අන්දර කියන්නේ මල් උයන් වල හදන ගහක් නෙමෙයි. ඉතින් ඔහු කියනවා ඇයට, පුංචි අන්දර කැකුළ අඬන්න එපා. මේ අපි විඳවන්නේ අපි පෙර ආත්ම වල කරපු පව්. අපිත් පින් කරලා තිබුනා නම් මෙවන් සමාජයක නෙමෙයි අපි උපදින්නේ. සුන්දර උයන් පෙතක ඒ කියන්නේ හොඳ පරිසරයක ඉපදුනා නම් අපිට මේ වගේ අසාධාරණකම් වෙන්නේ නැහැ.
පෙර ගැමියා හැමවිටම බෞද්ධ පන්සල ගැන ලොකු බලාපොරොත්තුවකින් හිටියා. තමන්ට වෙන කරදරයකදී, විශේෂ අවස්ථාවකදී ඔවුන් මුලින්ම දුවගෙන යන්නේ පන්සලට. මොවුනුත් බලපොරොත්තු වෙනවා තමන්ට උන අසාධරණයට පන්සල පිහිටක් වෙයි කියලා. නමුත් පන්සලත් ඔවුන්ට පිටුපානවා. එවිට ඔහු ඇයට කියනවා අපේ දුකට සැපට කැලේ තියනවානම් අපි මොකට දුක් වෙන්නද. අපි කැලේට ගිහින් ජීවත් වෙමු.
මේ සංසාරය නිමක් නැහැ. මේ සංසාර යාත්‍රාව හරිම පරිස්සමෙන් යන්න ඕනා. අපි පරිස්සමෙන් අපෙ ජීවිත ඔරුව මේ සංසාරය කියන සාගරයේ ගෙනියන්න ඕනා. අපි කිසිම පිළිසරණක් නැති ජීවිත. අපි වගේ ජීවිත ඉපදුන තැනදිම මිය ගියාවේ. ඒකයි අපේ දෛවය. ඒක නිසා අපිට අපි හැර පිහිටක් බලාපොරොත්තු වෙන්න බැහැ. උඹත් හිත හදාගෙන සැනසිල්ලේ ඉන්න බලපන්.
සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්
අපට විහාරයේ දොර වී අඩවල්
ගියාට ලොව වැරැද්දකින්
දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින්
කුමට අපි ළතැවිල්ලෙන්
සසර අගාධයේ වෙරළට ඔරුවෙන්
බලාන හොඳ පරිස්සමින්
සරණ නොලද මල් අපි කටු කැලේ හැලිද්දෙන්
ඉඳිමු හිත සැනසිල්ලෙන්
~ අකූ ~
No comments:
Post a Comment