සම්භෝග සුවය වර්ණනා කරමින් ලියැරවුණු ගීතයක යැයිද,ඇතැම්විට සිත රාගයෙන් පුරවා දමන ගීතයක්,අසභ්‍ය ගීතයක් ලෙසෙන් පෙනෙන්ට පුළුවනි.ඇතමුත් එවැනි මතවන්ද දරනු මා අසා දැක ඇත.එනමුතු මෙම ගීතය පිළිබඳ මගේ කියවීම එයට ඉඳුරාම වෙනස් වේ.මෙම ගීතය අභ්‍යන්තරයට විනිවිද ගොස් බැලුවහොත් මෙම ගීතය තුළද දර්ශනයක් ගැබ්ව ඇති බැව් පෙනේ.එය බෞද්ධ දර්ශනය හා සාම්‍යයක් දකවතියි සිතේ.මිනිසාගේ සිත ආශාවන්ගෙන් බැඳුණු කල්හි ,සංසාර බැඳීම තර වෙයි,එය අහිමි වී ගිය කල්හි එමඟින් දැනෙන ශෝකය එය තමා සතුව තිබෙන කල්හි විඳි සංතර්ර්පණයට වඩා බොහෝසෙයින්ම වැඩිය.එසේම ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකකකි.එසේම මෙම ගීතය තුළින් විප්‍රලම්භ ශෘංගාරය වහනය වේ.
මෙතෙක් ඹහු ගෙවූ ශාන්තිදායක ජීවිතයේ නිසල බව බිඳ දමිමින් ජීවිතයට ආ කාමා රාගය ඔහු සුළු මොහොතකට සංතර්ඵණය කර ඔහු රවටා ඔහුගේ සිත කම්පිත කරමින් පළාගොස් ඇත.සැබවින්ම රාගය යනු මායාවක් නොවන්නේද?
කේ.ඩී.කේ.ධර්මවර්ධනයන්ගේ අගනා පරිකල්පනීය හැකියාවෙන් හැඬවුණු මෙම ගීතයට මනරම් සංගීතයක් සැපයීම වික්ටර් රත්නායකයන්ගෙන් වන අතර මෙම ගීතය ගායනා කරනුයේ හෙළයේ මහා ගාන්ධාරයානො පණ්ඩිත් අමරදේවයන්ය.

අසභ්‍ය ගීතයන් ලෙසින් ඇතමුන් අතින් කෙලසුණු මෙම ගීතයට මා විසින් වටිනා නමක්,නව අර්ථකථනයක් දීමට දැරූ පරිශ්‍රමය පිළිබඳ ඔබසැමගේ අවංක අදහස්,යෝජනා,චෝදනා සියල්ල දැන ගැනීමට ද කැමැත්තෙන් පසුවෙමි.


~~ලක්මාල් රංග කුමාර~~













6 comments:

In brief said...

Excellent explanation.keep it up. thanks

චේතනා වික්‍රමසිංහ said...

Just found this blog... You are doing a great job..... !
All the best

තේජන අබේදීර said...

Thanxx Kawikaari

නිපුන් ධනංජය said...

Thanks oyata.hugak hodai

Unknown said...

Godak hodai. Thanks oyata

jagath nanayakkara said...

කුමරියක පා සළඹ සැළුණා ගීතයේ අර්ථය පිළිබඳව නොයෙකුත් අදහස් ප්‍රකාශ කිරීම් ශ්‍රේස්ත්‍රයේ දැවැන්ත යන් ද ඇතුළුව අසා ඇති මුත් වරෙක මහේෂ් නිස්සංක ගෙ සිහිණයක් රෑ වැඩසටහනකට ආ අයෙකු ප්‍රකාශ කලා කේ ඩී කේ ට මේ ගීතය ලියන්නට පාදක වූ කතාව. ඔහුගේ ප්‍රකාශ කිරීමට අනුව මගේ මතකයේ හැටියට ඔහු කේ ඩී කේ සමඟ දෙල්කඳ හෝ ඒ අවට යම් තැනක කාමරයක ඉන්නා කාලයක ඒ නිවසට යාබඳව සිදුවූ එක්තරා සිදුවීමක් මේ ගීපද ලියන්නට ඔහුව පෙළඹ වූ බව. බොහොම විචිත්‍රව ඔහු ඒ කතාව දිගහැරියේ ගීතය පිළිබඳව මෙතෙක් පැවති මතවාද සියල්ල පසෙකට ඇඳ දමමින්. නැවත ඒ වැඩසටහන සොයා අසන්නට හැකි හැම උත්සාහයක්ම අසාථක වූ බව කණගාටුවෙන් සඳහන් කරන අතර ම මේ සටහන දකින යම් අයෙක් ඉහතින් සඳහන්කළ සිහිනයකි රෑ වැඩසටහන පිළිබඳව දැණුවත් නම් කරුණාකර ඒ පිළිබඳව සටහනක් තියනාමෙන් ඉල්ලා සිටිනවා. ඒ තරම් සංවේදී සිදුවීමක් ඒක. ස්තූතියි.