ආදරයක් ඇත්නම් විරහවක් ඒ අසලින්ම ඇති බව වරක් නොව කිහිප වතාවක් මා සවන් වැකී ඇත. ඒ තරමටම විරහව ආදරය පසුපසින් පැමිනෙන යන අවස්තා සමාජයේ කොතෙකුත් ඇත. ඒ විරහවන් අතර අප සැමගෙම හදවත් කීරි ගැස්වූ විරහවක් වේ නම් ඒ අන්කිසිවක් නොව සෙංකඩගලින් මතුවු විරහවේ වේදනාවයි.
වැහි ළිහිනියෝ නුබ කුස සැරිසරන්නෙ වැස්සක සේයාව මවාපාමිනි.
සෙංකඩගලට වසින වර්ශාව කුඩ මත දිය පතිත කරවමින් මල් වරුසාවක් ලෙසට ඇද හැලෙයි. මේ අතරතුර වැස්සෙන් මිදීමට මුවාවක සිටින පුද්ගලයෙක් තමා ඉදිරියෙන් ඇදී යන රිය පෙල දෙස බලාසිටී. අලසකමින් බලා සිටින ඔහුගේ නෙත එක් රියක කවුලුව තුලින් හුරුපුරුදු රුවක් දකී. ඒය ඔහුගේ සිත මොහොතකින් අතීතය කරා ගෙනයාමට සමත්වේ.
අතිතයේ සුන්දර මතකයන් නිරායාසයෙන්ම මනැසේ රූ ජනිත කරවයි. පෙරදා පෙම්වතුන් ලෙස එකිනෙකා හා වෙලෙමින් ගතකල කාලයේ සුන්දරත්වය පරිසරය සමග මනාව ගැලපීමකට ලක්කිරීමට රචකයා සමත්වී ඇත. පෙර මෙවැනිම දිනයක ඇය හා වැස්සේ තෙමෙමින් ඇවිදගිය අයුරු සිහිවේ. එදා ඒය ඔහුට මදු වැස්සක් වුවත් අද තත්වය කෙතරම් වෙනස්වී ඇතිද?
ඔහු වැස්සට තෙමෙමින් සිටින විටදී ඈ රිය තුල සැපවත්ලෙස සිටීම ඔවුන් අතර ඇති පරතරය මනාව විදහා පායි. ඔහු ලද පරාජය තවදුරටත් තීව්‍ර කරන්නට මෙන් ඇය ගමන් කරන රිය ඔහුව මඩ වතුරින් නහවමින් පසුකර යයි. ඇයට උණුසුම දෙමින් ඇදීයන රිය ඔහුව මඩ වතුරින් නෑවිමම කෙතරම් කුරිරු සරදමක්ද? නමුත් මෙයින් නොසැලී සිටීමට තරම් ඔහුගේ හදවතේ ලෙන්ගතුකම ඉතිරිවී ඇත. රිය සක ඔවුන්ගේ සබඳකම් නොදන්නා ලෙස පවස්න්නේ ඒයට වරද නොපවරමිනි. ඇය කෙරේ ඔහු තුල
තවමත් ආදරය රැඳී තිබේ.
සෙංකඩගල ආදරයේ විරහව එලෙසින් ගෙනහැර පෑ ලූෂන් බුලත්සිංහල ගී පදවේදියාට සහ ඒය සංගීතයට මුසුකර ලයාන්විත හඳකින් අපට තිලින කල රෝහන වීරසින්හයන්ට මාගේ ප්‍රණාමය!!!!!
~~තේජන අබේදීර~~
No comments:
Post a Comment