ඔහු දකින ඒ ගුරු පාර අදත් එසේමය.. ඈ සමග අතිනත වෙලී එහා මෙහා ගිය ඒ ගුරු පාර අද හිස්ව ඇති බව පමණක් ඔහුට දැනෙයි.. පෙම්වත් හිත් අතර ඇතිවන කතාබහට සීමා මායිම් කොතැනද.. ඒ හැම දන්නේ ඔහුත් ඇයත් පමණක්මද.. ඒ බස් අසා සිනාසුණු කවරෙකු හෝ නොසිටියේද..
ඔහුගේ මතකයේ ඇති හැම මාවතක් පාසා මැවි මැවී ඇගේ රුව පෙනෙයි. මේ පෑගෙන දූවිලි අතරේ ඔවුන්ගේත් පියවර සටහන් කවදා හෝ ඇඳෙන්නට ඇත..
ඒ දොළ පාරම පෙණ පිඬු නගමින් අදද ගලා යයි.. එදාත් මේ දොළ පාර මෙලෙසින්ම ගලන්නට ඇත.. ප්‍රේමනීය සුළං රැළි මැද පෙණ පිඬු නගමින් සිනාසෙන්නට ඇත.
ඉර හඳ, ගහ කොළ, ඇල දොල, මං මාවත් සදාතනිකව ඒ සොඳුරු හමුවීම් සඟවාගෙන නිහඬ වනු ඇත..
මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා
පටු මාවත්වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොළ මත දිදුලන පෙණ පිඬු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත
ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩූ කතා බහ
එනමුදු එදවස් සඟවනු හැකි වෙයි
ඉරට හඳට ඇළ දොළට කතා බැහැ
ගායනය : ඩබ්.ඩී.අමරදේව
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : සනත් නන්දසිරි
සඟවන්නට දෙයක් ඉතිරි වේවිද..
~අමාලි වසුන්දරා අතුකෝරල~
No comments:
Post a Comment