Saturday 21 November 2015

ඔබ හීනයක් වගේ .....

පුංචි කතාවක් තියනව මේ සිංදුව ඇතුලෙ... ගෑනු ලමෙක් කසාද බැදල යන්නෙ මහත්තයත් එක්ක සතුටින්
ඉන්නනෙ... ඒත ඉතින් ප්‍ර‍ස්න එනව... මේත් ඒ වගේ කතාවක්...

ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි..

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා...
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා...

මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා...


ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල

ගෑනු ලමයෙක් බැදල එයාගෙ මහත්තයත් එක්ක එකට ජීවත් වෙනව. . මුල් කලෙ නම් ආදරෙන් ඉන්න ඇති .. කිස් එහෙම අඩුවක් නැතුව ලැබෙන්න ඇති. .එත් කාලයක් යනකොට මේ ආදරේ වෙනස් වෙනව... මේයාගෙ මහත්තය මෙයා ලගට එන්නෙ නෑ. එකම යහනෙ ඈතට වෙලා නිදා ගන්නව.. මේ ගෑනු ලමයට අවශ්‍ය ආදරය ලැබෙන්නෙ නැති දුකින් කියනව.. මම ස්වාමියෙක් ඉන්න කාන්තවක්.. ඉතින් ඔහොම ඉන්න එපා කියල....


ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි...//

වෙනද වගේ ආදරෙන් ලගට ඇවිත් හැමදේම එයාට දෙනකන් එයා බලාගෙන හිටිය.. ඇසේ කදුලු පිරුන වෙලාවල් අනන්තයි.. අසරණ වුන එයාගෙ ජීවිතයට ආයෙත් එයා එනකන් බලන් හිටිය.. වෙන කෙනෙක්ගෙන් ඒ පහස ලබන්න බැරුව නෙවෙයි... ආදරය නිසාම.. එයා ආරක්ෂා කරපු සීලය බිදල වෙන කෙනෙක් එක්ක සතුටු වෙන්න බැරි නිසාම...

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා...
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා...

ඒත් එයා එන්නෙම නෑ.. හදට දුක විතරයි.. මේ ගෑනු ලමයට දැනුන එයාගෙ මහත්තයගෙන් ඒ සතුට නම් ආයෙ ලැබෙන්නෙ නෑ කියල.. ඒ නිසා මෙයා වෙන කෙනෙකුට ආදරය කරන්න පටන් ගන්නව.. වෙන කෙනෙකු එක්ක එයා සතටුටු වෙනව. තමන්ට තමන්ගෙම මහත්තයගෙන් නොලැබුනු ආදරය වෙන කෙනෙකුගෙන් ලබා ගන්නව.. ඉත්න් දැන් එයා සතුටින්...

මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා...

කොච්චර දුරට සාදාරණද කියලනම් දන්නෙ නෑ. .ඒත් තමන් බැදපු කෙල්ලට ආදරෙන් හැමදාම ලග නොහිටියොත් මේ දේ තමයි වෙන්නෙ.. මොකද මිනිස්සු හැගීම් වලට යට වෙනව. එතකොට වැරදි කරනව...

~~රසික ඉඳුනිල්~~


3 comments:

කාංචන ඇස්. බණ්ඩාර said...

දවසක් සන්නස්ගල campus එකේදී කියනවා අහගෙන හිටියා... ඇය ඇගේ පරන පෙම්වතා එනකන් බලා ඉදලා අන්තිමේ ඇය වෙන කෙනෙක් සමග විවාහ වෙනවා.. පස්සේ පරන පෙමවතා ගෙදරට එනවා.. දැන් මං සස්වාමිකයි... එනකම් මං බලා ඉදලා විවාහ වුනා කියලා.. තව විස්තරව අර්ථය සන්නස්ගල විස්තර කරා.. පොඩ්ඩක් වෙනස්..

Chathura Abeysinghe said...

මේක ආදරනීය වස්සානය චිත්‍රපටියේ ගීතයක්. චිත්‍රපටියේ කතාවට ගැලපෙන විදිහටයි ගීතය ලියල තියෙන්නෙ. ඒකෙ ගෑනු ලමයට විවාහ වෙන්න යෝජනා කරපු කෙනෙක් ඉන්නව. ඒ අතරෙ එයා වෙන කෙනෙක් එක්ක ප්‍රේම සම්බධයක් ආරම්භ කරනව. කොහොම උනත් මේක හුඟක් සාර්ථක විචාරයක් බව කිවයුතුයි. නියමයි රසික

Unknown said...

ඇත්තෙන්ම හරිම ලස්සන සිංදුවක් ඒක.