Tuesday 1 December 2015

සිතුම් පොබ කල සමන් මල් යායේ..

සිතුම් පොබ කල සමන් මල් යායේ
දුහුල් සළු තිර මුවා කල යාමේ.....//
ඔහුට හඩු සිත තුරුලට අාදා
මා රිදවන්න එපා

සුදු මුදු සිහින යහනාවේ
සුසුම් වියකේ මිලින මායාවේ
පව් පිරවු පෙම අපේ සොඳුරු දා
ඉකිබිද හඩනු එපා
බොළද මගේ සිත
ඔබ හැර ගිය දවසේ
සළෙල සිතක් ලඟ
තනිවූයෙමි අඳූරේ....//

ඔබ සිහි වී මා හැඩූ තරම්
කුමරුන් නැහැ දන්නේ
සුසුදු සුදු මුදු සිහින යහනාවේ
සුසුම් වියකේ මිලින මායාවේ
පව් පිරවු පෙම අපේ සොඳුරු දා
ඉකිබිද හඩනු එපා
අහිමි ආදරේ කඳුළින්
මියෙන පැයේ
පෙරදා පැතුවා
මල් මුවරද පවනින්....//

නිඳි දැහැනින් මා
හැඩූ තරම් කුමරිය
නෑ දන්නේ
සිතුම් පොබ කල සමන් මල් යායේ
දුහුල් සළු තිර මුවා කල යාමේ.....//

ඔහුට හඩු සිත තුරුලට අාදා
මා රිදවන්න එපා
සුසුදු සුදු මුදු සිහින යහනාවේ
සුසුම් වියකේ මිලින මායාවේ
පව් පිරවු පෙම අපේ සොඳුරු දා
ඉකිබිද හඩනු එපා

ගායනය : චරිතා ප්‍රියදර්ශණී

සිතුම් පොබ කල සමන් මල් යායේ
දුහුල් සලු තිර මුවා කල යාමේ
ඔහුට හැඩූ සිත තුරුලට ආ දා මා රිද්වන්න එපා.

මේ වගේ සිංදු නැති තරම්.ඔනේ තරම් රූප රචනා ඇති.ඒත් සිංදු නම් නෑ.
මේක ඇත්තටම ටිකක් පටලැවිලි සහගත බවක් තියෙනවා.ඒ අපිට හුරු නැති හංදම තමයි එහෙම වෙලා තියෙන්නෙත්. කියන්නම් තේරුම

මේක යුග ගායනයක්.චරිතා ප්‍රියදර්ශනී නම් ඔයා දන්නවා ඇති.අනිත් කෙනා ප්‍රියනාත් රත්නායක කියලා.සිංදු බොහොම පොඩ්ඩයි තියෙන්නේ.
වටේ ගියා ඇති.කතාවට බහිමු
මුල් කොටස කියන්නේ පෙම්වතිය.ඒකෙන් කියන්නෙ රාගය පමනක් තිබුන ආදරයකට තමන්ට මුහුන දෙන්න උනා කියලයි.ඒත් මේ කියන වෙලාව වෙනකොට තමන් ඒ ආදරයෙන් මිදිලා තමන්ගෙ පැරනි පෙම්වතා ලගට ආයෙමත් ඇවිත්.ඒකයි කියන්නෙ ඔහුට හැඩූ සිත තුරුලට ආ දා මා රිදවන්න එපා කියලා.

දෙවෙනි කොටස කියන්නේ පිරිමියා එහෙමත් නැත්නම් පෙම්වතා .ඔහු මතක් කරනවා පෙම්වතිය ඔහු හැර ගියට පසු ඔහු හිටපු තත්වය.ආයෙමත් ඒ මතකය මතක් නොවෙනවම් කියලයි ඔහු කියන්නේ.පව් පිරවූ පෙම අපේ සොදුරු දා ඉකිබිද හඩනු එපා.
තමන් කලින් සමුගෙන ගියේ තමන්ගේ බොලද කම නිසා බවත් ඒ ගිය පසු තමන්ට හමු උනේ සල්ලාල සිතක් බවත් ඇය කියන්වා.ඒ අතරෙදි තමන් හැරදමා ආ පෙම්වතා මතක් වෙලා තමන් බොහො විට හැඩු බවත් ඇය පවසනවා.

පිරිමියා බොහෝ විට ලෝකයට පෙන්න අඩන්නේ නෑ.සමහර විට ඔහු තමන් හැරගිය පෙම්වතියට පේනන සතුටින් ඉන්න්වා කියලා පෙන්නනත් ඇති.එත් තමන් නිදි යහනේ ඇඩූ තරම් ඇය නොදන්නා බව පවසනවා.
තමන්ට හමුවූ සල්ලාල පෙම්වතා,කලින් පෙම ගැන මතකයත් නිසා ගොඩක් දුකෙන් හිටපු බවත් යලිත් ඒ මතක මතක් කරමින් තමන්ට නොරිදන ලෙසත් ඇය ඔහුගෙන් අයැද සිටිනවා. ඔහුට හැඩු සිත තුරුලට ආ දා මා රිදවන්න එපා..

ආයෙත් ඔවුන් දෙදෙනා එකතු වෙන එක සිද්ද වෙනවා.හුගක් වෙලාවට පෙම්වතුන්ට අත් දකින්න නොලැබෙන දෙයක්. කොහොම උනත් සතුටු දායක අවසානයක්.

බොහෝ විට ඇසෙන්නෙ නැති හොයාගෙන අහන්න වටින ගීතයක් කියන එකනම් කියන්නම ඔනේ අවසානයේදී

~~නිපුන සම්පත්~~


No comments: