ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ... //
ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිලිටි මල් පිපුනිද ලඳුනේ..
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැදුනේ...
ඔබට වරම් නැති.....
ආ මඟ වැරදී ඔහුද ඔබද මා
දෛවයේ තුන්මංසල හමුවී..
බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
කඳුලක් නැ දෙනුවන පිපුනේ...
ඔබට වරම් නැති.....
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රංජිත් රූපසිංහ
සංගීතය : නාලක අංජන කුමාර
ප්‍රථම ප්‍රේමය ගැන ලියවුණු තවත් එක් ගීතයක ලෙස පමනක් අරුත් ගැන්වීම අතිශය හදවත් වලට දැනුනු හදවත් කීරී ගැස්සවූ මේ ගීතයට කරන ඉමහත් අසාධාරණයක් ලෙස මට හැගේ..ප්‍රේමයෙන් වියෝගයට පත් හදවත් පමනක්ද මේ ගීතයට ඇලුම් කරන්නේ.සැකයක් නැත.එය එසේ නොවේ.ආදරය හදුනන කලාකාමී,සිංහල ගීතයේ අරුත් බර රස තැන් සොයානා ඕනේම සංවේදී සිත් ඇත්තෙක් මේ ගීතයට ප්‍රිය නොකරයිනම් එය ඇදහිය නොහැකි තරම් වන්නේය.එතරම්ම හදවත් වලට සමීප වූ ගීතයක් ලෙස දැක්වීම ගීතය අතිශෝක්තියෙන් වර්නනා කිරීමක්ද නොවේ.
ගීතයෙන් කියන්නේ අහිමි වූ පලමු පෙමක් ගැනයි.නමුත් මගේ හුදෙකලා සිතිවිල්ලක් වනුයේ ප්‍රේමය නැමැති හැගීම නොඉදුල්ව තබා ගැනීමට 'ප්‍රථම' යන වචනය යොදාගන්නා බවයි.පලමු පෙමට මේ තරම් ඉහල අගයක් ලැබී ඇත්තේද මෙවැනි ගී නිර්මාන මතද කියාත් තරමක සැකයක් ඇත. සියල්ලගේම ප්‍රේම කතා සැලකූවිට පලමු පෙම යනු ජීවිතයේ තවත් එක් ආදර කතාවක් වූ අය බොහෝය.සැබෑ කරගැනීම ගත් විට සැලකිය නොහැකි තරම් සුලු තරමකි.එතරම්ම දුර්ලබය.සැබෑව නම් එයය.කෙසේ උවත් ප්‍රථම ප්‍රේමය ජයගත් අයද නැතිවාම නොවේ.පලමු ආදරයෙන්ම සෑබැවටම තමන් සොයන අය හමුවීම සැබෑවටම වාසනාව,එසේ නොවෙනම් පතාගත් අය හමුවීම ලෙසද අරුත් ගැන්වීම අවැසිනම් කල හැක.
ඒ සටහන තැබුවේ ගීතයට පිවිසුමක් ලෙසටය.මේ ගීතයේ පද,ගායනය මෙන්ම සංගීතයද එකකට එකක් නොදෙවෙනි ලෙස මුසුව තිබෙන අයුරු දැනීමට එකවරක් හෝ ඇස් පියවමින් ගීතය රස විදින්න.ගීතයේ සංගීතය මූසල එකකි.ඒ මූසල බව තුල මහත් අපූරු බවක් රැදී ඇත.සංගීතයේ මූසල බව ගීතයට අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුව තිබූ එකකි.කෙසේ නමුත් සියල්ල මනාවට ගැලපෙමින් ගීතය පරිපූර්ණ බවට පත් කොට තිබේ.
ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතනැද සැගව ගියේ යන ප්‍රශ්නාර්ත ආරම්භයෙන්ම ප්‍රේමය නැතිවීම ඔහු මංමුලා කර ඇති බව කියාපා තිබේ.ආදරය අහිමි වූ කල ඒ අහිමිවීම ගැන පසු විපරමක් ලෙස ගීතය ලියවී තිබේ..
නමුත් ගීතයේ දෙවන කොටස ගත් විට ප්‍රේමය අහිමි වීම දේවේශයෙන් යුතුව ප්‍රකාශ කොට ඇත. ඔහුට පුදන්නට පූජාසනයේ නොකොලිටි මල් පිපුනේ කෙසේදැයි ඇයගෙන් විමසා සිටී. එය ප්‍රේමයේ ආත්මාර්ථය ලෙසද දැක්විය හැක.ඔහුට ඇය සමග ගතකල සමයේ කල කී දෑ ඈ පැවසූ දේ ආවර්ජනය වන්නට ඇත.සිත දමනය කල කෙනෙක් හට නම් මේ සියල්ල කිසියම්ම හෝ තරහකින් තොරව බැහැර කල හැකිව තිබුනි.නමුත් සාමාන්‍ය සිත් ඇති හැගීම් දැනීම් දැනෙන කෙනෙකුන් හට එය එසේ නොවේ.ඔහුගෙ පෙම බොරුවක් නොවේ.එය හදවතින්ම පුදකල නිකැලැල් එකකි.පරසතු කුසුමක් තරමට දුර්ලබ එකකි.එහෙත් එතරම්ම දුර්ලබ උතුම් ප්‍රේමය උවද නැතිවී ගොසිනි.ඒතරම් අප්‍රමාන වූ ඔහුගේ ප්‍රේමය පසක දමා ඇය වෙන කෙනෙකුන් ලග රැදී ඇත.
අවසානයේ ඔහු විසින් සියල්ල උපේක්ෂාවෙන් දරා ගෙන ඇති බවක් පෙනේ.ඇය වෙතම වරද නොපටවමින් ඔවුන් ආ ගමන වැරදි මගක් ඔස්සේ ආ බව කියා ඇත.දෛවයේ තීරනයක් නිසා ඔහුට ඇයගෙන් වෙන් වීමට සිදුවූ බව ඔහු කියා ඇත.ඇයට වෙනත් අයකු මුන ගැසීමද ඔහු විසින් දෛවයේ තීරනයක් ලෙස දකිනමින් බොහෝ දෙනෙක් හට නැති ඉවසීම පෙන්වා දී ඇත.තව දුරටත් ඔහු ප්‍රේමය අහිමිවීම නිසා ජීවිතය කඩාකප්පල් කරගැනීමක් නොවන බව මේ පද පේලියෙන් මනාවට පසක් කොට ඇත..බලා හිදිනු මිස හඩා වැටෙන්නට කදුලක් නෑ දෙනයන පුපුනේ..බුද්ධිමත් තරුනයෙක්ගේ සිතීම ගීතය අවසානයේ දක්වා ඇත.සැබැවින්ම ගීතය තුලින් විය යුත්තේ මෙය නොවේද.ආනන්දයෙන් ඇරබී ප්‍රඥාවෙන් අවසන් වී තිබේ. ගීතයට තිබූ ආදරය වැඩි කරන්නට ගීතයේ වටිනාකම වැඩි කිරීමට මෙයද මටනම් ඉවහල් විය.
~~නිපුන සම්පත්~~
No comments:
Post a Comment