Friday, 25 March 2016
මළත් කමක් නෑ මලක් අරන් මම.. නාගදීපේ ආවා
මළත් කමක් නෑ මලක් අරන් මම..නාගදීපේ ආවා.....
යුද්ධ කාලයේ මායිම් ගම්මාන වල මිනිසුන් විඳපු දුක් ගැන සමුහයේ අයට නම් වැඩි අත්දැකීමක් නැතිව ඇති. නමුත් මම මේ ගීතය සමුහයේ ගෙනහැර පෑමට උනන්දු කරවුයේ මම ද මායිම් ගම්පලාතක ඉපිද මේ අත්දැකීම් වලට මුහුණ දුන් අයෙක් නිසාවෙනි..... නමුත් එහි අමිහිරි අත්දැකීම් අරුත්ගන්වට ගියොත් එම අත්දැකීම් විඳපු මිනිස්සුන්ට මා කරන්නේ අසාධාරණයකි.. මන්ද එය අරුත් ගන්වන්නට තරම් මා වචන නොදන්න නිසාවෙනි. ...
ගිනිපෙල්ලෙන් බැට කා එකා කණාමැදිරි එළියටත් බයය... මම මේ කතාව කිව්වේ 1990 ගනන් වල සිදු අත්දැකීමක් මතක් වු නිසාවෙනි. එදා හරියටම මුස්ලිම් අයගේ අව්රුදු දවස..රෑ දොලහට විතර වෙඩි ශබ්දයක් ඇසෙන්නට උනා...."කොටි ඇවිල්ලා" ...ගමේම ප්‍රචාරය උනා...අප්පච්චි ද හේනට ගොසිනි... අම්මා අපිව අරන් වෙලට දිව්වා... රෑ පහන් වන තුරු අම්මා නිදිවරා අපිව රැක්කා... අපි නම් හොදට නිදා ගත්තා .. මොකද බය කියන දේ අපේ පුංචි හිතට මහ ලොකුවට දැනුනෙ නැහැ... පසුදා උදේ අසන්නට ලැබුණේ මුස්ලිම් අව්රුදු නිසා ටවුන් එකේ රතිඤ්ඤා පත්තු කරපු බව... ඒ ශබ්දයට තමයි අපිව අරන් අම්මා වෙලට දුවලා තියෙන්නෙ මිනිසුන් කපනවා කොටනවා කියනකොට කාටද මර බය නොදැනෙන්නේ ..අපිටත් ඒ බය පසු වෙන්න වෙන්න දැනුනා ... ඉතින් මේ එක අත්දැකීමක් විතරයි ... එකින් එකට ඉදිරිපත් කලොත් ඔයාලටත් එපා වෙයි...
කොහොම නමුත් දැන් යුද්ධය නිමයි... ඒ වෙනුවෙන් කැපවීම කල සෙනාධි නායකයාට මෙන්ම රණවිරුවන්ට ද අපි ණයගැතිය... කව්රු කොහොම කිව්වත් අපේ අම්මලාගේන් ඒ මතකයන් ඈත් කරන්නට නම් බැරිය....
දමිත් අසංකගේ ගීත කීපයක් ම සොයුරු Thejana Abeydeera අයියා අරුතට ගෙනාවා... ගොඩ දෙනෙක් ඔහුගේ ගීත වල මෙන්ම ඔහු ගැනත් ගුන දොස් විචාරයන් කර තිබුනා. මේ ගීතය පිට වන්නේ තිස් වසරක යුද්ධය නිමාවීමෙන් පසුවයි ....
දැවී තැවූ සිත් නිවී පහන් වන...
දිනක් උදා වූවා...
කලක් සිතේ තිවූ සියුම් දොලක් ගැන
මතක අලුත් වුවා...
සඳක් නැගී තල් වැට ඉහලින් වෙඩි
හඩක් ඇසෙන්නැතුවා....
මළත් කමක් නෑ මලක් අරන් මම..
නාගදීපේ ආවා.....
නාගදීපයටඉහල අහස් කුස..
රන් වන් පැහැය ගනී...
එදා දෙසූ දම් මෙදා වගේමයි ...
තාමත් සුවඳ දැනේ...
දැවී තැවූ සිත් නිවී පහන් වන...
දිනක් උදා වූවා...
කලක් සිතේ තිවූ සියුම් දොලක් ගැන
මතක අලුත් වුවා...
සඳක් නැගී තල් වැට ඉහලින් ...
වෙඩි හඩක් ඇසෙන්නැතුවා....
මළත් කමක් නෑ මලක් අරන් මම..
නාගදීපේ ආවා.....
පරෙවි තටුවකින් සිසිල් පැන් දොවා..
සුදු මල් ගෙන ආවා...
අනේ හිමියනේ සාඳු නාද මිස..
වෙඩි හඬ නොඇසේවා......
දැවී තැවූ සිත් නිවී පහන් වන...
දිනක් උදා වූවා...
කලක් සිතේ තිවූ සියුම් දොලක් ගැන
මතක අලුත් වුවා...
සඳක් නැගී තල් වැට ඉහලින් ...
වෙඩි හඩක් ඇසෙන්නැතුවා....
මළත් කමක් නෑ මලක් අරන් මම..
නාගදීපේ ආවා.....
මා මුලින් කීවාක් මෙන් තිස් වසරක තිබූ කුරිරු යුද්ධය නිසා කී දාහක දෙමාපියන් දු දරුවන්ගෙ සිත් ගිනිගෙන දැවුනාද.. අම්මාවරුන්ට තම පුතුන් නැති උනා ද.. කී දාහක ලමයිට තම දෙමාපියන් නැති උනාද... කී දාහක් බිරින්දෑවරු වැන්ඳඹු උනාද.. කී දාහක් මේ වන විට එක්තැන් වෙලා ඉන්නවා ද.....නාගදීපය ගැන ඔබට අලුතෙන් හදුන්වාදිය යුතු නොවේ. මේ ගීතයේ මෙන් අපටත් පුංචි පුංචි අාසාවල් තියෙනවා. එය එකිනෙකාගේ ආගම් අනුව වෙනස් වෙනවා. ඉතින් මොහුගේ හිතේ එදා ඉදන් තිබුනු පුංචි ආසාව තමයි කවදා හරි නාගදීපය විහාරය වැඳ පුදා ගැනීම. කවදා හරි දඹදිව වැදපුඳාගෙන ඉන් පස්සේ නම් මැරුණත් කමක් නැහැ කියලා හිතන අය කොතරම් නම් සිටී ද. ඔව් අද නාගදීපය වැඳ පුදා ගන්නට ඔබට මට අප සැමෝටම අවස්ථාව උදා වෙලා...අද වෙඩි හඩ නැත ... ඒ වෙනුවට අද ඇසෙන්නේ සාදු නාද පමනයි ..
එදා අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙරටට පැමිණ දෙසා වදහල බුදුබණ අදත් ඇසෙන්නාක් මෙන් ඔහුට දැනෙයි..එ බණ අදට කොතරම් කාලෝචිතද යන්න අප අපේ හඳවත් තුලින්ම විමසා බැලිය යුතුය. යුද්ධය මොනයම් ආගමකවත් අනුමත කරන්නේ නැත.
මේ ගීතය තවෙකෙක්ට දැනෙන විදිහ වෙනස් වීමට පුලුවන් ... කොහොම නමුත් මේ භූමිය තුල සාඳු නාද මිස යලි කිසි දිනෙක වෙඩි හඬ නම් නොඇසේවා යන්න මාද හඳවතින්ම පාර්ථනා කරන්නෙමි.......ජය !
~~~~බණ්ඩාර ~~~ස
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment