සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක්
මදහසක් දිලිසීය මුව අග
නිමේෂයකට කඩ ඉමක් ඇර
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙනගියා අප අනන්තය වෙත
දුටිමු අප ඇගෙ ඇසිපියන් යට
දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර
මේ ගීතය මා කුඩාකල නිතරම රූපාවහිනියේ ප්‍රචාරය වූ ගීතයක් ලෙස අදටත් මේ ගීතයේ රූපරචනාව මගේ සිත් තුල සුලු වශයෙන් ඇදී ඇත.සියල්ල මතකයට නගා ගත නොහැක.මතකය එතරම් දුරය.මගේ මතකය ඔබටද ආවරජනය කරන්නට හැකිනම් එය මෙසේය.සැදෑ සමයක පාලමක් මත රැදී ඉන්න තරුනියකි.ගීතය ගායනා කරන කිත්සිරි ජයසේකරද රූප රාමු වල තැනින් තැන සිටි බවද මතකයේ ඇත.එකල මා හට ගීතයේ අදහස ගැන කිසිදු වගක් තිබුනේ නැත.හිතට දැනුන ගීතයක් ලෙස පමනක් සිතේ සටහන් විය.
මෙම ගීතය විශේෂ වීමට හේතු දෙකක් ඇත.විචිත්‍රවත් වීම කීවද වරදක් නැත.පලමුවැන්න ගීතයේ පද රචනය වන්නේ පද රචකයන් දෙදෙනකුගේ සුසංයෝජනයකිනි.අප දන්නා සමහර ගීත එක පදරචකයෙක් පද රචනා කෙරූ පසු තවෙකෙක් එය පසුව ඊට වඩා හොදින් සංස්කරන කොට ගීතයක් ලෙස දැමූ අවස්ථාවන් ඇත.නමුත් මේ ගීතය එවැන්නක් නොවේ.පදරචකයන් දෙදෙනකු එකවර මුහුවූ විරල අවස්ථාකි.තව එවැනි ගීත ඇත්නම් සැමගේ දැනුවත් වීම පිනිස සටහනක් තබන ලෙසද මේ සමගම ඉල්ලා සිටිමි.
දෙවැන්න නම් ගීතයේ එකිනෙකට වෙනස් අදහස් දෙකකි.එම අරුත් දෙක මුලු ගීතය තුලම සමාන්තරව ගමන් ගනී.එක් අදහසක් ගීතය උපත් ලැබූ අවස්ථාව හා බැදී තිබෙද්දී අනෙක සමාජ සිද්ධින් දෙකක් එකතුවක් ලෙස පවතී.
වඩා රසවත් වී ඇත්තේ මුලින් කියූ ගීතයේ උප්පත්ති කතාවය.මා කියූ ගීත රචකයන් දෙදෙන එකල සරසවි සිසුන් ලෙස නේවාසිකව සිටින විට එක්තරා නාදුනන තරුනියක් ඔවුන් හමුවට විත් ඇත.දෙදෙනාමට එය අනපේක්ෂිත වූවක් වන්නට ඇත.ගීතයේ කියවෙන ගිනිමල ඇයයි.කොලු වයසේ සිටින උන් ගින්දර කෑල්ලක් ලෙස යුවතියකට අමතන්නේ ඇයි දැයි අමුතුවෙන් අටුවාටිකා සහිතව පැහැදිලි කල යුතු තරම් නොවේ.ඇය කුමක් හෝ ඇයගේ පැමිනි කාරනය ඔවුන් හමුවේ තබා යන්නට ඇත.නමුත් සුන්දර යුවතියගේ රූපය ගැන ඔවුන්ගේ කතාව පටන් ගන්නේ එතනින්මය.ඇයගේ රූපය වර්නනා කරන අතර වාරයේදී නැවත විටක් ඇය ඔවුගේ නවාතන වෙත පැමිනියේනම්..සිදුවූයේද එයමය.
ගිනිමලක් පිපුනාය දොරකඩ වරක් නොව තව වතාවක්..
සදක් සේ දිලිසුනා පුරපස පිපුනි දොරකඩ රන් මලක්.
මදහසක් දිලිසීය මුව අග
නිමේෂයකට කඩ ඉමක් ඇර
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙනගියා අප අනන්තය වෙත
ඔවුන් දෙදනා වෙත ඇය පැමිනි ඇත්තේ කියනා පරිදි සිනාවක් මුවේ තබාගෙනය.නමුත් නාදුනන්නන් දෙදෙනෙකු වූ මේ මිතුරන් දෙදෙන ඉදිරිපිට ඇයගේ සිනහව අතුරුදන් වන්නට ඇත.රූමත් යුවතියක් නොසිතූ ලෙස පෙනී සිටීම ඔවුන්ට විමතියක් වීම නිසාම ඔවුන්ගෙ මුහුනු වල සිනාවක් තිබීයැයි සිතන්නටද නොහැකිය.
නමුත් නිමේශයක් පමනක් වූ ඇගේ සිනහව ඔවුන්ව අනන්තය දක්වාම කැදවා ගොස් ඇත.
දුටිමු අප ඇගෙ ඇසිපියන් යට
දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක්
ඇගේ නිල් නුවන් දෙමිතුරන්ගේ දෑස් කලබා තිබේ.දැස් මෙනෙම සිත්ද කලබා ඇති බව පිට ඉට බලන අපට ගීතය රසවිදිනල් විට මුලු ගීතය පුරාම පෙනෙන්ට ඇත.
ඇගේ රුව ඔවුනෙගේ සිත් ගිනි අව්ලවා ඇත.ගින්න වුවද සිසිලසක් තිබී ඇත.එය සිත සනසවා තිබේ.ගිනි ඇව්ලවා තබා ගිය නික්මීම ඔවුන් දෙදෙනා නිවාගෙන ඇත්තේ ගීතයේ පද රචනය තුලිනි.කලාකාමී මිනිසා සිත තුල මතුවන ගිනි නිවගන්නේ ප්‍රචන්ඩත්ව හෝ බලහත්කාරය තුලින් නොවේ..එය නිර්මානයක් තුලින් පිට කිරීමෙනි..
කෙසේ නමුදු ඇගේ අහබු පැමිනීම සොදුරු නිර්මානයක් දක්වාම අවසානයේ දුර ගියේය.
ගීතයේ තවත් සමාජ කතවක් ඇත යන්න මා මුලින් සදහන් කරා ඔබට මතක ඇති.අපේ රටේ අදුරු කාල සමයන් දෙකක් වූ තරුන විප්ලව දෙක මේ ගීතය හරහා වෙනස්ම අයුරකින් ප්‍රතිනිර්මාණය වී ඇති බව හොදින් බැලූ විට පෙනෙන්නට ඇත.එම විප්ලවයන් දෙක තරුනියගේ පැමිනීමට ආදේශ කර බැලූවිට ඔබට වැටහේවි එය.එදා ඒ තරුනයන්ගේ විප්ලවකාරි මනස තුලින් දුටු සැබෑවක් කරගැනීමට හැකි නොවූ සාධාරනත්මක සමාජය ගීතය තුලින් විනිවිද දකින මෙන් ඇරයුමක් තබමින් නිමාකරමි.
පද: ධම්ම දිසානායක, කීර්ති ආරියදාස
තනු: ලලිත් වික්‍රම
හඬ: කිත්සිරි ජයසේකර
~~නිපුන සම්පත්~~
No comments:
Post a Comment