Saturday 23 January 2016

Khuda Jaane

හිංදි ගීතයක් ගේනවා කියලා ඇඳගෙන නාපු මං ඔන්න ඇඳගෙන නාන්නයි සූදානම. මේ වගේ දිගටම ඉඳ හිට
ඇඳගෙන නාන්නම්...
වරදක් තේරුමේ වෙනසක් එහෙම ඇතොත් හිංදි භාෂවෙන් මෙන්ම සියල්ලනගෙන්මද සමාව භජනය කරනවා ඔන්න.

මේ ගීතය චිත්‍රපටියක් සතු ගීතයක් අපි නිතර අහන අනෙක් හිංදි ගීත වගේම. මේ ගීතයම මං තෝරගන්න හේතුවක් තියෙනවා. ඇත්තටම හිංදි ගීත ඇසීමෙන් ටිකක් පමණ ඈත් වෙලා උන්න මම අවුරුදු ගානකට පෙර මේ ගීතය මගේ කනට වැටුන ගමන්ම මගේ හිත හොරා ගත්ත ගීතයක්. ඒ මෙකේ සංගීතයට. ඉතින් මේක තේරුම් අරන් නැවතත් ඇහුවම පිස්සු වට්ටපු ගීතයක්.
අනෙක් කාරණය තමා මේ ගීතය ආදරය සම්බන්ධයෙන් ලියවුන ගීතයක්. සිංහල ගීත බොහොමයක් විරහව ගැන නිපදුනාට හිංදි ගීත බොහොමයක් අති සුන්දර විදිහට ආදරය ගැන ලියනවා. හිංදි සිංදුවල ඇති තවත් විශේෂත්වක් තමයි ඒක. ඒක තමයි මං ගොඩක්ම හිංදි ගීතවල කැමති අංගයත්.
ඉතින් මේ ගීතය ගැන කතා කරන්න කලින් මේ ගීතය අයත් වෙන්නේ “බච්නා ඒ හසීනෝ“ (Bachna Ae Haseeno) කියන චිත්‍රපටයට. මේ චිත්‍රපටය 2008 තිරගත කෙරුන චිත්‍රපටයක්. රන්බීර් කපූර් සහ දීපිකා පාදුකෝන් යන දෙදෙනා තමයි ප්‍රධාන චරිතය. මේ ගීතය ගායනා කරන්නේ කේකේ (KK) සහ ශිල්පා රාඕ (Shilpa Rao) කියන දෙදෙනායි. කේකේ 1996 සිට 2015 තිරගත කෙරුණු Roy, Drishyam කියන චිත්‍රපටිවල පවා ගායනයෙන් සහභාගී වෙලා තියෙනවා.

හරි ගීතය ගන්නවා නම්, ගීතය මෙහෙමයි.

“Aaa aa….“

(පිරිමි)
“සජ්දේ මේන් යුන් හී ජුක්තා හූන්
තුම් පේ හී ආ කේ රුක්තා හූන්
ක්‍යා යේ සබ් කෝ හෝතා හේ“
“Sajde mein yun hi jhukta hoon
Tum pe hi aa ke rukta hoon
Kya yeh sab ko hota hai“
(මා ඔබට හිස නමනවා,
ඔබ දකින්නේ කොතැනද මා එතනම ගල්වෙනවා,
ආදරය කරන හැමටම මෙහෙම වෙනවාද?)

(ගැහැණු)
“හම් කො ක්‍යා ලේනා හේ සබ් සේ
තුම් සේ හී සබ් බාතේන් අබ් සේ
බන් ගයේ හො තුම් මේරී දුවා“
“Hum ko kya lena hai sab se
Tum se hi sab batein ab se
Ban gaye ho tum meri dua“
(අපට මොනාද හැමගෙන් ගන්න තියෙන්නෙ?
මගේ සියළුම කතා ඔබ ගැනයි දැන් පටන්
ඔබ මාගේ යාඤ්ඤාවයි...)

(පිරිමි)
“සජ්දේ මේන් යුන් හී ජුක්තා හූන්
තුම් පේ හී ආ කේ රුක්තා හූන්
ක්‍යා යේ සබ් කෝ හෝතා හේ“
“Sajde mein yun hi jhukta hoon
Tum pe hi aa ke rukta hoon
Kya yeh sab ko hota hai“
(මා ඔබට හිස නමනවා
ඔබ දකින්නේ කොතැනද මා එතනම ගල්වෙයි.
ආදරය කරන හැමටම මෙහෙම වෙනවාද?)

(ගැහැණු)
“හම් කො ක්‍යා ලේනා හේ සබ් සේ
තුම් සේ හී සබ් බාතේන් අබ් සේ
බන් ගයේ හො තුම් මේරී දුවා“
“Hum ko kya lena hai sab se
Tum se hi sab batein ab se
Ban gaye ho tum meri dua“
(අපට මොනාද හැමගෙන් ගන්න තියෙන්නෙ?
මගේ සියළුම කතා ඔබ ගැනයි දැන් පටන්
ඔබ මාගේ යාඤ්ඤාවයි...)

මා කෙතරම් ශක්තිවන්තයෙක් වුවද, ලොව ඉදිරියේ නිර්භීත කාටවත් හිස
නොනවන සැර පරුශ පුද්ගලයෙක් වුවද, මා ඔබ ඉදිරියේ හිස නමා ඉන්නම්. ආදරයේ කෙනෙක් උඩින් ඉන්න බව වත් පහත් නෙවෙන බවත් මෙලෙස අඟවයි. ඔහු ඇයව දකින විට හුන් තැන ගල්වෙන්නේ අපරිමිත ස්නේහය දොරේ ගලන මේ ආදරය එක මොහොතක් හෝ ඇයගේ ජීවිතය තමන්ගේ ඇස් මානයේදී මගහැර ගැනීමට පිරිමි ආදරය අකමැති නිසාම වෙන්න ඇති කියලා මට හිතෙනවා. මොකද එහෙම මතයක් මටත් තියෙන නිසා.
එවිට පෙම්වතිය මෙසේ කියයි. අපිට පිට ලෝකයේ අය මොන දේ කිව්වත් මට වැඩක් නෑ. ඔයා ගැන මං ගැන නරක කියන අපිව වෙන් කරන්න කොයි තරම් අය ඉඳීවිද. අපේ ආදරයට ඉරිසියා කරන්න කොයි තරම් අය ඉඳිවිද? මට කමක් නෑ. මෙයයි පෙම්වතියකගේ අපරිමිත විශ්වාසය පෙම්වතා වෙත ඇති. මගේ පෙම්වතා ගැන මා සිතනවා කියනවා ඇරෙන්න මට වෙන දෙයක් ඇහෙන්නෙ නැති තරම් මා ආදරෙන් වෙලිලා.. නිතර දෙවේලේ ආදරය කරන්න පටන් ගත් දා පටන් මා යදින්නේ මගේ ආදරයයි. මගේ ආදරණීය පෙම්වතා පමණයි මා යදින්නේ මා දකින්නෙ. පෙම්වතා මෙම පෙම්වතියට ලෝකයක් තරම් වටිනවා. පෙම් කරන්නට ගත් මොහොතේ පටන් පෙම්වතියක් පෙම්වතෙක් ප්‍රාර්ථනා කරන හැටි හොඳින් පැහැලි කෙරෙනවා මෙම කොටසෙන්.

“(ක්)හුදා ජානේ කෙ මේන් ෆිදා හූ
(ක්)හුදා ජානේ මේන් මිට් ගයා
(ක්)හුදා ජානේ යෙහ් ක්‍යු හුවා හේ
කෙ බන් ගයේ හො තුම් මෙරේ (ක්)හුදා“
“Khuda Jaane ke mein fida hun
Khuda Jaane mein mit gaya
Khuda jaane yeh kyun huwa hai
Ke ban gaye ho tum mere khuda“
(දෙවියන් තමයි දන්නේ මගේ හිතේ ඇති දේ
දෙවියන් තමයි දන්නෙ මා මටම නැති වෙලා
දෙවියන් තමයි දන්නේ මේ මොකක්ද උනේ කියලා
ඔබ මගේ දෙවියන් උනා..)

ආදරවන්තයාගේ මේ ආදරය පළමු හදවතෙන් වැළඳ ගත්ත සුන්දරම ප්‍රේමය මෙය බවට මේ කොටසෙන් තේරෙනවා. ආදරවන්තයාට තේරෙන්නේ නෑ මේ සිදුවී ඇති දෙය. මා හට මොකක්ද මේ උනේ දෙවියනි. දෙවියන් පමණයි දන්නේ මගේ හැඟීම් ගැන මට උන දේ ගැන. ඒත් මේ සියල්ල ගැන දන්න එකම දෙවියන් වන්නේ මගේ ආදරවන්තියයි. පෙම්වතෙක් ගැන හොඳින්ම දැනුම් තේරුම් තියෙන්නේ පෙම්වතියට බව පෙම්වතිය දෙවියන්ට සමාන කිරීමෙන් රචකයා පෙම්වතෙක් පෙම්වතියක් තමන්ගේ හදවතේ තබා ගන්නේ කොතනද කියලා ඉස්මතු කරනවා. එළෙසම ආදරය කරන පෙම්වතෙක්ට පෙම්වතිය කියන්නේ දෙවඟනක් බවද මින් සිතා ගන්න පුළුවන්.

“තූ කහේ තො තේරෙ හි කදම් කෙ
මේන් නිෂානොන් පෙ
චලුන් රුකූන් ඉෂාරේ පෙ
තූ කහේ තො ක්වාහ්බොන් කා බනා කෙ
මේන් බහනා සා
මිලා කරූ සිරාහානෙ පෙ“
“Tu kahe to tere hi kadam ke
main nishanon pe
Chalun rukun ishaare pe
Tu kahe tho khwabon ka bana ke
Main bahana sa
Mila karu sirhaane pe“
(ඔබ කියනවානම්, ඔබේ අඩි සළකුණු ඔස්සේ
ඔබගේ ඉරියව් ඔස්සේ
ඇවිද යන්නම්, නවතින්නම්
ඔබ ඉඟි කරන සේම..
ඔබ කියනවානම්, ඔබේ හීන වෙතට බොරු හේතුවක්
හදාගෙන මා එන්නම්
හැමදිනකම ඔබේ ළඟට
ඇවිත් ඉන්නම් ඔබේ කොට්ටය ළඟින්)

මෙහිදී පෙම්වතියට අදාළව පෙම්වතිය පෙම්වතිය කියන කොටසක් තමයි තියෙන්නේ. පෙම්වතිය පෙම්වතාට කියනවා ඔබ මා ඉදිරියෙන් ඇවිදින්න මං ඔබේ පසු පසින් ඇවිදන් එන්නම්. ඔබ ඕනෑ තැනකට මාව එක්කන් යන්න. මට සැකයක් නෑ ඔබ ගැන. පෙම්වතියක් මගින් පෙම්වතෙක් වෙත ඇතිවන විශ්වාසය නෙවලහා පෙන්වන අතර පෙම්වතිය කියනවා ඔබේ ඉඟි කරන විදිහටම අවිදින්නම් නවතින්නම්. මගේ සියළුම දේ ඔබට අයිතියි. ඔබ කියන්නේ මොනාද මා ප්‍රශ්න නොකර කරන්නම්. පෙම්වතියගේ අසීමිත ආදරයත් විශ්වාසයත් පෙම්වතිය රැකවරණය පතන්නේ මොහුගෙන් පමණක් බවත් පෙන්වන්න බොහොම කුඩා නමුත් හිතක් පසාරු කරගෙන වචන භාවිත කරලා තියෙනව. ඒ වගේම ආදරයේ බොළඳ පැතිකඩකුත් මින් ඉස්මතු කරන්න හදනවා බොරු හේතුවක් හදන් ඔබේ හීන වලට ඇවිත් ඔබේ කොට්ටය ගාවින් මා ඉන්නම් කියන විට. එළෙසම ආදරවන්තියක් කොයිතරම් පෙම්වතෙක්ට සමීපව ඉන්න කැමතියිද කියලත් කියනවා කියලයි මං හිතන්නේ නම්.

“තුම් සෙ දිල් කි බාතේන් සීකී
තුම් සෙ හී යෙහ් රාහේ සීකී
තුම් පෙ මර් කෙ මේන් තො
ජී ගයා“
“Ohhh
Tum se dil ki baatein seekhi
Tum se hi yeh raahe seekhi
Tum pe marr ke mein tho
Jjee gaya“
(ඔබගෙන් මා හදවතේ කතා මා ඉගෙන ගත්තා
ඔබගෙන් මා මේ ආදරයේ මාවත් ඉගෙන ගත්තා
ඔබ වෙනුවෙන් මිය යමින්,
මා මුළු ජීවිතයක් ජීවත් උනා...)

මෙතන පෙම්වතා කියනවා මා ඔබගෙන් හදවතේ කතා ඉගෙන ගත්තා කියලා. ඇත්තටම ගැහැණු ළමුන් ආදරය පිළිබඳ ගොඩක් හීන මවනවා. ඒ ගැන සැලසුම් කරනවා. ඒත් පෙම්වතුන් වන විට සහ වූ විට පවා පිරිමින් සමහර විට අතරමං වෙනවා. ආදරය කළාට පිරිමින් හදවතින් කතා කරනවාට වඩා කෙලින් කතා කරලා සේරම එක පාර ඉවර කරන්න තමයි දන්නෙ. හැබැයි පෙම්වතියන් ඉන් එහාට ගිහින් ටිකක් කියලා ඉතිරි ටික පුරවන්න පෙම්වතාට දෙනවා. මෙවැනි කතා ඉගෙන ගන්නේ පෙම්වතා මේ පෙම්වතියගෙන්. ඒ ආදර මාවත ගැන කියා දී ඇත්තේ එළෙස කියා දෙමින් පෙම්වතාව නිසි මගටත් ඔප මට්ටම් කර ඇත්තේත් මේ පෙම්වතියයි. ඇත්තටම අපේ ජීවිතයේ පිටුපසින් ඉඳිමින් අපිව ඉඳිරියට යැවීමට අපට දේවල් කියා දීමට අඩු පාඩු හදන පෙම්වතියක් ලැබීම වසනාවන්ත දෙයක්. අර කියන්නා වගේ රත් වෙන පොළොවට පිනි බිඳුවක් වන, සීතල පොළොවට හිරු රස්මිය වෙන පෙම්වතියක් තරම් තවත් කුමන දෙයක්ද. මෙහෙම පෙම්වතියක් වෙනුවෙන් කාටද මැරි මැරී වුනත් ජීවත් වෙන්න බැරි. පිරිමියෙක්ට ලබන්න පුළුවන් ඉහළම තෑග්ග තමයි ඒ වගේ ජීවන සහකාරියක් හිමිවීම සහ හමුවීම.

“(ක්)හුදා ජානේ කෙ මේ ෆිදා හූ
(ක්)හුදා ජානේ මේන් මිට් ගයා
(ක්)හුදා ජානේ යෙහ් ක්‍යු හුවා හේ
කෙ බන් ගයේ හො තුම් මෙරේ (ක්)හුදා“
“Khuda Jaane ke mein fida hun
Khuda Jaane mein mit gaya
Khuda jaane yeh kyun huwa hai
Ke ban gaye ho tum mere khuda“
(දෙවියන් තමයි දන්නේ මගේ හිතේ ඇති දේ
දෙවියන් තමයි දන්නෙ මා මටම නැති වෙලා
දෙවියන් තමයි දන්නේ මේ මොකක්ද උනේ කියලා
ඔබ මගේ දෙවියන් උනා..)

“දිල් කහේ කෙ ආජ් තො, චුපා ලො තුම්
පනාහොන් මේන්
කෙ ඩර් හේ තුම් කො (කො)හෝ දූන්ගා
දිල් කහේ කි සම්(බ)හාල් සරා කුෂී කො
නා නසර් ලගා
කෙ ඩර් හෙ මේන් තො රෝ දූන්ගා“
“Dil kahe ke aaj tho, chupa lo tum
panahon mein
Ke darr hai tum ko kho doonga
Dil kahe ki sambhal zara khushi ko
Na nazar laga
Ke darr hai mein tho ro dunga“
(හදවත අද කියනවා මට,
ඔබව මගේ තුරුලේ සඟවාගන්න කියා..
මට බයයි ඔබ මා හට නැතිවෙයි කියා...
හදවත ඉල්ලනවා මගෙන් මගේ සතුට පාලනය කරගන්න කියලා,
නපුරු ඇස් වලට නොගැටෙන්න...
හදවත බයෙන් මං ඔබව අඩවයි කියා...)

හැම පෙම්වතෙක්ම තමන්ගේ පෙම්වතිය නැතිවෙයි කියලා හිතෙනකොට ඇතිවෙන බය මේ පෙම්වතාටත් තියෙනවා. ඒ නිසා පෙම්වතියව තුරුලේ සඟවා ගන්න කියලා පෙම්වතාගේ හදවත කියනවා. ඒ කියන්නේ තවත් ආදරය දීලා පෙම්වතියට ආදරයෙන් සලකමින් පෙම්වතියට අඩුවක් නොවෙන්න සළකා තුරුලේ තියා ගන්න කියා. පෙම්වතාට බයයි අඩු පාඩු වෙයි කියලා. ඉතින් පෙම්වතා කමැති නෑ මේ පෙම්වතියට අඩුපාඩුවක් කරන්න ආදරයේ පොඩි දෙයකින් වත්. ඒ නිසා තුරුලේ සඟවා තියාගන්නවා. ඒ වගේම පෙම්වතා හුඟක් සතුටින්. ඒ සතුට නිසාම ඇස්වහ කටවහ අනෙක් අයගෙන් වැටෙයිද හිතන පෙම්වතාට හිතෙනවා පෙම්වතිය කවදා හෝ මං නිසා අඬයිද කියලා. මේ කොටසෙදි මට මතක් වෙන්නෙ රෑකාන්ත මහත්මයා ගායනා කරන්නෙත්
“කදුළු බිඳක් මා වෙනුවෙන්,
නොසැලෙන්නයි ඔබේ ඇසින්“
කියන කොටස. මොන පෙම්වතෙක්ද පතන්නේ තමන්ගේ පෙම්වතියගේ ඇහැට කඳුලක් දෙන්න තමන් නිසා. පෙම්වතෙක්ගේ ආදරය මීට වඩා කොහොම කියන්නද පෙම්වතියකට....

“කර්තී හූන් සාඕ වාදේ තුම් සෙ
බන්දෙහ් ඩිල් කෙ ධාගේ තුම් සේ
යෙහ් තුම්හෙ නා ජානේ ක්‍යා හුවා“
“Hooo
Karthi hoon sao vaade tum se
Bandhe dil ke dhaage tum se
Yeh tumhe na jane kya hua“
(සිය ගනනින් මම ඔබට පොරොන්දු දෙනවා,
මම මගේ හදවතේ කෙඳි ඔබ සමඟ අමුණනවා,
ඔබ දන්නේ නෑ මේ කුමක්දැයි උනේ කියා...)

පෙම්වතියන් සියල්ලක්ම වගේ මේ පෙම්වතියත් පෙම්වතාට පොරොන්දු දෙනවා අනාගතය ගැන හීන මවනවා. මේ හීන මවමින් පොරොන්දු පොදි පිටින් දෙමින් පෙම්වතිය තමන්ගේ හදවත පෙම්වතා සමඟ ගෙත්තම් කරනවා. මං හිතන්නේ පෙම්වතිය හදවත පෙම්වතා සමඟ ගෙත්තම් කරන්නේ පෙම්වතාගේ ඒ ඉරියව් හැසිරීම, පෙම්වතා කරන කෙලි කවට කම් තමන් ඉදිරියේ ඇති සෙල්ලක්කාරකම පෙම්වතිය තමන්ගේ හිතේ වැඩි ඉඩක් අරන් වැඩි වැඩියෙන් තැන්පත් කරගන්නවා කියලයි. එවිට පෙම්වතා ළඟ නැතත් පෙම්වතියට හීනයෙන් පෙම්වතා එක්ක ගැවසෙන්න ඉඩ ලැබෙනවානේ. අනික කෙල්ලන් හීන මවාගෙන හීන ලෝකවල ඉන්න ආසා කරන්නේ පොඩි කාලෙ ඉදන්මනේ. බොනික්කෙක් අතට ගත්ත දවසෙ ඉදන් සෙල්ලම් ගෙවල්වල ඉන්න හිත ආදරයෙන් වෙලුනාට පස්සේ ඒ සෙල්ලම් ගෙදර වෙනුවට ලෝකයක් විදියට තමන්ගේ පෙම්වතා එක්ක සැරිසරනවා ඇති. ඒ වෙනදේ පෙම්වතුන් නොදන්න බව අඟවන්නයි ආදරිය පෙම්වතාට කියන්නෙ
“ඔබ දන්නේ නෑ මේ කුමක්දැයි උනේ කියා“
කයල මං හිතනවා. පිරිමි අපට කෙල්ලන්ගේ මේ ලෝකය ප්‍රෙහලිකාවක්නෙ කොහොමටත්....

“(ක්)හුදා ජානේ කෙ මේ ෆිදා හූ
(ක්)හුදා ජානේ මේන් මිට් ගයා
(ක්)හුදා ජානේ යෙහ් ක්‍යු හුවා හේ
කෙ බන් ගයේ හො තුම් මෙරේ (ක්)හුදා“
“Khuda Jaane ke mein fida hun
Khuda Jaane mein mit gaya
Khuda jaane yeh kyun huwa hai
Ke ban gaye ho tum mere khuda“
(දෙවියන් තමයි දන්නේ මගේ හිතේ ඇති දේ
දෙවියන් තමයි දන්නෙ මා මටම නැති වෙලා
දෙවියන් තමයි දන්නේ මේ මොකක්ද උනේ කියලා
ඔබ මගේ දෙවියන් උනා..)

(පිරිමි)
“සජ්දේ මේන් යුන් හී ජුක්තා හූන්
තුම් පේ හී ආ කේ රුක්තා හූන්
ක්‍යා යේ සබ් කෝ හෝතා හේ“
“Sajde mein yun hi jhukta hoon
Tum pe hi aa ke rukta hoon
Kya yeh sab ko hota hai“
(මා ඔබට හිස නමනවා
ඔබ දකින්නේ කොතැනද මා එතනම ගල්වෙයි.
ආදරය කරන හැමටම මෙහෙම වෙනවාද?)

(ගැහැණු)
“හම් කො ක්‍යා ලේනා හේ සබ් සේ
තුම් සේ හී සබ් බාතේන් අබ් සේ
බන් ගයේ හො තුම් මේරී දුවා“
“Hum ko kya lena hai sab se
Tum se hi sab batein ab se
Ban gaye ho tum meri dua
(අපට මොනාද හැමගෙන් ගන්න තියෙන්නෙ?
මගේ සියළුම කතා ඔබ ගැනයි දැන් පටන්
ඔබ මාගේ යාඤ්ඤාවයි...)

“(ක්)හුදා ජානේ කෙ මේ ෆිදා හූ
(ක්)හුදා ජානේ මේන් මිට් ගයා
(ක්)හුදා ජානේ යෙහ් ක්‍යු හුවා හේ
කෙ බන් ගයේ හො තුම් මෙරේ (ක්)හුදා“
“Khuda Jaane ke mein fida hun
Khuda Jaane mein mit gaya
Khuda jaane yeh kyun huwa hai
Ke ban gaye ho tum mere khuda“
(දෙවියන් තමයි දන්නේ මගේ හිතේ ඇති දේ
දෙවියන් තමයි දන්නෙ මා මටම නැති වෙලා
දෙවියන් තමයි දන්නේ මේ මොකක්ද උනේ කියලා
ඔබ මගේ දෙවියන් උනා..)

“කෙ බන් ගයේ හො තුම් මෙරේ (ක්)හුදා“
“Ke ban gaye ho tum mere khuda“
(ඔබ මගේ දෙවියන් උනා..)

මාගේ මතය අනුවනම් කෙටියෙන්ම කියනවානම්,
පෙම්වතාට පෙම්වතිය දෙවඟනක්... පූජනීය දෙයක්. පෙම්වතියට පෙම්වතෙක් යනු මුළු ලෝකයක් කියලා කියන්නත්, ඒ වගේම එළෙසම ආදරයේදී කොල්ලෙක්ට හැඟෙන හැටි වාගේම ආදරයේදී කෙල්ලෙක්ට හැඟෙන හැටිත් පෙන්වන්න මේ ගීතයෙන් උත්සහ ගත් බව මා හිතනවා.

හිතුවට වඩා ටිකක් දිග උනා.. ඒකට මට සමාවෙන්න..

෴තුෂ්෴

~~බුද්දික ජයකොඩි~~


No comments: