සක්මන් කරන මළුව පාලුයි දේවී
මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවී
ප්‍රමිලා:
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි
දස්කොන්:
සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
ප්‍රමිලා:
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ
දස්කොන්:
වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
ප්‍රමිලා:
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනිකරන්නෙපා මතු සංසාරේ "
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ, සමිතා මුදුන්කොටුව
සංගීතය - ගුණදාස කපුගේ
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
දස්කොන් ප්‍රමිලා ආදර කතාව සාහිතය නිර්මාන බොහෝ ප්‍රමානයකට ජීවය දුන් සම්මතයෙන් එහා ගිය ඉතිහාසගත තවත් අසම්මත පෙම් කතාවකි.මා ඒ ඉතිහාසගත අසම්මත පෙමෙහි වරදක් දැකීමට අකමැතිය.වරදක් උවත් එය වරදක් ලෙස පිලිගැනීමට මගේ සිත සූදානම් නැත.මා එසේ සිතන්නේ ඒ අසම්මතය නොවන්නට මෙවැනි නිර්මාන අපිට රසවිදින්නට කිසිදින නොහැකි වීමට ඉඩ තිබූ නිසාය..මා ඒ අසම්මතයට පෙම් කරන්නේ ඒ නිසාය.
දස්කොන් අදිකාරම් කෙනෙකි.ප්‍රමිලා රාජ බිසවකි.රාජ බිසවකට පෙම් කර හසුවූ විට පලිගැනීම උපරිමව ලැබෙනු ඇත.රටක පලමු පුරවැසියාගේ බිරිද වී වෙනත් කෙනෙක් හා රහසින් පෙම් බදින්නේ නම් ඔහු නිසැකවම ඇගේ සිත් ගැනීමට තරම් විශේෂිත කෙනෙකු විය යුතු නොවේද.රජතුමාට ඔහු කෙරෙහි ලිංගික ඉරිසියවක් ඇතිවීම සාදරන නොවේද.දස්කොන් හට රාජ නීතිය වන්නට ඇත්තේද එලෙසය.
ගීතයේ කියන ලෙස ප්‍රේමය අනාවරනය වූ අලුත ලියැවී ඇති බවක් පෙනේ.නැතිනම් ඔවුන දෙදෙන පෙම්බස් තෙපලූ මලුවේ ඔහුට තනිවම හෝ සකමන් කරන්නට ඉඩක් ඇත්තේ කෙසෙද.ඔහුගේ සිත කලබලය.ඇවිද යන්නේද ඒ සිතෙහි ඇති ආවේගයන් සමගය.දෙදෙනා හමූවූ මලුව තනිව සිටින විට ඇය නැවත නොඑන බව දැන සිටින විට ඔහු එසේ නොව්නානම් එයද පුදුමයකි. දස්කොන් මිතුරු සද මා ඔබේ කුමරිය මිසක කිසිවිටෙක රජුගේ බිසව නොවන බව කියයි.ඇයට ඔහු වෙත ඒමට නොහැක..නමුත් ප්‍රේමය සිරකර තැබියද නොහැක.
විහගුන් පෙම් ගී ගයා ඇත්තේ ඔවුන් නිසාය.ඒ පෙම නැතිවුන දා විහගුන් ඒ දුකින් සෙංකඩගල වට ඇති පව්රක් මෙන් බැදි කදු පංති වල හැපී මිය යමින් සිටී.තරු පායන විට ලෝකය නින්දට වැටෙයි.ඔහු හා ඇය එක් වන්නට ඇත්තේ එවැනි තරු පිරි අත්‍තන මල් පිපෙන සොදුරු රාත්‍රීන් වල ලොවට හොරෙන් ය.එයේත් ඒ වැනි දේ නැත. දස්කොන් ඔබ තනිවී නැත.මා අත්තන මලක් වී හො ඔබ ලග රැදෙමි.
ආදරය සිතට ආ තැන ඔහුට ඇය කුමරියක බව අමතක වී ඇත නැතිනම් උවමනාවෙන්ම අමතක කොට ඇත.නමුත් ඔහුට අමතක වූ බව අපට කියා ඇත.මේ මොහොතේ අප ඔහුව සැක නොකර සිටිමු.වාසල මිනි බැදි දොර හරින වෙලාවේ දෑසින කදුලු වැටෙන කදුලු සිහිනොවීම එයයි.තහනම් ගහේ ගෙඩි කොහොමත් රසය.තහනම් උවත් කන ඇත්තො නොකා නොසිටින්නේ ඒ නිසා විය යුතුය.එය මේ පෙම්වතුන්ටද එලෙසම පොදු විය.
මේ බවයේ අපට නැවත හමුවීමක් නැත.නමුත් ඊලග සසරේදි තමන්ව තනි නොකරන ලෙස ඇය ඔහුගෙන් අවසාන ලෙසඉල්ලා සිටී...
~~නිපුන සම්පත්~~
No comments:
Post a Comment