Friday 20 November 2015

නින්ද නැති රැයේ ...


ඔන්නෙ කොල්ලෙක් කසාදයක් බදිනව. . ඉතින් බැන්දට පස්සෙ වෙන ප්‍ර‍ස්නයක් ගැන තමයි මේ කියන්න යන්නෙ...


බැදල මේ දෙන්න සිරි යහනට යනව. . හැබැයි මේ ගෑනු ලමය නම් කැමැත්තක් තිබිල නෑ මේ විවාහයට.. මොකද එයා වෙන කෙනෙක්ටයි ආදරය කරල තියෙන්නෙ.. එයාගෙ ප්‍ර‍ථම ප්‍රේමය ඒක තමයි.. එයා ඇදට වෙලා හොරෙන් අඩනව.. හැබැයි මේ කොල්ල මේක තේරුම් ගන්නව.. එයා කෙලගෙන් මෙහෙම අහනව...


නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ


පරණ දේවල්ගැන හිත හිතා දුකෙන් ඉන්න එපා.. මන් ඔයාව හොදට බලා ගන්නම්.. මේ හැමදේම අමතක කරල මං ඔයාට තුරුල් වෙන්නම්.. ජීවිතය කියන්නෙ අපිට කැමති දේ ලැබෙන් එක නෙවෙයි.. අපි ඇත්තට මූන දෙන්න ඕනෙ.. කොල්ල මේ විදිහට තමන් බැදපු කෙල්ලට කාරනය පැහැදිලි කරනව...


කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ

තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ

ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ

හෙට උදේම අවදි වී යායුතුව තිබේ...


ජීවිතය අදින් ඉවර වෙන්නෙ නෑ. අපිට දව ගොඩක් දුර යන්න තියනව.. ඉතින් හිත හදාගෙන මට අවසර දෙන්න.. ඔයාව තුරුල් කර ගන්න. . ඔයා ආස නැති උනත්. . ඔයා මගෙ බිරිද.. ඔයාට මං ආදරෙයි...


රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ

ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ

කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ

සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...


ගායනය : ගුණදාස කපුගේ

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ

සංගීතය : ගුණදාස කපුගේ


මට හිතුනෙ මේ වගේ කථාවක්... හැබැයි මීට වඩා වෙනස් වෙන්න පුලුවන් මේකෙ තේරුම..



~~රසික ඉඳුනිල්~~






2 comments:

Anonymous said...

ගීත රචකයාගේ මුවින්ම ගීතයේ අරුත. සාවධ්‍ය තේරුම් දෙන්න එපා ගීත වලට. හරියට දන්නේ
නැත්නම් ඊට හොදයි නිහඩ වෙන එක. බොරු තේරුම් දීලා මේ වටිනා ගීත විනාශ කරන්න එපා.

https://www.youtube.com/watch?v=ZWB3Gc04c7o

Unknown said...

විචාරයකින් සිදුවනුයේ යමෙක් යම් සාහිත්‍යය නිර්මාණයක් රසවිදි ආකාරය භාෂාව මාධ්‍ය කොට ගෙන ප්‍රකාශ කිරීමකි.එබැවින් ඔබ රසවිදි ආකාරය මෙමගින් ඉදිරිපත් කිරීමට ඔබට අයිතියක් ඇත.ඔබ මෙම මේ නිර්මාණය රසවිදි ආකාරය ගොඩක් සෞන්දර්යාත්මකයි.මෙම නිර්මාණය ඔබට ගෝචර වූ ආකාරය ගීය විනාශ වීමට හේතු වෙන්නේ නෑ.ඔබගේ විචාරය ගොඩක් හොඳයි.👍👍👍