Saturday 17 October 2015

ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...

ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...//
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ..
ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...

උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
කනේ තෝඩු මිණ ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටුනලලත අලක පඬුන් රඟන ලියේ
ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණදාම පාන හඬට සැලෙන ලියේ
කෝල නොවී විමානයේ බසින්න ස්වර්ණමාලියේ

ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ....
ස්වර්ණමාලියේ...


ලෝකවාසී බෞද්ධයාගේ පරම පූජනීය වන්දනාමානයට පාත්‍ර වූ ස්වර්ණමාලී මහා ථූපය ගොඩනැංවීමෙි ඉතිහාස කතාපුවතේ එක් සිදුවීමක් පමණක් මෙම ගීතයට වස්තු විෂය වී ඇත.

අනුරාධපුර මහාමෙිඝවන උයනේ මහා සෑය ඉදිකිරීමට නියමිතව තිබු අතර මෙි සඳහා එම ස්ථානයේ තිබු රන් තෙළිඹු ගසක් කපා ඉවත් කල යුතු විය. නමුත් එම ගසට අරක්ගෙන සිටි නාගකන්‍යාව නිසා තෙළිඹු ගස කැපීමට නොහැකි වීම නිසා දුටුගැමුණු මහ රජු නාගකන්‍යාවට ඇයගේ විමානයෙන් ඉවත් වීයන ලෙසට කල ඉල්ලීම මෙම ගීතය තුලින් දැකිය හැක.
 
ඇයගේ නමින් මෙහි ඉදිවන සෑය නමිකරන බවත්.
තවද අැගේ රෑපය අති උත්කර්ෂවත් ලෙස රජතුමා මෙහිදී වර්ණනාවට ලක් කර ඇත.(ඇයගේ කේෂකලාපය,දෙනෙත,ඇහිබැම ,සිනහවදෑත,ඇගිලි ,.....මෙිආදී වශයෙන් )අති සුන්දර උපමාවන්ට ලක්කර ඇත.
 

පණ්ඩිත් අමරදේවයන් මෙම ගීතයට හඬ මුසුකරයි.පද රචනය ඩෝල්ටන් අල්විස් නමිවු විශිෂ්ට ගී පද රචකයානන් ගේය.(මා වැරදි නමි නිවැරැදි කරන්න )


~~තනූජා පුෂ්පකුමාරි~~ 

6 comments:

Unknown said...

මහගම සේකරයන් විසින් රචිතයි. සංගීතය අධ්‍යක්ශණය කරමින් ගායනා කළේ පණ්ඩිත් අමරදේවයන්.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ජීවිතය කැප කල දුටුගැමුණු රජු සහ රහතන් වහන්සේලා ස්වර්ණමාලීනම් දෙව්දුවට ඇයගේ විමානය හැර යාම පිණිස කල ඉල්ලීම ඉතා සාර්ථක ලෙස ගීතයකට නගා ඇත. ඒ ඉතිහාසය මම මතක් කරන්නම්.
"මෙම මහා ස්ථූපය කරවන්නට සියළු පිරිකර සම්පූර්ණ වුන කල්හි වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහාසෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වූයේ ය. එකල්හි එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත්නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතමෝ තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වා යැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හි ඇයගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිතව මහාස්ථූපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමා හට දැනුම් දුන්නාහු ය.
එකල්හි ස්වර්ණමාලී දෙව් දුව නමින් ස්වර්ණමාලී මහා සෑය තැනවීමට සුදුසු වූ ඒ බිම් කඩෙහි පිහිටි ශිලාස්ථම්භය බැහැර කොට මහාසෑය පිහිටන භූමියෙහි සත්රියනක් යටට සාරවා පස් ඉවත් කරන ලද්දේ ය."

තේජන අබේදීර said...

බොහොමත්ම ස්තුතියි රිච්මන්ඩ් ඔබගේ සටහනට. ඉතිහාස කතාව ආයෙත් මතක් වුනා...

Unknown said...

Pada rachanaya mahagama sekarage

Unknown said...

Pada rachanaya mahagama sekarage

Ajith kumara said...

මේක වැරදියි දුටු ගැමුනු රජතුමා ඔය රන්තෙලබු ගහ පුච්චනවා ස්වර්නමාලිත් එක්කම ඉට පස්සේ එකෙන් ශෝක වුනු රජ තුමා ඇගේ නම තියනවා රජතුමාට විසක් ඇතුල් වෙලා මැරේන්න හත්වෙනි දවසේ තමයි සාලියට කියන්නේ

Anonymous said...

Ajith kumara අදමයි ඇහුවේ ඔය වගේ අදහසක්