Friday 6 November 2015

බිම වැටුනු කිරි දතට හඬන මගෙ ළපටි හිත....




බිම වැටුනු කිරි දතට හඬන මගෙ ළපටි හිත
අඹ ගහේ ලේනෙකුට දුන්නා..
අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතක්
අතීතෙන් මට ගෙනත් දුන්නා...
මැටි ගෙදර අපේ කිරි අම්මා...

රහත් නමකට නොදෙන කැවුම් මල්ලක් තිබෙන සිටුවරුන් සිටු ගෙදර උන්නා..
මා නමින් ගෙයි ඉදෙන කැවුම් අහුරෙන් එකක්
හඬන කෝඳුරුවන්ට දුන්නා..
මැටි ගෙදර අපේ කිරි අම්මා..

මැටි ගෙදර තිබුනු තැන ගමක කුස ගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ ඉන්නා ..
වෙබ් අඩවියේ තැනක හමු වුනොත් පවසන්න..
මැටි ගෙදර අපේ කිරි අම්මා...
මැටි ගෙදර අපේ කිරි අම්මා...

(දිවුල්ගනේට ගයන්න සංගීතය මුහු කළේ ප්‍රසාද් සිරිවර්ධන)


මේ තරම් සියුමැළිද කලු ගල් ගීත රචනය හරහා කරළියට ආව රජී වසන්ත වෙල්ගම..සොඳුරු ගීත රචකයාගෙ "මැටි ගෙදර අපේ කිරි අම්මා"
ගීතය තමයි ඔය තියෙන්නෙ..ආයෙත්මං මොනවට කියනවද...රජීගෙ වචන ටික නම් පංකාදුයි..මම දන්නෙ නෑ ඔබටත් මැටි ගෙදර අපේ කිරි අම්මාකෙනෙක් හිටියද කියල..ඒ කොහොම වුනත් මේ ගීතය රස විඳින්න...රජීගෙඅත්තම්ම හිටියම ඇති කියලයි මටනම් හිතෙන්නෙ..

එදා කිරි දතක් වැටිල මම අඬනකොට ඒ දත ලේනට දීල ..අලුත් දතක් ඉල්ලගන්න ඈ මට කියාදුන්න..ඈ මට හුරු කළේ දෙයක් අහිමි වුනහම හිත හදාගන්න හැටි..ඈ මට කැවුම් උයල දෙනකොට ..මටත් කලින් කැවුමක් වෙන් කෙරුවෙ කෝඳුරුවන්ට..ඈ ඒකෙන් නොකියා මට ඉගැන්නුවෙ මසුරු සිටෙක් වෙන්න එපා කියල..

මැටි ගෙදර තිබුනු තැන ගමක කුස ගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ ඉන්නා ..වෙබ් අඩවියේ තැනක හමු වුනොත් පවසන්න..
කිරි අම්මගෙ මැටි ගේ තිබුන තැන අද ..ගමක බඩගිනි නිවන කොස් ගහක්..කිරි එරෙන කොස් ගහත් හරියට දරුවන් වෙනුවෙන් කප්පරක් සෙනේ පිරුව අපෙ කිරි අම්ම වගේ..

අද සයිබර් අවකාශයේ දවස ගෙවන දරුවන්ට ඉන්නවද ඒ වගේ සෙනේ පුරන ජීවිතේ කියාදෙන අත්තම්මල..අනේ මට කියනවද..ඔබට ඔය වෙබ් අඩවියක හමුවුනොත් මැටි ගෙදර අපේ කිරි අම්මව...

~~සිසිර තරංග~~




1 comment:

Princess Lakmali said...

Ahimivi giya dinak
sinasiya haki sithak
athithen mata genath dunna
mati gedara ape kiri amma....
kiri amma kochcharanam adaraniyaida punchi kale lassana ayeth mathak una me sinduwath ekka thank you friend