Saturday 17 October 2015

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ...

දමිත් අසoක ගායනා කරන "මට හීනයක් වෙලා" ගීතය ප්‍රථම වරට TV එකෙ යද්දි වීඩියො එක බලල, මන් හිතුවෙ, ෂා.. මරු වීඩියො එක, නියමෙට කරල තියෙනව කියල. ඒ වගෙම ඒක ලoකාවෙ තරුණ තරුණියන් අතර hit උනා. නමුත් පස්සෙ පස්සෙ සින්දුව දිගටම අහද්දි විෂුවල් එකෙ තියෙනවට වඩා ගැඹුරු අර්ථයක් එකෙ තියෙනව කියල මට හැගුනා. මෙය හුදෙක් විරහ ගීතයක් පමණක්ම නොව, විරහ වේදනාව දරාගත නොහකිව තම වටිනා ජීවිතය අහිමි කරගන්නා තරුණ තරුණියන්ට, වටිනා පාඩමක් කියාදීමට ගී රචකයා උත්සහ දරා ඇති බවකි.

මෙහි එක් කතාවක් අන්තර්ගතව ඇත. එක කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුළු හදවතින්ම ආදරය කරනව, දෙන්නට දෙන්න මාර ලව් එකක් තියෙන්නෙ. නමුත් කොල්ලට තව කෙල්ලො ලන්වෙන්න හදනව. දෙන්නම මේ ගැන දන්නව, ඔහු ඒ අයව ගනන් ගන්නෑ, කොල්ලට කෙල්ලව "සදක්" වගෙ වටිනව..

සදරාජිනී නුඹයි මගෙ හද මන්දිරෙ
සදා වෙනස් නොවෙ මගෙ ආදරෙ....

නමුත් කෙල්ලගෙ හිත චන්චලය, ඔහු තමන්ව අතහැර වෙන කෙල්ලෙක් එක්ක යාලුවෙයි කියල ඇයට බියක් සැකක් සිතෙ හටගනී. ඒ නිසා ඇය සෑමවිටම ඔහු ගැන සෙවිල්ලෙන් පසුවෙයි.
රෑ දොලොස් පැයෙ ඔබෙ නෙතු මා ලගයි ප්‍රියේ..
චන්චලයි වගෙ ඔබෙ හිත කොහිද පාවුනේ..

කෙසේ වෙතත් අවසානයෙදි ඇය තීරණයකට එලබේ. කොල්ලට තමන්ට වඩා හොද වෙන කෙල්ලෙක් හමුවී, දැන් මගෙ ජීවිතයෙ වටිනකමක් නැතිබව නිගමනය කර, ඇය සියදිවි හානි කරගනී. මේ හේතුවෙන් ඔහු මහත් සිත් තැවුලට පත්වේ. තමන්ව තරු රැසක් සමග හිස් අහසෙ අතරමන් කර, සදරාජීණිය සැගව ගොස් ඇතිබවක් ඔහුට හැගේ.
තාරුකාවියන් ගොතල මාගෙ අම්ඹරේ..
ඇයිද හැන්ගුනෙ හෙළා මා අන්දකාරයේ..

මේ කතාවෙන් කියදෙන පාඩම, එනම් ගීතයෙ වැදගත්ම පද පේලි දෙක නම්, ගීතයෙ අන්තරා කොටස් දෙකේම අවසාන කොටස,
අදහන්න බෑ කදුලක් ද අදරේ..
නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ..

ආදරයේ විරහ කදුලින් අන්ද වී, ජීවිතයක ඇති සොදුරුබව වටහා නොගැනීම නිසා වටිනා තරුණ මිනිස් ජීවිත අකාලයේ රටට අහිමි වන මෙවන් කාලයක, මෙවනි ගීත තරුණ තරුණියන් අතරට යොමු කර, එහි සැබෑ අරුත ඔවුනට වටහා දීමට මේ ලිපිය ඉවහල් වේවායි පතමි.


~~ධනුෂ්ක ලක්ෂාන් ලොකුපිටිය~~

No comments: