Thursday 28 January 2016

අන්න බලන් ඉදිකඩ ළග...

අන්න බලන් ඉදිකඩ ළග කොක්කු රෑන වගේ ඇවිත්
පුන්චි එවුන් නුඹ එනකල් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ

පුන්චි දුවේ නුඹ යනකොට සුදු පාටින් ඉස්කෝලෙට
පුන්චි මගේ අතීතයේ ම0 තනිවෙනවා
දන් දෙනි මැද දෙවැට දිගේ දොළ පාරින් එතෙර වෙලා
මගේ හිතින් ම0 ආයෙත් පාසල් යනවා


එක පුටුවක වාඩි වෙලා එක පැන්සල දෙකට කඩා
අකුරු කෙරුව කාලය නෑ ආයෙත් එන්නේ
ම0 නොදුටුව නව ලෝකයෙ කිරුලු පළන් රැජින වෙලා
පුන්චි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ

පාසල් කාලය..අපේ ජීවිතයේ සුන්දරම කාලය කාටද අමතක කරන්න පුලුවන්..ගොඩක් අයට ඒ කාලේ සුන්දරත්වය හිතට දැනෙන්නේ පාසල් සමය නිමා වුනාම තමයි..

අපිව අපේ පාසල් සමයේ සුන්දර මතකයන් අද්දරට කැදවාගෙන යන්නට මේ ගීතය සමත් වෙනවා.පාසල් යන වයසේ පුන්චි දියණියකගේ මවක් සුදු ගවුම ඇදන් පාසල් යන තම දියණියට තමයි මේ ගීතය ගයන්නේ.මේ අම්මාව ඇගේ පාසල් වියේ මතකයන් අතරට කැදවාගෙන යන්නට සුදු පාටින් ඇදගෙන පාසල් යන පුන්චි දියණිය සමත් වෙනවා..

කොක්කු රෑනක් වගේ සුදු පාටින් ඇදගෙන ඉදිකඩ ළගට වෙලා මේ දුවගේ යාලුවන් බලාන ඉන්නවලු.එහෙම කියනකොට යාලුවොත් එක්ක එකට පාසල් ගිය කාලේ මතක් නොවෙන්නේ කාටද..ඉතින් මේ අම්මාත් ඇය පාසල් ගිය හැටි සිහිකරනවා..ද0 දෙනි මැදින්,දෙවැට දිගේ,දොළ පාරින් එතෙර වෙලා..මෙහෙම කියනකොට අපිට අපි පාසල් ගිය හැටිත් මතකයට එනවා නේද..

මොනවා වුණත්..අපි ඒ කාලෙට මොනතරම් ආස වුණත් අපි කාටවත් නැවත ඒ කාලෙට යන්න බෑ.ඒත් ඒ මතකයන් ඔස්සේ අපි හිතින් සැමදාමත් පාසල් යාවි..මේ අම්මා කියනවා එක පැන්සල දෙකට කඩාන් අකුරු කෙරුව කාලය නෑ ආයෙත් එන්නේ කියලා.

ඒත් එක්කම ඇය තම දියණියට කියනවා "මන් නොදුටුව නව ලෝකයේ කිරුළ පළන් රැජින වෙලා..පුන්චි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ" කියලා..පාසල් යන දරුවන් සිටිනා සෑම මව පියෙකුගේම පැතුම මෙය නොවේද..තම දරුවන් තමන්ගේ තත්වයට වඩා උසස් විදියට ජීවත් වෙනවා දැකීම තමයි දෙමව්පියන් ප්‍රාර්ථනය.මේ ගීතයේ එන අම්මාත් තමන් නුදුටු ලෝකය දකින්නට තම දියණියට ආශිර්වාද කරනවා..

පාසල් කාලය අපේ ජීවිතයට දෙවරක් නොඑන නිසා ඒ කාලයේ සුන්දරත්වය විදිනවා වගේම ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නත් අමතක කරන්න හොද නෑ..

ඒ වගේම දෙවැට දිගේ,කෙත් වතු මැදින්, දොළ පාරින් එතෙර වෙලා පාසල් යන දරුවා විදින සුන්දරත්වය උදේ පාන්දරින් බස් එකේ හිර වෙලා තෙරපිලා පාසල් යන දරුවා නම් විදින්නේ නැතිව ඇති..තරගකාරී ඉගෙනුම් ක්‍රමය ඒ සුන්දර දේවල් අනාගත දරුවන්ගෙන් උදුරා ගන්නවාදෝ කියලත් හිතෙනවා..

අපිටත් වඩා ලස්සන සුන්දර පාසල් කාලයක් අපේ අම්මලා තාත්තලාට තියෙන්න ඇති.මොකද එයාලට මේ තරගකාරී ඉගෙනීම් ක්‍රමය අපිට වගේ කරදර කලේ නෑනෙ.ඒත් අපේ පාසල් ජීවිතයත් ඇත්තටම සුන්දරයි නේද??

~~යෝජිකා සංජීවනී~~


No comments: