සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින
නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ
ගායනය : ටී.එම්.ජයරත්න සමඟින් සුනිලා අබේසේකර
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
පද රචනය : ධර්මසේන පතිරාජ
1980 දී තිරගතවූ හංස විලක් චිත්‍රපටය සඳහා ටී.එම්. ජයරත්න සහ සුනිලා අබේසේකර ගායනාකල ගීතයකි. මෙහි ගේය පද රචනය ධර්මසේන පතිරාජයන් සහ සංගීත අධ්‍යක්ෂනය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගෙනි.
ඔබ හංස විලක් නැරඹුවානම් දන්නවා ඇති මේ ගීය චිත්‍රපටයට කෙතරම් සමීපද යන වග. චිත්‍රපටයේ කිහිප අවස්ථාවකදීම මෙම ගීතය අපට ඇසෙන්නට ලැබේ. එහිදි මා සිත්ගත් හොඳම අවස්ථාව වනුයේ උසාවියේ නඩු තීන්දුව ලබාදෙන අවස්ථාවයි. අප සැවොම නඩු තීන්දුව දෙස අවධානයෙන් බලාසිටියද එහිදී මෙම ගීතය වාදනයවේ. ධර්මසිරි බණ්ඩාරනයකයන්ගේ ප්‍රතිබාව මැනැවින් පිලිබිඹුවන් අවස්ථාවකි ඒ. හංස විලක් හි ප්‍රධාන චරිත් නිරූපනය කරන්නේ ධර්මසිරි බණ්ඩාරනයක, ස්වර්ණා මල්ලවආරච්චි, හෙන්රි ජයසේන සහ වසන්ති චතුරාණියි.
මෙහිදී අති උත්කෘෂ්ට රංගනයක යෙදෙන ස්වර්ණා මල්ලවආරච්චි 1981 දී ඒ සඳහා ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලබනවා. ඇයගේ ප්‍රතිභාපූර්ණ රංගනයක් මීලඟට මා දකින්නේ 'සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා' තුලින්. මා සිනමා ශාලාවක් තුල මෙය දකින්නේ ඉතාම කුඩා කාලයෙදී. මාගේ මව සහ පියාට පින්සිදුවන්නට මේ සිනමා කෘතිය නරඹන්නට මම වාසනාව ලබනවා. එහි දර්ශණ අදටත් මා මතකයේ රැඳී තිබෙන්නේ ස්වර්ණා මල්ලවආරච්චිගේ අපූර්ව රංගනය නිසයි.
මෙහි ගීත ගායනය දෙස බැලුවොත් ටී.එම්. ජයරත්නයන් හා සුනිලා අබේසේකර විසින් ගීතයට උපරිම සාධාරණයක් ඉටුකොට තියනව. ටී. එම් අප බොහෝ දෙනෙකුට සමීප ගායකයෙක් වන නිසා ඔහු ගැන අටුවා ටීකා නැතිව සුනිලා කෙරෙහි යොමුවෙමු. මැයගේ ගායන කෞශල්‍යය 'උදුම්බරා' නැතහොත් හඳුනා ගත්තොත් ඔබ මා ගීතයෙනුත් මනාවට පිලිබිඹු වෙනව. මැය සංගීතවේදී කේමදාසයන්ගේ කල්ලියේ ගායිකාවක් ලෙස කටයුතු කලාය. මීට අමතරව වාමාංශික දේශපාලනයටද දායකවූ තැනැත්තියක් ලෙස ඇයව හැඳින්වීමට පුලුවන. අද දවස අප අතර නැතත් ඇයගේ හඬ කිසිදිනෙක අමතකකිරීමට නුපුලුවන.
ධර්මසේන පතිරාජයන් අප බොහෝ විට දකින්නේ සිනමා අධක්ෂකයෙකු හැටියට. 'හංස විලක්' තුලදී ඔහු මෙම ගීතය රචනාව අපට දායාද කරනවා. මෙය ඉතාම විශිෂ්ට ගනයේ සැලකෙන පද පෙලක් වනවා මෙන්ම සිනමා පටය හා මනාව ගැලපෙනවා. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත අධ්‍යක්ෂණය ගැන අමුතුවෙන් කිවයුතු නෑ. ගීතයේ අරුත ඉස්මතු කිරීමට ඔහුගේ සංගීතයේ දායකත්වය අති මහත්. බඹරු ඇවිත් චිත්‍රපටිය ඇතුලු චිත්‍රපටි ගනනාවක් සඳහා සම්මානයෙන් පාත්රවන මොහුට හංස විලක් සඳහා සම්මානයක් නොලැබීම මටනම් දැනෙන්නේ ඉතා අඩුවක් ලෙසටයි. බඹරු ඇවිත් හි 'උදුම්බරා' ගීතය මෙන්ම 'හිමින් සැරේ පියා විදා' ගීතය ඉහල තලයක තියනවා පමනක් නොව සුවහසක් රසික රසිකාවියන් අමන්දානන්දයට පත්කල ගීතයක්.
ඉතින් අපි ගීතයේ පසුබිමෙන් ගීතයේ අරුත කරා යනවිට එය හොඳින් වටහාගැනීමට නම් චිත්‍රපටය නරඹා සිටීම වඩාත් යෝග්‍යයි. ඇත්තෙන්ම මෙයින් කියැවෙන්නේ විවාහක යුවල් දෙකක් අතර පිරිමියා සහ ගැහැණිය අතර ඇතිවන අනියම් සම්බන්ධයක්.
බොහොම සීරුවට මොවුන් දෙදෙනාගේ හැඟුම් උද්දිපනය වන ආකාරය රචකයා පවසන අයුරු පැසසිය යුතුයි. 'සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්..පලා ඇවිත් සිතුම් සියොතුන්'
සියොතුන් සීරුවට පියාසැලීම ඔවුන්ගේ හැඟුම් අවදිවන ආකාරය දැක්වීමට භාවිතා කර ඇත.
පිරිමියා ස්ත්‍රිය දෙස බලන ආකාරය රචකයා මැනැවින් පදගන්වා ඇත. මලක් නිතැතින්ම සුන්දරය. නමුත් පිරිමියා එය දකින්නේ හා පතන්නේ ඉතාම ලස්සන හිත් බැඳගන්නා මලක් ලෙසටය. විලකට උපමා කරන ස්ත්‍රිය එහිදීද ඉතා පිරිසිදු වූත් දියෙන් යුක්ත වීමට පතයි. ඇත්තෙනම් මේ පද කිහිපයෙන් කියවෙන්නේ පිරිමියාට ඇයව කෙතරම් සුන්දර ලෙස පෙනෙනවාද යන්නය. සමහරවිට මෙය තහනම් පෙමක් නිසා සුන්දරත්වය තවත් වැඩිපුර ඔහුට දැනෙනවා ඇත. මන්දයත් සමාජයේ බොහෝ දෙනෙක් ලැබෙන හෝ ලැබී ඇති දෙයට වඩා නොලැබෙන දෙයට ලොබ බඳින බැවිනි.
දෙදෙනා රාගයෙන් මත්වී ඔවුනට අවශ්‍ය කම් සැප ලබාගැනීම රචකයා දකින්නේ 'සිහින නිම්නය සුපුෂ්පිත වෙයි' යනුවෙනි. සිරි යහනේ පවුරු බිඳදැමීමක් ගැන රචකයා සඳහන් කරයි. සාමාන්‍යයෙන් සිරි යහනෙදී අඹු සැමියන් එකිනෙකා හා එක්වේ. පවුරු බිඳදැමීම ලෙස දක්වන්නේ මේ අසම්මතයේ එකතුවීමයි. සැබෑ ජීවිතයේ ඇති සියලු බැමි බිඳදා අසම්මත ප්‍රේමයට මග පෙහෙලි කිරීම හා එය ඉදිරියට ගෙනයාම මෙයින් දක්නට ලැබේ.
මෙහිදී පැවසිය යුතු තවත් දෙයක් ඇත. මේ සිනමා පටය තුල ගෙනහැරපාන අසම්මත ප්‍රේමය සැබෑ ජීවිතයටද ගෙන ගිය බවක් දිස්වේ. එය පසක් වන්නේ සම්මාන උලෙලකදී ස්වර්ණා මල්ලවආරච්චි පවසන ප්‍රකාශයක් අනුවය. ඇගේ ජීවිතේ ලැබුණ හොඳම සම්මාන තුන ලැබුණේ ධර්මසිරිගෙන් කියලා .මුලම සම්මානය හංස විලක් , දෙවනුව බව දුක හා බව කර්ම. ඇයගේ ජීවිතේට ඔහුගෙන් ලැබුණ හොඳම සහ වටිනාම සම්මානය ඇගේ දියණිය ලෙසයි ඇය සලකන්නෙ.
ඒ කෙසේ වෙතත් පුද්ගලයන් කිහිප දෙනෙක් අතින් හැඩවැඩ වුනු ලාංකික ගීත ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ ගීතයක් ලෙසට මෙම ගීතය අප අතරට එකතු වෙනවා.
~~තේජන අබේදීර~~
8 comments:
Ada apata ahena boorin songs walata wada kochchara lassanada ,aruth barada.thanx....
පිටතට නොපෙනෙන ගැඹුරු අර්ථයක් ගීතය තුල සැගවිලා තියනවා.. ලස්සනයි.. අපූරුයි යාළු... ස්තූතියි..
කේමදාස මාස්ටර්ගෙ සංගීත හරඹය ගැන බලනකොට උදුම්බරා සහ හෙමින් සැරේ පියා විදා ගීත එකපාරටම ඔලුවට එනවා. ඒකට විශේෂ හේතුවක් ලෙස කේමදාස මාස්ටර්ගේ සංගීතය වගේම ටීඑම් සුනිලා අයිවො මේ අයගේ හඬත් ගන්නට පුලුවන්.
ඔපෙරාවක සමවදීමට අපව ගෙනයාමල් ලෙසයි මා මෙය දකින්නේ. ධර්මසේන පතිරාජගේ හංස විලක් තුලින් මේ ගීතය අපට ලැබෙනවා. චිත්‍රපටයේ දර්ශන වලට අදාලවම ගීතය නිරිමානය කර ඇති බව කියන්න පුලුවන්. තේජනගේ මේ විග්රහයත් ගොඩක් වටිනවා. මොකද මා උදුම්බරා ගීතයේදී කීවාක්මෙන් ගීතයෙන් නොනැවතී සෑහෙන වපසරියක් ඔබ විසින් කවර් කරනවා. කියවන්නාට ගොඩක්දේ දැනගත් හැකියි. ඔබට ගොඩක් ස්තුතියි.
මිත්‍රයා!!! ඔබේ බ්ලොග් අඩවිය ඉතා විශිෂ්ඨයි. නමුත් පුංචි නිවැරදි කිරීමක් කරන්න. හංස විලක් චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා ධර්මසිරි පතිරාජ නොව "ධර්මසිරි බණ්ඩාරනායකයි". "ධර්මසේන පතිරාජ" යනු බඹරු ඇවිත්, අහස්ගව්ව වැනි වටිනා චිත්‍රපටි නිර්මාණය කල තවත් දක්ෂ අධ්‍යක්ෂකවරයෙකි.
oww oba niweradiyi. ධර්මසිරි බණ්ඩාරනායක thamayi hansa wilak adyakshakawarayaa. bohoma sthuthiyi obata.
good job
මෙහි ගේය පද රචනය "ධර්මසිරි" පතිරාජ ගේ කියලා තියෙන්නේ. (ලියවිල්ලේ මුල ම, තුන් වෙනි පේළියෙ). ඒක පුළුවන් නම් හදන්න.
හොඳ ලියවිල්ලක්..!
Sachi Godak sthuthiyi
Post a Comment