Sunday 11 October 2015

නිල් උපුල් නුවන් පෙතී මල් විලට අගේ නැතී..

නිල් උපුල් නුවන් පෙතී මල් විලට අගේ නැතී


කුස පබාවතී කතා පුවත ඔබ කියවා ඇත එසේ නොමැතිනම් අඩුම තරමේ අසා තිබෙන්නටවත් ඇත. මේ පිළිබඳව ග්‍රන්ඨ මෙන්ම සිනමා පටද නිර්මානය වී තිබේ.
සෑහෙන උත්සාහයකට පසුව කුස රජුට පබාවතිය හිමිවේ. අපි සියල්ලෝම සතුටු උනෙමු. ඒය සුඛාන්තයකින් කෙලවරවූ තවත් එක් කතාවක් විලසට අපේ මතකයේ රැඳෙන්නට ඇත.
එහෙත් රත්න ශ්‍රී යයන්ට එය එසේම දැනුනේ නැත. කිසිවකු නෙත ගැටුනු නමුත් ඒ පිළිඹඳව උනන්දුවක් නොදැක්වූ පැතිකඩකට ඔහුගේ මනස විවර වුනි. ඒ අන් කිසිවක් නොව ජයම්පතිගේ කතාවයි.

'නිල් උපුල් නුවන් පෙතී මල් විලට අගේ නැතී
ඔබ කොහෙද පබාවතී මා ඔබේ, මා ඔබේ ජයම්පතී'
ලස්සන දෙවල් මේ ලෝකය අගය කරන්නේ නැත. ජයම්පති හඬ අවදි කරයි.


'අත ඇඟිලි රනින් බැඳී
කුස නිරිඳු නමින් සිටී
ඔබ දකින වරම් නැතී
අමතක ද ජයම්පතී'

කුස නිරිඳු වෙනුවට පෙනී සිට පබාවතියගේ සිත බැඳ තබාගැනීමට පමනයි මාව උවමනා කලේ. පබාවතී, මට නුඹව දැකීමට පවා හැකියාවක් නැත. නුඹ මුලින්ම සිත බැඳගත් ජයම්පතිව අමතකද නුඹ්ට?

'හිත පුරා නෙළුම් පිපී
ඔබෙ සුරත පතා හිඳී
මා නොවේ ය සක්විතී
ඔබ අහිමි ජයම්පතී'

සැමහෙම හිත්වල තිබුනෙ මා පෙන්වා කුස රජුට ඔබව ලබා දීමට. මටත් එවැනි සිතුවිලිල්ලක් නොතිබුනාම නොවේ. එත් නුඹව දුට පසු මටත් ඔනෑ උනෙ ඔබ මගේම කර ගන්න. මම සක්විති රජු කියා මොහොතකට සිතුනත්, එය එසේ නොවන බව සක්සුදක් සේ පැහැදිලියි. මා පරාජිතයෙක්, ඔබ අහිමි ජයම්පති මම වෙමි.

~~තේජන අබේදීර~~


No comments: