යමුනා ගඟ නඟයි තරංගා ...
සුදු පෙණ කැටි බලන්න රාධා ...
රා :
සුළඟ හමයි සීතල සාදා ....
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා ....
ක්‍රි :
සිනා රැලි නඟා උතුරන ...
ඔය හදවත් නීල ජලාශේ ...
පීනන මේ ස්වර්ණ හංසයෝ ....
අකීකරු ද මෙතරම් රාධා ...
රා :
ඉඩ දී දෙන්නට දඬුවම් ....
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා ....
ක්‍රි :
මල් පෙති පොඩි වී ඉකිලන ...
මේ හෝපලු යහන් තලාවේ ...
සඳ දිය මිණි මෙවුලට වැටිලා ....
දෑස නිලංකාරයි රාධා ...
රා :
ගිලිහී ගිය දෙන් මිණි කැට ...
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා ...
...............................................
පද රචනය : ධම්මික බණ්ඩාර
ගායනය : අමරසිරි පීරිස් & වසන්තා තිලකාංගනී
______________________________
රාධා - ක්‍රිෂ්ණා හුන්නේ කොතැනද එතැන ශෘංගාරයේ තිඹිරි ගෙයකි ....
ලොවෙහි පැවැත්මට තුඩු දෙන මුක්‍ය සාධකය කාම සම්භෝගය උවද ලොවෙහි බොහෝ දෙනා එකී කරුණ ප්‍රසිද්ධියේ කතා කිරීමට මැළි වෙති ..
මෙහිදී ධම්මික බණ්ඩාර යන් රාධා - ක්‍රිෂ්ණා පෙම් පුවත නිමිති කොටගෙන විවර කරන්නේ එකී ශෘංගාර ගත ප්‍රේම ද්වාරයයි ...
" හිම දිය වී හිමාලයේ .... "
යන මුල් කොටසින්ම පාරිසරික වැනුම් ඔස්සේ රාධා - ක්‍රිෂ්ණා තුළ දලුලන අසීමාන්තික ශෘංගාරයේ වපසරිය පිළිබඳ ධම්මිකයන් විසින් ඉඟි සැපයෙයි ...
අනතුරුව ,,
" සිනා රැලි නඟා උතුරන ...
ඔය හදවත් නීල ජලාශේ ... "
යන අන්තරා කොටසින් රාධාගේ හදවත නොහොත් ළපැත්ත සදිසි කෙරෙන්නේ නීල ජලාශයකට ය ... ඖචිත්‍ය පූර්ණ නව්‍ය රූපකයකින් ධම්මිකයන් වැඩ ගෙන ඇති අයුරු ඇත්තෙන්ම පැසසීම වටියි ... ඉන් නොනවතින ඔහු, ..... එම නීල ජලාශයේ ස්වර්ණ තිසරුන් පිහිනනා බව පවසයි .... නීල ජලාශය ළයනම් එහි වෙසෙන ස්වර්ණ හංසයන් කවුදැයි ; ඔවුන් ගණනින් කී දෙනෙකු දැයි ඔබට අමුතුවෙන් පැවසීම අවැසි නොවේයැයි සිතමි ...
එම තිසරුන් අකීකරු ලු ..... පුන් පයෝධර දුටු ක්‍රිෂ්ණා ගේ රාගික සිතැඟියාවන් සේම ඒවායෙහි ප්‍රමාණය ; ස්වරූපය පිළිබඳව ද මෙයින් කදිමට විශද වෙයි ....
ඊට පිළිතුරු ලෙස රාධගේ මුවට නංවා ඇත්තේ මෙවන් වදන් වැලකී ...
" ඉඩ දී දෙන්නට දඬුවම් ....
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා ....
මාගේ හද නැමැති නීල ජලාශයේ පිහිනනා කියන රන් තිසරුන් ඔය තරමට අකීකරු නම් ,.... ක්‍රිෂ්ණා ඔයා කැමති දඬුවමක් එයාලට දෙන්න .... මං මුකුත් නොකියා දෑස් පියාගෙනම ඉන්නම් ....
රස ශෘංගාර පූර්ණ වදන් පෙළකින් භාවාත්මක හැඟීම් මවාලූ අයුරු පෙනේද ....!!!!?
" මල් පෙති පොඩි වී ඉකිලන ...
මේ හෝ පලු යහන් තලාවේ ....
සඳ දිය මිණි මෙවුලට වැටිලා ....
දෑස නිලංකාරයි රාධා .... "
මොවුනට සුව පහසු මෙට්ට නැත ... ඇත්තේ හෝ පලු මල් පෙති වැටී සැදුණු මල් ඇතිරිලිය ..ආලයෙන් වෙළී ; රතියෙන් උමතුව හැසිරෙනා මොවුන් නිසා මල් පෙති පවා පොඩි වී ඉකි ගසනා බව පැවසීම තුළින් රති ගත දැඟලිල්ලේ තරම මැනවින් පෙනෙයි ....
ම්ණි මෙවුල යනු ආදි කතුන් තම රහසඟ වැසෙන සේ පැලඳි ආභරණයකි ... මොහොතකට පෙර හංසයන්ට දඬුවම් දීමට සැරසුණු ක්‍රිෂ්ණා ගේ දෑස් දැන් ඇත්තේ තවත් තැනකය ... ; සඳ රැස් වැටුණු මිණි මෙවුලෙහිය .... !!!! මෙතැන්හි ක්‍රිෂ්ණාවන් වක්‍රෝක්ති ගතව හඟවන්නේ වෙනමම දෙයකි ... මෙහිදී සැබැවින්ම මිණි මෙවුල හුදු සංකේතයක් පමණි .... ඒ මත සඳ රැස් වැටිලායැයි කීම තුළින් ,,, ක්‍රිෂ්ණා සිය නෙතින් දකිනා හෝ බලනා තැන ස්වරූපය ; ප්‍රභාව ; සුන්දරත්වය පිළිබඳ සිතුවම් මවයි .... සඳ රැස් වැටුණු මිණි මෙවුලට දෙනෙත් පාන ඔහුට පෙනෙන්නේ කුමක්දැයි පවසීම අවැසි නැතැයි සිතමි ... මං ද යත් , එය මා ඔබේ රස භාවයන්ට බලෙන් අත පෙවීමකි ...
අනතුරුව රධාවන් ,,
" ගිලිහී ගිය දෙන් මිණි කැට ...
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා ... "
යනුවෙන් පවසන වදනත් සමඟම ක්‍රිෂ්ණාවන්ගේ ශෘංගාර උමතුව පමණක් නොව , රාධා තුළ දැවෙන රති ආශ්වාදයෙහි ආශාව අධි ත්‍රීව්‍ර කොට දැක්වීමට රචකයා සමත් වෙයි ...
මාගේ මෙවුල් දමෙහි ඇති මිණි කැට පවා ගිලිහී , විසිරී ගිය දෙන් ...... ඔබ ඔබට රිසි ලෙසකින් හැසිරෙන්න ..... ඇගේ මුසපත් සිතැඟියාවන් ව්‍යංගාර්ථයෙන් පළ කළ සොඳුරු විලාසය පෙනේද ..!? ධම්මිකයන් ගේ ප්‍රතිභාන්විත පරිකල්පනයේ පෘථුල බව පිළිබඳ වෙන වැනුම් කුමට ....
( ප . ලි . - මෙහි අර්ථ පූර්ණ ; භාව පූර්ණ තවත් ඉසියුම් තැන් රැසක් වෙයි ... මා දුරකථනය ඔස්සේ මෙය ලියූ බැවින් එවැනි ඇතැම් තැන් හිතාමතා ම අත හැර මෙය හැකි තාක් සංක්ෂිප්ත කළෙමි ... ඉන් ඔබේ රසයට ඌනතා වූවේනම් කනගාටුවද පළ කරමි ... මං මින් පෙර විටෙක මේ ගීතය පිළිබඳ පැවසූ මොහොතක මා මිත්‍ර charith harshana සොයුරා මේ ගීතය පිළිබඳ විචාරයක් ලියන්න යැයි මට ඉල්ලීමක් කළ ද මා ඉන් හීන් සීරුවේ ලිස්සා ගියෙමි ...
]...ශක්ෂික රෝෂික...[
No comments:
Post a Comment