Tuesday 2 February 2016

Kuch to bata (Phir Bhi Dil Hai Hindustani)

අද ටිකක් වෙනස් ගීතයක් ගේන්න හිතුනා. අපි වැඩිපුරම කතා කරන්නේ ආදරය ගැන විරහව ගැන කියවෙන
ගීත. මට හිතුනා අද කතා කරන්න ආදරය ඉල්ලන තරුණයෙක් ගැන. සරල භාෂාවෙන් කියනවනම් කෙල්ලෙක්ගේ පස්සෙන් යන කොල්ලෙක් ගැන. මේක හින්දි ගීතයක්. ගීතයේ භාෂාවට වඩා මම මේ ගීතයේ දකින විශේෂත්වය තමයි මෙයින් කියවෙන අරුත ඕනම රටක ඕනම ජාතියක තරුණයෙකුට පොදු කාරණාවක්. තරුණයෙක් තරුණියකගෙන් කැමැත්ත අහන්න, ඇය සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න උත්සහ කරන්න නිරතුරුවම විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඒ අතරින් එදා සිටම ප්‍රසිද්ධ වුන ක්‍රමය තමයි දුරකථන අංකය ඉල්ලා ගැනීම හෝ ලිපිනය ඉල්ලීම. එවැනි උත්සහයක් කරන තරුණයෙක් සහ තරුණියක් අතර වෙන සංවාදයක් තමයි මේ ගීතය තියෙන්නේ.

චිත්‍රපටය Phir Bhi Dil Hai Hindustani. ප්‍රධාන චරිත රඟ දක්වන්නේ ශාරුක් සහ ජුහී චව්ලා. මෙය 2000 වසරේ අති සාර්ථක ලෙස තිරගත වුන චිත්‍රපටයක්. මෙහි සංගීත නිර්මාණය යුගයේ ජනප්‍රිය සංගීත නිර්මාණකරුවන් වන Jatin - Lalit දෙපළගෙන්. මෙම ගීතය හැඩ වෙන්නේ Abhijeet Battacharya සහ Alka Yagnikගේ හඬින්.

අපි හැමෝටම මේ ගීතය එක වගේ රස විඳින්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

Kuch to bata, arre kuch to bata
Na, na, na na na
Phone ka number, ghar ka pataa
Na, na, na na na
Tere liye haal hai yeh
Dekh mujhe, tu yun na sata

මට ඔයා ගැන මොනවම හරි කියනවද. ගෙදර ලිපිනය එහෙමත් නැත්නම් දුරකථන අංකය. මොනවම හරි කියන්න. තරුණියගේ පිළිතුර මේ හැම එකටම නැහැ කියන එකයි. ඇය කැමති නැහැ ඇගේ දුරකථන අංකය, ලිපිනය ඔහුට දෙන්න. ඒත් ඔහු උත්සහය අත හරින්නේ නැහැ. ඔහු ඇයට කියනවා මෙහෙම. බලන්න ඔයා නිසා මට වෙලා තියන දේ. මට මෙහෙම රිද්දන්න එපා. ඔහු උත්සහ කරන්නේ අනුකම්පාව ලබාගෙන කෙසේ හෝ ඇය ගැන විස්තර දැන ගන්න.

Kehna hai jo kaho jaldi jaldi
Varna yunhi raho, main to chal di

ඒත් ඇය නම් රැවටෙන්නේ නැති ගානයි. ඇය ඔහුට කියනවා, ඔයාට කියන්න තියෙන දෙයක් ඉක්මනට කියනවද, එහෙම නැත්නම් ඔයා මෙතනට වෙලා ඉන්න මම යනවා යන්න. මට ඔයා ගාවට වෙලා ඉන්න කිසිම ඕන කමක් නැහැ. ඇය කියන්නෙම ඇයගෙන් ඈත් වෙලා යන්න කියලයි. ඒත් ඇයගේ හිතෙත් කැමැත්තක් නැතුවමත් නෙමෙයි. ඇයටත් ඕනා ඔහු මොනවද කියන්නේ කියලා දැන ගන්න. ඒක නිසා තමයි ඇය කියන්නේ කියන දෙයක් කියන්න නැත්නම් මම යනවා කියලා.

Aise karo nahin hi, bye
Aao piye kahin chai vaai

ඔහුත් අත හරින්නෙම නෑ. ඔහු අහනවා එහෙම කොහොම යන්නද?? හායි බායි කියලා එහෙම යන්න බැහැ. එන්න අපි තේ එකක් බීලා ටිකක් කතා කරමු. ඔහුට ඕනෙම ඇයව කෙසේ හෝ ඔහුගේ පැත්තට හරව ගන්න.

Samjhaoon kitni baar
Yeh koshish hai bekaar
Sun lo mujhko hai inkaar

ඇයත් ඔහුගේ කතාවට අහුවෙන්නේ නෑ. තේරුම් ගන්න.. මම කියන දේ ටිකක් අහන්න. ඔයාගේ මේ උත්සහය කොහෙත්ම වැඩක් නැති එකක්. කොච්චර උත්සහ කරත් මගේ විස්තර ඔයාට දැන ගන්න ලැබෙන්නේ නෑ.

Dil mein pyaar hai albatta

ඒත් ඔහු ඇයට ඔහුගේ ආදරය පවසනවා. මගේ ආදරය ඔයාටම විතරයි.

Dil ka kahoge jo kissa vissa
Aayega mujhko to gussa vussa

දැන්නම් ඇයට කේන්තිත් එක්ක. ඇයට තරහයි ඔහුගේ කතාවලට. ඔයා ඔය විදියට එක එක කතා කියවගෙන ආවොත් මටත් දැන් තරහ එනවා. ඔයා කතා මවන එක නවත්තන්න. මම ඒ කතා වලට අහු වෙන්නේ නෑ.

Jaane de gusse ke chakkar vakkar
Aa chalke dekhenge picture victure

ඔයාගේ තරහ නිවෙන්නත් එක්ක අපි චිත්‍රපටයක් බලමුද. අල්ලලා දාන්න මේ තරහවල් ඔක්කොම.
අපි චිත්‍රපටයක් බලලා සතුටු වෙමු. ඔහු ඇයගේ තරහව වැඩි කරනවා වගේ.

Karte ho kyoon yeh shor
Dekho karo na bore
Yeh dil maange na anymore

ඇයි ඔයා මෙච්චර මට වද දෙන්නේ. කෑ ගගහ මගේ පස්සෙන් එන්නේ. මට දැන් මේ කරදරේ ඇති වෙලා. දැන්වත් මේ කරදර කිරිල්ල නවත්තන්න. මට මෙතනින් එහාට කිසිම දෙයක් ඕනේ නෑ.

අපි හැමෝම මේ අත්දැකීමට මුහුණ දීලා තියනවා නේද. ගැහැණු ළමයි නම් තමන්ගේ පස්සෙන් ආදරය ඉල්ලන් ආව පිරිමි ළමයි ගැන මතක් වේවි... පිරිමි ළමයි නම් තමන් පස්සෙන් ගිය ගැහැණු ළමයි ගැන මතක් වේවී නේද??

~ අකූ ~



1 comment:

Wasantha Bandara said...

hindi sindu walata nam wedi kemeththak ne. eth me liyapu eka kiyewwama sinduwa ahala balannam hithuna.