වළාකුලු මැද ගියා නොපෙනී ඈ අනාතයි අනාතයි..
නොදැක නිකැලැල් චේතනා... ලබා අපමණ වේදනා..//
දොරින් දොර සෙනෙහස සිගා ගිය ඈ..
තනිවුනා ගම්දනව් මැද මහ රෑ..
බිදී හද රැදි භාවනා.. හඩා කල ආයාචනා..//
කැදැල්ලේ රදවා පලා ගිය ඈ....
වැලපුනා යලි ඝන වනේ ගිනි ලෑ.......
අතරමන් වූ කිරිල්ලී......................
ගායනය :- දීපිකා ප්‍රියදර්ශනී පීරිස්.
පද රචනය :- සුනිල් ආරියරත්න.
සංගීතය :- රෝහණ වීරසිංහ.
සෙනෙහස.. ආදරය.. කවුරුත් සිත් පුරා විදගැනීමට ඉතා කැමැත්තෝ වෙති...
** ඇය ...කිරිල්ලියක් මෙන් නිදහසේ සැනසීමෙන් දිවි ගෙවූ ඒ ඇය....ආදරය මහමෙරක් තරමට සිත් හි දරාගෙන එවන් ආදරයක් පෙරළා තමා වෙත ලැබෙනා තුරු ඉවසීමෙන් බලා සිටියාවූ ඇය....තවත් නම් තමාට ඇවැසි ආදරය.., ඇය පණටත් වඩා ආදරය පුදකරනා සිතින් නොලබන බව දත්තී....,ඈ තීරණය කලා වැනියි ඒ ආදරය සෙනෙහස සොයා යන්නට... සෙනෙහස සොයා පියඹා ගොස් ඈ දැන් අතරමන් වූ හැඩයි.විසල් අහස නොහොත් මේ විෂම වූ සමාජයේ ඈ ඇගේ හද පතනා වූ ආදරය සොයමින් පියඹා යන්නී ඈ සිත අතරමන් වී ඇති බවද නොදැනයි...ඉතින් එවන් ඇගේ ජීවිතය අනාථ වන බව ඇයට නොතේරෙන්නේද...විසල් අහසක ආදරය සොයාගෙන යන එන තැනක් නොදැන අතරමන් වූ සිතකින් පියඹා යන ඇය අනාත වන බව නොරහසක්.....

ඇය සිත පතනා ආදරය සොයාගෙන ඈ දොරින් දොර සිගමන් යදින තත්වයටද පත්වී...එවන් අසරණ සිතක් ලැබූ අප්‍රමාණ වූ වේදනාවන් සිත් හි දරාගෙන නිකැලැල් වූ සිතුවිලි ඇති යම් අයෙක්... නිකැලැල් සෙනෙහසක් හිමි සිතක් සොයමින් ඈ සෙනෙහස සොයා සිගමන් යදින්නටද ඈ සිත අසරණ වෙලා..
කිරිලියක වාසස්ථානය වන්නේ කැලෑබද පෙදෙසක්.නමුත් ඈ සෙනෙහස සොයාගෙන ගම් දනව් පීරා පියඹා ඇවිදින්..ඇගේ නිජ බිම අමතක කර පැමිණි ඈ මහ රැයක් වැනිවූ අදුරෙන් පිරි කාලසීමාවක අදුරින් වැසී ගිය සිතත් රැගෙන ගම්දනව් අතරේ තම ආදරය සොයන්නට උත්සුක වූවා වැනිය.ඈ ඒ අදුරු කාලසීමාවේදී නොදන්නා ඉසව්වක තමන් තනිවූ බව ඇගේ සිත නොදත්තීය...
තනිවූ ඈ සිත කැදැල්ලකට කොටු කරගන්නට හැකි වූවා වැනියි යම් කිසිවෙකුහට..ආදරයේ නාමයෙන් ඈ තම නිදහස නැමැති පියාපත් සගවා ගත්තී..,
කැදැල්ල තුල ඈ සිත හික්මවා ගත්තාය..ඒ නමුත් ඈ පැතූ සෙනෙහස ඈ ලැබුවාද ..., ලැබුනාද...?? හඩා වැටෙමින් ඈ සෙනෙහස ඉල්ලා කල ආයාචනා සඵල වූවාද...? නැත....ඈ පැතූ සෙනෙහස නොලැබෙන්නීය...හිතේ පැවති එකාකාරී හික්මීම ඈ වෙතින් ගිලිහී ගියෙන් ඈ කැදැල්ලෙන් පලා ගියාය..ගම්දනව් අතහැර ඈ තීරණය කරන්නී නැවතත් ඇගේ නිජබිම වූ ඝන වනයටම යා ගත්තීය...එහෙත් අවාසනාවකි.....මුලු වනය පුරාම ගිනිගෙන ඇති හැටි..ඇයට වැලපීමක් මිස වෙන යමක් ඉතුරු නොවුනා සේය....ඉතින් සෙනෙහස සොයා ඉගිලී ගිය කිරිලියකගේ දුක්බර ආයාචනය එසේම නිමවූ අයුරු.....
..සෙනෙහස ආදරය සොයා දුර අහස පුරා සරන්නී අසරණ සිතක් ඇත්තියක වන බව ඈ නොදත්තීය......
**යස්..**
No comments:
Post a Comment