මග තොට රැදි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කලා....
කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා..
නොම විමසා පෙම ඉගිමැරුවා...
සොදුරු වසන්තෙක මොහොතක සුවපා..
වෙන්වූවා අප සුසුම් දරා...
මතකේ මැවෙනා පෙර රූ චායා
හමුවේදෝ යලි සිත් සනහා
ඔබ නමටයි මා පාරමි පුරනා
ඇසේවිදෝ මේ ගී මාලා....
ගායනය :- ශාලිත අබේවික්‍රම.
පද රචනය:- විපුල් ධර්මප්‍රිය ජයසේකර.
පෙර කිසිමදාක හමුව නොතිබූ අප දෙදෙන..අහම්බයකින් මුණ ගැසුනු ඒ සොදුරු මොහත......මතකද ඔබටත්...ඔබේ මුදු මුහුණ...දෑස.. උදේ පිපිච්ච මලක් මෙන් පිණිබරව..ප්‍රබෝධමත්ව තිබූ ඔය සොදුරු උවනත....මගේ හැගුමන් නිදහසේ පිබිදවූ අපූරුව..මගේ සිතුම් සිතුවිලි ඔබ වටා රැදී තිබූ සොදුරු හැගුමන්..අප මුල්වරට හමුවූ ඒ මොහොතේද අපි පමණක් නොවේ පසු කර ආවේ....දහසකුත් එකක් නෙත් මගහැර අපේ නෙතු අපිටද නොදැනී සොදුරු සංවාදයක් ගොඩ නැගූ අපූරුව..ඔය කතා කරනා දෙනෙත් යුග, මගේ මුලු සිතම කියවූ අපූරුව....
ආදරයක් සිතේ ඇතිවන්නේ කෙලෙසද...මම ඔබෙන්ද පැනයක් නගන්නම්..කුමන කරුණු අරභයා යම් අයෙක් කෙරේ සෙනෙහසක් සිත තුල ජනිත වන්නට හැකිද..එය එක් එක් සිතට වෙනස් වනවා නොඅනුමානයි..ඉතින්....... ඒ සොදුරු දෑස හිමි ඔබ කාගේ කවුද ඉන්නෙ කොතැනකද කියා නොම දැනම අපේ සිත් අපිටත් හොරාම සෙනෙහසක පැටලුනා නොවේද..ඒ අප සිත පිලිසිද ගත් සොදුරු හැගුම ආදරයම නොවේද..ඒ අරුමැසි මොහොත මට නම් වසන්තයක්මයි..ගිම්හාන කල නිමා කරමින් හද සන්තානය සිසිල් වැසි බිදු වලින් නැහැවෙන සොදුරු වසත් කාලය එයමැයි..ඒත්..පුංචි දුකක්....ඒ වසන්තය මොහොතක් නොවේද පැවතුනේ..හදවත් එකිනෙක යා කරවමින් අප දෙදෙන වෙන්ව දෙපසකට යන්නට සිදුවූවා මොහොතකින්..කිසිදා නොබිදෙන බැදීමකින් හදවත් බැද ගනිමින්ම...
අප දෙපසකට වෙන්ව ගියද දෙතැනක තනිවුවද ඒ සොදුරු මොහොතේ රැදුනු සෙනෙහෙවත් මතකයන් තවමත් මා මනසේ රගදෙන අයුරු..එවන් සොදුරු මොහොතක් ගෙවන්නට අප යලිත් හමුවිය යුතුම නොවේද..මේ දෙසිත සනසන්නට නම් දෙතැනක නොව..., නැවතත්..නැවත නැවතත්.. අප හමුවිය යුතුම නොවේද...ඉතින්..මගේ ආදරණීයයාණනේ...මා පෙරුමන් පුරන්නේ ඔබ වෙනුවෙන්මයි.මේ ගීතය ඔබ වෙනුවෙන්මයි....මා ගයන්නේ ඔබ වෙනුවෙන්මයි......
ඔබ ඉන්නා තැනක හිද ඔබ වෙනුවෙන් මා ගයනා ගී අසනවා නම් එය මට මහත් සතුටක්..අප දෙසිත් සනසමින් නැවතත් ඔබ මා හමුවේවා....එය අප දෙදෙනාගේම පැතුම නොවන්නේද.....
**යස්..**
යසසි ගුණරත්න
**යස්..**
යසසි ගුණරත්න
1 comment:
Such a nicely written meaning for this lovely song. Love it!
Post a Comment