Saturday 17 October 2015

වරදක් කලත් සිතකින් නොවේ....

අලුතින් විවාහ වෙන නව යුවලක්,මනාලයා තමයි පව්ලේ එකම දරුව. ඔහුගෙ මව ඔහුව ආරක්ශා කරන්නෙ
පන වගේ.. බොහෝම ආදරෙයි.. නමුත් කාලයත් සමග ඔහු විවාහ වෙනවා. තමන් ආදරය කරන පෙම්වතිය සමග..
ඔහු තමන්ගෙ මවට සමානවම ඈ හටද ආදරය කරනව.. ඇයත් එසේමයි.. නමුත් එක හා සමානවම දෙදෙනෙකු හට එක වර ආදරය කරන්නෙ කෙසෙද.. 
ඔහු තම මවත්,බිරිදත් යන දෙදෙනා අතර අතරමන් වෙනවා.. එක් පසක තමාව හදා වදා ගත් අම්මා.. අනික් පසක තමන් කැන්දාගෙනා බිරිද.. කාටද කොයි විදිහටද ආදරෙ කරන්න ඔනේ..ආදරෙ දෙන්න ඔනේ. 
ඔහු අන්ත අසරන වෙනව.. බිරිදට වඩා තම මවට ආදරය කලහොත් ඇය තමාව දමා යාවිද.. තමාගෙන් පලි ගනීද.. මවට වඩා බිරිදට ආදරය කලහොත් තමාගෙ සදාදරනණිය මව තමාත් සමග උරණ වේවිද..

වරදක් කලත් සිතකින් නොවේ. රිදවන්නෙ පලිගන්නෙ ඇයි.
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගෙයි..

ඔබෙ ගිනි නිව ඇගෙ සිත දවා අප එක් වෙලා කුමටදෝ..
වෙනසක් නොවී මගෙ හිස් අතින් පිසලන්නෙ කොයි කදුලදෝ..

අසරන ඔබයි තනිවුණ ඇයයි මට සාප කර යාවි දෝ..
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන් සමුගන්න සිදුවේවිදො..

~~බුද්ධික හත්වැල්ල~~

No comments: