Tuesday 3 November 2015

සෙනෙහසින් කතා කලත් ඔබ සිති පතා ඇතත්...

සෙනෙහසින් කතා කලත් ඔබ සිති පතා ඇතත්
සිත ලඟින් ඔබේ රැඳෙන්න මට බෑ
ඔබ රුවින් කුමාරියක් හරි අහිංසකාවියක්
ඔබ තවත් මුලා කරන්න මට බෑ

යෞවනේ නැවුම් වසන්තයේ
මට සුවඳ දැනී ප්‍රථම ප්‍රේමයේ
සුදු මල් සිනා සලා ලතැවුල් නිවා දමා
ඇය නිරන්තරේ හිඳී මගෙ ලොවේ

ඇය වෙතයි සිතින් බැඳී ගියේ
එය වෙනස් නොවී ලඟ රැඳී තියේ
සුදු මල් සිනා සලා ලතැවුල් නිවා දමා
ඇය නිරන්තරේ හිඳී මගෙ ලොවේ

ගායනය : ප්‍රදීප් වීරසිංහ

මේ ගීතයේ තිබෙන්නේ ඉතා සරල පද පෙලක්. නමුත් එයින් කියැවෙන දේ අපේ ගොඩක් කොල්ලන්ගෙ අත්දැකීමක් වනවා නොඅනුමානයි. එහි සුන්දර හෝ අසුන්දරතාවය අදාල පුද්ගලයා හා බැඳෙනවා.

තරුණ නැතිනම් හරියටම කියනවනම් නාඹර වියේදී ගැහැණු ළමයෙකුගේ ආදරය බොහෝ පිරිමි ළමයින්ට නැතිවම බැරි දෙයක්. මෙය සැබෑ ආදරයක් වන අවස්තා තිබෙනවා සේම සමාජයට පෙන්වීමට හෝ හුදෙක් තම වින්දනය පිනිස  වන අවස්තාද නැත්තේ නොවේ.
එකිනෙකා සිතන පතන ආකාරය වෙනස්ය.
'මගේ යාළුවො හැම එකාටම කෙල්ලෙක් ඉන්නවා. මට විතරයි නැත්තෙ. මමත් ඉක්මනට කෙල්ලෙක් දාගන්න ඕනෙ'
'අරූ දාන් ඉන්නෙ පට්ට් කෑල්ලක්නෙ, මම මේකිව අතෑරලා ඊට වඩා හොඳ කෑල්ලක් දාගන්න ඕනෙ'
'එක කෙල්ලෙක් එක්ක යාළුවෙලා ඉඳල මට දැන් තිත්තයි බං. මේකි කරන ගමන් තව කෑල්ලක් කරා නම් සිරා'

ඉහත කතා හැම එකක්ම වගේ ඔබ අසා ඇතුවාට සැක නෑ. ඉතින් මෙහි ආදරයක් ඔබට පෙනෙනවද? මා නිර්මල පිවිතුරු ආදරය ගැන කියැවෙන දේ නොලියන්නේ අප බොහෝ දෙනෙක් එසේ ආදරය කරන බැවිනි. ආදරය අහිමිවීම, ආදරයෙන් පරාජය වීම සහ නොවැලැක්විය හැකි හේතු නිසා ආදර සම්බන්දය නතර කිරීමට සිදුවීම යනාදිය අතහැර දැමූ කල අපට හමුවන බොහෝ ප්‍රේමාවෘත ඉතා පිවිතුරුය.

අපට මේ ගීතයේ හමුවන තරුණයාද පිවිතුරු හදවතක් ඇති ලස්සන ආදරයකට හිමිකම් කියන අයෙක්. ඔහු තම පෙම්වතිය සමග බොහොම සතුටින් ආදරය විඳිනවා. මෙහෙම බොහොම සතුටින් කාලය ගෙවීගෙන යද්දී ඔහුගේ ජීවිතයට තවත් තරුණියක් එකතු වෙනව. ඔහු ඇයව සලකන්නේ තමාගේ හොඳම යෙහෙලියක් විලසට. ඇය ඉතා රූපශ්‍රීයෙන් යුත් අහින්සක තැනැත්තියක්. කාලය ගත වෙද්දී මැයට තේරුම් යනව තරුණයා හොඳ ගුණ යහපත් පුද්ගලයෙකු බව. ඇය තරුණයාගේ ඇසුර ප්‍රිය කරනව. මෙය ඒක පාර්ශ්වික ආදරයකට පෙරලෙන්නෙ පෙරලෙන්නෙ ඇයටත් නොදැනීම. සමහරවිට ඔහුට වෙන ආදරයක් තිබෙන බව ඇය දැන සිටියා වෙන්නට පුලුවන්. නොවෙන්නටත් පුලුවන්.

තරුණයාට ඇයගේ  වෙනස තේරුම් යනව. ඔහුට ඇයව රිදවන්න කොහෙත්ම බෑ, අනෙක් අතට ඇයව අහිමි කරගන්නටත් බෑ. මොකද ඔහුට ඇයගේ යහළුකම, මිත්‍රත්වය නැතිකරගන්න වුවමනා නෑ.
සමහරවිට ඔහුගේ පෙම්වතිය ගැන ඇයට නොකිව්වා වෙන්න පුලුවන්. තව දුරටත් මෙය දුරදිග ගෙනයායුතු නොමැති බව පසක් කරගන්නා තරුණයා ඇයට කරුණු පැහැදිලි කරන්නට පෙලබෙනව.

ඇය තුල ඔහුට තිබෙන සෙනෙහස තමන් හඳුනාගෙන ඇති බව පවසන ඔහු ඇයගේ රූ සපුව අගය කිරීමටද පසුබට වෙන්නේ නෑ. නමුත් තමාට පෙම්වතියක් සිටින නිසා තරුණියගේ සිත් අහස තුල නතරවීමට ඔහුට ඇති නොහැකියාව ඔහු පවසනව.

මෙසේ ඇයට කාරනා පහදා දීමේදී තම පෙම්වතියගේ ගුණ වර්ණනා කිරීමටද ඔහු අමතක කරන්නේ නෑ. එසේ කරන්නේ තමාට පෙම්වතියගේ ඇති වටිනාකම පහදාදීමට. අවසානයේදී තම සිත බැඳී ඇත්තේ තම පෙම්වතියට බව හා එය කිසිම දිනක වෙනස් නොවන බව පවසන්නේ තරුණියගේ සිතේ ඇති අවසාන බලාපොරොත්තුවද නැති කරමින්.

ඊට පසුව තරුණියට කුමක් වුවාදැයි අප නොදන්නා නමුත් තරුණයා කල දෙය ඉතා වටිනා බව කිව යුතුයි. තමාට සැබවින්ම ආදරය කරන තම පෙම්වතිය නැතිකර නොගන්නා ඔහු ඇයගේ වටිනාකම හොඳින් තෙරුම්ගෙන සිටිනා බවද පැහැදිලියි. හුදෙක් ආශාවන් හා ලස්සන පසුපස හඹාගෙන යන සමාජයක මෙම තරුණයා වැදගත් ආදර්ශයක්.

~~තේජන අබේදීර~~



2 comments:

Rangana Peries said...

'Aya niranthare hidee mage lowee' This guy is a serious lover and we should respect him. Today its very rare to find such people. Nice song!!!!
thanks for the meaning Thejana. It really helps..

Dhanushka Jayamali said...

Ane Thejana harima lassana parana sinduwak.kohomada meka mathak wune?niyamai...