Sunday 11 October 2015

පිපුනු මලේ රුව එමල දනීදෝ..

පිපුනු මලේ රුව එමල දනීදෝ..

මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා...

කටුමැටි බිත්ති වලින් යුක්තවූ කුඩා නිවසක වෙසන මවක් සහ දුවක් කතා වස්තු කරගෙන මෙම නිර්මාණය බිහිකර ඇත. මලක් පිපෙන විට එහි තිබෙන අලංකාරය සුන්දරත්වය මලට නොපෙනෙන්නාසේම කෙමෙන් යුවතියක වන තම දියණියගේ රූපශ්‍රීය ඇය නොදන්නා බව මවට හැඟේ. ඒ තරමටම ඈ රූ සපුවෙන් යුක්තය. තම දියනිය මලකට උපමා කිරීමට ඈ පසුබට නොවේ. එනමුදු දියණිය ඇගේ රූ සපුව විඳිනවාට මවගේ කැමැත්තක් නැත. ඒ ඇය උද්දච්ච එකියක් වේයයි මවගේ සිතේ ඇති සැකය හෝ අදහස නොවේ. තම දියණිය කෙරේ හටගන්නා අනුකම්පාවයි. කුමක්ද මේ අනුකම්පාව මෙය ඇතිවන්නේ කුමක් නිසාද?
 

යුවතියක් සාමානයයෙන් තම හැඩ බලන්නේ කැඩපතක් තුලිනි. තම දියණිය මලක් ලෙස පවසන ඇය, දියණියට කැඩපතෙන් හැඩරුව නොබලන ලෙසට පවසයි. ඒ අන්කිසිවක් නිසා නොව තම ජීවිත වෙලාගත් දරිද්‍රතාවය නිසයි. සාමානයයෙන් වැඩිවියට පැමිනුන පසු යුවතියකගේ වටිනාම කාලය එලැබේ. ඇය නිතරම සිතන්නේ ලස්සනට සිටීම්ටයි. මේ සඳහා බොහෝ යුවතියන් කන කර පුරවා ගනිති. නැතිනම් ඔවුනගේ දෙමාපියන් විසින් කන කර පුරවනු ලබයි. නමුත් මෙහි සඳහන් වන යුවතියට හෝ ඇයගේ මවට හෝ කන කර පිරවීම යනු හුදෙක් සිහිනයම පමනි. දියණියගේ කන කර පැලඳීමට මුතු මාල හතක් වී පැමිනෙන්නේ ඔවුනගේ දුප්පත්කමයි.
 

කනකර වලින් දියණිය සැරසීමේ හැකියාවක් මවට නොමැත. මව මේ පිලිබඳව බොහෝ සිතයි. ඇය තීරණයක් ගනී, නිවසේ තිබෙන එකම කැඩපත කෑලි වලට කැඩී යයි. කල හැකි එකම දෙය ඈ ඒයමය. කැඩපත තිබුනානම් නිසැකයෙන්ම තම දියණියට ඇගේ කනෙහි ඇති අඩුව පෙනේ. කැඩපත නොමැතිවීමෙන් දියණිය තුල ඇති වියහැකි ශෝකය, පරාජිත බව, මගහරවා ගැනීමට හැකිවේයෙයි මව සිතයි.
නමුත් මවගේ මේ උත්සහය ව්යර්ථ වන අයුරු දක්නට ලැබේ. කටුමැටි බිත්තිය මත ගැටෙනා දියනියගේ සෙවනැල්ල දෙස බලමින් ඇය හිස පීරන ආකාරයක්
මවපායි. කැඩපත නොමැති වූවත් දියණිය ලාම්පු සෙවනැල්ලෙන් තම රූසපුව විඳීමට සමත්වී ඇත.
 

තම දියණිය පිලිබඳව ඇය තුල ජනිතවන ශෝකය නොකිවමනාය. දුප්පත්කම විසින් ඔවුනට හිමිවීමට තිබූ වටිනාදේ බොහොමයක් ඔවුන් හා ගැටීම වලක්වා ඇත. දියණියගේ සම වයස්වල යුවතියෝ කන කර පුරවා රිදී සලු අඳිද්දී ඇයට කල හැක්කේ බලා සිටීම පමනකි. මෙහිදී දුවට වඩා සිත් තැවුලට පත්වන්නේ මවයි. ඒ මවගේ ශෝකාලාපය ගෙනහැර පෑම ලූෂන් බුලත්සිංහලයන් මනාව සිදුකොට ඇත.

පිපුණු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ
හැඩරුව බලන්නෙපා
නැති බැරිකම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා

පාළු කනට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

කටුමැටි බිත්තිය හැඩකර අඳිනා
රෑ හෙවණැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ

~~තේජන අබේදීර~~

No comments: