Thursday 28 January 2016

ආදර සැමරුම් කැටිවූ ...

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ

දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්
යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා
චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා

අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා
සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය -
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි

තවත් ලියන්නම ඕනේ කියලා හිතට වද දුන්න ගීතයක් තමයි මේ ගීතයත්..

ආදර සැමරුම් කැටිවූ නෙතු කදුලුන් මුතු පබුලින්
නිමා කලෙමි සිහිවටනය යමුනා තීරේ..
මේ ගීතය මුලින්ම අහනකොට මට හිතාගන්න බැරි උනා මොකක්ද මේ කියන සිහිවටනය කියන එක..එකක් මගේ භූගෝලීය දැනුම දුර්වල නිසා වෙන්න ඇති..අනික කිසිම විටෙක ඒ ගැන පොඩිම තොරතුරක්වත් අසා නැතිව තිබීමත් හේතු වෙන්න ඇති.ඒ විදියට හිතට දැනුන ගීතයක නොතේරෙන තැනක් ලැබුනාම පැහැදිලි කරගන්න නොසෑහෙන ලෙස හිතපු අවස්ථාවන් තියෙනවා.ඒත් සෑහිමකට පත්නොවුන ගීතයක් තමයි මේකත්..සිහිවටනය මේකයි කියලා කියපු පුද්ගලයවනම් මේ වෙනකොට මට මතකයක් නෑ.කවුරු උනත් ඒ කෙනාට ඒ මොහොතේ දුන්න මගේ ස්තූතිය මේ මොහොතෙ ඒ විදියටම දෙනවා.
කලාව මගින් බොහෝ විට සත්‍ය ප්‍රතිනිර්මාණය කෙරූ හෝ ප්‍රතිසංස්කරණය කරපු අවස්ථාවන් දකින්න තියෙනවා.මේ ගීතයේ පද රචනයත් ඒ වගෙයි.ඇත්තටම සිදු උන දේ නෙවෙයි කියන්නේ..ඒත් අපි ගීතයේ රසය අඩුවෙයි කියන බයෙන් ඒ සත්‍ය පසෙකින් තියලා ගීතයෙන් කියන සත්‍ය නොවන අසත්‍ය සත්‍ය ලෙස මවාගන්නවා.

එහෙම නම් ඒ සත්‍ය නොවන අසත්‍ය සත්‍ය ලෙස දකිමින් ගීතයට යමු.

පැහැදිලියි මේ කියන්නේ ආදර සැමරීම වස් ගොඩනගපු මැදුරක් ගැන..ඔන්න පොඩි අදහසක් ඔබට එනවා ඇති..මේ කියන පෙම්වතා තමන්ගේ ආදරය වෙනුවෙන් මැදුරක් කරන්න තරම් වත්පොහොසත් කෙනෙක්.ඔහු එය තමන්ගේ ප්‍රේමය සේම නිර්මල ලෙස දකිනවා.
ප්‍රේමියගේ වියෝවෙන් කම්පා වී සිටින ඔහු තමන්ගේ හදවත දකින්නේ අදුරු ලෙනක් විදියට.ඇගේ මතකය ඔහු බොහොම වේදනාත්මක ලෙස විදිනවා.ඇය නොමැති මේ ඔහුගේ ජීවිතය අදුරු ලෙනක් විදියට ඔහුට හැගෙනවා.ඔහුගේ ආයචනය තමන්ගේ මේ අදුරු ලෙනේ දුක්බර මතකයක් ලෙස රැදී සිටින ඇයට එය අතහැර ඇය වෙනුවෙන් තැනූ මැදුරට වඩින ලෙසයි.
මහද අදුරු ලෙන අතහැර
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
වඩින්න යන යෙදුම තුලින්ම ඔහු ඇයට දැක්වූ ගෞරවය හිතගන්න බැරිකමක් නෑ.එපමනකින් නොනැවති ඔහු කියනව
හෙට දින මා එනතුරු එහි රැදෙන්න දේවියේ..
මට නම් ඒ කොටසින් හැගෙන්නේ ඇය නොමැති මේ ජීවිතය ඔහුට තවදුරටත් පලක් නොවෙන බවයි.ඔහුගේ මනාපය හැකි ඉක්මනින් ඇය වෙත යෑමයි.එනම් ජීවිතයට වඩා මරනයට ඔහු ප්‍රිය කරයි.

ඔහු මේ මැදුර කොතරම් අපූරුවට නිම කරනවද කියලා හිතාගන්න පුලුවන් මේ පද පේලියෙන්.
දහසක් මිනි මල් ලියකම්
පෙම පිදවූ රන් කැටයම්
යමුනාවේ තරග මතින් මට පිලිබිඹු වේවා
චමත්කාර අතීත සදු යලිත් ජනිත වේවා.
ඔහු ඒ අහිමිවී ගිය අතීතයට මහත් ප්‍රියයි..අපි වගේම තමයි.ඔහුගේ පැතුම යමුනාවේ දිය තරංග මතට සද එලිය වැටී චමත්කාරය මතුවන්නා සේම ඔහුගේ සිතෙත් ඒ මතකය යලි යලිත් ඉපදීමයි.

අපගේ පෙම් පුරාවතින් දෙරන හෙලූ කදුලු ගලා
මැදුරත කිරිගරුඬ පවුරු පබා කැලුම් දේවා..
ඔවුන්ගේ පෙම සුලු පටු එකක් නොවේ.එය පුරාවෘත්තයක්.එය කෙතරම්ද කියනවානම් මහ පොලව කම්පා කිරීමට සමත්ය. මේ කියන මැදුරේ කිරිගරුඬ පවුරු ඔවුන්ගේ ප්‍රේමයේ අනුහසින් ප්‍රභාශ්වරයේ රැස් ගෙනේවයි ඔහුගේ තවත් පැතුමකි.
ඔහු ඔහුගේ ප්‍රේමයේ තරම සනාථකොට හමාරය.ඒ සනාථකොට හමාර ප්‍රේමයේ සටහන් මැදුරේ සිතුවම් ලෙසින් අදටද දැක ගතහැක.

ගීතය ලියූ පසුබිම් කතාව මා දන්නා ලෙස මෙසේ තබමි.දක්ශ ගීත රචකයෙක්ට ගීතයක් ලියන්න ඔහු ඒ මොහොතේ අත්දකින තත්වය
ප්‍රමානවත් කියන්න මේ ගීතයත් ප්‍රමානවත්. අජන්තා රණසිංහයන් ඉංදියාවේ සිට ගුවනින් පැමිණෙන අවස්ථාවක මේ කියන මැදුර දැකීමෙන් ඔහුගේ සිතට ආ ක්ශනික සිතිවිලි වල එකතුවක් ලෙස තමයි ගීතයේ පදමාලාව නිර්මානය වෙලා තියෙන්නෙ.ඒ කතා ඔක්කොම අවසානයේදි මේ ගීතයේ කියවෙන දේ මේ වෙනකොට බොහො දෙනෙක්ට වැටහිලත් ඇති..එහෙම බැරි උන කෙනෙක් ඉන්නවනම් මෙන්න මේක කරලා බලන්න අමාරුයි අමාරුයි කියලා හිතන්නේ නැතිව.අමාරුවෙන් හරි උස්සගෙන ඇවිත් ගීතයේ මැද්දට ටජ්මහල දාල බලන්න.

~~නිපුන සම්පත්~~



No comments: