කොයි විදිහට ගත්තා වුනත් ආදරේ කියන්නේ හැම සමාජ තලයක්ම එකතු කරන්න පුලුවන් මහ අපූර්ව
හැඟීමක් කාලෙකට ඉස්සරල ගොඩාක් කැමැත්තක් දක්වපු සිංදුවක් මතක් වුනා.මගෙ ජීවිතෙත් ඇත්තම කතාව මෙහෙම තමයි ගෙවිල ගියේ ඉතින් මේ කතාවෙ ගැහැණු දැරිවි බොහොම පොහොසත් කෙනෙක් මහල් ප්‍රාසාදයක කල් ගෙවන ඇය ආදරේ කරන්නෙ පීඩිත පන්තියෙ කොල්ලෙක්ට ආදරේ නිසා හැම දෙයක්ම අතහැර එන්න සූදානම් වෙලා අහන්නෙ ආවොතින් පිලිගන්නවද කියලා ඉතින් මේ කොල්ලත් කැමති මෙයාට නිසා එයත් සූදානම් ඕනම දේකට හැමදේම නැතිවුනත් අවංක ආදරේ තියේනම් ඕනම අපහසූ කටයුත්තක් පහසු කරගන්න පුලුවන් කියලා ගායනය කරන්නෙ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා එක්ක නිරෝෂා විරාජිනි මහත්මිය
සත්මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම්..
ආදරයේ පියගැටපෙළ පාර කියාවී..
මහ පොළොවට පිළිගන්නම් සිටු සැප හැර එනවා නම් ..
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳවේවී...
සිරියහනේ පොකුරු පිච්ච් මල් තනිවේවි..
දුකට කරුණු අහස අසාවී..
පන් පැදුරේ අලුත් පැතුම් දළු ලියලාවී..
ඒ පැදුරෙන් අප නොවැටේවී...
සත්මහලට පෑයූ සඳ පැලටත් ඒවී..
ඔබේ ලොවට එලිය වැටේවී...
සඳ නාවත් මගේ පැලේ එලිය ගලාවී
ඔබට පුරා හඳ පරදීවී....
~~සංජය ලක්මාල්~~
No comments:
Post a Comment