Thursday 16 March 2017

ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ

ඔබත් මුලා විය මමත් මුලා විණි....


ප්‍රේමය ම එක්තරා ගමනක්.. කොහේ කොතැනක සිට ඇරඹුනත් එක සුන්දරතම ගමනක්... ඒත් හැම ප්‍රේම කතාවකටම ගමනාන්තයක් තියෙනවාද.. අත් අත නොහැරම මහ දුරක් යන්නට නම් අඩුම තරමින් නිසැක මාවතක් ගමන් මගක් තියෙන්නටවත් තිබුණා නේද.. ඒ මග නොවැරදුණා නම් ගිමන් හලක් උවමනා වේවිද.. එහෙනම් මේ පැමිණ ඇත්තේ නොපෙනෙනා මගක.. නොගැළපෙන මගක..

ඉතින් තව කොච්චර කාලයක් ඉතිරි වෙලා තියෙනවා ද.. මේ කඳුළු සුසුම් හැමදාටම දරාගෙන ඉන්නට සදාකාලිකව ම අපට සිදු වේවි... ඉතින් තව දුරටත් බලාපොරොත්තු ඉතිරි වේවිද... ඉරක් හඳක් නැති ලෝකයක්. .. ඉතින් අපේ ලෝකය හැදෙන්නේ අඳුරක නම්...

කොහේ යන්නද කොහොම යන්නද... විමසන්න මග පෙන්නන්න කිසිවෙක් නැතිව අපිට තව කොපමණ මේ ගමන යන්නට හැකිද.. අද අපේ ඉදිරියේ තියෙන්නේ ඉමක් කොණක් නොපෙනෙන මාවතක්.. ඉතින් තව තවත් ඔබත් මමත් මුලා වන්නේ කුමකටද...

හඬ - රෝහණ වීරසිංහ

ස්වර - එඩ්වඩ් ජයකොඩි

පද - කුමාරදාස සපුතන්ත්‍රි


ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ...
ගිමන් හලක් හමුවීද මේ ප්‍රේම චාරිකාවේ...

නෙතින් ගැලු කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනි දැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා...
අපේ පෙම් ලෝකයේ...

ගමන් මගක් විමසා බලන්නට
කෙනෙක් නොවී නෙත් මානයේ
ඔබත් මුලා විය මමත් මුලා වුණි
ඉමක් කොනක් නැති මාවතේ...
විරහ පෙම් මාවතේ ...


--අමාලි වසුන්දරා--


2 comments:

Akila Kulasekara said...

රෝහන වීරසිංහයන් ගායකයෙක් විදියට බොහෝදෙනා හදුනාගන්නේ මුතුකුඩ ඉහලන ගීතයෙන්. එයට ලැබුනු ජනප්‍රියතාවය ඒ ලෙසින්ම මේ ගීතයට ලැබී නැති වුනත් සැහෙන පිරිසක් මේ ගීතය ප්‍රිය කරනවා.
අමාලිගේ මේ අදහස් දුටුවාම මට මතක් වුනා බණ්ඩාර අතාවුදයන්ගේ 'කොහේ යන්නෙද' කියන ගීතය. ඒ වගේම 'මේ පැමිණ ඇත්තේ නොපෙනෙනා මගක.. නොගැළපෙන මගක..'
එකගයි ඔබ කියනාදේ සමග.

Wasantha Bandara said...

Premaya kiyana de gena eka ekkena kiyanne wenas dewal. eyalage athdekeem ekka ewa wenas wenawa. Rohana Weerasinghe kiyanawa obath mulawiya mamath mulawuni imak konak nathi mawathe wiraha pem mawathe kiyala. wirahawa premayath ekkama ena deyak unata kawuruth wirahawa piliganna lesthi ne. nethnam prema karanne nene. wirahawa ekka owunge siyalu dewal binda wetenawa. a nisama a osse wiwida dewal hithanna pelabenawa. premayata wirahawak ek nowewa.