Monday 15 February 2016

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්........

අද ආදරය කරන්නන්ට විශේෂ දවසක්.ආදරවන්තයින්ගේ දිනය කියන්නා වූ දිනය හේතුවෙන්.ලෝකයේ
ප්‍රසිද්ද අදර කතා සියල්ල ගත්තත් ඒවගෙන් බොහෝ විට අදර කතව්ව නිම වෙන්නේ අදරවන්තයගේ ජීවිතයට නිම වීමෙන්.වැලන්ටයින් ගේ කතාවද එසේමය.මනමේ එසේමය.වැලන්ටයින් දිනය යනුවෙන් අද දවස යෙදීම හුදෙක් වාණිජ පරමාර්ථ මුදුන් පත් කරගත් ගැටයක් විතතරයි.හරියට ආදරේ කරන්නන්ට විශේෂ දිනයක් අවශ්‍ය වන්නේ නැ.

දැන් ගීතය දෙසට හැරුනොත් අද දිනයට ගැලපෙන හා හැම විටම ආදරය ඇතුලේ පිරිමියා විසින් ප්‍රශ්න කරන දෙයක් ගැන මේ ගීතයෙන් කියෙවෙන්ව.ගීතය පුන් පෝදා සඳ.මෙය ගායනය කරන්නේ මාලිනි බුලත්සිංහල මහත්මිය විසිනි.පද රචනය ලුෂන් බුලත්සිංහල ගෙන් හා සංගීතය H.M . ජයවර්ධන මහතා විසිනි‍.
ලාංකීය සමාජය තුල පිරිමියා විසින් තම ගැහැනියගෙන් ප්‍රශ්න කරන්නා වූ ප්‍රධාන භෞතික කාරනාවක් තියෙනව.එකී ගැහැනියගේ පාරිශුද්ධත්වය.ඔය මීට කලින් කී දෙනෙක් එක්ක යාලු වෙලා හිටියද,කී දෙනෙක් එක්ක හිටියද?,සමාජ ජාල වෙබ් අඩවි වල මොනවද තියෙන්නේ වගේ සීමිත එහෙත් ඉතාමත් ජීව විද්‍යාත්මක ප්‍රශ්න කිහිපයකින්.එත් මෙම ගීතය තුල කාන්තවක් විසින් ප්‍රශ්න කරනවා තම සහකරුවාව “මගේ පපිරිසිදුකම අහන ඔය පිරිසිදු ද”

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්-මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්-එයට නෙළා පිළිගන්වන්නම්

ඔය හඳ අරගෙන අවොත් මම තරු ටික ඔක්කොම කඩලා දේන්නම්,හැබැයි ඔය මුලින් හඳ අරන් එන්න ඕනේ..මේ ගීතයේ මේ කාන්තව අහන ප්‍රශ්නය හරියට “කොන්ද කෙලින් තියාගෙන ගැහැණියෙක් අහනව” වැනි ඉතාමත් රැඩිකල් ප්‍රශ්න කිරීමකි.මෙම ගීතය තුල තිබෙන්න වූ උපහාසත්මකම දේ වන්නේ මෙම ගීතය පිරිමියකු විසින්ම රචන කරන ලද්දක් වීමය. මෙය ඇත්තටම පිරිමියකු විසින් සලක බැලිය යුතු කාරණාවකි.අද ප්‍රශනය වී තිබෙන්නේ මෙවැනි ප්‍රේම ගීත සෑදෙන්නේ නැති එකී.අද ගීත වලින් අපට හැම විටම එකම ඕලාරික අත්දැකීමක් දෙන්නේ.සම්බන්දයක් නැතිවීම මාර දුකක් ,පිරිමි හොටු පෙර පෙර අඩනව වැනි fantacy ආදරයක් තියෙන්නා උ බොළඳ දේවල් පමණි.අද දවසේ සම්බන්දතා ස්වරුපය දෙස බලු විට ආදරයක් බිදී යාම කියන්නේ පුදුම විය යුතු මාර දෙයක් නෙමෙයි.දෙදෙනෙක් හරියට ආදරය කරනවා නම් ඔව්න්ගේ ආදරය කාලයත් සමග මුහුකුර යනවා නම් ඒ ආදරය උපරිම තත්ත්වයට ආ විට ඔව්න් වෙන් වී යාහැක.ඒ සම්බන්දය් දිගින්‍ දිගටම පවත්වා ගෙන ග්යොත් ජරා ජීර්ණ තත්වයටද පත් වෙනවා.ලංකාවේ ප්‍රදාන දරවේ ආදරයෙන් දුවන්නේ සැකය මත.ඒ ආදරය ආදරයක් වන්නේ රණ්ඩු මත.

මේක සමාජයක් හා තරුණ පරපුරක් විදිහට සීත බැලිය යුතුයි කාරණාවක්.ගැහැණියකගේ මමත්වය,සීමිත පරාසයන් විවුර්ත වීමට අවස්ථාව ලැබෙන්නේ ආදරයක් ඇතුලේ පමණි.අපි එක වැරදිකරුවන් විධිට ගන්නවා.එත් එක ගැහැණියට තමන්ගේ ආත්මයම වෙන්ව.මෙන්න මේ අතර සිදු වන දොලනයන් හේතුවෙන් අපිත් ගැහැණිය ප්‍රශ්න කරනවා.නමුත් අපිත් කොපමණ දුරට පිරිසිදුද යන්න ගැන අපි නැවත වරක් සිත බැලිය යුතුය.


පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම්

බිඟු තුඩු නොවැදුනු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුනු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මම්

~~කූජන අවිශ්ක~~



1 comment:

තේජන අබේදීර said...

වැලන්ටයින් දවසම එන්න වුනා නේද කූජන මල්ලී සිංදුවක් දාන්න. ඒකට කමක් නෑ, මොකද දැම්ම සිංදුව නම් සුපිරි...
යකඩ ගැහැණියකගේ චරිතයක් මැවෙනවා. කොහොමද ඇය ප්‍රශ්න කරනා ආකාරය. ඔබ කිවූ ආකාරයටම මෙහි උපහාසය ගැබ්වී තිබෙනවා.
'නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මම්'

අවසානයට තමයි ඈ ඍජුවම පවසන්නේ....

හරිම අර්ථවත් ගීතයක්, මේක මේ වැලන්ටයින් දවසේ අපහා බෙදාගත්තාට බොහොම ස්තුතියි.
ආදරයත් වාණිජකරණයට හසුවූ යුගයක ජීවත් වන අපට මේවා ගෝචර වේවිද කියලත් හිතෙනවා වෙලාවකට.