Sunday 25 August 2024

මගේ ප්‍රථම ආදරේ


 

මගේ ප්‍රථම ආදරේ 

සුවද හද තියා 

ඒ උතුම්ම ආදරේ 

රැගෙන ඔබ ගියා..

 

හුදෙකලා සිතේ මගේ 

පෙම් හැගුම් මවා 

තනිකමත් දුකත් තියා 

ඔබ කොහේ ගියා..

 

මට මගේ සිතත් නැති 

ආදරෙත් නැති 

මට ඔබත් පෙමත් නැති 

සුවද ලග ඇති..

සිකුරුලියා





කොමළ ලියා බොළඳ ලියා 

මාව දමා යන්න ගියා 

සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා .. 

 

ගත සීතල පහස ලබා ළැම රන්වන් සුවඳ සොබා 

නිමවෙයි රොන් ලැබුව මෙමා සිකුරුලියා 

මාව දමා යන්න ගියා සිකුරුලියා .. 

 

නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ අද ඒ නෙත කඳුළු බිඳූ 

ආදරයෙන් ඔබද හැදූ සිකුරුලියා 

මාව දමා යන්න ගියා සිකුරුලියා..

 



Artist: J.A. Milton Perera 

Lyrics: Dharmasiri Gamage 

Music: Clarence Wijewardena 

Film: Sikuruliya



සිකුරුලියා චිත්‍රපටිය : 

තිරගත වූ දිනය – 1975 සැප්තැම්බර් 27 

ඉදිරිපත් කිරීම – තාරක චිත්‍රපට 

නිෂ්පාදනය – එම්. බී. වසිරුල් අන්සාරි, පී. ඇන්ටන් ප්‍රනාන්දු, බී. ඩී. ටියුටර් පෙරේරා, බී. මිල්ටන් රණසිංහ 

සහාය නිෂ්පාදනය - උල්විසිහේවා නන්දසිරි 

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – එච්. ඩී. ප්‍රේමරත්න 

සහාය අධ්‍යක්ෂණය – හිලරි රාජපක්ෂ, ප්‍රේමවීර ගුණසේකර 

කැමරා අධ්‍යක්ෂණය – දයා විමලවීර සංස්කරණය – ටයිටස් තොටවත්ත 

සහාය සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි (දිසානායක චිත්‍රපට සංස්කරණ මැදිරිය) සහාය කැමරා ශිල්පීන් – ඇම්. වී. හේමපාල, ජයනාත් ගුණවර්ධන 

වේශ නිරූපණය – ඊබට් විජේසිංහ 

සහාය වේශ නිරූපණය – සෙල්වරත්නම්, හිල්ටන් මෙන්ඩිස් 

කලා අධ්‍යක්ෂණය - ජෝ දඹුලුගල සටන් පුහුණුව - රොබින් ප්‍රනාන්දු 

ශබ්ද පරිපාලනය – මර්වින් රොඩ්රිගෝ (ගීත) 

සහාය ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (විශේෂ ශබ්ද) 

නිශ්චල ඡායාරූප - සී. විල්බට් ප්‍රනාන්දු, එච්. සෙයිනුල් ආබ්දීන් 

නිෂ්පාදන කළමනාකරු - එච්. ජේ. එම්. අෂ්රෆ් 

සංගීත අධ්‍යක්ෂණය – ක්ලැරැන්ස් විජේවර්ධන 

රසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධන 

චිත්‍රාගාරය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය  



 

 

ගිමන් හරින දියඹ දිගේ..




ගිමන් හරින දියඹ දිගේ..

ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
රටා මවනවා


හිත් දැහැනේ වෙළී තිබුණු
නෙත් දැහැලේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ.
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.


නිල් කටරොළු නිල නැහැවුන
මල් බර මුදු සුව රැඳවුනු
තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ.
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ.


ගායනය - ඩබ්ලිවු.ඩී.අමරදේව 
සංගීතය - අරුණ ගුණවර්ධන 
පද රචනය - ජානක සිරිවර්ධන