Sunday 19 February 2017

හිරු දැවී සදු ගිලී ..

හිරු දැවී සදු ගිලී කප් කෙලක් තරු නිවී
අදුරු විය විමානය.. හුදෙකලා මග නොමග..
පැටලිලා තනිවෙලා....
හිරු ලෙසින් සදු ලෙසින්
එකලු කල මැන මහද... සෙනෙහසින්....

සිටු මැදුරු යස ඉසුරු පිරුණු ලොවකට
මහරු උනු...
කදෝපැණියෙක්මී....මා.. ඇදිරියේ........
කෙලෙස නම් එලිය දෙමි කුමරියේ........

කතරකට පිණි බිදකි
කුමුදකට පුර සදකි...
මතකයෙන් ඉගිලිලා කුමරියේ...
හිරු දැවෙයි.. සදු ගිලෙයි..මගෙ ලොවේ......
එලිය දෙමි කෙලෙස නම්...
එකලු කල මැන මහද....සෙනෙහසින්........

ගායනය :- නන්දා මාලනී.
පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව.
පද රචනය:- සෝමරත්න දිසානායක.
සංගීතය :- ආනන්ද ගමගේ.

සෝමරත්න දිසානායකයන් අධ්‍යක්ෂණය කල රේණුකා බාලසූරියගේ නිශ්පාදනයක් වූ අවසද ටෙලි නාට්‍යයේ තේමා ගීතය..

මාගේ විජිතය... ආදරෙන් සතුටින් සැනසුමින් පිරි මා හද විමනේ හිරු ඔබය... ඒ හිරු රැසින් එලිය ගෙන මා හද නිශා යමදී සදු ලෙසින් එලිය කරන්නේද ඔබමය...සදු පමණක් නොව මේ සක්වලෙහි පවත්නා කෝටි ලක්ෂයක් තරම් වූ..තරු කැටද නුඹමය...ඒ එලියද ඔබමය..ඔබේ සෙනෙහසමය..
එවන් වූ ආලෝකයක් මා හද විමනට ගෙන ආ ඔබ දැන් කොහේද..මගේ විමනේ හිරු දැවී ගොස් අලු දූලි වී ගොස් ඇති බව කෙලෙස පිලිගන්නද.. නිශායම මා හද එලිය කල සදු ගිලී ගොස් මා හද කලුවරින් හෙම්බත්ව..තරු කැට..කප් කෙලක් තරම් වූ තරු කැටද එක්වරම නිවී ගොස්...

එලියෙන් දිලෙනා මගේ විමන අදුරු ගුහාවක් සේ කලුවරින් පිරී..මා ගමන් ගත් මාවත හුදෙකලාවින් පිරි මග නොමග හදුනා ගනු නොහැකි තරම්ම මා සිත බෙහෙවින් පැටලිලි සහිත වී තනිවී ඇතියුරු...මගේ සුපෙම්වත... නුඹ මවෙත පැමිණ නැවත පෙර මෙන් හිරු ලෙසින් සදු ලෙසින් මගේ ලොව ඔබේ සෙනෙහෙන් ඒකාලෝක කල මැනවි..
මා ප්‍රියාදරියේ.. නුඹ මට ලංවනු නොහැකී තරම් ඉහල මට්ටමක නොවේද ඔය වැජඹෙන්නේ..නුඹ සිත මා හට බැදී ඇතිබව සත්‍යක්..ඒ නමුත්..,මගේ කුමරියේ...නුඹ සිටු මැදුරු හිමි යස ඉසුරින් පිරි මහේශාක්‍ය වූ ලොවක කුමරියක්...එවන් ලොවකට මා කෙසේ නම් පෑහෙන්නද..මහා ඝන අදුරේ ඒ අදුර යන්තමින් නිවාගන්නා කණාමැදිරියෙක් වැනි මගේ ජීවිතය..නුඹේ තේජස් එලිය අසල කෙලෙස එලිය කරන්නද..නුඹේ ලොව ඒකාලෝක වී හමාරයි මා කුමරියේ..නුඹේ ලොව අදුරක් කොහේද...බලන බලනා සැම අතම ඇත්තේ නුඹේ තේජස් එලියයි...


මගේ සිත සෙනෙහසක් නොමැතිව වියලීව ඉරිතලා ගිය රලු පරලු කතරක් කුමරියේ..ඔබ ඒ කතරට වැටෙනා පිණි බිදක් තරම්...

නුඹේ සෙනෙහෙ සදවතින් එලිය ගෙන හෙමින් සැරේ පෙති දෙපෙති විදා ලෝකය බලනා කුමුද මම වෙමි මගේ පෙම්වත..
ඒ කුමුදට අවැසි ආලෝකය නුඹමය..මගේ පුර සදවත ද නුඹමය...

මගේ කුමරියේ ... වෙන කලයුතු දෙයක් නෑ...හිත දැඩි කරන් නුඹේ මතකයෙන් ඉගිලිලා යමි..යලිත් නොඑන්නට..නුඹගේ යහපත උදෙසාම..

මගේ හිතවත... ඔබ ඈත් උනොත් හිරු සදු දැවී අලුවී මගේ ලොව අදුරු වේවි..කලුවර වේවි...

වටහාගන්න මගේ කුමරියේ..නුඹේ ලොව එලිය කරන්නෙ කොහොමද මම ..කුඩා මිනිසෙක් පමණයි මා ඔබේ ලොවට..

ඔබට පුලුවන් මගේ සිත මගේ විජිතය එකලු කරන්නට..ඒ වෙන කිසිවකින්වත් නොවේ..නුඹේ ඔය අවංක ආදරයෙන්..නිමාවක් නොවන සෙනෙහසින්..එපමණයි මා ඉල්ලන්නේ..වෙන කිසිවක්ම නොවේ ..ආදරය...එපමණමයි......!!

**යස්...**


No comments: