දුර ඈත වුවද ගතිනා..
ලඟ පාත නොවෙද සිතිනා..
ඇලපාත මුදලි මං..
මද හාස නගන් ගජමන් නෝනා..
තමන්ගේ පලමු ස්වාමිය වන ප්‍රකට කවියෙකු ලෙස සැලකෙන තල්පේ මෙරෙංචි ගෙයි ගාර්දියෙස් ආරච්චි වගේම දෙවන ස්වාමිය වුන මාතර ප්ර දේශයක මුහන්දිරම් කෙනෙකු වුන ඔහුත් මිය පරලොව ගිය බැවින් ගජමන් නෝනාට තවත් විවාහයක් අවැසි වුනේ නෑ... ඊටත් පන්සලට යාම හේතු කොට ගෙන හැදුන කට කතා ඇත්ත බව පෙන්නන්න කොහොමටවත් උවමනාවක් තියෙන්න නැතුව ඇති... කැත්තට පොල්ල වගේ ගජමන් නෝනා ඇලපාත මුදලිට පිලිතුරු ලිව්වත් ඇලපාත මුදලි උත්සාහය නම් අත ඇරියෙම නෑ...
සාමාන්යෙයන් ගැහැණියක් තම රුව වර්ණනා කරනවා අහන්න පුදුමාකාර විදිහට ආශා කරනවා... ඒ නිසාම වෙන්න ඇති ඇලපාත මුදලිත් පුදුම විදිහට ගජමන් නොනාගෙරුව වර්ණනා කරලා තියෙන්නෙ... රචිකාවියත් ඇලපාත මුදලිගෙ ඒ සිතුම් පැතුම් ඉස්මතු වෙන ආකාරයටම ගීතය නිර්මාණය කරලා තියනවා...
ඇලපාතට ගජමන් නෝනා හරියට අඳුරෙදිත් එලිය දෙන සඳක් වගේ පෙනෙන්නෙ... ගජමන් නෝනාගෙ විවාහයන් දෙකම අසාර්තක වුන නිසා ඇලපාත මුදලි හිතන්නෙ ගජමන් නෝනා සිරි යහනෙ තනියම කඳුලින් පසු වෙනවා ඇති කියලයි... ඒ වගේම ඒ කඳුල නිවන්න හැකි එකම කෙනා ඔහු බව සිතනවා..
එම නිසාවෙන් ඔහුත් සමග උදහාසයෙන් පසු වෙන ගජමන් නොනගෙන් මදහාසයක් නිරන්තරයෙන් ඇලපාත මුදලි බලාපොරොත්තු වෙනවා... ඇලපාත මුදලිගෙ රූ වරුනාව, ඇයගෙන් ආදරය ආයාචනා කරන විදිහ ගීතයට හරියට ම නගලා තියනවා කියලා පැහැදිලි වේවි ඇලපාත මුදලි පබදින ලද මේ කවිය බැළුවොත්...
ඇලපාත මුදලි
චන්ද සූරියා වැනි එළඳගෙ වුවන
ඉන්ද නීල දෙක වැනි ළමැද එන තන
අන්දකාරයට ඇවුළු පහන මෙන
කින්ද තනි යහන නිදියන්නේ නෝන?...
මේ ප්රශ්න වලට කිසි විටෙකත් ගජමන් නෝනාගේ හිත නම් වෙනස් වුනේ ම නෑ.... ඒ වගේම පිලිතුරු කවි හැමවිටම පහර ගසන කවියක් වුනා... ඉතින් මේ උදහාසය ඇලපාතට දැනුන විදිහ ගීත රචිකාවිය අපූර්ව විදිහට ඉදිරිපත් කරනවා...
අමනාප කිමැයි - උදහාස කිමැයි..
මද හාස නගන් ගජමන් නෝනා...
ගජමන්නෝනාගේ අකමැත්ත කොච්චර ද කියලා අර උඩින් ලිව්ව ඇලපාත මුදලිගෙ කවියට ගජමන් නෝනා දුන්න පිලිතුර බැළුවහම හොඳට ම තේරේවි...
ගජමන් නෝනා
බැන්ද මගේ හිමි පරලොව ගිය බැවින
නින්ද මෙමට පුරුදුය තනියම යහන
වින්ද රති සැපත මට මතක නැති වුණ
කින්ද ඔහෙට විමසන්න කාරණ?...
ඇලපාත මුදලි ගජමන් නෝනාගේ රූසපුවට වගේම කවීත්වයටත් පුදුම විදිහට ඇලුම් කලා... දෙදෙනාටම එක විදිහට පිහිටලා තිබුන කවීත්වය ඇලපාත මුදලි නම් දැක්කෙ රන්රස වගේ ගැලපෙන දෙයක් විදිහටයි... ඒ වගේ
ම ගජමන් නෝනගේ කවි විඳින්න ඇලපාත මුදලි හැම වෙලාවකම ගොඩක් ආශා කලා... ඉතින් මේ කවි රසය දැනුනාම පෙමින් නොබැඳී හිඳින්නෙ කොහොමද? ඒ මේ ගීතයේ විදිහට ඇලපාතගෙ අවසාන පැනය...
කරුනාරත්න දිව්ල්ගනේ මහතාගේ කටහඬ වගේම ගීතයේ සංගීතය විශේෂයෙන් සිතාරය, බටනලාව තුලින් නැගෙන ඉමිහිරි නාද සංකලනය ඇලපාත මුදලිගෙ හුදකලා බව වගේම සුන්දර ගම්මානයක සුන්දර පරිසරයකට ගෙන යනවා වගේ හැගීමක් මට නම් දැනෙන්නෙ... ලස්සන පද රචනාවක්, සංගීතයක්, ගීතයටම සරිලන කටහඬක් එක්තැන් වුන සාර්තක ගීතයක් විදිහට මේ ගීතය කියන්න පුළුවන්...
දුර ඈත වුවද ගතිනා..
ලඟ පාත නොවෙද සිතිනා..
ඇලපාත මුදලි මං..
මද හාස නගන් ගජමන් නෝනා..//
පුන්සඳ ලෙද කළුවර යහනේ..
පුන්සිසිවත කඳුළින් තෙමුනේ..//
තහනම් ද සතුට ලදුනේ..
මේ දුකද සැපයි - නුඹෙ හිතට කැපයි..
මද හාස නගන් ගජමන් නෝනා...
රන් රස සේ ගැලපෙන සේමා..
දුන් රස කව් රස විද බෝමා...//
නොබැදෙම් ද පෙමින් කෝමා..
අමනාප කිමැයි - උදහාස කිමැයි..
මද හාස නගන් ගජමන් නෝනා...
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : යමුනා මාලිනී පෙරේරා
~~ඉශානි ප්‍රදීපිකා~~
No comments:
Post a Comment