අාචාර්යය ඩබ්ලිව්. එ්. අබේසිංහයන් ගේ පන්හිඳෙන් ගිළිහුණු පද වැල්, වචන සිය ගනනකින් වත් ප්‍රකාශ කර වුව නිම කළ නොහැකි සංකල්පයක්, ඉතා සරළ ලෙසත්, සුගම ලෙසත්, අපූර්ව ලෙසත් සියුම්ව සංකළනය කර අැත.
සරුංගලේ මා - සරුංගලේ...
පියඹා යනවා
දෙරණ මතින් - දෙරණ මතින්...
මායිම් නැති නිල් ආකාසේ
මායිම් ඇති මේ නියර මතේ
කුමර කුමරියන් අතින් මිදී
සරුංගලේ මා සරුංගලේ
අැය සරුංගලයකි.
විප්ලවීය සරුංගලයකි...
කුමර කුමරියන් ගේ අතින් මිදී, එනම්,
සියලු බණ්ධනයන් ගෙන් නිදහස් වී,
තෙරක් නොපෙනෙන නිල් අහස පුරාවටම අැය සැරිසරයි...
අැය පොළවට මනාප නැත.
පොළව කුරිරු ය.
වැට කොටු සීමා මායිම් වලින් බෙදී අැත.
පැන නැගුණු එම පවුරු,
නිදහස සිරගතකර තිබේ.
එබැවින් අැය
අහස ම තෝරා ගන්නීය.
කුරිරු පොළෝ මත
වැටකොටු බැඳ අැත - වැටකොටු බැඳ අැත
නිදහස වටකොට
පවුරු නැගී ඇත - පවුරු නැගී අැත
එබැවින් පියඹා - යන්නෙම් ගගනත
සරුංගලේ මා සරුංගලේ
දෑ කුලගොත්
මායිම් කිසිවක් නැති - මායිම් මෙහි නැති
නිදහස් නිවහල්
සුවිසල් ගගනත - සුවිසල් ගගනත
ඈතට - ඉගිලෙමි සිතු ලෙස
සරුංගලේ මා සරුංගලේ
නිදහස් නිවහල් ගගනත,
කිසිඳු මායිමක් බෙදීමක් නැත.
දැය, කුලය, ගෝත්‍රය පිළිබඳ
තැකීමක් අහසට නැත.
ඉතින්,
අෑ හට සිතු ලෙස
නිදහසේ ඉගිලී යා හැකිය...
හෘදය නව ජවයකින් පුරවා
සරුංගලයක් ලෙසම සැහැල්ලු කරලන මෙම ගීතය,
විඩාපත් මනසක් වුව ප්‍රබෝධමත් කර
අානන්දමත් කර ලීමට සමත් බව
මාගේ හැඟීමයි...
සුමධුර හඬින් ගැයෙන ඉහත පද පෙළ, සහෘද සිත් නවමු හැඟීමකින් කළඹාලීමට සමත්වෙයි.
~විශාකා කලුබෝවිල~
No comments:
Post a Comment