Sunday 25 August 2024

සිකුරුලියා





කොමළ ලියා බොළඳ ලියා 

මාව දමා යන්න ගියා 

සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා .. 

 

ගත සීතල පහස ලබා ළැම රන්වන් සුවඳ සොබා 

නිමවෙයි රොන් ලැබුව මෙමා සිකුරුලියා 

මාව දමා යන්න ගියා සිකුරුලියා .. 

 

නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ අද ඒ නෙත කඳුළු බිඳූ 

ආදරයෙන් ඔබද හැදූ සිකුරුලියා 

මාව දමා යන්න ගියා සිකුරුලියා..

 



Artist: J.A. Milton Perera 

Lyrics: Dharmasiri Gamage 

Music: Clarence Wijewardena 

Film: Sikuruliya



සිකුරුලියා චිත්‍රපටිය : 

තිරගත වූ දිනය – 1975 සැප්තැම්බර් 27 

ඉදිරිපත් කිරීම – තාරක චිත්‍රපට 

නිෂ්පාදනය – එම්. බී. වසිරුල් අන්සාරි, පී. ඇන්ටන් ප්‍රනාන්දු, බී. ඩී. ටියුටර් පෙරේරා, බී. මිල්ටන් රණසිංහ 

සහාය නිෂ්පාදනය - උල්විසිහේවා නන්දසිරි 

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – එච්. ඩී. ප්‍රේමරත්න 

සහාය අධ්‍යක්ෂණය – හිලරි රාජපක්ෂ, ප්‍රේමවීර ගුණසේකර 

කැමරා අධ්‍යක්ෂණය – දයා විමලවීර සංස්කරණය – ටයිටස් තොටවත්ත 

සහාය සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි (දිසානායක චිත්‍රපට සංස්කරණ මැදිරිය) සහාය කැමරා ශිල්පීන් – ඇම්. වී. හේමපාල, ජයනාත් ගුණවර්ධන 

වේශ නිරූපණය – ඊබට් විජේසිංහ 

සහාය වේශ නිරූපණය – සෙල්වරත්නම්, හිල්ටන් මෙන්ඩිස් 

කලා අධ්‍යක්ෂණය - ජෝ දඹුලුගල සටන් පුහුණුව - රොබින් ප්‍රනාන්දු 

ශබ්ද පරිපාලනය – මර්වින් රොඩ්රිගෝ (ගීත) 

සහාය ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (විශේෂ ශබ්ද) 

නිශ්චල ඡායාරූප - සී. විල්බට් ප්‍රනාන්දු, එච්. සෙයිනුල් ආබ්දීන් 

නිෂ්පාදන කළමනාකරු - එච්. ජේ. එම්. අෂ්රෆ් 

සංගීත අධ්‍යක්ෂණය – ක්ලැරැන්ස් විජේවර්ධන 

රසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධන 

චිත්‍රාගාරය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය  



 

 

2 comments:

Navarathne said...

සිකුරුලියා චිත්‍රපටය ගැන (1975)

සිංහල මැද මාවතේ සිනමාවේ ප්‍රමුඛයෙක් හැටියට එච්.ඩී. ප්‍රේමරත්න මහතාට ලැබෙන්නේ වැදගත් තැනක්. වාණිජමය සිනමාවේ ප්‍රධාන අංගයන් වූ ගීත, සටන් ආදිය ඇතුලත් කොට ප්‍රේක්ෂකයාට හරවත් යමක් ඉදිරිපත් කිරීමට ප්‍රේමරත්න මහතා තමාගේ චිත්‍රපටවලින් උත්සාහ කලා. ඔහුගේ මැද මාවතේ සිනමා සම්ප්‍රදාය මෙරට ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර සිනමා ශාලා කරා ගෙන්වා ගැනීමට සමත් වූ බවත් මෙහිදී කිව යුතුමයි. "දරු දුක " වැනි චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කොට තමාගේ සිනමා දැනුම වර්ධනය කර ගත් ප්‍රේමරත්න මහතා 1975 වසරේදී බොහෝ අසීරුතා මැද තමාගේ ප්‍රථම චිත්‍රපටය නිර්මාණය කරනවා. මේ චිත්‍රපටය "සිකුරුලියා".

පැරණි දික්තලා- කාලගෝල කතාව ඔස්සේ නිර්මාණය වූ "සිකුරුලියා" මෙරට ප්‍රේක්ෂකයින්ට අලුත් අත්දැකීමක් වුනා. උපතින්ම කුරු ධනවත් පුද්ගලයෙක් සමග විවාහ වන රූමත් තරුණියකගේ ඉරණම පිළිබද කතා පුවතක් මේ චිත්‍රපට‍යට පාදක වුනා. මුල් වරට කුරු පුද්ගලයෙක් (බන්දුල ගලගෙදර) සිංහල චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රගපෑවේත් මෙම චිත්‍රපටයේ. ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, සුවිනීතා කෝන්ගහගේ වැනි නලු නිලියන් රගපෑ මෙම චිත්‍රපටය වාණිජමය වශයෙන් සාර්ථක වුනා.චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ ක්ලැරන්ස් විජේවර්ධනගේ තේමාවට උචිත මියුරු සංගීතය හා ගීත චිත්‍රපටයේ සාර්ථකත්වයට බොහෝ සෙයින් දායක වුනා.

*සිකුරුලියා, බොළදලියා
* මල්සර හදකට තුරුලු වෙලා
*දිලි දිලි දිලිසෙන එලියක්
*වසන්තයේ මල් කැකුලී

වැනි ගීත චිත්‍රපටය වෙත ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරවා ගැනීමට උපකාරී වුනා. කුරු පුද්ගලයා හා විවාපත් වන තරුණිය මුහුන දෙන ගැටළු හා පසුව නිවසේ රියැදුරා සමග පලා යෑමත් අවසානයේ පැරණි පෙම්වතා නැවත මුණ ගැසීමත් චිත්‍රපටයේ හොදින් ඉදිරිපත් කර තිබුනා. ජෝ, විජය, සුවිනීතා තරමටම කුරු පුද්ගලයාගේ චරිතය රගපෑ බන්දුල ගලගෙදර ද ජනප්‍රියත්වයක් හිමි කර ගැනීම විශේෂත්වයක්.

"සිකුරුලියා" චිත්‍රපටය ජනප්‍රිය සිනමාවේ මූලික අංගයන් යොදා ගනිමින් ප්‍රේක්ෂකයින්ගේ බුද්ධියට නිගා නොදෙන සාර්ථක නිර්මාණයක් බිහි කළ අවස්ථාවක් ලෙස නිසැකවම හදුන්වා දෙන්න පුලුවන්.

සටහන: රවිඳු කොල්ලුරේ

Deepaja said...

ප්‍රේමය විටෙක සැනසුමකක් විටක වේදනාවක්
ප්‍රේමය සමනසට කරන බලපෑම අති මහත්. මේ ගීතයේ ඒක හොඳටම දැනෙනවා.