පෙම්වතියක් තමාගේ සිතේ පොපියන හැඟුම් පෙම්වතා ඉදිරියේ ගෙනහැර පායි. මෙය මුහුනට මුහුන පැවසීමක්ද එසේත් නොමැතිනම් පෙම්වතාට ලිපියකින් හෝ වයිබර්, වට්සප් මහින් ප්‍රකාශ කිරීමක්ද යන්න පැහැදිලි නැත.
අතීතයේ අප බොහෝ දුර ඇවිද ඇත්තෙමු. රන් හිරු රැසින් විකසිතවූමොහොතක සාගර වෙරළක අපි ඇවිද ගියා මතකද? එවැනි දින අප ගතකල අයුරු තවමත් සුන්දර මතකයන් විලසට සිහියට නැගෙන්නේ ඔබත් මමත් දෙදෙනෙකු නොව එක් අයකු පමනක්ම වන බැවිනි.
අපි මෙතෙක් ආමග සුන්දර වූවත් ඒ ඉතා කෙටි දුරකි, යායුතු මාවත ඉදිරියටම ඇත. ඔබහා කතා කීරීමට තවත් බොහෝදේ තිබේ. අනාගතය ගැන සිතන්නට කාලය එලැඹ ඇත. සමහරදේ ඔබ ඉදිරියේ පැවසීමට නොහැකි ලෙස මා සිත සිරවී ඇත. මා ගත සිරවී ඇත.
අප දෙදෙනාගේ සිත් දෙකක් නොව එක් සිතකි. අප ගතින් බැඳී ඇත. සිතද ගතද ඔබ හට පූජා කල මාහට ඔබගෙන් සඟවන්නට කිසිවක් නොමැත. මාගේ සියලුදේ ඔබ සතුය, ඒවා නැවත ලබාගත නොහී. මෙනිසා ඉදිරි දිනක මා අමතක නොකරනු මැනවි.
මෙම ගීතයෙන් කියැවෙන පෙම්වතිය තම පෙම්වතාට සත්‍ය ලෙසම ආදරය කරයි. ඔහු පිලිබඳ තැබූ විශ්වාසය නිසා ඇය මෙතෙක්කල් රැකගෙන ආ සියලුදේ ඔහුට පූජාකරයි. පෙම්වතා කෙරෙහි පෙම්වතිය තුල ඇති විශ්වාසය මෙයින් මනාව පැහැදිලිවේ. ඔවුනට ජීවිත ගමනේ තව බොහෝ දුර යාමට යාමට ඇත. ඉදිරි ගමන පිලිබඳව සධාරණ බියක් පෙම්වතිය තුල ඇතිවී ඇත. ඒය පෙම්වතා පිලිබඳ විශ්වාසය පලුදු වීමක් නොව අනාගතය දෙස නෙත් පියන් හැර බැලීමකි.
අද සමාජයේ පෙම්වතිය මේහා කොතෙක් දුරට ගැලපේදැයි තීරණය කිරීම ඔබට බාරය.
ඔබම මාද විය මාද ඔබම විය
සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මාද විය මාද ඔබම විය
පවසා ගන්නට දහක් වදන් ඇත
පෙන්විය නොහැකි වූ දහස් දසුන් විය
ඒ සැම මැද්දේ සිත් කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ළඳ
ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන්ද පොබ කළ හිමියනි
ඔබෙන් රකින්නට රහස් කිසිත් නැත
එවන් කලෙක මා එපා නොකල මැන
~~තේජන අබේදීර~~
2 comments:
ලස්සන විචාරය
❤️❤️
Post a Comment