ඔව් ඒක එහෙම්මම තමයි කියලා මටත් දැන් හිතුනා... මොකද මම ඒක දැන ගත්තේ අද... මගේ මිතුරෙක් මේ ගීතයේ පසුබිම ගැන පැහැදිළි කල නිසා......
නිසදැස් කවියට මම ආදරය කලානම් මට ඒ ආදරය ඇති කලේ ඔහුයි..... ඔහු තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ..... ඒ තමයි සේකර......
මම මේ ගීතය ඇසුවේ සුනිල් එදිරිසිංහයන්ගේ හඩින්.... අපි එතුමාගේ ගී ගැන කතා කලා .... සේකරයන් ගැන සුනිල් එදිරිසිංහයන්ගේ ගීත ගැන අපි හෙටත් කතා කරයි.... හැමදාම කතා කරයි.... මොකද එහෙව් ගීත සාහිත්‍යක් ආය බිහි නොවන නිසා .... ඒක තමයි කටුක වුනත් ඇත්ත...
ඉතින් මේ ගීතය ගැන කියනවනම් මම මේ ගීතයේ ආසම කොටස..... මුලින්ම කියන්නම්
දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා
මිනිසුන්ව හදුනා ගන්න ඕනේ හදවති කියලයි මට හිතෙන්නේ..... ආදරයේදී විශේෂයෙන්ම..... ඒ නැතත්.... මිනිසුන් මිනිසුන්ව හද පත්ලෙන්ම දකිනවානම්.... බාහිර රුපය මතින් මිනුම් දඩු නොදා.... මේ ලෝකය කොතරම් ලස්සන වෙයිද...
කෙනෙකු තම ආදරවන්තිය මේ විදියට දකිනවනම්..... ඇයව මේ විදියට දැනෙනවානම්..... ආදරය කරණ අයගේ ඇස් වලින් උණු කදුළු වෙනුවට හැමදාම සතුටු කදුළු ගලාවි....
සීතල දිය පිරි සුනිල විලයි....
ඒ විල මැද ඔබ සුවඳ මලයි ....
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි.....
සමහර ප්‍රශ්න ඉදිරියේදී අපිට හිතෙනවා අපේ ජිවිත අපෙන් මිදිලා ඈතට පලා ගිහින් කියලා.... එත් එහෙම අඩියකට වැටිලා ඉන්න වෙලාවක.... අපිට අහඹුවක් ලෙසින් කෙනෙක් ජීවිතය අරන් අවොත්.... අලුතින් ජිවිතයක් දුන්නොත්... ඒක හරියට.... සිතිජ ඉම වගේ...... අහසයි පොළවයි එක්වන බලාපොරොත්තුව හැමදාම තියන තැන ඒක නේද..... හෙටක් ගැන සිහිනයක් හදවත ඉපදීප සාදාරණයි නේද?
අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා
ඔබ නොසිතු මොහොතක ඔබ ආදරය කරපු කෙනා පෙරලා ඔබට එයාගේ ආදරය ප්‍රකාශ කලොත් ....එයාගේ ආදරය පිදුවොත්....( ආදරය මට නොයිඳුල් කුසුමකි පිදියම යුත්තාටම පිදිය යුතු...) ඔබට මොනවගේ හැගීම දැනෙයිද.... දැනෙන්න ඇතිද.... මටනම් හිතෙන්නේ මට දැනෙන හැගීම මේ ගීතයේ අන්තිම පද ටිකේ ලියවිලා කියලා...
ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුණා
මේ මම මේ ගීතය විදින විදිය.... ඔබ මීටත් වඩා ලස්සනට විදින්නවා ඇති.... දැනගන්න ආසයි ඔබටත් මේ ගීතය ගැන හිතට දැනෙන දේ...
ඉතින් එපමණයි....
සීතල දිය පිරි සුනිල විලයි....
ඒ විල මැද ඔබ සුවඳ මලයි ....
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි.....
අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා
දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා
ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුණා
ගී පද :- මහගම සේකර
ගී තනුව :- රෝහණ වීරසිංහ
ගායනය :- සුනිල් එදිරිසිංහ
~~හිමා~~
3 comments:
Super...👌👌👌👌
සිතල දිය පිරි සුනිල විලයි ඒ විල මැද ඔබ සුවද මලයි
නියමයි
Post a Comment