Saturday 23 January 2016

Gerua -Dilwale


හරි...... ඔන්න ටික දවසකට පස්සෙ නාගන්න යන්නේ..... මේ ගීතය පළ කරපු ගමන්Thejana අයියා මොකක්ද කියන්නේ

කියලත් මම දන්නවා. සමූහයේ සොයුරෙක් හින්දි ගීතයක පළ කරලා තියෙනවා දැක්කම මටත් ආසාවක් ආවා හින්දි ගීතයක් පළ කරන්න. මොකද හින්දි ගීතයක් අහන්නේ නැති, හින්දි චිත්‍රපටයක් ගැන කතා කරන්නේ නැති දවසක් මගේ ජීවිතයේ ගෙවෙන්නේ නැති නිසා.


මේක ඉතාම ළඟදි ජනප්‍රිය වුන සුන්දර ගීතයක්. ආදරයේ මිහිරි බව මොනවට පසක් කරදෙන ගීතයක්. චිත්‍රපටය "දිල්වාලේ". නම කියපු ගමන් ගොඩක් අය දන්නවා මොකක්ද ගීතය කියලා. ගීතය ගැන කියන්න කලින් මම කැමති චිත්‍රපටය ගැන ටිකක් කතා කරන්න. මම කැමතිම බොලිවුඩ් නළුවා තමයි ශාරුක්. ඒක නිසාම ශාරුක්ගේ හැම චිත්‍රපටයක්ම නොවරදවාම බලන අයගෙන් කෙනෙක් තමයි මම. චිත්‍රපටය ගැන කතා කරනවානම් ශාරුක්ගේ මම දැකපු පහත්ම සිනමා පටය මේක කියලා කියන්න පුළුවන්. රෝහිත් ශෙට්ටිගේ නිර්මණයක් වන දිල්වාලේහි සාමාන්‍යයෙන් රෝහිත්ගේ චිත්‍රපට වල දක්නට ලැබෙන "වාහන පියෑඹීම, සටන් ජවනිකා, කොමඩි" සියල්ලක්ම දක්නට ලැබෙනවා. නමුත් මෙහි කතාව සාමාන්‍ය කතාවක්. කිසිම විශේෂත්වයක් මේ චිත්‍රපටය පුරාවට දකින්න ලැබෙන්නේ නෑ. පූර්ව ප්‍රචාරක කටයුතු විශාල වියදමක් දරා සිදු කරත් ඉන්දියාව තුල පවා බලාපොරොත්තු වූ තරම් ආදායම් වාර්තා තැබීමට මෙම චිත්‍රපටය සමත් වුනේ නැහැ. කෙසේ වෙතත් තමන් බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් නොලබීම ගැන ශාරුක් තුළද යම් නොපහන් බවක් ඇති වී තිබුනා. මේ චිත්‍රපටයේ දක්නට ලැබෙන සුවිශේෂීම දෙය තමයි කාජල්ගේ සිනමා ආගමනය. 2010 වසරේදී My Name is Khan චිත්‍රපටයේ රඟපෑමෙන් අනතුරුව ඇය ගැන සිනමාව තුළ කිසිම ආරංචියක් නැතිව යනවා. 2015 දී ඇය දිල්වාලේ සමඟ නැවත කරළියට එන්නේ ඇගේ රූපයෙන් පවා වෙනස් වෙමින්. බොලිවුඩය තුළ evergreen jodi, bemisal romantic jodi ලෙස හඳුන්වන ශාරුක් කාජල් දෙපලගේ තවත් එක් සාර්ථක ප්‍රේම කතාවක් ලෙස දිල්වාලේ හඳුන්වන්න පුළුවන්.


චිත්‍රපටයේ ඇති ගීත බොහොමයක් ඉතාම ලස්සන ගීත. ප්‍රීතම්ගේ සංගීතයෙන් හැඩවෙන මෙහි සියළුම ගීතයන්ගේ ගේය පද රචනාවන් Amitabh Battacharya ගෙන්. අර්ජිත් සිං, අන්තරා මිත්‍රා, කනිකා කපූර් වැනි ඉතාම දක්ෂ ගායක ගායිකාවන් මෙහි ගීත ගායනා කරනවා. මෙහි එන ගීත අතරින් පැය 24ක් තුළ ඉතාම ජනප්‍රිය වුන ගීතය තමයි "ගේරුවා" ගීතය. ආදරයේ මිහිරි බව සෘංගාරාත්මක බව ඉතාම විශිෂ්ට අයුරින් භාවාත්මක ලෙස ඉදිරිපත් කරන ගීතයක් තමයි මෙය. Salmon pink කියලා අපි භාවිතා කරන පැහැයට තමයි හින්දියෙන් Gerua කියන්නේ. ඒක රෝස පැහැයටත් තැඹිලි පැහැයටත් අතර පැහැයක්.


Dhoop se nikal ke

Chhaanv se phisal ke

Hum mile jahaan par

Lamha tham gaya


හිරු එළිය පහළට ඇවිත්, සියළුම හෙවණැලි රූටා ගොසින්, මුළු විශ්වයම එක තැන නතර වී ඇත. ඔබ මා හමුවන්නේ කොතනදිද ඒ මොහොතේදී ලොව සියළු දේ නතර වෙයි. පෙම්වතාට සිය පෙම්වතිය හමුවන අවස්තාවේදී දැනෙන්නේ හරියට මුළු ලෝකයම නතර වෙලා වගේ. ඔහුට පෙනෙන්නේ ඇයගේ මුහුණ පමණයි. පරිසරය ඇසුරින් කොච්චර ලස්සනට ඔහුගේ ආදරය ප්‍රකාශ වෙනවද??. ආදරය කරද්දී අපි කාටත් අනෙක් සෑම දෙයක්ම අමතක වෙනවා.


Aasmaan pighal ke

Sheeshe mein dhal ke

Jam gaya to tera

Chehra ban gaya


අහස දියකොට මුදවා වීදුරුවකට දැමූවිට එය ඔබේ මුහුණ බවට පත් වූවා. මෙතනදි මට දැනෙන ලෙස රචකයා ව්‍යංග්‍යර්ථයෙන් යමක් කියන්න උත්සහ කරනවා. රචකයාට අවශ්‍යයි පෙම්වතාගේ අහිංසක බව කෙලින්ම නොකියා උපමා මඟින් කියන්න. ඔහු ඒ සඳහා යොදා ගන්නේ කිසිම අයෙක් යොදා නොගත් උපමාවන්. අහසේ සෞම්‍ය බව, අහිංසක බව මේ සියල්ලක්ම එකට එකතු කලොත් ඔබේ මුහුණත් ඒ තරම් අහිංසකයි, සෞම්‍යයි. පෙම්වතියට ඔහුගේ පෙම්වතා ගොඩාක් අහිංසක කෙනෙක්. ඉතින් ඇය ඔහුව සෞම්‍ය අහසට සමාන කරනවා. ඇය කියනවා මම මේ අහස දිය කරලා එක පොඩි වීදුරුවකට ගත්තොත්, ඒ එකතු වෙන සෞම්‍ය, අහිංසක බව තමයි ඔබේ මුහුණ.


Duniya bhula ke tumse mila hoon

Nikli hai dil se ye duaa

Rang de tu mohe Gerua

Ranjhe ki dil se hai duaa

Rang de tu mohe gerua


මම මුළු ලෝකයම අමතක කරලා ඔයාව මුන ගැහෙන්න ආවා. මගේ හදවතෙන් නික්මෙන්නේ එකම එක ප්‍රාර්ථනාවක් පමණයි. මා ඔබේ ආදරයේ රෝස පැහැයෙන් වර්ණවත් කරන්න. මෙය තමයි මගේ හද පතුලෙන්ම නැගෙන්නාවූ පැතුම. මා ඔබේ ආදරයේ රෝස පැහැයෙන් වර්ණවත් කරන්න. ආදරයේ පැහැය තමයි රතු වර්ණය. නමුත් ඔහු කියන්නේඇයට රෝස පැහැයකින් ඔහුව වර්ණවත් කරන්න කියලා. රතු පැහැයට වඩා සෞම්‍ය බවක් රෝස පැහැයේ තියනවා. රචකයා මෙතනදි ඔවුන්ගේ ආදරයට එකතු කරන සියල්ලක්ම සෞම්‍ය දේවල්. ඔහු කැමති නැහැ දැඩි, කලබලකාරී දේ ඔවුන්ගේ ආදරය ප්‍රකාශ කරන්න යොදා ගන්න. එසේම ඔහු සාම්ප්‍රදායික රාමුවෙන් මිදී වෙනස් උපමා රූපකයන් ඔස්සේ ගීතය රචනා කරනවා. ආදරයේ පැහැය රතු වුනත් ඔහු එය යොදා ගන්න කැමැත්තක් දක්වන්නේ නැහැ.


Haan nikli hai dil se ye duaa

Ho.. Rang de tu mohe gerua


ඇයද එය පිළිගන්නවා. ඇයත් ඔහුට පවසනවා ඔබේ ආදරයෙන් මාව වර්ණවත් කරන්න. එය තමයි මා හදවතේ ඇති එකම ප්‍රාර්ථනය.


Ho tumse se shuru.. tumpe fanaa

Hai Sufiyana yeh dastaan

Main kaarwaan manzil ho tum

Jaata jahaan ko har raasta


ඔබෙන්ම ඇරඹී ඔබෙන්ම අවසන් වන අපේ මේ කතාව මධුර සංගීතයක්, එකම ගීතයක්. මගේ රිය යන්නාවූ සෑම මාර්ගයකම ගමනාන්තය ඔබයි. මගේ ජිවිතේ ඔබෙන්ම ආරම්භ වී ඔබෙන්ම අවසන් වෙනවා. සොඳුර මම කොපමණ ඔබට ආදරය කරනවාද කියනවානම් මට අපේ ආදරය දැනෙන්නේ ගීත කාව්‍යයක් වගේ. මගේ ජීවිතය නම් රිය යන්නාවූ හැම පාරක්ම අවසන් වන්නේ ඔබෙන්. ඔබෙන්ම පමණයි. ඔහුට අවශ්‍ය ඔහු කොපමණ ඇයට ආදරය කරන්වාද යන්න අඟවන්නයි. ඇත්තෙන්ම ඔහු ඇයට ඔහුගේ ජිවිතයට වඩා ආදරය කරනවා. ඔහුට ඇය සෑම මොහොතකම ඔහු අසල තියාගන්න අවශ්‍යයි.


Tumse juda jo

Dil zara sambhal ke

Dard ka wo saara

Kohra chhan gaya


මම මගේ හදවත කොච්චර පරිස්සම් කරගෙන හිටියත් වැඩක් වුනේ නැහැ. මා ඔබ වෙතට ඇදී ආවා. ඒ මොහොතෙදි මගේ හිතේ තිබුන සියළුම නොපැහැදීම්, සියළුම දුක් නැති වෙලා ගියා. ඇය ඔහුට කොපමණ ආදරය කරනවාද. ඇයගේ සෑම දුකක්ම ඔහුගේ ආදරය ඉදිරියේ නැති වෙලා යන්නේ හරියට හිරු දුටු පිණි වගේ.


Duniya bhula ke tumse mila hoon

Nikli hai dil se yeh duaa

Rang de tu mohe gerua

Ho.. Ranjhe ki dil se hai duaa

Rang de tu mohe gerua


මම මුළු ලෝකයම අමතක කරලා ඔයාව මුන ගැහෙන්න ආවා. මගේ හදවතෙන් නික්මෙන්නේ එකම එක ප්‍රාර්ථනාවක් පමණයි. මා ඔබේ ආදරයේ රෝස පැහැයෙන් වර්ණවත් කරන්න. මෙය තමයි මගේ හද පතුලෙන්ම නැගෙන්නාවූ පැතුම. මා ඔබේ ආදරයේ රෝස පැහැයෙන් වර්ණවත් කරන්න.


O.. veeraan tha, dil ka jahaan

Jis din se tu daakhil huaa

Ik jism se.. ik jaan ka..

Darza mujhe haasil huaa


ඔබ මගේ හදවතට ඇතුළු වූ දවසේ සිට මගේ හුදෙකලා බව නැති වී ගියා. අපි දෙන්නා එක් ශරීරයක්, එක් ජීවිතයක් බවට පත් වුන බව මට හැඟෙනවා. සොඳුර මගේ හදවත නම් වූ පාලු කතරට ඔබ ඇතුළු දවසේ සිට මගේ ජිවිතය කොපමණ සුන්දර වූවාද. මා සිතින් මෙන්ම ගතින්ද ඔබට ප්‍රේම කරමි.


Haan.. pheeke hain saare

Naate jahaan ke

Tere saath rishta gehra ban gaya


පෙම්වත, ඔබේත් මගේත් මේ බැඳීම ඉතා ගැඹුරු බැඳීමක් බවට පත් වී හමාරයි. මේ බැඳීම ඇති වූ දවසේ සිට ලොව ඇති සියළුම බැඳීම් නීරස ලෙසයි මට දැනෙන්නේ. මා හදවට පත්ලෙන් ඔබට ප්‍රේම කරන්නෙමි. ඔබ මාගේ ජීවිතය වී හමාරයි. මට ඔබේ ආදරය වෙනුවෙන් සියළු බැඳීම් අතහැර දමන්නටද පුළුවන්.


Duniya bhula ke tumse mila hoon

Nikli hai dil se yeh duaa

Rang de tu mohe gerua

Ranjhe ki dil se hai duaa

Rang de tu mohe gerua


මම මුළු ලෝකයම අමතක කරලා ඔයාව මුන ගැහෙන්න ආවා. මගේ හදවතෙන් නික්මෙන්නේ එකම එක ප්‍රාර්ථනාවක් පමණයි. මා ඔබේ ආදරයේ රෝස පැහැයෙන් වර්ණවත් කරන්න. මෙය තමයි මගේ හද පතුලෙන්ම නැගෙන්නාවූ පැතුම. මා ඔබේ ආදරයේ රෝස පැහැයෙන් වර්ණවත් කරන්න.


Haan nikli hai dil se ye duaa

Ho.. Rang de tu mohe gerua


ඇයද එය පිළිගන්නවා. ඇයත් ඔහුට පවසනවා ඔබේ ආදරයෙන් මාව වර්ණවත් කරන්න. එය තමයි මා හදවතේ ඇති එකම ප්‍රාර්ථනය.


අර්ජිත් සිංගේ සෘංගාරාත්මක හඬින් ඔප් නැංවුන මේ ගීතයට අන්තරා විසින්ද ලොකු සහයක් ලබා දෙනවා. ඔවුන් දෙදෙනා ආදරයේ රසය ඉතා හොඳින් රසිකයාට ලබා දීමට සමත් වී තිබෙනවා. ශාරුක් - කාජල්ගේ ආදරයෙන් පිරුණු රංගනය නිසා ගීතය තවත් ලස්සන වෙලා කියලයි මට නම් හැඟෙන්නේ.


ගායනය : අර්ජිත් සිං සමඟ අන්තරා මිත්‍රා


~ අකූ ~







No comments: