Sunday 17 January 2016

ආගන්තුක කුරුල්ලා....


නව තරුණ වියේ පසුවන්නියකගේ හැඟීම් සමුදායක් කිරිල්ලියක වෙසින් ඉදිරිපත් කරන අපූරු ගීතයකි,ආගන්තුක කුරුල්ලා
කොහෙන්දෝ ඇවිල්ලා...කියන ගීතය.

ආගන්තුක කුරුල්ලා
කොහෙන්දෝ ඇවිල්ලා
අපේ කුඩා කූඩුව ලඟ
අඟර දඟර ඇයි
බලාගෙනයි අම්ම තාත්තා අපේ
දැන් ලඟ ලඟ එයි...


යොවුන් කුමරියන් සිටින ගෙවල් අභියස ඔවුන් කෙරෙහි ප්රේමයෙන් බැඳෙනු රිසියෙන් යෞවනයෝ විවිධ දේ කරති.එහිදී ඔව්නට කාගේ කවුද යන්න වැදගත් නැත.අවැසි එකම දේ ඇයගේ ආදරයයි.එමනිසා ආගන්තුක අය පවා එවන් කෙනෙකු (කිරිල්ලියක)සිටින නිවෙස් අභියස ශිල්ප දැක්වීම සුලභය.නූතන බසින් කිවහොත් "වැඩ පෙන්වමින්"ඇයව දිනාගැනීම යැයි කිව හැක.කිරිල්ලිය "අඟර දඟර ඇයි?" යනුවෙන් ප්රශ්න කල ද,එය තමා දිනා ගැනීමට බව දනී.ඒ නිසාම දෝ ඇය ඔහුට අවවාද කරන ආකාරයක් පෙනේ.බලාගෙනයි අම්ම තාත්තා දැන් එයි,යනුවෙන් ඇය පවසනුයේ ඇත්තටම ආගන්තුක කුරුල්ලා කෙරෙහි යම් ඇලීමක් ඇතිව දෝ යි සිතේ.

කුමරියකගේ ආදරය ඉල්ලුවද එය දුන්නා හෝ නොදුන්නා හෝ ඔහුව පාවා නොදීමට බොහෝ කුමරියන් මානුෂවාදී වේ.ඒ නිසාම දෝ "ඔය වැඩ පෙන්නුවාට තව ටිකකින් අම්මලා එයි ඊට කලින් යනවා"යන්න අවවාදාත්මක ආකාරයෙන් ප්රකාශිතවන බවක් පෙනේ.ඇයට ඕනෑනම් තම දෙමාපියනට කුරුල්ලා නොහොත් ඔහුව පාවා දීමට තිබිණ.නමුත් ඇය එසේ නොකර ඔහුව දෙමව්පියන්ගෙන් මඟහැරවීමට උත්සාහ කරනුයේ ඇයගේ යටි සිතේ ඇති කුමක් හෝ කාරණාවක් නිසා විය හැකිය.එය ආදරය ද අනුකම්පාව ද යන්න අවිනිශ්චිතය.


උඩ කරනම් බිම් කරනම්

මට පේන්න දෝ ඔතරම්

රාග තාල ගී කිචි බිචි

අහවරයක් නෑ

ඒ උනාට නුඹට මගේ ආදරයක් නෑ..


මෙය නූතනත්වයට ගැලපීමේ දී මෙසේ කිව හැක.නව තුරුණු වියේ පසුවන කුමරුවන් බොහෝවිට තමා ආදරය බලාපොරොත්තුවෙන් සිටින "කිරිල්ලිය"දිනා ගැනීමට බොහෝ දේ කරයි.ගීත ගායනා කිරීම,යතුරු පැදිය හෝ වාහනය විවිධ අයුරින් ධාවනය කරවීම,..ආදිය කිව හැක.ආගන්තුක කුරුල්ලාගේ ඉහත කොටසේ ඇති ක්රියා කලාපයන් මා ඉහත සඳහන් කල දේම රචකයා ව්යන්ගයෙන් පෙන්වීමට ගත් උත්සාහය අගය කල යුතුය.ශිල්ප දැක්වූවද ඇයගෙන් ආදරය ඉල්ලූ වගක් කතුවරයා පවසා නැත.නමුදු ඔය වැඩ පෙන්නුවාට නුඹට මගේ ආදරයක් නෑ යැයි කියයි.මාගේ විස්වාසය නම් ඇය එසේ කියනුයේ ආදරය නිසාම දෝ යැයි සිතේ.

කෝඩු තරුණ පැඟිරි තරුණ විසේ

ඔය දාන්ගලේ ඔහොමයි

ඒ උනාට හොඳ හැදිච්ච කිරිල්ලියක් මං

මගේ හිතේ නැතේ නුඹට ආදරයක් නම්..


මෙම කිරිල්ලිය තම සම වයස් අයගේ හැඟීම් මැනවින් හැඳින ගත් බුද්ධ්මත් අයෙකු වග ගීතයේ අවසන් කොටසින් ගම්ය වේ.ඇය පසුවන්නේත් කෝඩු තරුණ පැඟිරි වියේමය.නමුදු ඇයට අන් සම වයස් අයට එහා ගිය චින්තනයක් ඇති වගක් පෙනේ.හැදිච්චකම පිළිබඳවද රචකයා කියන්නට උත්සාහ කරන ආකාරය ද යථාර්ථවත්ය.හැදිච්චකම යනු තරුණ වියේ හැඟීම් ඉවසා දරා එය බාහිරට නොපෙන්වා සිටීම නේද යන්න ගම්ය නොවන්නෙද?


ඒ කෙසේ වෙතත් හැදිච්ච කෙනා මා හැදිච්ච කෙනෙක්යැයි පැවසීම එතරම් ගැලපේ ද යන්න ගැටලුවකි.ආදරය කෙලින්ම නොයිල්ලූ කෙනෙකුට ආදරය නොදෙනවායැයි කියන්නේ ආදරය දෙන එකම දෝ යැයි විටෙක සිතේ.

මෙහි සංගීතය ගීතයේ අර්ථයට උපරිම සාධාරණයක් ඉටුකර ඇති වගක් පෙනේ.සුජාතා අත්තනායකගේ ගායනයද අනූපමේයය.


බුද්ධ්ක ප්රදීප්

2016/01/14.





2 comments:

Buddhika pradeep said...

ස්තුතියි,තේජන

Buddhika pradeep said...

ස්තුතියි,තේජන