Tuesday 20 October 2015

වැහි වැටිලා බිම තෙමිලා වාගේ...

වැහි වැටිලා බිම තෙමිලා වාගේ
ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මගේ
හිනා කොහිද ඇයි අරගෙන යන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ

තව හිතකට ලංවුනාද ලංකලාද
පාළු දැනෙන හිත විතරක් අඩනවද
මාව මතක් වෙන්නෙ නැතිව ඉන්නවද
මාත් එක්ක තරහ වුනේ ඇයි කියන්න

වහිනදාක වැස්ස දිහා බලන් ඉන්න
උරහිසට හිස තියාන හිනා වෙන්න
ඔයා නෑනෙ අද මා ලඟ මම තනිව
මාත් එක්ක තරහ වුනේ ඇයි කියන්න

ගායනය : දමිත් අසංක


මෙම ගීතයේ සුවිශේෂත්වය වනුයේ ඉතාම සරල බසක් ගීතය සඳහා යොදාගැනීමයි. ව්‍යන්ගාර්ත අවමයක් ඇති මෙහි අදහස කෙලින්ම රසිකයාට ලබාදීමට පදරචකයා කටයුතු කර ඇත.

කිසියම් හේතුවකට පෙම්වතිය ඔහු හා විරසක වී ඇත. ඇත්තෙන්ම ඔහු මෙය විරසකයක් ලෙස දැකීම කෙතරම් සාදාරනදැයි මා නොදනිමි. 
විරසකය යන වචනය මම මෙහිදී පාවිච්චි කරන්නේ 'මාත් එක්ක තරහ වුනේ ඇයි කියන්න' යන පද පේලිය නිසාවෙනි.  පෙම්වතිය ඔහුගෙන් ඈත්වීමට සැරසෙන බවක් පෙනීයයි.
වෙන්වන මොහොත දෙදෙනාටම දුක් ගෙනදේ මන්දයත් මෙතෙක් කල් සිනහවෙන් මුව සරසාගෙන සිටි ඇය සෑහෙන ලෙසට හඬා වැටී ඇත. ඇයගේ හැඬුම් ඔහුගේ දෙකම්මුල් තෙත් කිරීමට සමත්විය.

ඇය යන්නට සැරසේ. ඔහුට මෙය වාවාගත නොහී, ඔහු ආයාචනය කරයි. 'ඔබේ සිනා මගෙන් ඈතට අරන් යන්න එපා. ආයෙමත් මගෙ ලඟට එන්න. මට ඔයා නැතුව ලෝකයක් නෑ. වෙන කවුරුත් මගේ ලෝකෙ නෑ'.
ඇයගේ හදිසි වෙනස්වීම ඔහුට මහත් ප්‍රහේලිකාවකි. තවකෙකු ඇයගේ ජීවිතයට ලංවෙලාද එහෙමත් නැතිනම් තවකෙකුව බලෙන් ඇගේ ජීවිතයට ලං කලාද යන ප්‍රශ්න අතර ඔහු අතරමංවී සිටී. මෙහිදී අපට හැඟෙන කරුනක් වන්නේ ඇයගේ දෙමාපියන් ඇයට යෝජනාවක් ගෙනෙන්නට ඇති බවකි. එසේ වන්නේ නම් ඇය ඒ පිලිබඳව ඔහුට කෙලින් නොපවසන්නේ ඇයි යන ප්‍රශ්නය මතුවේ. සමහර විටක දෙමාපියන් ඉතා දැඩි තීරණ ගන්න අය නම් ඇයට අනිවාර්යෙන්ම එයට අවනත වීමට සිදුවේ. පෙම්වතාට  මෙය පැවසීමෙන් ඔහුට හානියක් වේයයි ඇති බියට ඇය මේ පිලිබඳව නොකියන්නට ඇත. පෙම්වතාටද මේ පිලිබඳව යම් ඉඟියක් නැත්තාම නොවේ. 'පාළු දැනෙන හිත විතරක් අඩනවද,මාව මතක් වෙන්නෙ නැතිව ඉන්නවද'  යන්නෙන් එය විදහාපායි.

ඔහුට ඔවුන්ගේ සුන්දර අතීතය සිහියට නැගේ. වහිනවිට වැස්ස දිහා බලාසිටි අයුරු, උරහිසට හිස තියාන සිනාසුනු අයුරු මතකයට නැගේ. 'ඔයා නෑනෙ අද මා ලඟ මම තනිව' මෙහිදී ඔහුගේ තනිකම සහ ඇයගේ අඩුව ඔහුට හොඳින්ම දැනෙන බව කියාපායි.
ඉඟි තිබුනද ඇය ඉවත්ව ගිය හේතුව තවමත් ඔහුව කනස්සල්ලට පත්කරයි.


......මාත් එක්ක තරහ වුනේ ඇයි කියන්න......

~~තේජන අබේදීර~~ 



2 comments:

maheshi said...

thejana meke lyrics ganath danna dulmini maheshi

තේජන අබේදීර said...

lyrics sinduwe udama thiyanawa Maheshi