Tuesday 1 December 2015

වේදිකාවේ අසුනකට බරවී...


වේදිකාවේ අසුනකට බරවී...දහසක් නෙතු අතරේ අතරමන්වී...

ආදරේ කියා දෙන්න බෑ ..

රෝමියෝ....


ශිෂ්ටාචාරේ මානවයා...

ශිෂ්ටාචාරේ ගැහැණී ... එක් වෙලා...//

අනාගතයෙහි ඉතිහාසය ගොඩ නගනා දා ...

වැගීරේයි දියවී ආදරේ ... රෝමියෝ....


දෙතොලේ ඔබේ රැදී දහසක චුම්බන පිසදා..

කොපුලේ අගේ තැවරුණු දහසක කේටය පිසදා..

සිප ගනී දහසකුත් පළමු නැවුම් චුම්බනයෙන්

පුරවමී ආයිමත් මැද ඉදන් ජීවිතේ..රෝමියෝ..


ගීතය සංගීතය පිළිබද මුලින්ම බැලුවොත් මෙහි සංගීතයට ගිටාර්ය සහ recorderය බවිත කර ඇත...මෙහි ගායනය,සංගීතය,පද රචනය නදීක ගුරුගේ විසින් කර ඇත.ගීතය අරුත ගැන හිතුවොත් යම්තාක් සංකීර්ණ අදහසකට විවෘතව පවතී..

" ආදරේ කියා දෙන්න බෑ ..රෝමියෝ...."


අපට රෝමියෝටවත්;රෝමියොට අපවෙත හෝ ආදරය කියන දේ තේරුම් කර දීමට නොහැකි යන කරණය මෙහි අන්තරගතව පවතී...රෝමියෝ හට දැනුන ආදරය අප වෙත විස්තර කල නොහැකි වන්නේ යම් සේද අපටද අපට දැනුන අදරේ විස්තර කල නොහැකි..


මෙම ගීතය අවසාන පද පිලිබදව සැලකුවොත්,

"දෙතොලේ ඔබේ රැදී දහසක චුම්බන පිසදා..

කොපුලේ අගේ තැවරුණු දහසක කේටය පිසදා..

සිප ගනී දහසකුත් පළමු නැවුම් චුම්බනයෙන්"


මෙම ගීතයේ ජුලියට් ගේ දෙතොල් මත දහසක් පමණ සිප ගැනීම් තිබුනත් එය හැම විටම අලුත් රොමියෝ කෙනෙක් හට පළමු කුලුදුල් සිප ගැනීමක් ලෙස ජුලියට් විසින් අර්ථ දක්වයි.


මුල් පද කිහිපය පිලිබදව බැලුවොත්,

ශිෂ්ටාචාරේ මානවයා...

ශිෂ්ටාචාරේ ගැහැණී ... එක් වෙලා...//

අනාගතයෙහි ඉතිහාසය ගොඩ නගනා දා ...

වැගීරේයි දියවී ආදරේ ... රෝමියෝ....


ආදරේ පිළිබද හරි හැගීමක් නැති හැම ගැහැණීයක් හා පිරිමියෙක්ම එක් වූ විට අනාගතය තුල ඉතිහාසයක් නිර්මාණය වෙන්නේ වර්තමානයේ ඔව්න්ගේ ක්‍රියා කාරකම් හේතුවෙනි..එවිට අප හිත ගෙන සිටි ආදරය fantasy love එකක් බවට ඉබේම පත් වෙනවා..ඇත්තම ආදරය සතු රෝමාන්තික ආදරයේ ලස්සන අරුමැසි වාදී ආදරය තුල කිසිම විටක ගැබ් වී නොමැත.(සැ.යු. මෙය හුදෙක් මගේ අදහසක් පමණි.දෝෂ ඇත නම් සමා වන්න..)


~~කූජන අවිශ්ක~~





No comments: