Thursday, 15 October 2015

විදුලි මිණි පහන් දැවී.....

විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ


එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ
ඔබේ හඬ කිදී සිදී යයි  කතා සරිත් සාගරේ
සුරාගෙන පිරූ විතේ විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ මැදුරු දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියාදෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා
දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා
ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා සිටී
පළා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී

ගායනය - ගුණදාස කපුගේ
ගී පද - ලූෂන් බුලත්සිංහල.
සංගීතය - ගුණදාස කපුගේ

සමාජ පංති අතර වෙනස තමන් උසස් යැයි කියා ගන්නා මිනිසුං අතරට මැදිවූ පීඩිතයෙකුගේ හැගීම්........

මේක මම අහල තියෙන කතාවක්.

මේ ගීතයෙන් කියැවෙන්නෙ ගෙවල් හදන මේසන් වරයෙකු ගැන. තමන්ගෙ අතින්, දහඩිය වගුරුවමින් දහ දුක් විඳ නිමවූ නිවස එහි අයිතිකරුවන් ගෙවදින දවසයි. ඒ මොහොතට ගෙහිමියාගේ නෑදෑ හිතමිතුරන් රැසක් පැමින විහිලු තහළු කරගනිමින් සතුටු සාමීචියේ යෙදෙනව.
නමුත් මේ හැම දේකම නිමැයුම් කරුවා වන මිනිසා පිළිබදව කිසිකෙනෙක් අවධානයක් යොමු කරන්නෙ නෑ. 


ඔහු එම සාදයේ කුරාකුහුඹුවෙක් තරම් වත් නොවටිනා මිනිසෙක් බවට පත් වෙලා. හැම දෙනාටම ඇවිත් කන්න බොන්න ආරාධනා ලැබුනත් ඔහුට එම ආරාධනාව ලැබෙන්නෙ නෑ. 

සමහරු සුරා පානය කර විහිලු කරමින් සිනා නගනව. නමුත් මොහුට කිසිම සතුටක් නෑ. ඒ නිසා ඔහු සාදයෙන් පිටමන් වෙලා යනව ඔහුගේ ලොව වෙත. එනම් ඔහුගේ දෑතින් නිමවූ මන්දිරයෙන් තමාගෙ පැල්පත වෙත. 


~~ධනුෂ්ක රණසිංහ~~ 

 

1 comment:

Unknown said...

එය එතරම් ගැලපෙන බවක් නොපෙනේ.